මානව හිමිකම් කියන දේ උවමනා බව ඇත්ත. ඒත් ඒක ජාත්‍යන්තර යාන්ත්‍රණවලදී ක්‍රියාත්මක වෙන්නේ ඇමරිකාව ඇතුළු නේටෝ රටවල උපකරණයක් හැටියට අනික් රටවල් ආණ්ඩුමට්ටු කරන්න. චීනය, රුසියාව වගේ බලවත් රටවලට ඕවගෙන් බලපෑම් කරන්න අමාරු වුනත් ලංකාව වගේ පුංචි රටවල් ඕවගේ බලපෑම් වලට නිතර ලක් වෙනවා. දැනට මට හිතෙන හැටියට ජාත්‍යන්තර මානව හිමිකම් සම්බන්ධ අධීක්ෂණයේදී ඇමරිකාවට අභියෝග කරන්න පුළුවන් ක්‍රම දෙකයි තියෙන්නේ.
1. යුරෝපා සංගමය ඇමරිකාව මත තියෙන ඩිපෙන්ඩන්සි එකෙන් මිදෙන්න ඕනි. කොටින්ම නේටෝවෙන් ස්වාධීන වෙලා තමන්ගේම යුද සන්ධානයක් ගොඩනගාගන්න පුළුවන් න්‍යෂ්ටික බලයක් යුරෝපයේ රටවල් දෙකකට තියෙනවා. UK වුනත් දැනගන්න ඕනේ EU එකෙන් වෙන් වීම සියදිවි නසාගැනීමක් කියල. මම හිතන්නේ ඇමරිකාව අභියෝග කරන්න පුළුවන් බලවතෙක් ගැන හිතද්දී රුසියාව, චීනයට වඩා EU එකට (UKත් ඇතුළුව) ලොකු හැකියාවක් තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස් අධ්‍යාපන සහ සෞඛ්‍ය පද්ධති, ශුභසාධනය ගැන කීර්-තිමත්ම රටවල් තියෙන්නේ එහෙ සහ තාක්ෂනය, උසස් අධ්‍යාපනය, නවෝත්පාදනය පැත්තෙන් ඇමරිකාවට අභියෝග කරන්න පුළුවන් තත්වයක් තියෙන්නෙත් එහෙට. ඇමරිකාව ජෙරුසෙලමේ එම්බසි එකෙක් පිහිටුවද්දී UN හියුමන් රයිට්ස් කවුන්සිල් එකේදී ඒ ක්‍රියාවලියට විරුද්ධව ඡන්දේ දීල ලෝක පොලිස්කාරයාගේ මූනේ දැලි ගාන්න පුළුවන් වෙච්ච එකම තීරණාත්මක සාධකය වුනේ EU එක. ඔය රටවල් නේටෝ උවමනාවට ලිබියාව, සිරියාව වගේ රටවලට ගහනන ඇමරිකාවත් එක්ක එකතු වීමෙන් වුනේ පිරිහීම විතරයි.
2. අනික තමා ඇමරිකාවේ ජනපදවලට ස්වාධීනත්වයක් දීම. ඇමරිකා ආණ්ඩුක්‍රමයේ හැටියට ඇමරිකාව යූනියන් එකක් වුනත් ඇත්තටම ජාත්‍යන්තර තලයේදී ඇමරිකාව කියන්නේ එක රටක්. ඒ වගේ විශාල ජීඩීපී එකක් තියෙන විශාල රටක් සුපිරි බලවතෙක් වුනොත් (මතක තියාගන්න, රුසියාව විශාල වුනත් ලොකු ජීඩීපී එකක් නැහැ. අනික චීනයට විශාල ජීඩීපී එකක් තිබුනත් ඒකපුද්ගල අගයක් විදිහට ඒක කුඩයි. චීනය සුපිරි බලවතෙකුත් නෙමෙයි.) ඔවුන් අනෙක් රටවලට මිලිටරි ආධිපත්‍යය පතුරවන්න පෙළඹෙනවා. මම හිතනවා ඒකෙන් ප්‍රජාතන්ත්‍රවාදී ඇමරිකානු වටිනාකම් පිරිහෙනවා කියල. ඇමරිකාව ලෝක ඉහිහාසය තුළ අවුරුදු 200 ක කාලය තුළ ලොකු දෙයක් කළ රටක්. දැන් ඇය විශ්‍රාම යා යුතුයි. කැලිෆෝනියා, ටෙක්සාස් වගේ විශාල ජනපද වෙනම රටවල් විය යුතුයි. ඒවා වෙනම රටවල් වුනත් ලෝකේ විශාලම ආර්-ථික දහය අතර ඉන්න තරම් බලවත්. ඉතින් ඇමරිකාවට අහිමි වෙන්නේ මොනවාද? මොනවත් නැහැ. මගේ මතය ඇමරිකාවේ ජනපද 50 තමන්ගේ අනන්‍යතා තුළ වෙනම රටවල් විය යුතුයි කියල. දැනට ඔය මතය ගරුකරන සීයට 5ක් වත් ඒ රටේ නැහැ. හැබැයි ඕක සීයට 55ක අගයට එන දවසක් තව අවුරුදු 200 කින් ආවොත් ඇමරිකාව ස්වාභාවික මරණයකට ගොදුරු වෙයි. දුක නම් ඇමරිකාව ඒ වගේ ගෞරවනීය විශ්‍රාම යාමකට කලින්- ඒ කියන්නේ තව අවුරුදු 20කින් විතර අඳුරු ඉරණමකට මූණ දෙන බව දැන් ඉඳන්ම වෙන සිද්ධිවලින් කියන්න පුළුවන් වීම.