මේකවත්_හරි_ගියොත්_හොඳයි.

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
මේකවත්_හරි_ගියොත්_හොඳයි.

සවුදි අරාබියාවේ මර්ස් වෛරසය පැතිරේ



පසුගිය සති අන්තය තුළ සවුදි අරාබියාවේ තවත් 20 දෙනෙකුට මැද පෙරදිග ශ්වසන සින්ඩ්‍රෝමය හෙවත් මර්ස් වෛරසය වැළඳී ඇතැයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අනාවරණය කර තිබේ. ඒ අනුව දින 6ක් තුළ වාර්තා වූ නව ආසාදිතයන් සංඛ්‍යාව 49 දක්වා ඉහළ ගොස් තිබේ.
මර්ස් වෛරසය මින් පෙර ආසියාවට බලපෑ සාර්ස් වෛරසයට සමාන වන අතර ආසාදනය වන රෝගීන්ගෙන් 1/3ක් මිය යන බව පැවසේ. මෙතෙක් මේ සඳහා කිසිදු ප‍්‍රතිකර්මයක් සොයාගෙන නැත.
මින් වසර දෙකකට පෙර එය සවුදි අරාබියාවෙන් හඳුනාගනු ලැබූ පසු 244 දෙනෙකුට මර්ස් වෛරසය ආසාදනය වී ඇති අතර ඉන් 76ක් මියගොස් ඇතැයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්තාවල දැක්වේ.
කෙසේවෙතත් පසුගිය දින කිහිපය තුළ වෛරසයේ ව්‍යාප්ත වීම පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දක්වමින් සවුදි අරාබියානු සෞඛ්‍ය ඇමති අබ්දුල්ලා අල් රාබියා පවසා ඇත්තේ සංචාරයන් වාරණය වැනි පියවරක් ගැනීමට තරම් තවමත් විද්‍යාත්මක පැහැදිලි කිරීමක් නොමැති බවයි.
ජාත්‍යන්තර සම්මතයන්ට අනුව වසංගතයක් දක්වා මෙම රෝගය ව්‍යාප්ත වී නොමැති බැවින් හදිසි පියවරයන් ගැනීම අනවශ්‍ය බව ඔහුගේ අදහසයි. රෝගීන්ගෙන් 37 දෙනෙකුම ජෙඩා ප‍්‍රදේශයෙන් හමුවී ඇති අතර ඔවුන්ගෙන් 7 දෙනෙකු මිය ගොස් ඇත.
ශුද්ධවූ මක්කම වෙත යන පිවිසුම් මාර්ගය ජෙඩා හරහා වැටී ඇති අතර ලබන ඔක්තෝබර් මාසයේදී එළඹෙන හජ් වන්දනා සමය සමග ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් විශාල ප‍්‍රමාණයක් එහි පැමිණෙනු ඇතැයි සැලකේ.


ලංකා සි නිවුස්.
 
Last edited:

siripala

Member
Oct 10, 2006
2,869
442
0
මේකවත්_හරි_ගියොත්_හොඳයි ?? යකෝ ඔයවගේ දේවල් කියන්න එපා. තමන්ටත් ඕව කැරකිලා එන්න පුළුවන්.
 

Robin*Hood

Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    avatar193912_2.gif