මේක නියම කතාවක්...!!

lastnevin

Active member
  • Nov 8, 2013
    340
    211
    43
    "ළමයින්ගෙන් කෑ ටීචර් අයින් කළාම අනෙක් ටීචර් ඉස්කෝලෙම කාලා"
    (ලංකාදීප )
    (හක්මණ විශේෂ - දෙන.ම යසන්; ආරියසේන)

    //පන්තියේ දරුවන්ගේ ඉල්ලීමට ඔවුන් ගෙනා කෑම වලින් කුඩා ප්‍රමාණයක් පන්තිභාර ගුරුතුමිය ආහාරයට ගැනීමට උරණ වූ මව්පියන් කිහිප දෙනකු නිසා පාසලක්ම අමාරුවේ වැටීමට යාමේ සිද්ධියක් පිළිබඳව දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තා වේ.

    දුෂ්කර ප්‍රදේශයක සේවය කළ දක්ෂ ගුරුවරියක් ස්ථාන මාරුවීමක් ලැබ සිය ගම් ප්‍රදේශයට ආසන්න පාසලකට පැමිණියාය.

    කුඩා දරුවන්ට ඉගැන්වීමට සහජ හැකියාවක් දක්වන ඇයට පන්තියක භාරකාරත්වය ද නව පාසලේ දි හිමි විය. පන්තියේ දරුවන්ට අම්මා කෙනකු වූ ගුරුතුමියට දරුවෝද අසීමිතව ආදරය කළහ.

    ප්‍රාථමික පන්තිවල දරුවන්ට උපකාරක පන්ති පැවැත්වීම දැඩි සේ විවේචනය කළ ගුරුවරිය පාසල වැසීමෙන් පසුවත් අමතර කාලයක් රැඳී සිටිමන් ඉගැන්වීම් කළාය.

    පන්තියේ දරුවන් සමග එක්ව උදෑසන ආහාරය ගන්නා විට තම කෑම පෙට්ටියේ ඇති කෑම වලින් කොටසක් ගුරුවරියට දීමට ළමයින් සෑම දිනකම තරගයක යෙදීම සුලබ දර්ශනයක් විය. මෙම කරුණ ගැටලු සහගත විය හැකි නිසා ගුරුවරිය ඒ සඳහා උපක්‍රමයක් පාවිච්චි කළාය. ළමයින් කෑම ගන්නා අවස්ථාවේ දී ඔවුන් අසලට ගොස් පෙට්ටියේ ඇති කෑම වලින් ඉතාම කුඩා ප්‍රමාණයක් ඇය කෑවාය.

    සතියේ දින පහ තුළ කණ්ඩායම් පහකට බෙදා මෙම කාර්ය සිදු වූ නිසා ළමයින් ද කිසිදු කලබලයකින් තොරව පිළිවෙළට ආහාර ගැනීම පුරුදු විය.

    ටීචර් අපේ කෑම එකෙනුත් කනවා යැයි මහත් ආඩම්බරයෙන් ළමයින් කිහිප දෙනකු නිවෙසට ගොස් පැවැසුවත් සමහර මව්පියෝ එයට උරණ වූහ. කිසිවක් විපරම් නොකළ ඔවුහු ගැටලු විදුහල්පතිවරයාට පැමිණිලි කළ අතර ගුරුවරිය පන්තියෙන් ඉවත් කර සංවර්ධන නිලධාරිනියකට ප්‍රාථමික පන්තිය බාර දීමට විදුහල්පතිවරයා කටයුතු කළේය.

    දින කිහිපයක් ගත වූ පසු ගුරුවරියක වන මවක සිය දියණියගේ පොතක් බැලු‍ අතර ඇයට දෙවියන් සිහිවිය. ළමයාගේ පොතේ ගුරුවරියක විසින් ලියා තිබූ වැකියේ නණ, ලළ, සහ උක්ත ආඛ්‍යාත දෙකම වැරදිය. සිය දියණියගේ පන්තියේ සිටින තවත් ළමයින් කිහිප දෙනකුගේ මව්පියන්ට කතා කළ එම මව ඒ පිළිබඳව විමසුවාය. තම දරුවන්ගේ පොත් පරීක්ෂා කළ එම මව්පියෝ ද සිද්ධියට මවිතය පළ කළහ.

    ගැටලුව පැමිණිලි කරමින් ප්‍රශ්නයේ බරපතළකම දෙමව්පියෝ විදුහල්පතිවරයාට පැහැදිළි කළහ. ළමයි කිහිප දෙනකුගේ පොත් පරීක්ෂා කළ විදුහල්පතිවරයාගේ දෙලොවම රත්විය.

    පන්තිය භාරව පෙර සිටි ගුරුවරිය වරදක් සිදුකර නොමැති බව විදුහල්පතිවරයා හමුවීමට පැමිණි මව්පියෝ පැහැදිලි කළහ.

    එම ගුරුවරියගේ කාර්යක්ෂමභාවය නොරිස්සූ පාසලේ වෙනත් ගුරුවරුන් පිරිසක් සහ මව්පියන් සිදුකළ කුමන්ත්‍රණයක ප්‍රතිඵල බව පසුව සියල්ලෝම තේරුම් ගත්හ.

