මේකද යකෝ යහපාලනේ?

Jul 5, 2012
1,773
265
0
මේකද යකෝ යහපාලනේ?

බැසිල් කටුනායකින් ගොඩ බැස්ස සැනින් අත් අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ඉවතට

රුපියල් කෝටි ගණනක මූල්‍ය අක්‍රමිකතා සිදු කළැයි සැකපිට හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රෝහණ රාජපක්ෂ මහතා අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා අද (30) නියෝග කළේය.

ඔහු මෙරටට පැමිණි පසු අත් අඩංගුවට ගන්නැයි අධිකරණය කලින් කළ නියෝගය බල රහිත කර අත් අඩංගුවට ගැනීමකින් තොරව සිය නීතිඥවරුන්ගේ මාර්ගයෙන් කරුණු ඉදිරිපත් කරන්න ඉඩ දෙන්නැයි කොල්ලුපිටියේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට නියෝගයක් නිකුත් කරන ලෙස මෝසමක් මඟින් අද නඩුව කැඳවූ බැසිල්ගේ ජ්‍යෙෂ්ඨ නීතිඥ යූ.ආර්.ද සිල්වා මහතා ඉල්ලා සිටියේය.

මහේස්ත්‍රාත්වරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. පෙර දිනකදී නිකුත් කළ අධිකරණ නියෝගය මත කටයුතු කරමින් සැකකරු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ යුතු යැයි මහේස්ත්‍රාත්වරයා සැකකරුගේ නීතිඥවරුන්ට දැනුම් දුන්නේය.

යූ.ආර්. ද සිල්වා මහතා සමග 20 දෙනකුගෙන් පමණ යුතු නීතිඥවරු පිරිසක් බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටියහ.

මූල්‍ය වංචා පැමිණිල්ල ඉදිරිපත් කළ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය නොමැතිව මෙම මෝසම විභාගයට ගැනිණි.

* දිවි නැගුම දෙපාර්තමේන්තුවේ පාරිතෝශික මුදල් අක්‍රමිකතා,
* පසුගිය ජනපතිවරණය සඳහා දිවි නැගුම දෙපාර්තමේන්තු මුදල් වියදම් කිරීම,
* සමුළුවක් සඳහා රුපියල් මිලියන 70 ක් වියදම් කිරීම හා
* 2006 ශ්‍රී ලංකාව මිලට ගත් මිග් ගුවන් යානා 4ක් අලුත් වැඩියාවට රුපියල් ලක්ෂ 145 ක් වැය කිරීම
ඇතුළු මූල්‍ය අක්‍රමිකතා ගණනාවක් සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ කොට්ඨාශය මෙම පැමිණිල්ල ගොනු කර ඇත.


බැසිල් රාජපක්ෂ මහතා සෞඛ්‍ය හේතු මත ඇමරිකාවට ගොස් සිටින බවත් යළිත් ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතා අධිකරණයට කියා සිටියේය.

(ලංකාදීප වාර්තාවකි)


:lol::lol::lol:
 

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කොටි 650 ක් ඇදලා යකෝ කොටි 650ක් කියන්නේ කඡු ඇටද කොස් ඇටද?අපිට ආත්ම කියක් යාවිද කොටි 650 එකතු කරගන්න..
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    කොටි 650 ක් ඇදලා යකෝ කොටි 650ක් කියන්නේ කඡු ඇටද කොස් ඇටද?අපිට ආත්ම කියක් යාවිද කොටි 650 එකතු කරගන්න..

    ඊයේ 7 ට පෙන්නපු හිරු නිවුස් තාම website එකට දාල නෑ.. දැම්මට පස්සේ ඒක බලාගන්න පුළුවන්...


    බැඳුම්කර පාඩුව දැනට කෝටි 2478 යි



    382.jpg


    පසුගිය පෙබරවාරි 27 දා භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසියේදී සිදුවූයේ යෑයි කියන මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතාව නිසා පසුගිය සති දෙකක කෙටි කාලයේදී පමණක්‌ රුපියල් කෝටි 2478 ක අති විශාල පාඩුවක්‌ සිදුවී ඇති බවට ඇස්‌තමේන්තු කර තිබේ.

    ඉකුත් පෙබරවාරි 27 දා හා ඉන් පසු මේ දක්‌වා පවත්වන ලද භාණ්‌ඩාගාර බැඳුම්කර හා බිල්පත් වෙන්දේසිවලදී වැඩි පොලියක්‌ තීරණය වීම නිසා මේ පාඩුව සිදුව ඇතැයි මූල්‍ය වෙළෙඳපොළ නියෝජිතයෝ පවසති.මහ බැංකුව විසින් අදාළ ආන්දොaලනයට තුඩුදුන් තිස්‌ අවුරුදු භාණ්‌ඩාගාර බැඳුම්කර සඳහා ඉහළ පොලියක්‌ තීරණය කිරීමත් ඒ නිසාම ඉන්පසු වෙළෙඳපොළ පොලී අනුපාත ඉහළ යාමත් නිසාත් සිදුවූ බව ද එම මූල්‍ය වෙළෙඳපොළ නියෝජිතයෝ පවසති.

    මෙම සති දෙකක කෙටි කාලය තුළදී පමණක්‌ සිදුවූ පාඩුව ගාල්ල සිට මාතර දක්‌වා අධිවේගී මාර්ගය හැදීමට ගිය වියදමට සමාන අගයක්‌ බවද ඔවුහු තවදුරටත් පෙන්වා දෙති. :no::no:


    http://www.srilankaeconomy.com/newsInDetail.php?newsSection=පුවත් කවුලුව&newsId=382

    බැදුම්කර වංචාව මොකක්ද කියල නොදන්නා අයට මේක හොදම පැහැදිලිකිරීමක්.... watch from the beginning...

    https://youtu.be/uGc6ViT-Bg0?t=17m58s

    :lol::lol:
     
    Jul 5, 2012
    1,773
    265
    0
    වත්මන් ක්‍රිකට් පාලක මණ්ඩලයේ වංචා දූෂන ස&#3548

    වත්මන් ක්‍රිකට් පාලක මණ්ඩලයේ වංචා දූෂන සොයන තුරු ක්‍රිකට් නිලවරණ නෑ: අතුරු කමිටුවක් පත් කරයි: දේශපාලනයට සම්බන්ධ නැති සිදත් වෙත්තමුනි සභාපති

    ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පැවැත්වීම අප්‍රේල් 30 වැනිදාට නියමිතව තිබියදී පසුගිය සිකුරාදා (මාර්තු 27) ප්‍රකාශයට පත්කළ අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පාලනය සඳහා අතුරු පාලක කමිටුවක් පත් කිරීමට ආණ්ඩුව පියවර ගෙන ඇත.

    නව අතුරු පාලක මණ්ඩලයේ සභාපතිවරයා ලෙස සිදත් වෙත්තමුණි මහතා පත් කර ඇති අතර ප්‍රකාශ් ශාෆ්ටර්, ලුසිල් විජේවර්ධන, කුෂිල් ගුණසේකර සහ කපිල විජේවර්ධන නව නිලධාරී මණ්ඩලයට අයත් වන අතර නුස්කි මොහමඩ්, ප්‍රසන්න ජයවර්ධන, ජයනන්ද වර්ණවීර සහ දුමින්ද හුලංගමුව යන සිව් දෙනාගෙන් සමන්විත සාමාජිකයන් කණ්ඩායමක් ද නම් කර තිබේ.

    ක්‍රීඩා පනතේ 32,33 සහ 34 වගන්ති වලින් ලැබී ඇති බලතල අනුව ක්‍රීඩා සහ සංචාරක අමාත්‍ය නවීන් දිසානායක මහතා විසින් මෙම අතුරු කමිටුව පත් කර ඇත. සිදත් වෙත්තමුණි මහතා ශ්‍රී ලංකාව ටෙස්ට් වරම් ලැබූ අවස්ථාවේදී ලංකාවේ කන්ඩායමේ සිටි ආරම්භක පිතිකරුවා විය. වෙත්තමුනි සොයුරන් රැසක් ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් සේවය කර ඇති අතර වෙත්තමුනිලා මහත්වරුන් ලෙස රටේ නම තියා ගත් දේශපාලනයට සම්බන්ධ නොවූ පිරිසක් වූහ. ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ටෙස්ට් තත්ත්වයට ගෙන ඒමට කැපවූ ගාමිණී දිසානායකගේ පුත්‍රයා වන නවීන් දිසානායක ක්‍රීඩා ඇමැතිව සිටියදී එකළ ක්‍රිකට් වෙනුවෙන් කැප වූ සිදත් වැනි ක්‍රීඩකයෙකුට ක්‍රිකට් අනාගතය බාර දීම විශේෂිත ය.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසුරුවා හැර ඒ වෙනුවට ක්‍රිකට් අතුරු කමිටුවක් පත්කරන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පසුගිය කාලයේ සිදු වූ දුෂණ හා වංචා ගැන පරීක්ෂණ අවසන් වනතුරු ක්‍රිකට් අතුරු කමිටුව විසින් ක්‍රිකට් ආයතනය පාලනය කරන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින්ද අද (30) කොළඹ පැවති නොමිලේ වයිෆයි සේවය සැපයීමේ උත්සවයේදී ප්‍රකාශ කෙළේය.

    දැනට බලයේ සිටින ක්‍රිකට් පාලක මණ්ඩයේ තනතුරු අප්‍රියෙල් මස පළමු වෙනි දින පටන් අහෝසි වන අතර ක්‍රිකට් නිලවරණයක් පැවැත්වුවහොත් වත්මන් පාලක මණ්ඩලයේ වංචා දූෂණ සෙවීමේ පරීක්ෂණවලට බාධාවක් විය හැකි යැයි අගමැතිවරයා කීවේ ය.

    'මේ පුද්ගලයන්ට යලිත් ඡන්දයක් තියන්න ඉඩ දුන්නොත් ඔවුන් සිදු කරපු වංචා දූෂණ හොයා ගන්න බැහැ, ඒවා සොයාගත් පසුවයි ඡන්දයක් පැවැත්විය යුත්තේ' අගමැතිවරයා ප්‍රකාශ කළේය.

    ක්‍රීඩාංගන ඉදිකිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉංජිනේරු සංස්ථාවට රුපියල් මිලියන 500 ක් ගෙවිය යුතුව ඇති බව පැවසූ අගමැතිවරයා CSN ආයතනයට ක්‍රිකට් විකාශන අයිතිය ලබාදීමෙන් විශාල මුදලක් රජයට අහිමි වූ බවද පැවසීය.

    ---------------------------
     
    Jul 5, 2012
    1,773
    265
    0
    ගෝඨාගේ මිග් වංචාව ගැන හිටපු ගුවන් හමුදාපතිගෙන් පොලිසිය ප්‍රශ්න කරයි: ගාමිණී සෙනරත්ගෙන් අදත් කට උත්තර ගනී

    ගෝඨාභය රාජපක්ෂ විසින් මිග් යානා ගණුදෙණුවේදී සිදු කර ඇති වංචාව සම්බන්ධයෙන් හිටපු ආරක්ෂික මාණ්ඩලික ප්‍රධානී සහ එවක ගුවන් හමුදාපති එයාර් චීෆ් මාෂල් රොෂාන් ගුණතිලක ගෙන් පොලිසිය මේ වනවිට ප්‍රශ්න කරමින් සිටී.

