මේක නෙවෙයිද වුනේ ...

HHBD

Active member
  • Jun 21, 2016
    382
    77
    28
    මේක නෙවෙයිද වුනේ ...

    මෙන්න වෙච්ච දේ

    කොරෝනා ලංකාවට ආවේ දැනට සති දෙක තුනකට කලින්

    ඒ වුනාට කොරෝන රෝගියෙක් වාර්තා වුනේ මාස දෙකකටත් කලින්

    ඒ ඉදන් වත් කිසිම වැඩපිළිවෙලක් තිබුනේ නැහැ

    මුඛ ආවරණ දාන එකත් සමච්චලයට පත් කරල තිබුනේ

    පළමු කොරෝනා රෝගියා වාර්තා වුන ගමන් රත් වෙන්න ගන්නව

    ඒ එක්කම නිරෝධායනය මතක් වෙනව

    අර මද්‍යස්ථාන වල නිරෝධායනය වෙන එක තමයි හොදම දේ ගෙදර නිරෝධායනය දේශ ද්‍රෝහී ක්‍රියාවක් විදියට සලකනව

    රට ඉදන් ආපු එවුන් මිනීමරුවන් ගානට දානවා

    හැබැයි ඊට කලින් සති දෙක තුන ඇතුලත පන්දහසකට වඩා පිරිසක් ඉතාලි ඉදන් 500 කට වඩා පිරිසක් ඇවිල්ල ඉවරයි

    ඒ කතන්දරේ වහ ගන්න නිරෝධායනය වෙන්න බැහැ කියපු පිරිසක් අල්ලාගෙන දවස් ගානක් පතුරු ගහනව

    ලංකාවේ ඔක්කොම ඒ ඇම කනව අරුන්ව බල්ලෝ ගානටම දානවා

    සතියකට විතර කලින් කියන්න තිබුන දේ ඔන්න දැන් කියනවා එහෙම පිරිසක් ආවලු දැන් ඒ ආපු පිරිසට ගෙදරදී ස්වයං නිරෝධායනය වෙන්න කියල

    එතකොට දවස් දෙකකට කලින් දේශද්‍රෝහී ගෙදර නිරෝධායනය දැන් දේශප්‍රේමී වෙනව

    පක්ෂ ගාවගෙන බලන්න එපා වෙච්ච දේ මම කියල තියෙන්නේ

    දැන්වත් එක එකාට බනින්නේ නැතුව කලයුතු දේ කරනවානම් තමයි හොද

    මම පොහොට්ටුවට චන්දෙ දුන්නේ ඒකත් කියන්න එපැයි


     
    Last edited: