මේක ගැන උබල මොකද හිතන්නේ. CEB වතුර battery

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    https://www.dailymirror.lk/breaking...y-following-blackout-on-February-9/108-302610

    මුන් මේ project එක කරන්නේ දවල්ට generate වෙන solar power ටික නාස්ති කරලා දාලා renewable වලටම කෙලින්නද? මොකද මන් දන්න තරමින් අපිට තව හදවනනම් හයිඩ්‍රෝ plant 100ක් උනත් හදන්න තැන් තියෙනවා. මේ සල්ලි renewable energy generate වෙන project එකකට දැම්මොත් මීට වඩා වටින්නේ නැද්ද?
     
    • Like
    Reactions: Yin And Yang

    erandak

    Active member
  • Jan 3, 2007
    133
    168
    43
    The round-trip efficiency of PSH varies between 70% and 80% , Me kiyanne 20-30 % nasthi wenawa kohomath.Eth oka thiyagana demand eka naththam 100% ma nasthi wenawa. Pump hydro thama hodama wisaduma wadipura generate wena renewable energy tika store karala thiyaganna. Solar dawalta witharai , Wind sure na hamawelawema generate wenawa kiyala. Mewa wadipura generate wena welawata store karala passe use karana eka thamai meken wenne.
     
    • Like
    Reactions: johnferna678

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    https://www.dailymirror.lk/breaking...y-following-blackout-on-February-9/108-302610

    මුන් මේ project එක කරන්නේ දවල්ට generate වෙන solar power ටික නාස්ති කරලා දාලා renewable වලටම කෙලින්නද? මොකද මන් දන්න තරමින් අපිට තව හදවනනම් හයිඩ්‍රෝ plant 100ක් උනත් හදන්න තැන් තියෙනවා. මේ සල්ලි renewable energy generate වෙන project එකකට දැම්මොත් මීට වඩා වටින්නේ නැද්ද?
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: පොඩි සෙල්ලම් ඩයිනමෝ කරකවන්න පුළුවන් තැන් 100 ක් ද බන් ?? ඔය 100 න් හදන්න පුළුවන් MW ගානත් දල වශයෙන් දාන්න බලන්න.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    සෝලර් වලින් මේ වෙනකොට මෙගාවොට් 600 ක් ලැබෙනවා. බෝර්ඩ් එකේ ප්ලෑන් එක තිබිලා තියෙන්නේ මෙගාවොට් 160 සොලර් වලින් ගන්න.

    දැන් වෙලා තියෙන්නේ නිවාඩු දවස් වලට සමහර වෙලාවට පද්ධතිය මෙගාවොට් 900 වගේ වෙනවා. සෝලර් 600 ක් එනව. ඉතින් පද්ධතිය අසමතුලිතයි. දුර්වල වෙනවා. 2024 ජුලි ඉදන් සෝලර් ඒකකයක් රු 26 කරෙත් ඒ නිසා.

    බැටරි පද්ධතියක් සකස් කරගෙන යන්න ප්ලෑන් කරලා තියෙන්නේ ක්‍රමයෙන්. එතකොට හරි යයි. ඒවා දීර්ඝ කාලින ජනන සැලැස්මේ කොටස්.

    සමහර රටවල නං නිවාස මට්ටමේම යම් උපකරණ සවි කරලා නිපදවන සෝලර් විදුලි බලයෙන් යම් කොටසක් පද්ධතියට එක් නොකර ඉන්න පාලනය සිදු කරනවා.

    'මේ පිළිබඳව ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සංස්කාරක බුද්ධික විජේවර්ධන මහතා පැවසූයේ මෙවැන්නකි.

