මේක මහ ලැජ්ජාවක්- Cricket

sinhaba

Active member
  • Mar 4, 2013
    582
    72
    28
    මේක මහ ලැජ්ජාවක්- Cricket

    Main(4).jpg

    ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන එක්දින තරගාවලියේදී සිවුවැනි තරගයත් පරාජය වීමෙන් පසුව සිය පන්දු යවන්නන්ට ලූණු ඇඹුල් ඇතිව බෙදීමට ශී‍්‍ර ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පසුබට නොවීය. එක දිගට පැවැති තරග හතරකදීම ඛේදජනක පරාජයන් උරුම කරගත් ශී‍්‍ර ලංකා කණ්ඩායම හමුවේ ලෝක වාර්තාගත ලකුණු 264 ක් ලබාගැනීමට රෝහිත් ෂර්මා සමත් වූ අතර ශී‍්‍ර ලංකා පිලට සියලූ දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 251 ක් පමණි.

    මෙම තරගයේදී විරෙන්දර් සෙවැග්ගේ ලකුණු 219 පසුකර ගිය රෝහිත් ෂර්මා, එක්දින අන්තර්ජාතික තරගයකදී වැඩිම ලකුණු ලබාගැනීමේ ලෝක වාර්තාව තමන් සතුකරගත්තේ පන්දු 173 කින් 42 ක් හතරේ සීමාවෙන් එපිටට යවමිනි. ඒවායින් 9 ක්ම හයේ පහර විය.

    ”මේක මහ ලැජ්ජාවක්. අපි අඩුගානේ තරගයක් දෙන්නේ වත් නැති තරම්”
    ”අවසන් ඕවර 20 දී අපි අතරමංවුණා. මේක පිළිගන්න පුළුවන් තත්ත්වයක් නෙමේ. අපේ පන්දු යවන්නන්ට අද දවසේ කිසිම දෙයක් කරගන්න බැරිවුණා” යයි තරගයෙන් අනතුරුව පැවැති ත්‍යාග ප‍්‍රදානෝත්සවයේදී ඇන්ජලෝ මැතිව්ස් පැවසීය.

    සිය පන්දු යවන්නන්ට කිසිදු අනුකම්පාවක් දැක්වීමේ සූදානමකින් නොසිටි මැතිව්ස් කීවේ තම කණ්ඩායම නියමිත මග සොයාගත යුතු බවයි.

    ”අපට අපේ ප‍්‍රශ්න විසඳාගන්න වෙනවා. පන්දුවට පහර දීම, පන්දු යැවීම වගේම පන්දු රැකීමත්. මේ හැම දෙයක්ම”

    තමන්ගේ කණ්ඩායමට දෝෂාරෝපණය කළ නමුත් රෝහිත් ෂර්මාට ප‍්‍රශංසා කිරීමට මැතිව්ස් අමතක නොකළේය.

    ”අවසන් ඕවර 25 දී ලකුණු 290 ක් ගන්න එක හිතාගන්නවත් පුළුවන් දෙයක් නෙමේ. ඒත් රෝහිත්ගේ පිතිහරඹය නම් අති විශිෂ්ටයි” යයිද මැතිව්ස් පැවසීය.
    ශී‍්‍ර ලංකා පිලේ ඉන්දීය සංචාරය අවසන් කරමින් පැවැත්වෙන පස්වැනි එක්දින තරගය ඉරිදා (16 වැනිදා) රංචිහිදී පැවැත්වෙයි

    http://kelimandala.lankadeepa.lk/article/26792/මැතිව්ස්-පන්දු-යවන්නන්ට-දෙහි-කපයි
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34

    aththama kathawa kiyala thiyenawa:frown::frown::frown::frown::frown:
     
    Similar threads