මේක තේරෙන්නේ මොකාටද

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    ජයරත්න මල් ශාලාවේ පනිවිඩයක් .
    💥
    💥
    💥

    ඔබ කැමති ඕනෑම දෙයක් අනුභව කරන්න
    😂



    ට්‍රෙඩ්මිල් නව නිපැයුම්කරු වයස අවුරුදු 54
    😳
    දී මිය ගොස් ඇත.
    ජිම්නාස්ටික් නව නිපැයුම්කරු වයස අවුරුදු 57
    😳
    දී මිය ගියේය.
    ලෝක කාය වර්ධන ශූරයා වයස අවුරුදු 41
    😳
    දී මිය ගියේය.
    ලොව දක්ෂතම පාපන්දු ක්‍රීඩකයා වන මාරඩෝනා වයස අවුරුදු 60
    😔
    දී මිය ගියේය.
    ඊළගට......
    KFC නව නිපැයුම්කරු 94
    😊
    ක් ජීවත් විය.
    නූටෙලා සන්නාමයේ නව නිපැයුම්කරු වයස අවුරුදු 88
    😊
    ජීවත් වුනේය.
    සිගරට් නිෂ්පාදක වින්ස්ටන් වයස අවුරුදු 102
    😜
    ක් ජීවත් විය.
    අබිං සොයාගත් තැනැත්තා වයස අවුරුදු 116 දී භූමිකම්පාවකින් මිය ගියේය.
    හෙනසි නව නිපැයුම්කරු 98
    😊
    ක් ජීවත් වූයේය.
    ඇෆ්ගනිස්ථාන ආහාර සොයාගත් අය (කබෙලි, මැන්ටෝ සහ චැප්ලි කෙබාබ්) තවමත් ජීවතුන් අතර ඇත.
    ව්‍යායාම මගින් ආයු කාලය දීර්ඝ වන බවට මෙම වෛද්‍යවරුන් නිගමනය කළේ කෙසේද?
    හාවා සැමවිටම පනින නමුත් ඌ අවුරුදු 2 ක් පමණ ජීවත් වන අතර
    ව්‍යායාම නොකරන කැස්බෑවා අවුරුදු 400 ක් ජීවත් වේ.
    ඒ නිසා,

    විවේක ගන්න,
    කලබල නැතිව සිටින්න,
    කන්න, බොන්න සහ ජීවිතය භුක්ති විඳින්න ...
    😁
    😬
    😂


    fb එකෙන් ඉස්සුවේ

    පශ්න තියනව

    මේ කියල තියන එව්වා ඇත්තද
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    කැස්බෑවා ව්‍යායාම නොකරනවා කියන්න බෑනේ මචෝ පිහිනීම කියන්නෙත් හොද ව්‍යායාමයක් තමයි.😁😁😁 අනිත් ඒවා ගැන කියන්න තියෙන්නේ. කූඩු විකුණන එවන් කවදාවත් කුඩු ගහන්නේ නෑ කියන එක තමයි 😁😁😁😁
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,792
    113
    Homagama
    ට්‍රෙඩ්මිල් නව නිපැයුම්කරු

    මගුල තමා. ඕක හැදුවේ අපරාදකාරයන්ට දඩුවම් කරන්න.