    විදුලිය නිෂ්පාදනයේදී විදුලිබල මණඩලයෙන් ලබා දෙන සැපයුම වගේම සූර්ය පැනල මගිනුත් විදුලි සැපයුම් ලබා දෙනවා. පවතින කාලගුණය එක්ක සූර්ය පැනල මගින් ලබා දෙන සැපයුම වෙනස් වෙනවා. සූර්ය පැනල මගින් වැඩි සැපයුමක් ලබෙන විට විදුලිබල මණ්ඩලයෙන් ලබා දෙන සැපයුම අඩුවෙන නිසා විදුලිය සපයන බලාගාර ප්‍රමාණය, යන්ත්‍ර ප්‍රමාණය අඩු වෙනවා. එහෙම අවස්ථා පද්ධතියේ සමතුලිතතාවට බාධාවක් වෙන්න පුළුවන්. පද්ධතියේ ස්ථායිතා දුර්වල වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවකට මුහුණ දෙන්න අවශ්‍ය සැලසුම් අපි ළඟ නෑ. අපි ඒ සැලසුම් ඉක්මනට හදන්න ඕන.

    අපි දිගුකාලීන ජනන සැලැස්ම නිර්මාණය කරද්දී සැලසුම් කළේ සූර්ය පැනල මගින් මෙගාවොට් 160 ක ධාරිතාවක් ලබා ගන්න. එලෙස ලබා දෙන ධාරිතාවට ගෙවීම් කරනවා. ඒ ගෙවීමේ අනුපාතය තීරණය කරන්නේ මුදල් අමාත්‍යංශය. 2022 වසරේ ආර්ථික අර්බුදය කාලේ ඩොලර් හුවමාරු අනුපාතිකය රුපියල් 365 වගේ ඉහළ ගියා. පොලී අනුපාතයත් සියයට 20 ක් වගේ ලොකු ගාණකින් වැඩි වුණා. ඒ කාලේ රුපියල් 37 ක මුදලක් ගෙවන්න අනුමත කළා. සූර්ය පැනල්වලට රුපියල් 37 ක් වගේ ලොකු මුදලක් ගෙවන නිසා නිවෙස්වල සූර්ය පැනල් සවි කිරීම ලාබ ලැබිය හැකි දෙයක් බවට පත් වුණා. ඒ නිසා සූර්ය පැනල් සවි කිරීම විශාල වශයෙන් සිදු කළා.

    අපි මෙගාවොට් 160ක් බලාපොරොත්තු වුණාට අපිට මෙගාවොට් 600ක් ලැබුණා. එහෙත් ඊට පස්සේ‍ රට යථා තත්වයට පත් වෙද්දී ඩොලර් අනුපාතය පොලී අනුපාතය අඩු වුණා. 2024 ජූලි තමයි නැවත සූර්ය පැනල් සඳහා කරන ගෙවීම රුපියල් 26 දක්වා අඩු වුණේ. අපි 2025 ටත් සැලසුම් කළේ අවශ්‍ය ධාරිතාව මෙගාවොට් 160 ක්. මේ ලැබෙන වැඩි ධාරිතාව පාලනය කරන්න අවශ්‍ය බැට්රි පද්ධතියක් නිර්මාණය කරන්න අපි සැලසුම් කළේ 2026 වසරේ. 2024 වසරේ ඔක්තෝබර් මාසය වෙද්දි අපිට තේරුණා පද්ධතියේ යම් අසමතුලිතතාවක් මේ වැඩි ධාරිතාව නිසා නිර්මාණය වෙන බව. එහෙත් ඒක හැම වෙලාවෙම නෙමෙයි සුවිශේෂ අවස්ථාවලදී. අපි ඒක අත්දැක්කා ජනාධිපතිවරණයේදී. ජනාධිපතිවරණයෙන් පසු දිනයේදී ඇඳිරි නීතිය එක්ක පද්ධතියේ මුළු ධාරිතාව මෙගාවොට් 870ක් වගේ අඩු වුණා. දවල් කාලයේ එච්චර අඩුවීමක් මෑත කාලයේදී වෙලාම නෑ. ලෝඩ් එක අඩු වුණාම පද්ධතියේ ස්ථායීභාවය අඩු වෙනවා. සාමාන්‍ය හොඳට හිරු රශ්මිය තියෙන දවසකට මෙගාවොට් 1400 ක් වගේ ප්‍රමාණයක් තමයි විදුලිබල මණඩලය මගින් සපයන්න ඕන. වලාකුළු බර දවසක් වුණොත් මෙගාවොට් 1800 ත් 2000 ත් ආසන්න ගණක් විදුලිබල මණ්ඩලයෙන් දෙන්න ඕන.

