මේකද යකෝ යහපාලනේ?
බැසිල් කටුනායකින් ගොඩ බැස්ස සැනින් අත් අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ඉවතට
රුපියල් කෝටි ගණනක මූල්‍ය අක්‍රමිකතා සිදු කළැයි සැකපිට හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රෝහණ රාජපක්ෂ මහතා අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා අද (30) නියෝග කළේය.
ඔහු මෙරටට පැමිණි පසු අත් අඩංගුවට ගන්නැයි අධිකරණය කලින් කළ නියෝගය බල රහිත කර අත් අඩංගුවට ගැනීමකින් තොරව සිය නීතිඥවරුන්ගේ මාර්ගයෙන් කරුණු ඉදිරිපත් කරන්න ඉඩ දෙන්නැයි කොල්ලුපිටියේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට නියෝගයක් නිකුත් කරන ලෙස මෝසමක් මඟින් අද නඩුව කැඳවූ බැසිල්ගේ ජ්‍යෙෂ්ඨ නීතිඥ යූ.ආර්.ද සිල්වා මහතා ඉල්ලා සිටියේය.
මහේස්ත්‍රාත්වරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. පෙර දිනකදී නිකුත් කළ අධිකරණ නියෝගය මත කටයුතු කරමින් සැකකරු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ යුතු යැයි මහේස්ත්‍රාත්වරයා සැකකරුගේ නීතිඥවරුන්ට දැනුම් දුන්නේය.
යූ.ආර්. ද සිල්වා මහතා සමග 20 දෙනකුගෙන් පමණ යුතු නීතිඥවරු පිරිසක් බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටියහ.
මූල්‍ය වංචා පැමිණිල්ල ඉදිරිපත් කළ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය නොමැතිව මෙම මෝසම විභාගයට ගැනිණි.
* දිවි නැගුම දෙපාර්තමේන්තුවේ පාරිතෝශික මුදල් අක්‍රමිකතා,
* පසුගිය ජනපතිවරණය සඳහා දිවි නැගුම දෙපාර්තමේන්තු මුදල් වියදම් කිරීම,
* සමුළුවක් සඳහා රුපියල් මිලියන 70 ක් වියදම් කිරීම හා
* 2006 ශ්‍රී ලංකාව මිලට ගත් මිග් ගුවන් යානා 4ක් අලුත් වැඩියාවට රුපියල් ලක්ෂ 145 ක් වැය කිරීම
ඇතුළු මූල්‍ය අක්‍රමිකතා ගණනාවක් සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ කොට්ඨාශය මෙම පැමිණිල්ල ගොනු කර ඇත.
බැසිල් රාජපක්ෂ මහතා සෞඛ්‍ය හේතු මත ඇමරිකාවට ගොස් සිටින බවත් යළිත් ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතා අධිකරණයට කියා සිටියේය.
(ලංකාදීප වාර්තාවකි)