මේකයි තත්වේ

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    උබල ඉන්නේ මෙහෙම රටක බව දැනන් හිටියද ?

    ටික වෙලාවක් බලපන් මේක ඉවරවෙනකන්

    https://www.facebook.com/viyathmagaPBF/videos/1709189929109156/

    මේක දාලා ටික වෙලාවයි ගියේ මෙන්න මේ news එක ගියා අනේ මන්දා අපේ රටට මොකක් වේගෙන යනවද කියලා

    නාවුක බුද්ධි අංශ කමාන්ඩර් රණසිංහත් රිමාන්ඩ්..

    ත්‍රිවිධ හමුදාවේම සාමාජිකයන්ගේ ප්‍ර‍ධාන ආරක්ෂකයා තමන් බවත්, කුමන විවේචන කුමන ආඅකාරයෙන් තිබුණත් තමන් ඔවුන්ව ආරක්ෂා කරන බවත් යාපනය පලාලිහිදී ජනාධිපතිවරයා ප්‍ර‍කාශකර පැය විසිහතරක් යාමටත් මත්තෙන් නාවුක හමුදාවේ තවත් බුද්ධිඅංශ නිළධාරියෙකු රහස් පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලදුව රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

    අත් අඩංගුවට ගන්නා අවස්ථාව වන විට ශ්‍රී ලංකා නාවුක හමුදාවේ බස්නාහිර නාවුක කලාපයේ ගොඩබිම් ක්‍රියාන්විතයට අදාල ජ්‍යෙෂ්ඨ කාර්යමණ්ඩල නිළධාරී ලෙස කටයුතු කළ කොමාන්ඩර් සුමිත් රණසිංහ 1997 වසරේදී සේවයට බැදුනු අයෙකි. 2007දී නැගෙනහිර පළාතේ කොටි සංවිධානයට එරෙහි “විශේෂ ක්‍රියාන්විතයන්“ සදහා පත්කරන ලදුව යුධ බිමේදී පෙන්වූ නිර්භීතභාවයත් අසාමාන්‍ය දක්ෂතාවත් නිසා යුධ බිමේදීම පිරිනමන උසස්වීමකට(FIELD PROMOTION)ද හිමිකම් කියන මේ නිළධාරියා නාවුක හමුදා ඉතිහාසයේ එවන් ගෞරවයක් ලද හයදෙනාගෙන් අයෙකි.

    එසේම නාවුක හමුදා ඉතිහාසයේ දෙවන වතාවටත් එවැනි උසස්වීමකට නිර්දේශ කරන ලද දෙදෙනාගෙන් අයෙකි. (අතර නාවුක හමුදාපතිවරයාගේ විශ්‍රාමයාම හේතුවෙන් එම උසස්වීමට අදාල කටයුතු නතර කෙරුනු අතර අනෙක් නිර්දේශිත නිළධාරියාද ඉදිරි දිනෙක අත් අඩංගුවට ගැනීමට නියමිත බව වාර්තා වේ.)

    තම අසාමාන්‍ය කැපවීම වෙනුවෙන් හය වතාවකදී නාවුක හමුදාපතිවරුන් තිදෙනෙකුන් විසින්ම සුවිශේෂී ඇගයීමට ලක් කර ඇති මේ රණ ශූරයා යුධබිමේ දක්ෂතා වෙනුවෙන් පිරිනමන රණශූර පදක්කමට තුන් වතාවක් හිමිකම් කියූ, දේශපුත්‍ර‍සම්මානය ඇතුළු පදක්කම් 12ක් හිමිකරගත් නිළධාරියෙකි.

    කොටි ට්‍රෝලර් යාත්‍රා 23ක් විනාශ කිරීමට දායකත්වය සැපයූ මේ වීරයාගේ උකුසු ඇසට හසුවීම නිසා මරාගෙන මැරෙන ඇදුම් කට්ටල, බෝම්බ සහ පුපුරන ද්‍ර‍ව්‍ය සොගත් අවස්ථා ගණන 51කි. එනම් ඔහු විසින් දැනුවත්ව අප සහ අපේ දරුවන් මරණයෙන් ගලවාගත් අවස්ථා ගණන 51කි. යුධබිමේදී පරාජයකළ නොහැකි වූ මේ රණසූරයාගෙන් පළිගන්නට කොටි සංවිධානයට හැකිවූයේ ඔහු නිවාඩු ලැබ නිවස බලා එන ගමනේදී ඔහු ගමන් ගත් යාත්‍රාවට පහරදීමෙනි. නමුත් කොටි ත්‍ර‍ස්තවාදීනට අහිමිකිරීමට හැකිවූයේ ඔහුගේ එක් උකුසු ඇසක් සහ එක් කනක් පමණි.