    පොලිසියේ විශේෂ මූල්‍ය අපරාධ ඒකකය විසින් හිටපු ගුවන් හමුදාපතිගෙන් ප්‍රකාශයක් ලබා ගනිමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර විසින් තහවුරු කෙළේය.

    ලසන්ත වික්‍රමතුංග ඝාතනයට ලක්වීමට එක් හේතුවක් වූයේ ද මෙකී මිග් ගනු ගනු දෙනු වංචාව ගැන තොරතුරු හෙලි කිරීම ය.

    මැදමූලන මහින්ද රාජපක්ෂගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස කටයුතු කළ ගාමිණී සෙනරත්ගෙන් ද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අද ප්‍රකාශයක් ලබා ගත්තේ ය.


    :lol::lol::lol:
     
    Jul 5, 2012
    1,773
    265
    0
    ශ්‍රී ලංකාවට ඩොලර් කෝටි ගණනින් පාඩු කළ දූෂිත හෙජින් සූදුව ගැන අජිත් නිවාඩ් කබ්රාල් ගෙන් පොලිසිය පැය 4 ක් ප්‍රශ්න කරයි

    රාජපක්ෂ රෙජීමය විසින් ශ්‍රී ලංකාවට ඉමහත් පාඩු ලබන ආකාරයෙන් අන්තර්ජාතික බැංකු හා මූල්‍ය ආයතන සමග ඇතිකරගත් කුප්‍රකට හෙජින් ගිවිසුම හෙජින් ගිවිසුම ගැන කොළඹ කොල්ලුපිටියේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් අද හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ගෙන් පැය හතර හමාරකට ආසන්න කාලයක් ප්‍රශ්න කළේය.

    මෙම මෝඩ ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට බරපතල හානි සිදුවී ඩොලර් කෝටි ගණනින් ගෙවන්නට සිදුව තිබේ. මෙම ගිවිසුම අත්සන් කිරීමේදී ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ලෙස පත් කර සිටියේ රාජපක්ෂලාගේ ඥාතියෙක් වූ හිටපු ක්‍රිකට් ක්‍රීඩක අසන්ත ද මැල් ය. ඔහු අපොස සා පෙල පවා අසමත් අයෙක් බව එකළ අධිකරණයේදී හෙළිදරව් විය.

    අද පැවැති පොලිස් ප්‍රශ්න කිරීමෙන් පසුව එළියට පැමිණි අජිත් නිවාඩ් කබ්රාල් නමැති දූෂිත නිලධාරියා සුදනෙක් කියා සිටියේ මෙය තවත් මාධ්‍ය සංදර්ශනයක් බවයි.

    ලෝක බොර තෙල් මිල ඉහල ගියද පහල ගියද මිලදී ගැනීමට නියමිත එක මිලකට එකඟ වෙමින් අත්සන් කරන ලද හෙජින් ගිවිසුමෙන් සිදුවූයේ ලෝක බොර තෙල් මිල අඩු වුවද ශ්‍රී ලංකාවට එම වාසිය නොලැබී වැඩි මුදලකට බොර තෙල් මිලදී ගැනීමට සිදුවීමයි. එහිදී ඉතාමත් අවාසි සහගත කොන්දේසි වලට පෙර සිටි දූෂිත රජය සහ ශ්‍රී ලංකා මහ බැංකුව එකඟ වූයේ අන් කිසිවක් නිසා නොව ඉන් පුද්ගලයන් ට ලැබුනු අති විශාල කොමිස් මුදල් නිසා ය.

    ලංකාව මෙවැනි ගිවිසුමකට අත්සන් කර ඇති බවත් මෙය හෙජින් නමැති සූදුවක් බවත් පළමු වරට හෙළි කෙළේ ලංකා ඊ නිව්ස් විසිනි
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    කොටි 650 ක් ඇදලා යකෝ කොටි 650ක් කියන්නේ කඡු ඇටද කොස් ඇටද?අපිට ආත්ම කියක් යාවිද කොටි 650 එකතු කරගන්න..

    :D:D

    බැඳුම්කර නිකුතුව ගැන පරීක්‍ෂණයක්‌ ඉල්ලා
    ශ්‍රෝෂ්ඨාධිකරණයට පෙත්සමක්‌


    සරත් ධර්මසේන

    මහ පරිමාණයේ මූල්‍ය වංචාවක්‌ සිදුව ඇති බවට චෝදනා එල්ල වී ඇති තිස්‌ අවුරුදු මහා භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුතුව පිළිබඳව විධිමත් හා ස්‌වාධීන පරීක්‌ෂණක්‌ පැවැත්වීමට අදාළ බලධාරීන්ට නියෝගයක්‌ නිකුත් කරන්නැයි ඉල්ලා විද්වතුන් තිදෙනකු ශ්‍රෝෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්‌ ගොනුකර ඇත.

    තමන් මෙම පෙත්සම ගොනු කිරීමට තීරණය කළේ විශේෂයෙන්ම රටවැසි ජනතාවගේ යහපත පිණිස බවත් රාජ්‍ය ණය ලබාගැනීමේ කර්තව්‍ය අනාගතයේදී මහා භාණ්‌ඩාගරයේ අධිපතිගේ හෝ වෙනත් අයකුගේ හිතුමනාපෙට නොව විනිවිද භාවයෙන් සහ අධිකරණයේ අධීක්‌ෂණය යටතේ සිදුවිය යුතු බව තීන්දු ප්‍රකාශයක්‌ ලබා ගැනීමට බවත් පෙත්සමේ සඳහන් කර ඇත.

