මේක මට උන සිද්ධියක් . හැබැයි මට තේරෙන්නේ නෑ ඒක කොහොමද උනේ කියන එක..අපි ගමනක් ගිහිල්ලා නෑදෑ වෙන කෙනෙක්ගේ ගෙදරක හිටියේ..මම සාමානෙන් ගෙදර අයට කියලා තියෙන්නේ මගේ phone එකට කෝල් ආවෙත් ආන්ස්වර් කරන්න කියලා මොකද බිස්නස් කෝල්ස් එහෙමත් එන නිසා..ඉතින් මම එදා එහෙම විශේශෙන් කිව්වේ නැ කෝල් ගන්න කියලත්..ඉතින් මම Bathroom එකේ ඉද්දි මට ඇහුණා කෝල් එකක් එනවා (මම Ringing Tone එකට දාලා තියෙන්නේ Ruletta කියලා song එකක මම කැමතිම කොටස trim කරලා)...ගෙදර හිටියා නම් කවුද බලන්න කියලා කෑ ගහල හරි කියනවා එදා එහෙම කිව්වේ නෑ...කවුරුත් කෝල් එක ආන්ස්වර් කරේ නෑ..තව කෝල් එකක් ආවා..ඒක ආන්ස්වර් කරෙත් නෑ කවුරුත්..මම ඉක්මනට හෝදගෙන ආවා එද්දි නංගි ඔදපු නිසා මං සැර කරලා ඇහුවා ඇටි කෝල් ආන්ස්වර් කරේ නැත්තේ කෝල් කීයක් ආවද කියලා..නංගි කිව්වා පිස්සුද අනේ කෝල් ආවේ නෑ කියලා මම කිව්වා මට ඇහුනනේ කියලා..මල්ලිත් කිව්වා කෝල් ආවේ නෑ කියලා .ඇත්තටම මම බලද්දි phone එක Silent mode එකේ තිබ්බේ...හැබැයි විනාඩි 7 කර කලින් මට හරියටම කෝල්ස් දෙකක් ඇවිල්ලා තිබ්බා...