    රට වෙනුවෙන් අවදියෙන් තබාගැනීම සදහා එක් ඇසක් සහ එක් කණක් සමග ජීවිතය රැකගැනීමට ඔහුට අවස්ථාව හිමිවිය.

    කමාන්ඩර් රණසිංහ රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ ඔහුට එරෙහිව නගා ඇති චෝදනා සම්බන්ධයෙන් හිටපු නාවුක හමුදාපති කරන්නාගොඩ විසින් ද එවකට නැගෙනහිර ආඥාපතිවරයා ලෙස කටයුතුකළ නිළධාරියා විසින් ද තවත් දස දෙනෙකුන් පමණ ද ලබාදී තිබූ කටඋත්තරවල සදහන් කරුණු රහස් පොලිසිය විසින් සිතාමතාම වසන් කරමින් බව අනාවරණය වීය.

    March 6, 2017 at 9:20 am | lanka C news | ලංකා සී නිවුස්
     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,163
    8,870
    113
    Dubai
    මේ ගැන කතා කරලා වැඩක් නෑ බන්.. හරිම කලකිරීමක් ඇති වෙනවා මේ වෙන දේවල් දැක්කාම. මුල ඉතාම ඉක්මනට අමතක වෙන කෙලෙහිගුන දන්නේ නැති අනුන්ගේ ඕප දූප හොයන වෙන එකෙක් කියන බොරු හරිම ඉක්මනට පිලිගන්න ඒ වගේම පාවලාදෙන ලෝකෙන්ම ඉන්න කාලකන්නි ජාතියක් වෙලා සිංහල ජාතිය. කොච්චර අභිමානයෙන් කතා කරත් ඇත්ත ඕකයි. අපේ මිනිස්සුන්ට මේ රටේ යුද්ධයක් තිබුනද කියලත් අමතකයි. දෙමලු කොටි කියලා අපි කට කැඩෙනකල් කෑ ගැහුවට උන් උන්ගේ ජාතියට ආදරෙයි. උන් මොන දහම් ගැටයක් හරි ගහලා එකමුතුවෙන් උන්ගේ ඉලක්කය සම්පූර්ණ කර ගන්නවා. උන්ට වැඩක් නෑ ගොසිප්. ඒත් අපේ එව්න්. බලපන් පොඩ්ඩක් එලකිරිය ෆේස්බුක් එක දිහා. කාගේ හරි කුනු ගොඩක් අව්ස්ස අව්ස්ස ඉන්නවා ඇරෙන්න වෙන වැඩක් තියෙනවාද. කාලෙන් කාලෙට එක එකාව අල්ල ගන්නවා. ගිය සතියේ චතුර කියපු දේවල් අල්ලගෙන කෑ ගැහුවා. දැන් වික්ටර් රත්නායක කරපු දේවල් අල්ලගෙන කෑ ගහනවා. එහෙම නැත්නම් පියුමිගේ හෙලුව හරි කාගේ හරි වෙන ගල් දෙකක් ගැන ජංගියක් ගැන කතා කරයි. ඒ වගේ පෝස්ට් වලට බම්ප් කොමන්ට්ස් පේජ් 1000ක් උනත් යයි. ඒ තරමට ජනප්‍රියයි. ඒත් රට ගැන රටට වෙන දේ ගැන මේ සිද්ධ වෙන දේවල් ගැන එකෙක් කතා කරනවාද? ඉතින් ඒ වගේ කොට්ඨාශයක් ඉන්න මේ රටේ අවසානය හිතා ගන්න පුළුවන්නේ
     
    වැඩක් නෑ බන් කියලා අර navy officerට හිතෙනවා ඇති බෝට්ටුවට කොටි ගහපු වෙලාවේ මැරුණා නම් හොදයි කියල.

    ඒ officer මරාගෙන මැරෙන ඇදුම් 51 අල්ලලා තියෙනවලු යකෝ කියක් ජිවිත බේරලා ඇත්ද ?

    ඇයි කොටි විසින් අපේ (දෙමළ සිංහල මරක්කල) සාමාන්‍ය ජනතාව මරපු ඒවා හොයන්නේ නැත්තේ