මේක එක ගෙයි කෑමක්

Dulhaniya

Banned
Mar 23, 2015
260
39
0
මේක එක ගෙයි කෑමක්

යහපාලන ආණ්ඩුවේ රැවටිල්ලට සහ ජනතාවට පිටුපා ඇමති ධුර ලබාගත් අවස්ථාවාදී දේශපාලනඥයන්ට එරෙහිව නඟෙන මහා ජන බලය පෙන්වීමට මාර්තු 26 වැනිදා රත්නපුර නගරයට ලක්‍ෂ ගණනින් රොද බඳින ලෙස ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා ප‍්‍රගතිශීලි සියලූ ජන කොටස් වෙතින් ඉල්ලා සිටියි.

අද(23) කොළඹ 07, ජාතික පුස්තකාල හා ප‍්‍රලේඛන සේවා මණ්ඩල ශ‍්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා එසේ ඉල්ලා සිටියේය.

එහිදී අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද පැවසීය.

‘‘ඉරිදා දවසේ කියැවුණේ කලවම් ආණ්ඩුවක් සඳුදා හැදේවි, කියලයි. නමුත් සඳුදා වෙනකම්වත් ඉවසන්න බැරිව ඒ ‘කලවම් බබා’ ඉරිදා සවසම ඉපදුණා. ‘හංසයාට’ කතිරය ගහපු 62 ලක්‍ෂයක ජනතාව ‘මොකක්ද දෙයි හාමුදුරුවනේ මේ වුණේ? කියලා හිතන්න පටන් අරන් තියෙනවා. එස්.බී. දිසානායක මැතිතුමා ‘මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව’ තුළ සිටින විට එක විදිහක්. යහපාලන ආණ්ඩුවට ගිය විට තවත් විදිහක්. දැන් ඔහුගේ ‘යහපාලන ආගමනය’ චන්ද්‍රිකා මැතිනිය හා හිරුණිකා මැතිනිය ඉමහත් ආශ්වාදයෙන් යුතුව විඳිනවා ඇති කියලා අපි හිතනවා.

‘රටකට ඕනෑ අපමණ අගයක්...’ කියලා කියපු එකේ තේරුම 77ක අමාත්‍ය මණ්ඩලයක් හැදීමද? ගිය ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය ගැන ‘යහපාලන ටොයියන්’ මොන තරම් කතා කිව්වාද? එක විෂයකට නියෝජ්‍ය අමාත්‍යවරුන් 2-3 ඉන්නවා කීවා. අද ‘කවර විෂය කාටද අයිති?’ කියලා සොයා ගන්න බැරි තත්ත්වයක 77ක අමාත්‍ය මණ්ඩලයක් හදලා තිබෙනවා. ඒ වගේම ‘යහපාලන ඇමතිකම්’ ගත්තු අයටත් තමන්ට අයත් විෂයන් පිළිබඳව ‘වගේ වගක්’ නැති බවයි පෙනෙන්නේ. කලින් ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරු, ඊයේ රාජ්‍ය අමාත්‍යධුර විතරක් නොවෙයි, නීයෝජ්‍ය අමාත්‍යධුර පවා අරගෙන කලවම් ආණ්ඩුවට එකතුවෙලා තිබෙනවා. ඔවුන්ගේ කොඳු නාරටිවලට සිදුව ඇති දෙය මට නම් තේරෙන්නේ නැහැ.

දැන් එක විෂයකට නියෝජ්‍ය අමාත්‍යවරුන් 02 ගණනේ ඉන්නා බවත් පෙනෙනවා. යහපාලන ටොයියන්, ‘අමාත්‍ය මණ්ඩලය විශාලයි’ කියලා පසුගිය මැතිවරණ සමයේ මහා ඝෝෂාවක් කළේ හංසයාට කතිරය ගස්සවා ගැනීමේ අරමුණින් බව දැන් ඉතාමත් පැහැදිළියි.