    ඉරිදා දිනවලත් මේක සාමාන්‍යයෙන් වෙන්න පුළුවන්. මොකද ඉරිදා දවසට කර්මාන්ත ශාලා ආදී වාණිජ ක්ෂේත්‍රය ක්‍රියාත්මක වෙන්නේ නෑ. ඒ නිසා රටට ඕන කරන විදුලි ධාරිතාව අඩුයි ඉරිදා දවසට. ඉරිදා දවස හොඳට අව්ව තියෙන දවසක් වුණොත් සූර්ය පැනල මගින් ලැබෙන ධාරිතාව වැඩි වෙනවා. එතකොට පද්ධතියේ ඉල්ලු‍ම අඩුවෙලා ලැබෙන බලශක්තිය වැඩි වුණාම පද්ධතිය අස්ථාවර වෙනවා. මේ වගේ වෙලාවක මොනව හරි පොඩි සිදුවීමක් වුණොත් ඒක විදුලිය බිඳ වැටෙන්න බලපානවා. තදින් අකුණු ගහන එක වුණත් ඇති විදුලිය බිඳ වැටෙන්න.

    ගතවූ ඉරිදා දිනයෙත් මේ ගැටලු‍ව ආවා. එහෙත් ඒක පාලනය කරගන්න පුළුවන් වුණා. එහෙත් මේ ඉරිදා තත්වය පාලනය කරගන්න අපිට බැරි වුණා. මොකද පද්ධතියේ ස්ථායිභාවය හොඳටම දුර්වල වෙලා තිබ්බේ. පානදුර උපබලාගාරයේ වඳුරෙක් වැදීම සිදුවීමෙන් තමයි විදුලිය විසන්ධි වුණේ. ඉරිදා දවසක් නිසා තමයි එහෙම වුණේ. සතියේ දවසක් වුණා නම් විදුලිය බිඳ වැටෙන්නේ නෑ. එක සිදුවීමක් වුණාම ඒක සිදුවීම් දාමයක් වෙලා සම්පූර්ණ පද්ධතියට බලපානවා. මොකද මේ විදුලිය ලබා දීම එකම ජාලයක්. ඒ නිසා තමයි පානදුරේ සිදුවීමෙන් රටේම විදුලිය නැති වුණේ. මේ විදුලි බිඳ වැටීමෙන් සිදුවුණු පාඩුව අඩුයි ඉරිදා දවසක් නිසා. එහෙත් තවම නිසි ගණනයක් කරලා නෑ. සතියෙ දවසකට වඩා පාඩුව අඩුයි.

    සාමාන්‍යයෙන් කෙළවරපිටිය, කැලණිතිස්ස, ලක්ෂපාණ වගේ විදුලිය ලබාදෙන බලාගාර ගොඩක් අපේ රටේ තියෙනවා. එහෙත් ඒවා කැඩුණා කියලා රටේ විදුලියට ගැටලු‍වක් වෙන්නේ නෑ. අපි ඒක අනිත් බලාගාරවලින් පියවනවා. නොරොච්චෝලෙත් එක ප්ලාන්ට් එකක් කැඩුණා කියල ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. නොරොච්චෝලේ කියන්නේ මෙගා වොට් 300 බලාගාර 3 ක්. එක්කොම මෙගාවොට් 900ක්. මෙගාවොට් 300 කිව්වට 270 ක් වගේ තමයි සපයන්නේ. ඉතුරු 30 ප්ලාන්ට් එකේ ක්‍රියාකාරීත්වයට වැය වෙනවා. මේ දිනවල රටට මෙගාවොට් 810ක් වගේ අහිමි වෙලා තියෙනවා.