    පන්ති රැස්වීමක් සහ ගුරුවරුන්ගේ රැස්වීමක් වෙන වෙනම කඩිනමින් කැඳවා විදුහල්පතිවරයා මව්පියන්ට සහ ගුරුවරුන්ට ලු‍ණු ඇඹුල් සහිත දේශනාවක් පැවැත්විය. ආහාර ගැනීම ගැටලුවක් ලෙස මවා පෑම සිදුකළ මව්වරු කිහිපදෙනා සෙසු අයගේ දැඩි දෝෂ දර්ශනයට ලක්වූ අතර සංවර්ධන නිලධාරීනියට වෙනත් කාර්යාලයකට ස්ථාන මාරුවීමක් ද ලැබී ඇති බව පැවසේ.//
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    ළමයි කැමැත්තෙන් දෙන හින්දා කෑම කෑවා කියන එකත් හොඳ ආදර්ශයක් නෙවෙයිනෙ. ගුරුවරයා ළමයින්ට කොච්චර ආදරේ වුණත් චේතනාව කොච්චර හොඳ වුණත් ඔය විදියට හැදෙන ළමයි ලොකු වෙද්දිත් පුරුදු වෙන්නෙ තමන්ට ඉහල තනතුරු වල ඉන්න අයට එක එක දේවල් දීලා සතුටු කරන්න. ගමේ ඉස්කෝලෙක වුණ හින්දා මේක ලස්සන කතාවක් වුණාට නගරේ ඉස්කෝලෙක ඔය දේ වෙන්නෙ කෑම වෙනුවට තෑගි විදියට, හැබැයි එතකොට තරඟෙන් දිනන්නෙ වැඩියෙන්ම සල්ලි වියදම් කරන ළමයි, එහෙම බැරිවුණ අය කොන් වෙනවා.
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,127
    9,420

    ළමයි කෑම බෙදා ගන්නෙ සම්බන්දයක් ගොඩ නගා ගන්න, ආදරේට , මිසක් කෑම දීල විබාගෙට වැඩිපුර ලකුනු ඉල්ලන්න නෙමේ නෙ
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,854
    1
    60,732
    113
    Mother Earth

    මේක වැරදි කතාවක් කොල්ලෝ. බෙදාගෙන කන එක පුරුදු වෙන එක කොච්චර දෙයක්ද. කප්පම් දීමක් විදිහට දකින්නෙ නෑ මම නම්. මට හිතෙන හැටියට.
     
    • Like
    Reactions: jzx and xVOLDYx

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    ළමයි කෑම බෙදා ගන්නෙ සම්බන්දයක් ගොඩ නගා ගන්න, ආදරේට , මිසක් කෑම දීල විබාගෙට වැඩිපුර ලකුනු ඉල්ලන්න නෙමේ නෙ
    පොඩිකාලේ ගොඩක් ළමයි දේවල් කරන්නෙ අරමුණක් තියාගෙන නෙවෙයි, මෙතනදි ආදරේට තමයි. හැබැයි ඒ දේවල් පුරුද්දක් වෙනවා වයසින් වැඩෙද්දි, එතකොට අරමුණු තියෙනවා ආදරේට වඩා. අනික ඔය ගුරුවරයාට හැමදාම එකම පන්තියෙ ඉන්න බෑ, ඒ ළමයින්ට වෙනස් වෙනස් ගුරුවරු එක්ක වැඩකරන්න වෙනවා ඉස්සරහට. මේ ගුරුවරයා දක්ෂ හින්දා හැමදේම හොඳට තියාගත්තත් ඊළඟට එන කෙනා වෙනස් වෙනවා. ඔහොම කෑම එක බෙදාගෙන ආදරෙන් ඉන්න ඊළඟ ගුරුවරයා අකමැති කෙනෙක් නම්? ඊළඟට ළමයි අනිත් ගුරුවරුන්ට වෛර කරනවා කලින් ගුරුවරයාට සසඳලා.
    හොඳම දේ තමන්ගෙ සීමාවෙ ඉඳලා හරියට රාජකාරිය කරන එක
    මේක වැරදි කතාවක් කොල්ලෝ. බෙදාගෙන කන එක පුරුදු වෙන එක කොච්චර දෙයක්ද. කප්පම් දීමක් විදිහට දකින්නෙ නෑ මම නම්. මට හිතෙන හැටියට.
    බෙදාගෙන කන එක ගොඩක් හොඳයි. ඒක ළමයි ළමයි අතරෙ කරන්න දුන්නා නම් හරි කැමති අයට. එතකොට තරඟෙකුත් නෑ

    මං වැරදි වෙන්න පුලුවන්. මට හිතන දේ විතරයි කිව්වෙ :)
     
