පටිච්සචමුප්පාදය ගැන උඹලට යම් දැනුමක් තිබෙනවානම්, අසා තිබෙනවානම් උඹල දන්නවා පටිච්චසමුප්පාදයේ මූලිකවම කථා කරන්නේ අවිජ්ජා පච්චයා සංඛාරා, පටන් ගන්නේ අවිද්‍යාවෙන්. ඊළඟට සංස්ඛාර පච්චයා විඤ්ඤාණං. විඤ්ඤාණ පච්චයා නාමරූපං, නාමරූප පච්චයා සලායතනං, සලායතන පච්- ආදී විදිහට අවිද්‍යාවේ සිට තණ්හාව දක්වා. ඒක සරලව කියනවානම් අවිද්‍යාව නිසා සංස්කාර හට ගත්තා. සංස්කාර නිසා විඤ්ඤාණය හට ගත්තා. විඤ්ඤාණ නිසා නාමරූප හට ගත්තා. නාමරූප නිසා සලායතනත්, සලායතන නිසා ස්පර්ශයත්, ස්පර්ශය නිසා වේදනාත්, වේදනාව නිසා තණ්හාවත් හට ගත්තා. හරි තණ්හාව තිබෙන්නේ කොතැනද? අවිද්‍යාව තිබෙන්නේ කොතැන ද? තණ්හාව හට ගන්නේ අවිද්‍යාව තිබූ නිසයි. ඊළඟට තණ්හාවෙන් පස්සේ තණ්හා පච්චයා උපාදානං, උපාදාන පච්චයා භවෝ, භව පච්චයා ජාති, ජරා, මරණ, සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස උපාදානං. තණ්හාවෙන් පසුව සිදුවන ක්‍රියාවලියකුත් තිබෙනවා. තණ්හාව නිසා උපාදාන හටගන්නවා. උපාදාන නිසා භවය හට ගන්නවා. භවය නිසා උපදිනවා. ඉපදුන නිසා ජරා මරණ දුක් දොම්නස් ශෝක හට ගන්නවා. මේ කෙරෙහි අවබෝධයක් තිබෙන අයට මේක තේරුම් ගන්න පහසු වෙනවා.
තේරුන්නෑ නේද බර වැඩිද
තණ්හාව නිසා ඇලෙනවා කියන දේ පැහැදිලියි. නමුත් තණ්හාව නිසා කොහොමද ගැටෙන්නේ කියා ඔබට ප්‍රශ්නයක් එයි. මෙහෙම හිතන්න අපේ වාහනය ගැන හිතන්න. ඒකට ඔබේ සිත බොහෝම ඇලුම් කරනවානම්, එකෙ වාඩිවෙන්න රවුමක් යන්න ගොඩාක් පි‍්‍රය කරනවානම් එතැන ඇලීමක් පවතිනවා වාහනය කෙරෙහි. ඒ ඇලීම ඇතිවුණේ තණ්හාව නිසයි. තණ්හාව කියන්නේ වාහනය කෙරෙහි පවතින ආශාව. ඒ නිසයි වාහනයට ඇලෙන්නේ. මේ වාහනයට මම අකැමැති වෙන්නේ මීට වඩා හොඳ වාහනයක් මනැස සැකසී තිබෙන නිසයි. මේ වාහනයේ පාටට අකැමැති නම් ඔබ ආශා කරන කැමති පාටක් තිබෙනවා. මෙහි වායු සමීකරණයට අකමැතිනම් ඔබ ආශාකරන ඒසී් එකක් තිබෙනවා. මේ වාහනයේ සැප පහසුවට අකැමැති නිසා මේ වාහනයේ යම් ගැටීමක් එනවානම්, ඒ ගැටීම එන්නෙත් මේ වාහනයට වඩා හොද වාහනයකට තිබෙන තණ්හාව නිසා. එහෙනම් යම් තැනක තණ්හාවක් ඇද්ද ඒ නිසාමයි ගැටෙන්නේ. යමක් කෙරෙහි තිබෙන ආශාව නිසාමයි ඒ කෙරෙහි ගැටෙන්නේ. යමකට කැමැති නිසාමයි එයට ඇලෙන්නේ. එහෙනම් ඇලෙන තැනත් ගැටෙන තැනත් මුල්වුණේ තණ්හාව යි. මේ ජීවිතයේ තණ්හාව නොවේ බරපතලම ප්රශ්නය. තණ්හාව හටගත්තේ, උඩිින්ම තිබෙන අවිද්‍යාව මූලික හේතුව කරගෙනයි. ඒ අවිද්‍යාව අනවබෝධය දුරු කරන්න නම් අප ගත යුත්තේ අවබෝධය යි. ධර්මය කෙරෙහි අවබෝධය එන්න එන්න විද්‍යාව වැඩෙනවා. අවිද්‍යාව නැසෙනවා.එවිට අනවබෝධය අපෙන් ඈත් වෙන්න ඈත්වෙන්න තණ්හාව අඩු වෙනවා. එසේ තණා්හාව නැති කිරීම හෝ අඩු කිරීම බලෙන් කළයුතු වන්නේ නැහැ.
සමහර අය ධර්මයේ හැසිරෙනවා, එයට මහන්සි ගන්නවා කියා එයා ළඟ තිබෙන බොහෝ දේ බැහැර කරගෙන, බැහැර කරගෙන යනවා. එය බාහිරෙන් බැහැර කරන්නේ. රත්තරං බඩුටික ගලවලා දානවා. ඥාති සම්භාෂණවලට යාම නවතා දානවා. පාට ඇඳුම් අඳින්නේ නැහැ. මේ ආකාරයට අමුතු උපාසක ලීලාවක් ගන්නවා. කිසිවෙකුට ඇලීමක් නැහැ දැන් මට සියල්ල අතහරින්න පුළුවන් කියා ලෝකයට පෙන්වනවා. එය තණ්හාව අත හැරීමක් නොවේ. තණ්හාව අත හරින්න ඕන බාහිරට කලින් අභ්‍යන්තරයෙන්. එය බලෙන් කරන්න බැහැ. එය කළහැකි වන්නේ අවබෝධයත් සමඟ යි. තණ්හාව අභ්‍යන්තරයට එන්නේ අනවබෝධය නිසා. අවිද්‍යාව තිබීම නිසා. එහෙනම් අවිද්‍යාව බිඳින විටයි විද්‍යාව උපදින විටයි තණ්හාව නැතිවෙන්නේ. එහෙනම් ඔබට පැහැදිලියි අප මුලින් කළයුත්තේ තණ්හාව නැති කිරීමට පෙර අවිද්‍යාව, සක්කාය දිට්ඨිය නැතිකර විද්‍යාව ඇතිකර ගැනිමයි. ඒ සඳහා සම්මාදිට්ඨිය ඇති කර ගැනිමට ඔබට නුවණ, ශක්තිය ලගාකරගන්න