මේක පසලක් නෙමෙයි සුපිරි හෝටලයක්

Cyper

Well-known member
  • මින් පෙර මා අත් නොවිඳි අත්දැකීමක් නිසාවෙන් මෙසේ සටහනක් තබමි...
    අත්‍යාවශ්‍ය කටයුතු කීපයක් සඳහා අවිස්සාවේල්ලේ සිට කුරුණෑගල බලා මා 2021/02/17 දා වැඩම කළා..
    කටයුතු සියල්ල අහවර වන විට දහවල දාන වේලාව ආසන්න වූ බැවින් දානය ලබා ගැනීම සඳහා අප සුදුසු ආපන ශාලවක් පිළිබඳව එහි සිටි අයෙකුගෙන් විමසූ විට ඔහු කියා සිටියේ...
    ස්වාමීන්වහන්ස ලඟඳි ආරම්භ කළ ආයතනයක් තිබෙනවා එහේ දානය ගන්න පුලුවන්..ඒ අය අවශ්‍ය පහසුමක් සියල්ල සපයාවී යනුවෙන්..එසේ කියා ඔහු එම ආයතනය වෙත ඇමතුමක් ලබාදී තව මොහොතකින් ස්වාමීන්වහන්සේලා වැඩම කරන බැව් සඳහන් කළා...
    ඉන් පසුව අපි ඔහු පැවසූ පරිදි කුරුණෑගල දඹුල්ල මාර්ගයේ පිහිටි එම ආයතනයට වාඩම කළා...
    වෙනත් ආපනශාලාවක (හෝටලයක) නොමැති පුදුමාකාර වෙනසක්.. වෙනස්ම ආමන්ත්‍රණයක්..වෙනස්ම පිළි ගැනීමක්...
    ස්වාමීන්වහන්ස දානය සඳහා නේද වැඩම කළේ..
    දාන ශාලාව තිබෙන්නේ උඩු මහලේ..
    වඩින්න ස්වාමීන්වහන්ස උඩු මහලට..
    යනුවෙන් සඳහන් කරමින් ආයතනයේ අධිපති තුමිය ඇතුලු නිලධාරීන් තමන් පැලඳ සිටි පාවහන් පවා ඉවත්කොට ඉතා ශ්‍රද්ධාවෙන්....
    වඩින්න ස්වාමීන්වහන්ස..
    එසේ කියා අපව කැඳවන් උඩුමහලට යන විට පුදුමාකාර වෙනසක්...
    "දාන ශාලාව "
    යනුවෙන් සඳහන් වූ පුවරුවක් සමඟ වායු සමනය කළ වෙනමම ශාලාවක්...
    එයට පිවිසි පසු අපූරුවට පිළිවෙලට සකස් කළ දාන ශාලාවේ..
    භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටින සම්බුද්ධ මන්ධිරය..
    එහි දහවල ප්‍රණීත දානය සමඟ අටපිරිකර ඇතුලු සම්බුද්ධ පූජාව තැන්පත්ව තිබෙන අයුරු දැක ගන්නට ලැබීමෙන් මා පුදුමයට පත් වුනා..
    එමෙන්ම නිදහසේ අවැසි ලෙස විවේක ගැනීමට සාකච්ඡා කිරීමට සකස් කළ සම්බුදු රුවින් අලංකෘත වූ කාමරයක්...
    ස්වාමීන්වහන්සේලා උදෙසාම වෙන් කළ නවීන පහසුකම් සහිත වැසිකිළි කැසිකිළි පද්දතියක් ද දැකීමෙන් අප තවද පුදුමයට පත්වුනා...
    පනවා තිබූ සුවපහසු අසුන් මත වැඩ උන් අප වෙත ඉතා ගෞරවනිය ලෙසින් දහවල දානය පූජා කොට අවසන පිරිකරක්ද පූජා කළා..
    ඉන් පසුව එහි ඇති " පිං පොතේ " සටහනක් තබා ඒමට අපට අවස්ථාව සලසා තිබුනා...
    අප එම සටහනද තැබූ පසු එම ආයතනයේ අධිපති තුමිය වන්දනා කරමින් පැවසුවේ..
    "පින්වත් ස්වාමීන්වහන්ස..ඔබවහන්සේලාට ගොඩාක් පිං අපේ ආයතනය වැඩම කොට අපගේ දානය පිළිගනිමින් අපට කුසලයක් සිඳු කර ගැනීමට අවස්තාව ලබා දුන්නාට...
    මෙතනින් වඩිනා ඕනෑම දිනක පින්වත් ඔබවහන්සේලා වැඩම කරන්න ...
    උදෑසන දානයත් දහවල දානයත් සවස ගිලන් පසත් ඔබවහන්සේලා වෙනුවෙන් මෙහි සකස් වෙනවා..
    එම නිසා කුරුණෑගල දඹුල්ල පාරේ වඩිනා ඕනෑම විටක වඩින්න..
    ඒ වගේම කුරුණෑගල මීගමුව පාරේ වඩිනා විට මුණ ගැසෙන අපේ අනිත් ආයතනයට උනත් වඩින්න..
    අපි සිව් දෙසින් වඩිනා මහා සඟ රුවන උදෙසා ගෞරවයෙන් දන් පූජා කිරීමට සූදානම් " යනුවෙන්...
    ඒ සියල්ල නිමවී ඉතා සතුටින් ආපසු වැඩම කළ මා හට සිතුනේ මාගේ පැවිදි දිවිය තුල මා කොතරම් ගමන් බිමන් වැඩම කරද්දි ආපනශාලාවලට වැඩම කොට තිබේද..
    ඒ තැන් වලදී ගිලන් පසක් ගන්නාවිට පවා මොන තරම් අපහසුතාවන්ට පත්වී තිබේද..
    ඒ අත්දැකීම් සියල්ල දෙස නැවත හැරී බැලූ විට මට සිතුනේ මේ අයතනය සම්බුද්ධ සාසනය වෙනුවෙන් ,බොදු පිළිවෙත් වෙනුවෙන්,පිං කුසල් දහම් වෙනුවෙන්,මොන තරම් තැනක් ලබා දී තිබේද යන්නයි...
    ඒ නිසාමයි මම මේ සටහන තැබීමේ අදහසින් එහි පිංතූර කීපයක් ගෙන මෙසේ පළ කලේ...
    මුදලටම ධනයටම යටවෙමින් ,මනුස්සකම තුට්ටුවටත් වඩා පහල මට්ටමට ඇද දමමින් තරඟකාරීව කටයුතු කරනා මේ සමාජයේ ලොකු කුඩා සියලුම ව්‍යාපාරිකයන්ටත් පොදු මහා ජනතාවටත් මහත් ආදර්ශයක් ලබා දෙන...
    Cafe Amakie - Kurunegala ආයතනයටත් එහි හිමිකාරීත්වයටත් කාර්‍ය්මණ්ඩලයටත් පිංවත් සැමටත් යහපතක්ම වේවා ....
    සියලු කටයුතු සාර්ථක වේවා ...
    ඉපදි ඉපදි මැරි මැරී ගමන් ගන්නා ඝෝර කටුක දුක් සහිතවූ මේ සංසාර භව කතරින් එතෙරව ඉක්මන් භවයකදීම චතුරාර්‍ය්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිසම මේ උතුම් කුසලය උත්තම පාරමිතාවක්ම වේවා ....
    තෙරුවන් සරණයි ..
    මම පූජනීය දැරණියගල ධම්මසාර ස්වාමීන්වහන්සේ ...
    මේ පණිවිඩය තවත් ස්වාමීන්වහන්සේලාගේ දැන ගැනීම පිණිස බෙදාහැරීම සුදුසුයැයි මා සිතනවා...එය එසේ නම් ඔබත් බෙදා හරින්න...
    :::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
    CAFE AMAKIE FACEBOOK PAGE
    https://www.facebook.com/Cafe-Amakie-Kurunegala-101371595296262/