    රාත්‍රී කාලයේ 8 ත් 10 ත් අතර තමයි විදුලියට උපරිම ඉල්ලු‍ම තියෙන්නේ. නොරොච්චෝලෙන් ලැබෙන මෙගාවොට් 810 නැතුව අපිට විදුලිය ලබා දෙන්න බෑ. ගිය සතියේ මෙගාවොට් 2600ක් 2700 අතර අවශ්‍යතාවක් තිබ්බා. අර මෙගාවොට් 810 අඩු වුණාම මෙගාවොට් 2600ක් 2700ක් දෙන්න අපිට බෑ. ඒ හේතුව නිසා තමයි විදුලිය කළමනාකරණය කරන්න යම් යම් ප්‍රදේශවලට විදුලිය කප්පාදු කරන්න වෙන්නේ. තව දවස් තුනක් වගේ විදුලිය කප්පාදු කරන්න වෙනවා.

    මේ ප්‍රශ්නේ තදින්ම බලපාන්නේ ජනවාරි පෙබරවාරි මාසවලට තමයි. මොකද ඒ මාස දෙකේ සීතල වැඩි නිසා වායු සමීකරණ සහ විදුලි පංකා භාවිතය අඩුයි. ඉරිදා දවසට කොහොමත් අඩුයි. මාර්තු මාසේ වෙද්දි උෂ්ණත්වය වැඩිවෙන නිසා මේ ගැටලු‍ව අඩු වෙනවා.

    සූර්ය පැනල මගින් ලැබෙන විදුලිය අපි සැලසුම් කළාට වඩා ලැබෙන එක මේකට හේතුව වුණාට මේකට බලපාන ගැටලු‍ව වුණේ වැඩි ධාරිතාව කළමනාකරණය කරන්න අවශ්‍ය දත්ත පද්ධතියක් නොමැති වීම. එම දත්ත පද්ධතිය අපි සැලසුම් කළේ 2026 වසරට. 2026 දත්ත පද්ධතිය හදන්න සැලසුම් කරාට මේ වෙද්දී ආසියානු සංවර්ධන බැංකුවෙන් ණයක් ලබාගෙන 2026 ට පෙර එම දත්ත පද්ධතිය හදන්න අපි බලාපොරොත්තු වෙනවා. එතකොට මේ ගැටලු‍ව විසඳෙයි.'
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: පොඩි සෙල්ලම් ඩයිනමෝ කරකවන්න පුළුවන් තැන් 100 ක් ද බන් ?? ඔය 100 න් හදන්න පුළුවන් MW ගානත් දල වශයෙන් දාන්න බලන්න.
    සෙල්ලම් dynamo නෙමේ යකෝ සාමාන්යයෙන් හොඳ renawable energey ප්‍රෝජෙක්ට් 2ක් 3ක් කරන්න පුළුවන් නේ. උබට dynamo ගහන්න තැනක් හිතා ගන්න බැරි නම් ඒක අමතක කරපංකො සොලාර් වින්ඩ් පවර් project ටිකක් කරනවා නේ. දවල්ට 80% renewable ගන්න පුළුවං උනොත් කොහොමද

    ඕක හැමතැනම කරන දෙයක්

    මේක හොඳයි සිරාවට හැබැයි මට තියෙන ප්‍රශ්නෙ අපිට මේක ඕනෙද කියලා?
    ------ Post added on Feb 18, 2025 at 3:15 PM
     
    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    822
    756
    93
    සෙල්ලම් dynamo නෙමේ යකෝ සාමාන්යයෙන් හොඳ renawable energey ප්‍රෝජෙක්ට් 2ක් 3ක් කරන්න පුළුවන් නේ. උබට dynamo ගහන්න තැනක් හිතා ගන්න බැරි නම් ඒක අමතක කරපංකො සොලාර් වින්ඩ් පවර් project ටිකක් කරනවා නේ. දවල්ට 80%

    සෙල්ලම් dynamo නෙමේ යකෝ සාමාන්යයෙන් හොඳ renawable energey ප්‍රෝජෙක්ට් 2ක් 3ක් කරන්න පුළුවන් නේ. උබට dynamo ගහන්න තැනක් හිතා ගන්න බැරි නම් ඒක අමතක කරපංකො සොලාර් වින්ඩ් පවර් project ටිකක් කරනවා නේ. දවල්ට 80% renewable ගන්න පුළුවං උනොත් කොහොමද

    හරි. දවල්ට 80% ගන්නවා. ඉතුරි ටිකත් explain කරපංකෝ.
    ඉතුරු 20% කොහෙන්ද ගන්නේ. එතකොට රෑට මොකද කරන්නේ.
    හොඳ renawable energey ප්‍රෝජෙක්ට් 2ක් 3ක් කියන්නේ මොනවද, කොච්චර power එකක් ද.