    ආචාර්ය ජී.උස්‌වත්ත ආරච්චි ආචාර්ය ඒ. සී. විශ්වලිංගම්, චන්ද්‍රd ජයරත්න මෙහි පෙත්සම්කරුවෝ වෙති.

    මහ බැංකුවේ මූල්‍ය මණ්‌ඩලය එහි අධිපති අර්ජුන මහේන්ද්‍රන්, සභාපති පී. සරණසිරි හා භාණ්‌ඩාගාර බැදුම්කර ටෙන්ඩර් කමිටුවත්, මහ බැංකුවේ නියෝජ්‍ය පාලක, රාජ්‍ය ණය අධිකාරි ආර්ථික කටයුතු සහ ප්‍රතිපත්ති සැලසුම් අමාත්‍යාංශයේ ලේකම්, අර්ජුන ඇලෝසියස්‌ සහ නීතිපති පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.

    රාජ්‍ය ණය ලබාගැනීමේදී සිදුව ඇතැයි කියන අක්‍රමිකතාවයන් හේතුකොට ගෙන රජයට රුපියල් බිලියන 33 ක පාඩුවක්‌ සිදුව ඇතැයිද පෙත්සමේ සඳහන් කර ඇත.

    පෙත්සම්කරුවන් වෙනුවෙන් අධිනීතිඥ සාලිය පීරිස්‌ මහතා පෙනී සිටී.
     
    Jul 5, 2012
    1,773
    265
    0
    හෙජින් සූදු වංචාව ගැන ආර්ථික ඝාතකයා ලෙස රෙජීමයේ පක්ෂ විසින්ම හැඳින්වූ පී.බී. ජයසුන්දරගෙන් පොලිසිය පැය 4 ක් ප්‍රශ්න කරයි


    PBJayasunderaKabral_J1.jpg



    කුප්‍රකට හෙජින් සූදු වංචාව සම්බන්ධයෙන් රාජපක්ෂ රෙජීමයට සම්බන්ධ පක්ෂ විසින්ම ආර්ථික ඝාතකයා ලෙස හැඳින්වූ හිටපු මුදල් අමාත්‍යංශ ලේකම් පී. බී. ජයසුන්දර ගෙන් අද(31) මූල්‍ය වංචා විමර්ශන කොට්ඨාශය පැය 4 කට අධික කාලයක් ප්‍රශ්න කළ බව පොලිසිය පවසයි.

    මෙම මෝඩ ගිවිසුම ශ්‍රී ලංකාවේ ආර්ථිකයට බරපතල හානි සිදුකළ අතර ඩොලර් කෝටි ගණනක් පාඩු විඳීමට සිදුවිය.

    හෙජින් සූදු වංචාව සම්බන්ධයෙන්ම ඊයේ (30) දිනයේදී හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ගෙන්ද පැය හතර හමාරක් පමණ ප්‍රශ්න කළ අතර දිවිනැඟුම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයාගෙන්ද ඊට පෙර මූල්‍ය වංචා විමර්ශන කොට්ඨාශය ප්‍රශ්න කර තිබිණි.

    මෙකී දූෂිත හෙජින් ගණුදෙනුව සිදු කළ ප්‍රධානීන් ලෙස ආර්ථික ඝාතක පී.බී ට සහ කබ්රාල්ට ඍජු චෝදනා එල්ල වුවද හෙජින් ගිවිසුම් අත්සන් කිරීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට සංදේශය ඉදිරිපත් කර තිබුණේ මුදල් ඇමතිවරයා වශයෙන් මහින්ද රාජපක්ෂ විසිනි.

    ආර්ථික ඝාතකයා ලෙස රාජපක්ෂ රෙජීමයේ පාර්ශවයන් විසින්ම හැඳින්වූ පී.බී. ජයසුන්දර යනු කිසිදු රාජ්‍ය ආයතනයක තනතුරු දැරීමට නුසුදුස්සෙකු ලෙස නම් කරමින් මුදල් අමාත්‍යාංශ ලේකම් ධූරයෙන් පහ කරන ලද්දේ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයකින් අගවිනිසුරු ලෙස සරත් නන්ද සිල්වා සිටියදී ය. ඔහු අගවිනිසුරු ධුරයෙන් විශ්‍රාම ගැනීමත් සමග මැදමූලන රාජපක්ෂ විසින් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය රිවර්ස් කරවා පී.බී. ජයසුන්දර යලිත් මුදල් අමාත්‍යංශයේ ලේකම් ධූරයට පත් කෙළේය. හෙජින් සූදු වංචාව සිදු කෙරුණේ ඉන්පසුව ය.

    ලෝක බොර තෙල් මිල ඉහල ගියද පහල ගියද මිලදී ගැනීමට නියමිත එක මිලකට එකඟ වෙමින් අත්සන් කරන ලද හෙජින් ගිවිසුමෙන් සිදුවූයේ ලෝක බොර තෙල් මිල අඩු වුවද ශ්‍රී ලංකාවට එම වාසිය නොලැබී වැඩි මුදලකට බොර තෙල් මිලදී ගැනීමට සිදුවීමයි. එහිදී ඉතාමත් අවාසි සහගත කොන්දේසි වලට පෙර සිටි දූෂිත රජය සහ ශ්‍රී ලංකා මහ බැංකුව එකඟ වූයේ අන් කිසිවක් නිසා නොව ඉන් පුද්ගලයන් ට ලැබුනු අති විශාල කොමිස් මුදල් නිසා ය.

    ලංකාව මෙවැනි ගිවිසුමකට අත්සන් කර ඇති බවත් මෙය හෙජින් නමැති සූදුවක් බවත් පළමු වරට හෙළි කෙළේ ලංකා ඊ නිව්ස් විසිනි.
     