‘අපි තර්ක කරපු පිරිසත් සමඟ දැන් රෙද්දක් ඇඳගෙන කතා කරන්නෙ කොහොමද?’ කියලා යහපාලනය ගෙනෙන්න කඬේ ගියපු පිරිස් කලාපනා කරනවා. දැන් ෆේස්බුක් සමාජ ජාලා වෙබ් අඩවිවල ‘බයියෝ’ අභියෝග කරනවා ‘කෝ මේ ටොයියො කොහේද හැංගුණේ?’ කියලා. ඒ අයට අද දෙන්න පිළිතුරු නැහැ. ‘මහ වෙනසක්, අපමණ අගයක්’ පිළිබඳ පාරම්බාමින් ගොඩනගපු තර්ක, මතවාද යහපාලනයට දින 80ක් යන්නත් මත්තෙන් අපේ ඇස් පනාපිට අයිස් දියවෙනවා වාගේ දිය වෙන්න පටන් අරන් තියෙනවා.

ලක්‍ෂ 58ක මහින්ද රාජපක්‍ෂ මැතිතුමාට ඡන්දුය දුන් පිරිස බලා ඉන්නවා මේ අමාත්‍යධුර ලබාගත්තු ශ‍්‍රී ලනිප මහත්තුරු ගමට එනකම්. හංසයාට ඡන්දය දුන් ලක්‍ෂ 62ක ජනතාවගෙන් අතිමහත් බහුතරයකගේ බලාපොරොත්තු බිඳ වැටී තිබෙනවා. හංසයාට ඡන්දය දුන් සුළුතරයකගේ සිහින නම් දැන් ඵල දරමින් තිබෙන බව පෙනෙනවා. ‘මේකද අපට දෙනවා කියපු වෙනස, අපමණ අගය?’ කියමින් අද හංසයාට කතිරය ගැසූ අතිමහත් බහුතරය පසුතැවෙමින් සිටිනවා.

පසුගිය ආණ්ඩුව සමයේ රාජ්‍ය නායකයන් ඇතුළු පිරිස් හෙලිකොප්ටර් වලින් අත්‍යවශ්‍ය ගමන් බිමන් යාම ‘මහා පාපකර්මයක්’ ලෙසයි මේ ‘යහපාලන මහත්වරු’ පෙන්වා දුන්නේ. අද චන්ද්‍රිකා මැතිනියටත් ගමන් බිමන් යාමට හෙළිකොප්ටර් ලබාදී තිබෙනවා. මේවා කරන්නේ ‘යහපාලන ආණ්ඩුවක්නේ. ඒ නිසා කිසි ප‍්‍රශ්නයක් නැහැ. කලින් ආණ්ඩුව කළා නම් විතරයි ප‍්‍රශ්නෙ.

අන්තිමට දැන් මහින්ද රාජපක්‍ෂ විතරද නරක? ‘මහින්දව එළවලා ඕනේ හොරෙක්, ඕනෙ ගොනෙක් එක්ක අපි ඉන්නවා ළංවෙලා’කියලයි මේ යහපාලන මහත්වරු කියන්නේ. මම කිව්වේ ඔවුන් චෝදනා කරපු ‘හොරු සහ ගොන්නු’ ගැන. අද මහින්ද එළෙව්වාට පස්සේ කිසි ප‍්‍රශ්නයක් නැහැ. ඒ කියපු දේවල් අද අමතක වෙලා. රටට සාමය රැගෙන ආපු නායකයාව එළවලා, මෙහෙම විකෘති ආණ්ඩුවක් හදා ගන්නද ජනතාවට උවමනා වුණේ? සමහරු හිතන් ඉන්නවා මෛත‍්‍රීපාල මහත්තයා සමග පෙළවහට ගියා කියලා. තවත් සමහරු හිතන් ඉන්නවා වික‍්‍රමසිංහ මහත්තයා සමග පෙළවහට ගියා කියලා. අපට නම් පෙනෙන්නේ මෙතැන සිදු වෙන්නේ දේශපාලන වශයෙන් ‘එකගෙයි කෑමක්’ කියලයි.