    • Like
    Reactions: Candid-B

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ළමයි කැමැත්තෙන් දෙන හින්දා කෑම කෑවා කියන එකත් හොඳ ආදර්ශයක් නෙවෙයිනෙ. ගුරුවරයා ළමයින්ට කොච්චර ආදරේ වුණත් චේතනාව කොච්චර හොඳ වුණත් ඔය විදියට හැදෙන ළමයි ලොකු වෙද්දිත් පුරුදු වෙන්නෙ තමන්ට ඉහල තනතුරු වල ඉන්න අයට එක එක දේවල් දීලා සතුටු කරන්න. ගමේ ඉස්කෝලෙක වුණ හින්දා මේක ලස්සන කතාවක් වුණාට නගරේ ඉස්කෝලෙක ඔය දේ වෙන්නෙ කෑම වෙනුවට තෑගි විදියට, හැබැයි එතකොට තරඟෙන් දිනන්නෙ වැඩියෙන්ම සල්ලි වියදම් කරන ළමයි, එහෙම බැරිවුණ අය කොන් වෙනවා.
    ප්‍රාථමික පන්ති බල්ලො
    සමහර ගුරුවරු අම්මල තාත්තලට වඩා ලමයින්ට ලගයි
    කැම ටිකක් බෙදා ගන්නෙ අසිමිත ආදරෙ නිස යකො
    ලමා හිත් වලට කුහක කම් ගාවන්න එපා
     
    • Like
    Reactions: barath dpriye

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,854
    1
    60,732
    113
    Mother Earth
    පොඩිකාලේ ගොඩක් ළමයි දේවල් කරන්නෙ අරමුණක් තියාගෙන නෙවෙයි, මෙතනදි ආදරේට තමයි. හැබැයි ඒ දේවල් පුරුද්දක් වෙනවා වයසින් වැඩෙද්දි, එතකොට අරමුණු තියෙනවා ආදරේට වඩා. අනික ඔය ගුරුවරයාට හැමදාම එකම පන්තියෙ ඉන්න බෑ, ඒ ළමයින්ට වෙනස් වෙනස් ගුරුවරු එක්ක වැඩකරන්න වෙනවා ඉස්සරහට. මේ ගුරුවරයා දක්ෂ හින්දා හැමදේම හොඳට තියාගත්තත් ඊළඟට එන කෙනා වෙනස් වෙනවා. ඔහොම කෑම එක බෙදාගෙන ආදරෙන් ඉන්න ඊළඟ ගුරුවරයා අකමැති කෙනෙක් නම්? ඊළඟට ළමයි අනිත් ගුරුවරුන්ට වෛර කරනවා කලින් ගුරුවරයාට සසඳලා.
    හොඳම දේ තමන්ගෙ සීමාවෙ ඉඳලා හරියට රාජකාරිය කරන එක

    බෙදාගෙන කන එක ගොඩක් හොඳයි. ඒක ළමයි ළමයි අතරෙ කරන්න දුන්නා නම් හරි කැමති අයට. එතකොට තරඟෙකුත් නෑ

    මං වැරදි වෙන්න පුලුවන්. මට හිතන දේ විතරයි කිව්වෙ :)
    correct :yes:

    සේරම හරි...

    සංවර්ධන නිලධාරිණියකට කොහොමද ඉස්කෝලෙ පංතියක් බාරදුන්නෙ...
    අනුරාධගෙ නංගිද දන්නෙත් නෑ. ගෙදර ප්‍රශ්ණ නිසා උගන්නන්න තරම් mentality එකක් තියෙන්න නැතුව ඇති. :sorry: @AnuradhaRa
    ------ Post added on May 17, 2023 at 11:39 AM
     
    • Sad
    Reactions: PHBhagya

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,277
    100,078
    113
    සේරම හරි...

    සංවර්ධන නිලධාරිණියකට කොහොමද ඉස්කෝලෙ පංතියක් බාරදුන්නෙ...
    කොමා එකක හිටපු කෙනෙක් නන් හරි වෙන රටක ඉදල ආව කෙනෙක් නන් හරි මේ ප්‍රශ්නෙ අහන එක සාධාරණයි.
     
    • Sad
    Reactions: PHBhagya

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,854
    1
    60,732
    113
    Mother Earth
    බම්ප්

    නංගිගෙ මිනිහ (පකය)
    උබ උට වෛර කරන්න එපා බන්. ඌ එක්ක කතා කරපන්. මස්සිනාව ෆිට් කරගත්තොත් සහෝදරයෙක්ට වඩා හිතවත් වෙනවා. සිරා කියන්නෙ.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,426
    113
    උබ උට වෛර කරන්න එපා බන්. ඌ එක්ක කතා කරපන්. මස්සිනාව ෆිට් කරගත්තොත් සහෝදරයෙක්ට වඩා හිතවත් වෙනවා. සිරා කියන්නෙ.
    උඹ දන්න මගුල :ROFLMAO:
     
    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    ලමයින්ට පොඩිකාලෙ ඉදන් බෙදා හදාගෙන ජීවත් වෙන්න පුරුදු කරේ නැති උනාම තමයි ලොකුවෙලා පාරවල් ගානෙ මස් රාත්තලම ඉල්ලගෙන අම්මට හැමිනෙන වේසිගෙ පුතාල හැදෙන්නෙ.
    එහෙම කැරි වේසියො ලමයි හැදුවම තමයි මෙහෙම හුකන නිවුස් එන්නෙ.