    • Like
    Reactions: wdk
    Jul 5, 2012
    1,773
    265
    0
    රාජපක්ෂලාට එල්ලේ ගහන්නත් ලොතරැයි මණ්ඩලෙන් ලක්ෂ 50 ක් ගෙවලා: මරාගේ කැම්පේන් එකට කෝටි 37 හමාරක් වියදම්


    Mahinda-5million-elle.jpg

    ජාතික ලොතරැයි මණ්ඩලයේ ප්‍රවර්ධනය වෙනුවෙන් වෙන් කළ රුපියල් මිලියන 400 කින් මිලියන 375 ක්ම පැවැති රාජපක්ෂ රෙජීමය සිය දේශපාලන ව්‍යාපෘති සඳහා යොදවා ඇතැයි අද අනාවරණ විණ. මෙම තොරතුරු අනාවරණ කෙළේ ලොතරැයි මණ්ඩල සභාපතිනිය සහ මුදල් ඇමැති වරයාගේ ප්‍රධානත්වයෙන් අද අමාත්‍යංශ ශ්‍රවනාගාරයේ පැවැති මාධ්‍ය හමුවක දී ය

    එහිදී අදහස් දැක්වූ ලොතරැයි මණ්ඩල සභාපතිනි නීතිඥ ශ්‍යාමිලා පෙරේරා මහත්මිය කියා සිටියේ අයවැයෙන් ආයතනයේ ප්‍රවර්ධනය සඳහා වෙන්කර තිබූ රුපියල් මිලියන 400 ක මුදලින් රුපියල් මිලියන 375ක මුදලක්ම පැවැති රාජපක්ෂ රෙජීමයේ දේශපාලන කටයුතු වෙනුවෙන් වැය කර ඇති බවයි. ඒ අතර කාල්ටන් එල්ලේ තරඟයක් සඳහා පමණක් රුපියල් ලක්ෂ 50 ක මුදලක් වැය කර ඇතැයිද, ජනාධිපතිවරණයේදී රට පුරා රැගෙන ගිය වීඩියෝ ප්‍රක්ෂේපනය තිරයක් සඳහා රුපියක් කෝටි 7 කට ආසන්න මුදලක් ගෙවා ඇතැයිද වෙනත් වියදම් වලට ගෙවීමට තිබියදී හදිසියේ එම සම්පූර්ණ මුදලම කෙටි දිනකින් ගෙවා ඇති බවද සභාපතිනිය කීවාය. මැතිවරණ කොමසාරිස් වරයා විසින් ගලවා දමන්නැයි කී මහින්ද රාජපක්ෂගේ අතිවිශාල කටවුට් 150 ක් සඳහා ගෙවා ඇත්තේ ද අයවැයෙන් ආයතන ප්‍රවර්ධනය සඳහා වෙන්කර තිබූ මුදලින් යැයි අනාවරණය කළාය.

    ඉකුත් වසරේ නොවැම්බර්, දෙසැම්බර් සහ මෙම වසරේ ජනවාරි මුල එනම් ඡන්දය පැවැති කාලයේදී රුපියල් මිලියන 200 ක්ම වැය කර ඇති බවද ඒ අතර දන්සැල් දීමට, මැරතන් තරඟ පැවැත්වීමට, කෑම බිල් සඳහා සහ ඩී.ඒ. රාජපක්ෂ වෙනුවෙන් ලයිට් දැමීමට ආදී විවිධ දේශපාලන ප්‍රතිරූප නංවන වැඩ සටහන් වලට මිස ආයතනයේ ප්‍රවර්ධනය සඳහා සතයක් වත් ගෙවා නැතැයිද කී සභාපතිනි ශ්‍යාමිලා පෙරේරා මේ දූෂනය සම්බන්ධයෙන් සඳුදා පැමිණිලි කිරීමට බලාපොරොත්තු වන බවද කීවාය.

    මෙහිදී අදහස් දැක්වූ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මෙසේ කීය.

    ‘‘මේ වගේ දේවල් වලක්වන්න අපි කටයුතු කරද්දි තමයි සංවර්ධන අඩු වෙලා කියල විපක්ෂය චෝදනා කරන්නෙ. අපි කරල තියෙන්නෙ ඇත්තට ම සංවර්ධනය නවත්තපු එක නෙවෙයි දූෂණය නවත්තපු එකයි. බදු ගෙවන්නන්ගෙ මුදල් අපි මනා කළමනාකාරීත්වයෙන් යුතුව භාවිතා කරනවා.“



    මෙය ක්ලික් කිරීමෙන් ලොතරැයි මණ්ඩල සභාපතිනිය ශ්‍යාමිලා පෙරේරා මහත්මියගේ හඬ පටයට සවන් දිය හැකිය.
     
    Jul 5, 2012
    1,773
    265
    0
    යෝෂිත තානාපති වරප්‍රසාද යටතේ සිංගප්පූරුවේ සිට මෝටර් රථ එන්ජින් පැටවූ හැටි හෙළි වේ
    Yoshitha_Naruma1.jpg

    යෝෂිත රාජපක්ෂ තානාපති බලතල යොදා ගනිමින් ශ්‍රී ලන්කන් ගුවන් සේවය හරහා මෝටර් රථ අමතර කොටස් සිංගප්පූරුවේ සිට ශ්‍රී ලංකාවට ප්‍රවාහනය කර ඇත්තේ හමුදා නිලධාරීන් යොදා ගනිමින් බව ලංකා ඊ නිව්ස් හි සිංගප්පූරු වාර්තාකරු පවසයි.