ශ‍්‍රී ලනිප මන්ත‍්‍රීවරු 26 දෙනෙකු ඇමතිකම් ගත්තා කියලා ශ‍්‍රී ලනිප වෘත්තීය සමිති සාමාජිකයන්ට රාජ්‍ය ආයතනවල හොඳින් ඉන්න පුළුවන්ද? රාජ්‍ය මාධ්‍ය ආයතනවල වැඩ තහනම් කළ මාධ්‍යවේදීන්ට, මේ පිරිසට අමාත්‍යකම් ලබාදුන්නා කියලා නැවත වැඩ ලැබෙයිද? ගිය ආණ්ඩුවට හිතවත් කියලා දඩුවම් මාරුවීම් දීලා ඈත දිග්භාගයට මාරු කළ සේවක පිරිස්වලට සහනයක් ලැබෙයිද? ආණ්ඩුවට හිතවත් පිරිස්වල සමෘද්ධිය කපන එක නතර වෙයිද? මේ කිසිවක් සිදු වන්නේ නැහැ. ඒ විතරක් නොවෙයි රට සම්බන්ධයෙන් යහපාලන ආණ්ඩුව අනුගමනය කරනු ලබන වැරදි ප‍්‍රතිපත්ති කිසිවක් වෙනස් වෙන්නෙත් නැහැ. අද මහ බැංකු වංචාව සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිලි කරපු අයත් අමාත්‍ය ධුර ලබාගෙන තිබෙනවා. දැන් ඒ ගැන කටක් අරින එකක් නැහැ. මේ සිදු කළේ රනිල් වික‍්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුව ඉදිරියට රැගෙන යාමට සුරක්‍ෂිත මගක් නිර්මාණය කර දීමයි.

අද පාර්ලිමේන්තුව විසුරුවන්න බයයි. ඒකට හේතුව ඉහත කී වාතාවරණයට විරුද්ධව නව දේශපාලන බලවේගයක් ගොඩනැඟෙමින් තිබීම. ඒක මහජනයාගේ හදවත් තුළින්ම නිර්මාණය වන දේශපාලන බලවේගයක්. ඒක කෘති‍්‍රමව ඇති කරපු එකක් නොවෙයි. ලංකාවේ දේශපාලන ගමනේ නව පරිවර්තනයක් සිදු කිරීමට සමත් දේශපාලන බලවේගයක් තමයි මෙසේ අද ගොඩනැඟෙමින් තිබෙන්නේ. ‘මේ බලවේගය ගොඩනැඟෙන එක වළක්වන්න ඕනෙ. අපේ‍්‍රල් 23 මහමැතිවරණයකට ගියොත් අපට අමාරුයි. ඒ නිසා මේ ගොඩනැනැඟෙ බලවේගය දුර්වල කරලා තමයි මහ මැතිවරණයකට යනවා නම් යන්න ඕනෙ’ කියලයි යහපාලන මහත්වරු හිතන්නේ.

‘යහපාලන මහත්වරුනි, ඔබලා කොයි විදියට තුරුම්පු ඇද්දත් මේ ගොඩනැඟෙන ජන බලවේගය අඩපණ කරන්න බැහැ.’ කියලා අපි අවධාරණය කරනවා. ‘දිනූ නිදහස අනතුරේ, ජාතියේ අභියෝගය ජය ගැනීමට පෙළ ගැසෙමු’ යන තේමාව යටතේ අපි පවත්වන ජාතික රැලි මාලාවේ සබරගමු පළාත් රැලිය රත්නපුර නගරයේදී ලබන 26වැනිදා සවස 3.00ට පවත්වනු ලබනවා. එම යෝධ රැලිය ඔප්පු කරලා පෙන්වයි, ‘මේ හවුල් ආණ්ඩු මොහෙයුමට එරෙහි ජනතා විරෝධය, මහජන නියෝජිතයන්ගේ විරෝධය, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ විරෝධය, කොතරම් බලවත්ද?’ කියලා. නුගේගොඩින් ඇරඹුණු ගමන මහනුවරට ගියා. දැන් රත්නපුරයට එන්නේ හවුල් ආණ්ඩුවක් හදලා ‘කට්ටිය’ එකට බුදින්න පටන් අරන් තිබෙන මොහොතක ඊට එරෙහි ජන බලය පෙන්වන දවස තමයි මාර්තු 26 වැනිදා. අපි ඉල්ලා සිටිනවා, මේ මහා පාවාදීමට එරෙහි ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවගෙන්, මාර්තු 26 වැනිදා රත්නපුර නගරයේ රොද බැඳ ගන්න කියලා.’’