    1613706985709.png1613707006061.png1613707024692.png1613707122638.png1613707171873.png1613707208799.png1613707226659.png
     

    Attachments

    • 1613707139132.png
      1613707139132.png
      302.1 KB · Views: 99
    • 1613707152859.png
      1613707152859.png
      302.1 KB · Views: 96

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,683
    13,440
    113
    මේක ඔන්ලයින් ඔන්ටපිනෝ කෙනෙක්ගේ බත් කඩයක් නේද ?
     

    Cyper

    Well-known member
  • පාසලක්? ඉතින් කොහොමත් මේක ඉස්කෝලයක් නෙමෙයිනේ, හොටලයක්නේ. 🤔
    අඩෝ ඒක අකුරක් මිස් උනා බං. මේකේ title එක edit කරන්න බෑ නේ බං?? ඉස්සරනම් මතක විදිහට පුළුවන් වගේ
     

    Cyper

    Well-known member
  • සාදුට වැලන්ටයින් එකටත් වඩින්න කියලද ඔයා කියන්නේ දැන් ?
    මේක normal හෝටල් එකක් තමයි බං. ඒ වගේම ස්වාමීන් වහන්සේලාට සුදුසු විදිහට ගෞරව කරනවා. 4pm කියන්නේ ඉතින් කොහොමත් ස්වාමීන් වහන්සේලා වඩින වෙලාවකුත් නෙවේනෙ. අන්තවාදී වෙන්න එපා සිංහලු..

    ඉස්සරත් බෑ දැනුත් බෑ
    අඩෝ බැරිද බං ඉස්සරත්.😢
    ------ Post added on Feb 19, 2021 at 10:53 AM
     

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    ඔය වගේ තැන් තමයි දියුණු වෙන්න ඕනේ නැතුව උගුර කට වේලීගෙන ආපු මනුස්සයෙකුටවත් තේ උගුරක් නොදී එලවගන්න කඩ නෙවෙයි.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    අප එම සටහනද තැබූ පසු එම ආයතනයේ අධිපති තුමිය වන්දනා කරමින් පැවසුවේ..
    "පින්වත් ස්වාමීන්වහන්ස..ඔබවහන්සේලාට ගොඩාක් පිං අපේ ආයතනය වැඩම කොට අපගේ දානය පිළිගනිමින් අපට කුසලයක් සිඳු කර ගැනීමට අවස්තාව ලබා දුන්නාට...