    යෝෂිතගේ ව්‍යාපාර කටයුතු සඳහා සිංගප්පූරු තානාපති කාර්යාලයට අනුයුක්තව ක්‍රියා කර ඇත්තේ හමුදාවෙන් විශ්‍රාම ගත් මාණ්ඩලික සැරයන් වරයෙක් වූ රුවන් ප්‍රනාන්දු නමැති අයෙකි. ඔහු හමුදාවේ විශ්‍රාම වැටුපත් තානාපති සේවයේ වැටුපත් දෙකම ලබාගෙන ඇති අතර එය නීති විරෝධී ක්‍රියාවකි. මන්ද යත් රජයෙන් වැටුප් දෙකක් එකම පුද්ගලයෙකුට එකම අවස්ථාවකදී ලබා ගත නොහැකි නිසා ය. ඔහු තානාපති සේවයේ කිසිදු රාජකාරියක් සිදු කර නැති අතර සිදුකර ඇති එකම රාජකාරිය නම් යෝෂිතගේ මෝටර් රථ අමතර කොටස් ලංකාවට පැටවීම ය. ඔහු යෝෂිත එංගලන්තයේ සිටියදී ලන්ඩන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට අනුයුක්තවද යෝෂිතගේ පුද්ගලික වැඩ කරමින් සිටි පුද්ගලයෙකි.

    පටවන ලද අමතර කොටස් අතර ඉතා වටිනා මෝටර් රථ එන්ජින් ද විය. ඒ කිසිවක් නියමිත ව්‍යාපාරික නීති රීති අනුව සිදුකර නැති අතර සියල්ල සිදුකර ඇත්තේ කිසිදු ලේඛනයක් නොමැතිව තානාපති වරප්‍රසාද යටතේ ඍජුවම ශ්‍රී ලන්කන් ගුවන් සේවය මගින් කොළඹට ප්‍රවාහනය කරවීමෙනි. ඒ සඳහා කිසිදු ගුවන් ගමන් ගාස්තුවක් ගෙවා නැත. ආරක්ෂක අමාත්‍යාංශයට එවන භාණ්ඩ ලෙස සිංගප්පූරු රජයට පෙන්වා මේවා ප්‍රවාහනය කර තිබේ.

    මෙම භාණ්ඩ යෝෂිත වෙනුවෙන් කොළඹ දී ලබාගෙන ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශයේ ඇමැති ආරක්ෂක අංශයේ මේජර් රුවන් ඇල්ලේපොල සහ මේජර් රත්නායක නමැති නිලධාරීන් දෙදෙනෙකි.

    මේ සම්බන්ධයෙන් පළමුවරට කරුණු හෙළි කර තිබුනේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ දූෂන සෙවීමට පත් කරන ලද වැලිඅමුණ කොමිසම් වාර්තාව මගිනි.
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ජිංතක ජිල්ලබකිට;18120165 said:
    ශ්‍රී ලංකාවට ඩොලර් කෝටි ගණනින් පාඩු කළ දූෂිත හෙජින් සූදුව ගැන අජිත් නිවාඩ් කබ්රාල් ගෙන් පොලිසිය පැය 4 ක් ප්‍රශ්න කරයි

    රාජපක්ෂ රෙජීමය විසින් ශ්‍රී ලංකාවට ඉමහත් පාඩු ලබන ආකාරයෙන් අන්තර්ජාතික බැංකු හා මූල්‍ය ආයතන සමග ඇතිකරගත් කුප්‍රකට හෙජින් ගිවිසුම හෙජින් ගිවිසුම ගැන කොළඹ කොල්ලුපිටියේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් අද හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ගෙන් පැය හතර හමාරකට ආසන්න කාලයක් ප්‍රශ්න කළේය.

    මෙම මෝඩ ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට බරපතල හානි සිදුවී ඩොලර් කෝටි ගණනින් ගෙවන්නට සිදුව තිබේ. මෙම ගිවිසුම අත්සන් කිරීමේදී ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ලෙස පත් කර සිටියේ රාජපක්ෂලාගේ ඥාතියෙක් වූ හිටපු ක්‍රිකට් ක්‍රීඩක අසන්ත ද මැල් ය. ඔහු අපොස සා පෙල පවා අසමත් අයෙක් බව එකළ අධිකරණයේදී හෙළිදරව් විය.

    අද පැවැති පොලිස් ප්‍රශ්න කිරීමෙන් පසුව එළියට පැමිණි අජිත් නිවාඩ් කබ්රාල් නමැති දූෂිත නිලධාරියා සුදනෙක් කියා සිටියේ මෙය තවත් මාධ්‍ය සංදර්ශනයක් බවයි.

    ලෝක බොර තෙල් මිල ඉහල ගියද පහල ගියද මිලදී ගැනීමට නියමිත එක මිලකට එකඟ වෙමින් අත්සන් කරන ලද හෙජින් ගිවිසුමෙන් සිදුවූයේ ලෝක බොර තෙල් මිල අඩු වුවද ශ්‍රී ලංකාවට එම වාසිය නොලැබී වැඩි මුදලකට බොර තෙල් මිලදී ගැනීමට සිදුවීමයි. එහිදී ඉතාමත් අවාසි සහගත කොන්දේසි වලට පෙර සිටි දූෂිත රජය සහ ශ්‍රී ලංකා මහ බැංකුව එකඟ වූයේ අන් කිසිවක් නිසා නොව ඉන් පුද්ගලයන් ට ලැබුනු අති විශාල කොමිස් මුදල් නිසා ය.