adaderana
 
gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    එසේ වුවහොත් ජාත්‍යන්තර ලෝකය තුළ ද්‍රවිඩ ජාතික සන්ධානයේ මතයට වැඩි පිළිගැනීමක් හිමිවනු ඇති බව ඔහු කියා සිටියේ අද(23) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

    අනෙක් අතට ද්‍රවිඩ ජාතික සන්ධානයට විපක්ෂ නායක ධූරය නොලැබුණහොත් තමාට මේ රට තුළ 'දෙමළවීම'හේතුවෙන් එය නොලැබෙන බවට රාවයක්ද ජාත්‍යන්තරය තුළ ගෙනයා හැකි බව ගම්මන්පිල මහතා සඳහන් කළේය.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584

    :yes::yes::yes:
     
    • Like
    Reactions: kinkon

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ජනවරමට පයින් ගසමින් දින සියය ගතවන්නට පෙර ආණ්‌ඩුව ජනතා අපේක්‍ෂා බිඳ දැමුවා යෑයි ජනතා විමුක්‌ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා ඊයේ (22 දා) "දිවයින" ට කීවේය. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මන්ත්‍රීවරුන්ට ඇමැති තනතුරු ලබාදීම සම්බන්ධයෙන් අදහස්‌ දැක්‌වූ විජිත හේරත් මහතා මෙසේ ද කීය.

    මෛත්‍රීපාල සිරිසේන මහතාට ජනවාරි 08 වැනිදා ජනවරමක්‌ දුන්නේ මේ වගේ ආණ්‌ඩුවක්‌ පත්කරන්න නොවේ. ජනතාව වරමක්‌ දුන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්‌ථාපිත කිරීමට සහ පසුගිය ආණ්‌ඩුවේ හොරුන්ට දඬුවම් දෙන්නයි. දැන් හොරුන්, දූෂිතයන්, වංචාකාරයන් ආරක්‍ෂා කරනවා.

    අනෙක්‌ පැත්තෙන් කිව්වා විද්‍යාත්මක පදනම මත ඇමැතිවරු පත් කරනවා කියලා. මුලදී ඇමැතිකම් දුන්නෙත් එවැනි පදනමකට නොවේ. දැන් ඇමැතිවරු ආයෙත් පැටව් ගහන්න පටන් අරන්. පසුගිය රාජපක්‍ෂ පාලනය කළෙත් මේ වැඩේම තමයි. ඒ අයත් දිගින් දිගටම ඇමැතිවරු වැඩි කළා. අද වෙන්නෙත් ඒ දේම තමයි. දින සීය යන්න කලින්ම ජනතා බලාපොරොත්තු බිඳවැටුණා. මේ ආණ්‌ඩුව දින සියයේ පොරොන්දු හරියට ඉටු කළේ නෑ. දවස්‌ හැත්තෑදෙකක්‌ යද්දී වූ එකම දේ තමයි ඇමැති මණ්‌ඩලය වැඩි කිරීම. මේක රටට, ජනතාවට බරක්‌. යහපාලනය මේක නොවෙයි. මෙය රාජපක්‍ෂ කළ දේ ඒ විදිහටම කිරීමක්‌. මීට එරෙහිව ජනතාව පෙළගැසිය යුතුයි. මේ ආණ්‌ඩුව ජනවරමට පයින් ගහලා.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    යහපාලන මයිත්‍රී වික්‍රමසිංහ බම්ප්...
     
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මේ ව්‍යවස්ථා සංශෝධනයේ අරමුණ රාජ්‍ය නායකයා වන ජනපති පඹයකු බවට පත් කර ආණ්ඩුවේ නායකයා බවට අගමැති පත් කර ගැනීම
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    මේ ව්‍යවස්ථා සංශෝධනයේ අරමුණ රාජ්‍ය නායකයා වන ජනපති පඹයකු බවට පත් කර ආණ්ඩුවේ නායකයා බවට අගමැති පත් කර ගැනීම
    empathy.gif