    2000 MW ඕන කියල හිතමුකෝ වැඩේ ලේසි වෙන්ඩ.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,662
    13,405
    113
    ඕක ජපානේ දැනටමත් කරනවා දවල්ට සෝලා පවර් වලින් මුහුදු වතුර ජලශේකට පම්ප් කරලා රැට ඒ වතුරෙන් ටර්බයින් එකක් කරකවල කරන්ට් එක ගන්නවා .

    හැබැයි මුන් හදන්නේ සෝලා වලට වැඩේ දීල උන්ගේ ගැනුන්ගේ නමට තියෙන ඩිසල් බලාගාර ටික ගොඩ දාගන්න .
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    හරි. දවල්ට 80% ගන්නවා. ඉතුරි ටිකත් explain කරපංකෝ.
    ඉතුරු 20% කොහෙන්ද ගන්නේ. එතකොට රෑට මොකද කරන්නේ.
    හොඳ renawable energey ප්‍රෝජෙක්ට් 2ක් 3ක් කියන්නේ මොනවද, කොච්චර power එකක් ද.

    2000 MW ඕන කියල හිතමුකෝ වැඩේ ලේසි වෙන්ඩ.
    දවල්ට 80ක් නිකං එනවා කියන්නේ යකෝ රටම ගොඩ නේ. ඉතුරු 20 dieseal coal වලින් ගොඩ දානවා. රෑට කොහොමත් Diesel coal වලින් දෙන්න පුළුවං දැන් දෙනවා වගේ.

    ඕක ජපානේ දැනටමත් කරනවා දවල්ට සෝලා පවර් වලින් මුහුදු වතුර ජලශේකට පම්ප් කරලා රැට ඒ වතුරෙන් ටර්බයින් එකක් කරකවල කරන්ට් එක ගන්නවා .

    හැබැයි මුන් හදන්නේ සෝලා වලට වැඩේ දීල උන්ගේ ගැනුන්ගේ නමට තියෙන ඩිසල් බලාගාර ටික ගොඩ දාගන්න .
    මේක හරි බං මන් මේ කියන්නේ අපේ grid එක ඔච්චර දෙයක් කරන්න තරම් දියුණු වෙලා නෑ කියලා. මුන් මේ ගේම ගහන්නේ සෝලාර් සහ wind power වලට කෙලින්න
    ------ Post added on Feb 18, 2025 at 3:39 PM
     
    McGayan

    Well-known member
  • Mar 15, 2013
    313
    653
    93
    Kandy
    දැන් තියන ප්‍රශ්නේ අපිට power generation එක මදිකම නෙවේ ඒක ඕනවට වඩා වැඩි එක. specially on 'sunny Sundays'. demand එකට වඩා generation එක, යම් මට්ටමකට වඩා වැඩිඋනහම උන්ට frequency එක control කරන්න බැරිව ගිහින් ග්‍රිඩ් එක unstable වෙනවා කියල තමා උන් ඔය කියන්නේ. එතකොට කරන්න තියන එකම දේ over generated energy එක store කරන එක. එක තම ඔය කරන්න හදන්නේ. ඕක system stability එකට අනිවාර්යෙන්ම ඕනෙ.
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,659
    5,204
    113
    ඒ කොහෙද සගෝ ඒ
    මන් දන්න තරමින් අපිට තව හදවනනම් හයිඩ්‍රෝ plant 100ක් උනත් හදන්න තැන් තියෙනවා.
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,505
    5,860
    113
    හෝම් ස්වීට් හෝම්
    සෙල්ලම් dynamo නෙමේ යකෝ සාමාන්යයෙන් හොඳ renawable energey ප්‍රෝජෙක්ට් 2ක් 3ක් කරන්න පුළුවන් නේ. උබට dynamo ගහන්න තැනක් හිතා ගන්න බැරි නම් ඒක අමතක කරපංකො සොලාර් වින්ඩ් පවර් project ටිකක් කරනවා නේ. දවල්ට 80% renewable ගන්න පුළුවං උනොත් කොහොමද

