ඔන්න ඉතිං ගිය පාර මම ජපන් ගිහින් එද්දි පොඩි රොබෝ කෙනෙක් ගෙනාව... මේ රොබෝ නිකම්ම රොබෝ කෙනෙක් නෙම්... රොබෝ ඉස්සරහ අපි බොරුවක් කීවොත් කන පුරෝල කනේ පාරක් දෙනව...
ඉතිං එලකිරි එකේ ඔයාල කවුරුත් දන්න මගෙ ගජ යාලුවෙක්ට මම මේක තෑගි දුන්න (කෙනා කියන්නෙ නෑ
)ඔන්න ඉතිං මිනිහගෙ පුතා දවසක් ඉස්කොලෙ ඇරිල ආවේ සෑහෙන්න පරක්කු වෙලාලු. මගෙ යාලුව පුතාගෙන් ඇහුවලු
"මොකද පුතේ අද මෙච්චර පරක්කු" කියලා...
පුතා කීවලු "තාත්තෙ, අද අපිට හවස පංතියක් තිබ්බනෙ ඒකයි" කියලා.
එතකොටම කොහෙද හිටපු රොබෝ දුවගෙන ඇවිත් පුතාගෙ කම්බුලට දුන්නලු හොද පාරක්, ඇඩ්රස් නැති වෙන්න.....
යාලුවා කිව්වලු," පුතේ දැන් බොරැ කියන්න හම්බෙන් නෑ, ඇත්ත කියපන් කොහෙද ගියේ " කියලා...
පොඩි එකත් වැඩේ කොටඋඩ කියල තේරිල කිව්වලු,
"තාත්තෙ මම චිත්රපටියක් බලන්න ගියා" කියලා
ඒ පාර තාත්තා ඇහුවලු
"ආ..කියපන් බලන්න බලපු චිත්රපටිය මොකක්ද කියලා....."
පොඩි එකා කියනවලු " තාත්තෙ ඒක ලමා චිත්රපටියක් කියලා "
ඔක ඇහුනු ගමන් රොබෝ ආයිත් පාරක් පොඩි එකාගෙ කම්බුලට දුන්නලු කලින් එකටත් වඩා හයියෙන්.
පොඩි එකා හොදටම බයවෙලා අපේ පොරට ඇත්තම කිව්වලු, බැලිනම් මේ යෝධයා බලලා තියෙන්නෙ ‘අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි’ චිත්රපටියක්ලු. ඒක දැනගත්තු ගමන් අපේ පොරට යකා නැගලා....
" ඈ..යකෝ උඔ මේච්චර පොඩිකාලේ ඉස්කෝලෙ යනවා කියලා ඔවද කරන්නේ...අපි ඒ කාලෙනම් කවදාවත් ඔවා කරේ නෑ....."
කියල ඉවර වෙන්නවත් හම්බුනේ නැලු, රොබෝ පැනපු ගමන් අපේ පොරටත් දුන්නලු හොද කනේ පාරක්..
මේ සීන් එක බලන් හිටපු අපේ පොරගෙ නෝන පොර කණ අල්ලන් ඉන්නවා දැකල කිව්වලු...
" හ්ම්....පුතාගෙම තාත්තනේ ඉතින් ...." කියලා
පැනපු ගමන් රොබෝ අපේ යාලුවගේ නෝනටත් දුන්නලු හොද කනේ පාරක් ........
මල මගුලයි..... එදාලු පොර දන්නෙ පොඩි එකා කාගෙද කියල........... හික්
නව නිර්මානය - වෙදා..
Last edited:

mata hithuna
ara moko uba jarawa wikinuwada?
...නැත්තන් රොබෝ අංශබාග රෝගියෙක් වෙනවා උඹ කියන ගජ බින්න වලට නොනවත්වා උඹේ කනට ගහල