මේක ලස්සනද......

tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    බමුණා උනත් දුදනෙක් නම් බිම හොවනු
    සැඩොලා වුනත් සුදනෙකු නම් පුටුව දෙනු
    හෙළයා වුනත් ජඩයෙකු නම් පහර දෙනු
    දෙමළා වුනත් විරුවෙකු නම් ගරු කරනු.....

    බුදුහිමි ජෙසුහිමි නබිහිමි වැදපුදනු
    දෑ ගොත් කුල නොදුටු උණ් බණ පිලිපදිනු
    වැදී බණ මැදින් මුණි බණ තෝරා අසනු
    වැදී බණ දෙසන සග ගණ වුව පිටුදකිනු.....

    සිහසුන ඉන්ට රට දැය පාවා නොදෙනු
    පාවා දෙන එවුන් මුනට කෙල ගසනු
    කසයෙන් තලා හිස පලදා කටු ඔටුනු
    ජනයා අබිමුවේ උන් නිරුවත් කරනු.....

    රජෙකුගේ වුවත් වරදට කෑ මොර ගසනු
    මොරදෙන මුවෙහි ලන මී පැණි ඉවත ලනු
    නිවැරදි කරනු බැරි රජු නෙරපා හරිනු
    වරදට කිපෙනු සටනට වැද ජය ලබනු.....