    මේක හොඳයි සිරාවට හැබැයි මට තියෙන ප්‍රශ්නෙ අපිට මේක ඕනෙද කියලා?
    ------ Post added on Feb 18, 2025 at 3:15 PM
    අපේ දැන් ප්‍රශ්නේ ඇවිල්ලා නොරොච්චෝලේ වේරියබල් නෙවෙයි, සෝලාත් ආවම එන ගාන කන්ට්‍රෝල් කරන්න බැරි වෙන එක නේ

    ඉතිං අතිරික්තය බැලන්ස් කරන්න
     
    • Sad
    Reactions: johnferna678

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,659
    5,204
    113
    සෙල්ලම් dynamo නෙමේ යකෝ සාමාන්යයෙන් හොඳ renawable energey ප්‍රෝජෙක්ට් 2ක් 3ක් කරන්න පුළුවන් නේ. උබට dynamo ගහන්න තැනක් හිතා ගන්න බැරි නම් ඒක අමතක කරපංකො සොලාර් වින්ඩ් පවර් project ටිකක් කරනවා නේ. දවල්ට 80% renewable ගන්න පුළුවං උනොත් කොහොමද

    මේක හොඳයි සිරාවට හැබැයි මට තියෙන ප්‍රශ්නෙ අපිට මේක ඕනෙද කියලා?
    ------ Post added on Feb 18, 2025 at 3:15 PM
    අපතේ යන energy එක store කරගන්න මේවගේ එකක් ඕනෙමයි බං.

    මේක මේ වෙලාවේ ලංකාවට අත්‍යාවශ්‍ය දෙයක්..

    මේකේ වැදගත්මෙ දේ අවුට්පුට් එක කන්ට්‍රෝල් කරගන්න පුලුවං.
     
    • Like
    Reactions: johnferna678

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,794
    3,222
    113
    37
    @ katubedda
    ලංකාවට මෙවෙලාවෙ ඕනම කරන නියම ප්‍රොජෙක්ට් එකක්. වදුරා හින්දා හරි මේවා ඉක්මන්වෙනවා නම් ලොකු දෙයක්.

    මෙ වගේ එකක් අලුතෙන්ම හදන්න ගියොත් පට්ට වියදමක් යනවනේ. දැනට තියෙන ජලාශ දෙකක්ම යූස් කරන්න බැරිද දන්නැ මෙ වැඩේට. රන්දෙනිගල රන්ටැබේ වගේ..
     
    • Like
    Reactions: johnferna678

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,575
    10,773
    113
    Nugegoda, Sri Lanka
    සෙල්ලම් dynamo නෙමේ යකෝ සාමාන්යයෙන් හොඳ renawable energey ප්‍රෝජෙක්ට් 2ක් 3ක් කරන්න පුළුවන් නේ. උබට dynamo ගහන්න තැනක් හිතා ගන්න බැරි නම් ඒක අමතක කරපංකො සොලාර් වින්ඩ් පවර් project ටිකක් කරනවා නේ. දවල්ට 80% renewable ගන්න පුළුවං උනොත් කොහොමද

    මේක හොඳයි සිරාවට හැබැයි මට තියෙන ප්‍රශ්නෙ අපිට මේක ඕනෙද කියලා?
    ------ Post added on Feb 18, 2025 at 3:15 PM
    oka thamayi viablema option eka Checmical batterieis walata wada.. Large scale karanawanum. Mokada Chem batteries hena ganang..
     
    • Like
    Reactions: johnferna678

    Similar threads