    ලංකාව මෙවැනි ගිවිසුමකට අත්සන් කර ඇති බවත් මෙය හෙජින් නමැති සූදුවක් බවත් පළමු වරට හෙළි කෙළේ ලංකා ඊ නිව්ස් විසිනි

    දූෂිත හෙජින් සූදුව

    හෙජින් කියන්නේ සුදුවක් නෙමේ ,එක ට කියන්නේ ඉදිරි විනිමය ගිවිසුම් කියලා ,මෙතන උනේ කොන්දේසි දාන වෙලේ වෙච්ච අවුලක් ,ඉන්න නිලදාරින් ගේ තිබ්බ නොසැලිකිලිමත් කමයි ,නොදන්නා කම නිසයි මේක උනේ ,
    ලුලා ගෙදර යවලා කනයෝ රින්ගුවම වෙන්නේ මේක
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113

    දූෂිත හෙජින් සූදුව

    හෙජින් කියන්නේ සුදුවක් නෙමේ ,එක ට කියන්නේ ඉදිරි විනිමය ගිවිසුම් කියලා ,මෙතන උනේ කොන්දේසි දාන වෙලේ වෙච්ච අවුලක් ,ඉන්න නිලදාරින් ගේ තිබ්බ නොසැලිකිලිමත් කමයි ,නොදන්නා කම නිසයි මේක උනේ ,
    ලුලා ගෙදර යවලා කනයෝ රින්ගුවම වෙන්නේ මේක

    :yes::yes:
     
    Jul 5, 2012
    1,773
    265
    0
    CSN.jpg


    යෝෂිතගේ සීඑස්එන් නාලිකාව සිදුකළ දූෂණ ගැන නිශාන්ත රණතුංගගෙන් පැය 5 ක් ප්‍රශ්න කරයි

    යෝෂිත රාජපක්ෂට අයත් යැයි කියන සීඑස්එන් නාලිකාව විසින් සිදුකර ඇති දූෂණ සම්බන්ධයෙන් එහි ආරම්භක ප්‍රධාන විධායක නිලධාරී නිශාන්ත රණතුංග මහතාගෙන් අද පොලිස් විශේෂ මූල්‍ය පරීක්ෂණ කොට්ඨාශය දීර්ඝ වේලාවක් ප්‍රශ්න කරන ලදී.

    සීඑස්එන් නාලිකාව බදු වංචා කර ඇතැයිද,
    ක්‍රිකට් විකාශණ අයිතිය ලබා ගැනීමේදී දූෂණයේ යෙදී ඇතැයිද,
    සීඑස්එන් නාලිකාව විසින් රාජ්‍ය ආයතනයක් වූ අයිටීඑන් නාලිකාව සතු සම්පත් භාවිතා කර ඇතැයිද,
    මෙහි සැබෑ අයිතිකරුවන් කව්ද ආදිය සම්බන්ධයෙන් පොලිස් විශේෂ මූල්‍ය පරීක්ෂණ කොට්ඨාශය වෙත ආනන්ද විජේපාල නමැති මහතෙකු විසින් සිදුකරන ලද පැමිණිල්ලක් මත නිශාන්ත රණතුංගගෙන් ප්‍රශ්ණ කර තිබේ.

    අද උදේ 9.30 සිට සවස 2.30 පමණ වන තුරු ප්‍රශ්න කර ප්‍රකාශයක් ලබා ගෙන ඇත.

    මහින්ද රාජපක්ෂගේ පරාජයත් සමග සීඑස්එන් නාලිකාවේ සේවය කළ සියයකට අධික සේවක සංඛ්‍යාවක් රැකියාවලින් ඉවත් කරන ලද අතර අද 10-15 ක් අතර පිරිසක් පමණක් යොදවා පැරණි වැඩ සටහන් යලි විකාශය කරමින් සිටී. මේ වන විට කිසිදු වැඩ සටහනක් නිෂ්පාදනය කරන්නේ නැත. දැනට ප්‍රධාන විධායක නිලධාරියෙකුද සේවය කරන්නේ නැත.
     
    Jul 5, 2012
    1,773
    265
    0
    සුදු වෑන් වලින් පැහැරගත් පුද්ගලයින්ගේ ඉරණම සහ ගෝඨා ඇතිකළ මෝරුන්ගේ ආහාරය අතර සම්බන්ධයක් තිබේද? ගෝඨාගේ මෝර තටාකයේ සේයාරූ

    Mora_Maligawa1.jpg


    හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ රැදී සිටී කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි නිවසේ ඇති කළ මිනී මෝරුන්ගෙන් එක් මෝරෙකුට පමණක් දිනකට මස් කිලෝ 50 ක් පමණ අවශ්‍ය වූ අතර නාවික හමුදාව විසින් බලා ගත් ඒ මෝරුන්ගේ ආහාරය සහ නාවික හමුදාව විසින් මෙහෙයැ වූ සුදු වෑන් කල්ලිය අතුරුදහන් කළ පුද්ගලයන්ට සිදුවූ ඉරණම අතර සම්බන්ධයක් තිබුනේ දැයි පරීක්ෂකයන් සොයා බලති.

    මෙහි ඇති සේයාරූ වලින් දැක්වෙන්නේ ගෝඨාගේ මිනී මෝර තටාකයයි.

    ගෝඨාභය රාජපක්ෂ ඉතා සුඛෝපභෝගී ආකරයට එම නිවස සකස් කර ගෙන ජීවත් වී ඇති අතර ගෝඨාභය රාජපක්ෂ සන්තකයේ නීති විරෝධී ආකාරයෙන් රඳවාගෙන සිටී ඇත් පැටවුන් දෙදෙනෙකු වෙනුවෙන් සකස් කර තිබූ ස්ථානයත් මිනී මෝරුන් ඇති කිරීම සඳහා ඉදිකර තිබූ විශාල ප්‍රමාණයේ ටැංකියත් ඒ අතරින් ප්‍රධාන වේ. ඊට අමතරව එම භූමියේම තවත් ස්ථානයක ඉදිකළ කරිවිල මැස්සද විශේෂයක් ගන්නා අතර එය ඉදිකර තිබෙන්නේ විශාල ප්‍රමාණයේ යකඩ බාර් සහ යකඩ කම්බි යොදාගෙනය.

