මේක දැක්කද ?

ftthushara

Well-known member
  • Mar 1, 2011
    5,655
    1,498
    113
    Right Place
    පාපන්දු ලෝක කුසලානය වෙනුවෙන් මවා පෑ බ්‍රසීලයේ සංවර්ධනය බිමට කඩා වැටේ: රට තුළ ඛේදවාචකයක්



    බ්‍රසීලයේ ලෝක කුසලාන පාපන්දු තරග පැවැත්වෙන නගරයක අලුතින් ඉදිකළ පාලමක් කඩා වැටීමෙන් පාලම යටින් දිවෙන මාර්ගයේ ධාවනය වූ රථවාහන රැසක් යටවී තිබේ.

    ඊයේ පස්වරුවේ මෙම ඛේදවාචකය සිදුව ඇත්තේ, බෙලෝ හොරිසොන්ටේ (Belo Horizonte) නගරයේ ය.

    ලෝක කුසලාන පාපන්දු තරගාවලිය වෙනුවෙන් ම ඉදිකළ මෙම පාලම එම නගරයේ පිහිටි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට පාපන්දු තරග පැවති මිනෙරාඕ ක්‍රීඩාංගණය (Mineirao Stadium) දක්වා රථවාහන ධාවනය කරවීම සඳහා සකසන ලද්දකි.
    මෙම පාලම කඩා වැටීමෙන් ඊට යටවූ රථයක සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් රථවාහන රැසක් කඩා වැටුණු පාලමට සිරවී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

    මේ අතර, මගී ප්‍රවාහන බස් රථයක කොටසක් ද පාලමට යටවී තිබේ.

    මේ සම්බන්ධයෙන් බ්‍රසීල වැසියන් එරට රජයට දැඩි විරෝධය පළ කරන අතර ඔවුන් චෝදනා කළේ, ලෝක කුසලාන පාපන්දු තරගාවලිය වෙනුවෙන් ප්‍රමිතියකින් තොරව කඩිනම් ඉදිකිරීම කළ හෙයින් මෙම ඛේදවාචකය සිදුවූ බව ය.


    overpass_brasil.jpg


    overpass_brasil2.jpg


    overpass_brasil3.jpeg


    overpass_brasil4.jpg


    overpass_brasil5.jpg


    overpass_brasil6.jpg


    newsfirst.lk/
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ආඩම්බරයි යකෝ :D
    දැන් බ්‍රසීලෙත් ආදර්ශ ගන්නෙ අපේ පුංචි ශ්‍රී ලංකාවේ පාලකයන්ගෙන්..
    අපි මේ ගැන අවංකවම සතුටු වෙන්න ඕනෙ.. :3