මේකෙන් දින්නද?

roba "chama"

Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    මේකෙන් දින්නද?

    ඔන්න මමත් elakiri සාමාජිකයෙකු උනා...
    අවුරුදු ගානක් ඉදල ඉදල අද තමා එලකිරි සාමාජිකයෙක් උනේ...
    එහෙනම් වල් පල් නැතුව මෙන්න දැම්ම මගෙ පළමු post එක


    කවම දාකවත්ම කිසිම කෙනෙක්ගෙ ආදරය ගැන ගොඩක් ලොකු බලාපොරොත්තු තියාගන්න එපා.මොකද දන්නවද ඒ අපි බලාපොරෙත්තු තියාගත්ත දේ අපි හිතන විදියටම ලැබෙන්නෑ....එහෙම ලැබෙන්නත් අපි ගොඩක් වාසනාවන්ත වෙන්න ඕනි...මොකද එහෙම උනාම හිතට ගොඩක් දුක දැනෙන්නෙ බලාපොරොත්තු තියාගත්ත කෙනාටයි....

    අපි හිතාගෙන හිටියට ආදරේ කියන්නෙ මහ ගිනි ගොඩක් ඒකට පැන්නොත් පිච්චිලා විදවනවා...ආදරේ කරන්න ඉස්සෙල්ලා හිතන්න ගොඩක් දේවල් තියනවා..කෙනෙක් ගෙ ඇස ගැටනු සැනින් එයා ගැන බලාපොරොත්තු තියාගන්න එපා...

    ලස්සන කියන්නෙ ජීවිතේ නෙවෙයි..ලස්සන කියන දේ තියෙන්නෙ ඕනි හිතේ....
    "ලස්න කන්නද හිතලස්සන නැති ගැහැනිය ගිණිකෙලියයි.
    හදවත ලස්සන ගැහැනිය ඇති තැන ලෝකෙම සැනකෙලියයි"

    කියල සිංදු තියෙන්නෙ ඒ නිසා....අපේ ඇස් දෙකට ලස්සනට පෙනෙන හැම දේම අපිට අයිති නෑ.ඒයි ධර්මෙ.

    මේලෝකෙ තියන තේරුමක්ම නැති වචනෙ තමා ආදරේ කියන්නෙ..ආදරෙන් දිනපු කෙනෙක් ආදරයට එක එක දේවල් සමාන කරනව..අලය සුන්දරයි ලු,නැතුවම බැරිලු,එක එක මගුල්....පෙරුම් පුරාගෙන ඉදල ආදරය නොලැබුනු එකෙක්ගෙන් හරි,අවුරුදු ගානක් ආදරය කරල තනි උනු එකෙක් ගෙන් තමා ආදරය මොන වගේද කියල අහගන්න පුලුවන්....

    ආදරයා වයස,ආගම,කුලේ,ජාති අරව මේව බලපාන්නෙ නෑ කියල කිව්වට ඒක මහ පට්ට පල් බොරුවක්....මේ සමාජය තුල තියන සමහර දේවල් වලට ආදරය කියන දේ ගොඩක් බලපානවා...

    කෙනෙක් ඔබ දිහා බැලුව පමනින් කතා කල පමනින් හිතන්න එපා ඇය හෝ ඔහු ඔබට ආදරෙයි කියල..ඇය හෝ ඔහු ඔබ ගැන විශේෂයක් දැක්කුවත් හිතන්න එපා ඒ ඔබට තියන ආදරේට කියල..මොකද බලන කෙනා ඔබ දිහා බලන්නෙ යාලුවෙක් දිහා බලන විදියට වෙන්න පුලුවන්...

    කවම දාකවත් ආදරේ ගැන විවාහ වෙන තුරුම ලොකු විශ්වාසයක් තියාගන්න එපා කොයි වෙලාවෙ කෙලෙවෙයිද කියල කියන්න බෑ...කෙල්ලෙක් නිසා මං මෙහෙම හිතනවා....කෙල්ලො කියන්නෙ හරියට කාලගුනේ වගේ..කොයි වෙලාවෙ වෙනස්වෙනවද?කියල 100% විශ්වාස වන්තව කියන්න බෑ....

    අන්තිමට කියන්න තියෙන්නෙ කෙනෙක්ගෙ ආදරය දිනා ගන්න බැරි උනොත් හිතන්න එපා උබ ආදරෙන් පැරදුනා කියල..ඔහු හෝ ඇයව උබේ හොදම යහලුවා හෝ යෙහෙලිය කර ගනින්...එතොකොට තේරේවි ආදරෙන් පැරදිලා නෑ කියල

    හදවත ඉල්ලා නොලැබුනු විටදී...
    දහසක් සිතුවිලි මා හද තුල තෙරපි...
    ම්තුරිය ඔබ කෙලෙසක හෝ අමතක කරමි...
    නොපිරූ පෙරුමන් පුරලා කුමටද ලතවී...
    .
    ඔය නෙතු අග රුදි තිබු ....
    නිල්මිනි චායා .......
    දැක මා හද වත පැහැදී....
    සෙනෙහස කීවා....

    මතු අප උපදින භවයේ...
    යලි හමුවේවා....
    ඔය නෙතු අග සිසිල රැදී ...
    මට ලං වේවා...



    ගත්තෙ මෙතනින් http://chamathrox.blogspot.com/2012/01/blog-post.html

    ගිහින් එන්නාම්:P:P:P:P:P:P:P:P:P:P