    මිනී මෝරුන් ඇති කළ ටැංකිය නිර්මාණය කර ඇත්තේ අඩි 40ක් දිග අඩි 10ක් පළල හා අඩි 8ක උසක් සහිත වන අතර මෙම ටැංකියට අවශ්‍ය තනි වීදුරුව විදේශීය රටකින් ඒ වෙනුවෙන්ම ආනයනය කළ බව එකළ මාධ්‍ය වාර්තා කෙළේය.

    මිනී මෝරුන් ඇති කිරීම සඳහා සාමන්‍ය පුරවැසියකුට අවසර නොලැබෙන අතර මෝරුන් නඩත්තු කිරීම වෙනුවෙන් විශාල වියදමක් දැරීමටද සිදුවේ. වැඩුණු මෝරකු නඩත්තු කිරීම සඳහා දිනකට අවම වශයෙන් මස් කිලෝ 50 ක් වත් ලබා දිය යුතු ය. එවැනි තත්වයක් තිබියදී ගෝඨාභය රාජපක්ෂ මෙසේ මිනී මෝරුන්ම ඇති කිරීම ප්‍රශ්නයකි.

    මෙම මෝරුන් නඩත්තු කිරීම වෙනුවෙන් නාවික හමුදාවේ වෙනම කණ්ඩායමක් යොදවා සිටියේය. සුදුවෑන් වලින් පැහැරගෙන අතුරුදහන් කෙළේද හිටපු නාවික හමුදාපතිපතිගේ මෙහෙයවීම යටතේ සිටි කණ්ඩායමකි. රාගම ලොකු සීයා හැර සුදුවෑන් වලින් පැහැරගත් කිසිවෙකුගේ ඇට කැබැල්ලක් හෝ මෙතෙක් හමුවී නැත.

    ගෝඨාභය විසින් මිනීමරු සුදුවෑන් කල්ලි ලෙස යොදවා ගත්තේ නාවික හමුදාවට අනුයුක්ත පිරිස් බව දැන් හෙළිවී තිබේ. ඊට හේතු වූයේ හිටපු නාවික හමුදාපති කරන්නාගොඩ සහ හිටපු හමුදාපති ෆොන්සේකා අතර තිබූ විරසකය තමන්ගේ වාසියට භාවිතා කිරීමය. නාවික හමුදාපති ලවා ගොඩබිම සුදු වෑන් කල්ලි ක්‍රියාත්මක කරද්දී රටේ ජනතාව සැක කරන්නේ හමුදාපති විසින් ඒවා සිදුකරන බවය. කරන්නාගොඩද තමන්ගේ සුදුවෑන් කල්ලි ගොඩ බිම යෙදෙව්වේ ෆොන්සේකාගේ නම සවුත්තු කරන්නට ය. කෙසේ වෙතත් පසුව හිටපු හමුදාපති ෆොන්සේකා ගෝඨාභයලාගේ වෛරයට පාත්‍ර වුවද සුදුවෑන් පැහැරගැනීම් සහ ඝාතන ඔහුගේ ගිණුමට බැර කිරීමට ගෝඨාභයට නොහැකි විය.

    කෙසේ වෙතත් පසුගිය ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ පරාජය වීමත් සමග ගෝඨාභයගේ මිනී මෝරුන් නාවික හමුදාව විසින් තකහනියේම ඉවත් කරගෙන ගොස් තිබේ. උන්ට සිදුකළ දෙයක් නොදනී
     
    Jul 5, 2012
    1,773
    265
    0
    මන්නාරම සමූහ මිනී වල අසල තවත් සැක සහිත ළිඳක්: හාරන්න අධිකරණය නියෝග කරයි

    මන්නාරම තිරුකේතීස්වරන් සමූහ මිනී වල අසල පිහිටි සැකසහිත ළිඳක කැණීම් කටයුතු දින 10 ක් ඇතුලත සිදුකොට එහි වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කරණ මෙන් මන්නාරම දිසාවිනිසුරුවරිය ඊයේ 08 දා යළි පොලීසියට නියෝග කොට තිබේ.

    මීට සතියකට පමණ පෙරද එම නියෝගය පොලීසියට ලබාදෙන ලද නමුත් පොලීසිය අධිකරණයට පවසා ඇත්තේ එවැනි සැකසහිත ළිදක් පළාතේ නොමැති බවයි.

    නමුත් මන්නාරමේ මහජන සංවිධාන කීපයක් මන්නාරම අධිකරණයට පෙත්සමක් මගින් දැණුම්දී ඇත්තේ එවැනි ළිඳක් ඇති බවත් එහි කැණීම් සහ පරීක්ෂණ කටයුතු සිදු කරන්නේ නම් ඒ සඳහා අධිකරණයට සහ පොලීසියට තම සහය ලබා දිය හැකි බවයි.

    මෙම පෙත්සම සලකා බැලූ අධිකරණය එම සංවිධානවල සහයද ලබාගෙන කැණීම් කටයුතු දිගටම කරගෙන යන ලෙස පොලීසියට නියෝග කොට තිබේ.

    මීට ඉහතදී මන්නාරම තිරුකේතීස්වරන් සමූහ මිනී වලෙන් ගොඩගත් මිනිස් ඇටසැකිළි 89 ක් වෙනුවෙන් වූ වාර්තාව මෙතෙක් අධිකරණයට ඉදිරිපත් වී නොමැති හෙයින් එය ඉතා කඩිනමින් අධිකරණය වෙත ඉදිරිපත් කරණ මෙන්ද නියෝග කොට තිබේ.