1. (4x - 17) / (5x + 9) යන ප්‍රකාශනය නිඛිල සංඛ්‍යාවකට (integer) සුළු වන පරිදි x වෙනුවට යෙදිය හැකි නිඛිල ගණන කීයද?
2. ab5c යන රටාව තෘප්ත කරන 36හි ගුණාකාර සංඛ්‍යාව කීයද? a, b, සහ c එකිනෙකට වෙනස් ඉලක්කම් විය යුතුයි.
3. පළමු මගියා A සිට B වෙත ගොස් නැවත B සිට A වෙත පැමිණේ. දෙවන මඟියා B සිට A වෙත ගොස් නැවත A සිට B වෙත පැමිණේ. පළමු වරට ඔවුන් දෙදෙනා A සිට 8km දුරකින් එකිනෙකා හමුවන අතර දෙවන වරට B සිට 6km දුරකින් එකිනෙකා හමුවේ. A සිට B දක්වා ඇති දුර කොපමණද?
අපෝ පට්ට සරලයි බං.
1. ඕක y ට වගේ සමාන කරලා 5x+9 වලින් බෙදන්න පුළුවන් කෑල්ලක් එළියට ගනින්. ලේසිම වැඩේ 5 න් වැඩි කරන එක. එතකොට 5y = (20x-85)/(5x+9) එනවනෙ. ඕකෙ 20x-85 = 20x+36-121 කියලා දා ගනින්. එතකොට 5y = 4 - 121/(5x+9) කියලා එනවානෙ. දැන් 121 උක්ත කරගනින්.
121 = -(5y-4)(5x+9)
දැන් ඉතින් සාධක දෙකක ගුණිතය. ඕක හරි යන්න ඉතින් x, y මොනවා අැවිත් හරි 121 හරියටම හැදෙන්න එපැයි. 121 සාධක 1,11,121 නිසා 121 එන්න නම් ධන ඍණ එක්ක ඉලක්කම් සෙට් 6 යි තියෙන්නෙ. හැබැයි 5x+9 දිහා බැලුවාම එ‍්කට සාධක එන ධන x නැති බව උඹට තේරෙයි. -1, -11 හෝ -121 විතරයි වෙන්න පුළුවන්.
ඉතින් ඔය තමයි උත්තරේ. නිඛිල තුනයි තියෙන්නෙ.
2. මේ වගේ ගාණකට උඹ දන්න දේවල් ටික ගොනු කරගන්න එකයි හොඳම දේ. 36 න් බෙදනවා කියන්නෙ 9 න් බෙදෙන්නත් ඕන, 4 න් බෙදෙන්නත් ඕන. 100 4 න් බෙදෙන නිසා 5c විදිහට ඉවර වෙනවා නම් c ට 2,6 විතරයි වෙන්න පුළුවන් බව තේරෙනවා නේද? (52,56 විතරයි 4 න් බෙදෙන්නෙ) දැන් තියෙන්නෙ ඉතින් a,b හොයන්න තමයි. 9 න් බෙදෙන්න ඕන නිසා a+b+5+c කියන එකත් 9 න් බෙදෙන්න ඕනනෙ.
c = 2 නම්
a+b+5+2 =9k, k පූර්ණ සංඛ්‍යාවක්. හැබැයි 5+c උපරිම 11 යි නිසා සහ a සහ b දෙකම 9 ට අඩු නිසා k උපරිම වෙන්න පුළුවන් 3 තමයි.
a+b = 9k-7
දැක්ක ගමන් a, b වෙනස් වෙන්න ඕන නිසා
k=1 ට උත්තර නෑ. (1,1 විතරයි. a, b වෙනස් වෙන්න එපැයි.
k=2 ට a+b = 11 යි.
a, b ට එන්න පුළුවන් 3,8 / 4,7 / 7,4 / 8,3
k=3 ටත් උත්තර නෑ. මොකද a b එකතු කරලා 20 ක් ගන්න බෑ.
ඔක්කොම ඉලක්කම් 4 යි. 3852, 4752, 7452, 8352 තමයි එ‍්.
c=6 නම් ඔය විදිහටම
a+b+5+6=9k
a+b=9k-11
k=1 ට උත්තර නෑ ඍණ නිසා
k=2 නම් a+b=7
a,b ට එන්න පුළුවන් 3,4 / 4,3 / 7,0
3456, 4356, 7056 තමයි එ‍්.
k=3 නම් a+b=16
a,b ට එන්න පුළුවන් 7,9 / 9,7
7956, 9756 තමයි එ‍්.
ඔක්කොම ඉලක්කම් 5 යි.
ඉතින් සේරම 4+5 = 9 ක් තියෙනවා. ටිකක් පැටලෙන්න පුළුවන් නිසා පරිස්සමින් බලහන්.
3. මේක උඹ කිව්වා වගේම අනා ගන්න හරිම ලේසියි. හැබැයි එහෙම වෙන්න අවශ්‍ය නෑ. variable හැට හුට හමාරක් දාගෙන අැඟේ පතේ හයියෙන් සුළු කරනවා වෙනුවට වැඩේ තේරුම් ගත්තාම ලේසියි.
පළවෙනියට හම්බෙන තැන ඉඳලා B ට දුර x කියලා ගත්‍තාම හොඳටම ඇති. එ‍් කියන්නෙ A-B දුර 8+x. එ‍්ක තේරෙනවා නේද?
හරි දැන් පළවෙනියා යන සම්පූර්ණ දුර ගමු. 8 ක් ගිහින් හම්බෙනවා, B ට යනවා. අාපහු 6 ක් අැවිත් හම්බෙනවා. එතකොට පළවෙනියා මුළු දුර 8+x+6 = x+14.
එතකොට දෙවනියා කරන්නෙ මොකක්ද? එයා දෙවනි පාර හම්බෙනවා කියන්නෙ A සහ B අතර දුර වගේ දෙගුණයකට 6 ක් අඩුවෙන් නේද? (B ඉඳලා B ටම එන්න 6km කට කලින්. ඉතින් එයා යන සම්පූර්ණ දුර 2(x+8)-6 = 2x+10.
දැන් දෙන්නාගෙ වේග අනුපාතය බලමු. වේග අනුපාතය දුර අනුපාතයට සමානයි කියලා තේරෙනවානෙ.
පළමු හමු වීමෙන් වේග අනුපාතය ගන්න පුළුවන්. පළවෙනියා 8 ක් එන්න ගිය කාලයම තමයි දෙවනියාට x දුරක් එන්න ගියේ. ඉතින් වේග අනුපාතය ගත්තොත් 8 : x.
එච්චරයි ඉතින්.
8/x = (x+14)/(2x+10) මේක තමයි තේරුම් ගන්න වැදගත්ම. ඕකට තමයි ඔය හෑල්ල ලිව්වෙ. දැන් සුළු කරන්නයි තියෙන්නෙ.
16x + 80 = x^2 + 14x
x^-2x-80 = 0
(x-10)(x+8)=0
x ඍණ වෙන්න බැරි නිසා x=10 යි.
ඉතින් AB අතර දුර = 8+10 = 18km. Varible පෝලිමක් විසඳනවා වෙනුවට ටිකක් හිතුවාම තනි x එකෙන් සේරම විසඳන්න පුළුවන්.
දැන් හරි නේද සේරම?