මේක කියවන්න ( අනවශ්‍ය බරක් උසුලා නොසිටින්&#350

chanaptc

Member
Nov 15, 2014
384
21
0
34
මාතර
මේක මම නෙට් එකේ කියවපු එකක්. ජීවීතේට ගන්න දේයක් තියෙනවා කියලා හිතුන නිසා මෙතන දැම්මා.

ගුරුවරයා සුපුරුදු පරිදි පන්තියට පැමිණ පාඩම පටන් ගැනීමට සැරසුනා. එත් ඊට ප්‍රථම ඔහු වතුර වීදුරුවක් වත්කර ගත්තා. එය ඉහලට එසවු ඔහු " ඔබලා හිතන්නෙ මේ වතුර වීදුරුව කොපමන බරද?" යනුවෙන් සිසුන් ගෙන් විමසුවා.
50g ,100g ආදී වශයෙන් සිසුන් පිලිතුරු දුන්නා.
" හරි මම මේ විදුරුව විනාඩි කිහිපයකට ඔසවා ගෙන සිටියොත් මොකද වෙන්නේ?"
"මොනවත් නෑ" එක සිසුවෙක් පිලිතුරු දුන්නා.
"එහෙනම් මම පැයක් මේක ඔසවාගෙන හිටියොත්?"
"එතකොට නම් ඔබේ අත රිදෙන්න පටන් ගනිවි"
"හරි එහෙනම් මම මේක දවසක්ම ඔසවාගෙන සිටියොත්?"
"එහෙම වුනොත් ඔබේ අත් හිරි වැටෙවි. අතේ මාන්ශපේශි විඩාවට පත්වෙලා අක්‍රිය වේවි.සමහරවිට රොහල් ගතවෙන්න වුවත් සිදුවෙන්න පුලුවන්"
ගුරුවරයා පිලිතුර සිනසෙමින් අසා සිටියා.
"බොහොම හොදයි . එත් ඒ කාලය තුල මේ විදුරුවේ බර වෙනස් වෙනවද?"
"නෑ" පිලිතුරු ලැබුනා.
"හොදයි එහෙනම් මොකක් නිසාද අත වේදනාවට පත්වේල මාන්ශපේශි විඩාවට පත්වෙන්නෙ."
එම ප්‍රශ්නයට නම් පන්තියෙන් පිලිතුරක් ලැබුනේ නැහැ.
"හරි මෙහෙම හිතමු. වේදනාව නවතින්න නම් මම මොකද්ද කරන්න ඕනේ"
"වීදුරුව බිමින් තියන එක" එක සිසුවෙක් පිලිතුරු දුනා.
"හරියටම හරි" ගුරුවරයාඅ පැවසුවා.
"අපිට ජීවීතෙ හම්බවෙන ප්‍රශ්නත් මේ වගෙ. අපි එවා ටික වෙලාවකට ඔලුවේ තියාගත්තට අපිට මොකුත් වෙනවා වගේ තේරෙන්නේ නෑ, එත් අපි ඒවා ගැන සැහෙන වේලාවක් වෙලාවක් හිතමින් හිටියොත් එවා අපිව වේදනාවට පත්කරනවා.අපි තවදුරටත් ඒකම ගැන හිතුවොත් එය ඔබම අකර්මණය කරනවා. ඇත්තටම ඔබව කිසිම දෙයක් කරගන්න බැරි තත්ත්වයට පත්වෙනවා.
කිසිම ප්‍රශ්නයක් ගැන උවමනාවට වඩා වදවෙන්න එපා. ඔබ රැට නින්දට යැමට පෙර ඔබගේ ප්‍රශ්න සියල්ලම හිතෙන් ඉවත්කරන්න. එවිට තමයි පුලුවන් වෙන්නේ ඊලග දිනය වඩාත් නැවුම හා ශක්තිමත්ව අවධිවන්නට හැකිවන්නේ."
ඒ නිසා ඔබත් අනවශ්‍ය ලෙස ඔසවා ගෙන සිටින වීදුරු දැන්ම බිමින් තබන්න එය ඔබව අකර්මණය කිරිමට පෙර.
:):):):):):)FATTAI
 
kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
ඔව් මචන් මමත් දන්නවා කියන තරම් ලේසි නෑ කියලා එත්
its-hard-to-fly-when-something-is-weighing-you-down-quote-1.jpg

++++ :(
 
Rukaef

Well-known member
  • Jul 17, 2014
    7,637
    846
    113
    ●● මාරවිල ●●
    කිසිම ප්‍රශ්නයක් ගැන උවමනාවට වඩා වදවෙන්න එපා. ඔබ රැට නින්දට යැමට පෙර ඔබගේ ප්‍රශ්න සියල්ලම හිතෙන් ඉවත්කරන්න. එවිට තමයි පුලුවන් වෙන්නේ ඊලග දිනය වඩාත් නැවුම හා ශක්තිමත්ව අවධිවන්නට හැකිවන්නේ."
    :)
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland

    kiyanawa wage karanna lesi nane
    +

    sira talk eka machan....

    thanks

    කිසිම ප්‍රශ්නයක් ගැන උවමනාවට වඩා වදවෙන්න එපා. ඔබ රැට නින්දට යැමට පෙර ඔබගේ ප්‍රශ්න සියල්ලම හිතෙන් ඉවත්කරන්න. එවිට තමයි පුලුවන් වෙන්නේ ඊලග දිනය වඩාත් නැවුම හා ශක්තිමත්ව අවධිවන්නට හැකිවන්නේ."
    :)

    :yes::yes::yes::yes::yes::yes:
     
    chanaptc

    Member
    Nov 15, 2014
    384
    21
    0
    34
    මාතර
    වැඩේ වතුර වීදුරුවක් බිම තියන තරම් ලේසි නෑ... එක පාරටම කරන්නත් අමාරුයි... හැබැයි ටික ටික හරි පුරුදු උනාම
    ලොකු සහනයක් දැනෙනවා....
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    වැඩේ වතුර වීදුරුවක් බිම තියන තරම් ලේසි නෑ... එක පාරටම කරන්නත් අමාරුයි... හැබැයි ටික ටික හරි පුරුදු උනාම
    ලොකු සහනයක් දැනෙනවා....

    :yes::yes::yes::yes::yes: