මේක ඇත්තද ...අනුර....!
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පසුගිය දිනෙක අයර්ලන්ත සංචාරයක නිරතවූ අතර ඔහුගේ සංචාරයේ අරමුණ කුමක්ද යන්න පවා ජවිපෙට හෙළි කරීමට නොහැකිව අසරණ වූ හැටිත් “දිවයින” විසින් යම් යම් සාධක සහිතව යම් යම් කරුණු හෙළි කල හැටිත් ඔබට මතක ඇති.
නමුත් අප අද හෙළි කරන්නේ අනුර කුමාර දිසානායකගේ අයර්ලන්ත සබඳතා සඳහා වූ සාක්ෂියකි. ඒ අයර්ලන්තයේ ඩබ්ලින් නුවර බ්ලැක්රොක් හි සිඩ්නි පෙදෙසේ අනුර කුමාර දිසානායකගේ නමින් තිබෙන නිශ්චල දේපලක් පිළිබඳවය. මේ සමග තිබෙන්නේ එම දේපළට අදාල බදු ගෙවන ලෙස දන්වා බදු එකතු කිරීමේ ජනරාල් විසින් ඔහු වෙත එවූ ලිපියයි.
අනුර කුමාරගේ අයර්ලන්තයේ නිවස
මේ නිවාස මිලදී ගත්තේ කවදාද? මෙහි ජීවත්ව සිටින්නේ කවුද?
2010 වසරේ සරත් ෆොන්සේකාව ජනපති කිරීමේ වෑයමෙදී ජවිපෙට ලැබුනු මුදල් කන්දරාව අනුර තම ගිණුම් වලට බැර කරගත් බවත් 2013 වසරේදී මිලට ගෙන ඇති මෙම නිවස එම මුදල්වල ප්රතිපලයක් බවත් අපගේ විශේෂ ඔත්තුකරු අඅපට දැන්වීය. වසරින් වැඩි කාලයක් වසා තැබෙන මෙම නිවස මසක් පමණ කාලයක් විවෘතව තබැන්නේ එක්සත් රාජධානියේ වෙසෙන අනුර කුමාරගේ කලින් පෙම්වතිය සහ ඇයගේ දරුවන්ගේ වාර්ෂික නිවාඩුව සඳහා බවත් අපගේ ආරංචි මාර්ග සනාථ කරයි.
පසුගිය රජය සමයේ රාජපක්ෂ වරුන්ට විදෙස් වත්කම් තිබෙන බවට ප්රභල හඬක් නැගූ අනුර කුමාර ඒ කිසිවක් අද වනතුරුත් ඔප්පු කරගත නොහැකිව ගලේ පැහැරූ බළලෙක් මෙන් හැසිරෙද්දී, ඔහු ගැසූ ඩීල් වල ප්රතිපලයක් ලෙස මිළදී ගත් මෙම නිවස පිළිබඳ වහා පරීක්ෂණ අරඹන ලෙසට අපි වග කිව යුත්තන්ගෙන් ඉල්ලා සිටිමු.
http://www.abrighterfuture.lk/anura-kumara-home-240117/

Last edited: