මේජර් ජෙනරාල් කමල් ගුණරත්න

Thilan88

Active member
  • Mar 30, 2009
    735
    197
    43
    කරටියේ
    මේජර් ජෙනරාල් කමල් ගුණරත්න

    සාම කාලයේදීවත් මම ත්‍රස්‌ත නායකයන්ට
    අතට අත දුන්නේ නැහැ...

    මම ගෙදර යන්නේ ජයග්‍රාහී සොල්දාදුවෙක්‌ විදිහට
    ප්‍රභාකරන්ව මරා දැමූ 53 වැනි සේනාංකයේ
    අණදෙන නිලධාරී මේජර් ජෙනරාල් කමල් ගුණරත්න

    සාකච්ඡා කළේ මනෝඡ් අබයදීර

    N2-1.jpg
    සේවයෙන් විශ්‍රාම ලැබිය හැකිවුවත් කිසිදා විශ්‍රාම නොයන වීරත්වයක්‌ ඔහු ජාතියට පතල කර හමාරය. ජාතිය සිහිනයක්‌ සේ දුටු ත්‍රස්‌ත නායකයාගේ මරණය සිදුවුයේ ඔහු අණ දුන් සේනාංක අතින් ඔහුට ලබා දී තිබූ රණ භූමියේදීය. මේජර් ජෙනරාල් කමල් ගුණරත්නගේ විශ්‍රාම ලැබීම නිමිත්ත කරගෙන අපි, ඔහු සමඟ සාකච්ඡාවක්‌ ඉල්ලා දුරකතන ඇමතුමක්‌ දුන්නෙමු. මේ සිංහල අපගේ රටයි - අප ඉපදෙන මැරෙන රටයි ... යන මහගමසේකරයන් ලියූ ගීතය ඔහුගේ දුරකතනයෙන් ඇසෙන්නට විය. අප උපන් මියයන දේශය වෙනුවෙන් තම අනගිතම යුතුකම ඉටුකළ මේජර් ජෙනරාල් කමල් ගුණරත්න සමග 'දිවයින ඉරිදා සංග්‍රහය' කරන ලද සාකච්ඡාවයි මේ.

    හමුදා සේවයෙන් විශ්‍රාම යන මොහොතේ, අතීතයට අපේ කතා බහ රැගෙන යැම සඳහා 2009 මැයි 18 වෙනිදා දිනය ඔබට මතක්‌ කර ගන්න පුළුවන්ද...?

    n2-2.jpg
    ඇත්තටම එදා පාන්දර දෙකහමාරට විතර, එල්ටීටීඊ ත්‍රස්‌තවාදීන් විසින් මගේ කණ්‌ඩායමට ප්‍රහාරයක්‌ එල්ල කළා. නන්දිකඩාල් කලපුව ආශ්‍රිතව පුදුමාතලන් ප්‍රදේශයේදී තමයි මේ පහර දීම සිදුවුණේ. අපි මෙවැනි තත්ත්වයක්‌ බලාපොරොත්තු වුණා. ත්‍රස්‌තවාදීන්ගේ අවසාන පිරිස අපි කොටු කරගෙනයි මේ වෙනකොට හිටියේ.

    ඒ වෙනකොට ඔවුන්ට තිබුණ එකම විසඳුම කලපුවට පනින එක විතරයි... මොකද අනිත් තුන් පැත්තෙන්ම අපි ඔවුන්ව කොටු කරලයි තිබුණේ. එදා පාන්දර ඔවුන් මගේ වළල්ලේ පිටිපස්‌සේ තැනකට තමයි, ප්‍රහාරය එල්ල කළේ. එය අපි කිසිසේත්ම බලාපොරොත්තු නොවූ ස්‌ථානයක්‌ සහ ප්‍රහාරයක්‌. එතැන කඩා ගෙන තුන්සිය පනහක පමණ ත්‍රස්‌තවාදීන් පිරිසක්‌ ඇතුලට පැන්නා. ඒ වෙනකොටත් ඕනෑම දේකට සූදානම්ව අපි එක්‌ එක්‌ සැලසුම් හදලා තිබ්බේ... අපි ඒකට කියන්නේ, ඉන්ජෙන්සන් ප්ලෑන් කියලා... ඒ කියන්නේ, මෙහෙම වුණොත් මෙහෙම කරන්න, අරෙහෙම වුණොත් මෙහෙම කරන්න යනාදී වශයෙන්, අවදානම් ගණනාවක්‌ සඳහා අපි සූදානම් වෙලයි හිටියේ...
    මගේ පළවෙනි අණ දීම වුණේ කඩපු තැන ඉක්‌මනට වහගන්න කියන ඒකයි... සාමාන්‍යයෙන් මීටර් දෙසීයක විතර ආරක්‌ෂක බැම්මක්‌ කැඩිලා තිබ්බා... අපි විනාඩි විස්‌සක්‌ විතර ඇතුළත එම වළල්ල යළි හදා ගත්තා. තව එළිවෙන්න පැය තුනයි තියෙන්නේ... ඊට පස්‌සේ අපිට ඇතිවෙන්න ගහ ගන්න පුළුවන් කියලා මම හිතුවා... ඒ නිසා ඉක්‌මනින්ම අපේ ආරක්‌ෂිත වළල්ලේ කැඩුණු තැන හදා ගන්නයි මට ඕනේ වුණේ...

    n2-3.jpg
    මේ වෙනකොට නන්දිකඩාල් තීරයේ රැඳී ඉන්නේ කොයි වැනි පිරිසක්‌ කියලා ඔබට අනුමානයක්‌ තිබ්බාද...?

    නැහැ...නායකයෝ කවුද ඉන්නේ කියන එක ගැන අපි කිසිම දෙයක්‌ දන්නේ නැහැ. නමුත් එල්ටීටීඊයේ සිහින ඊලාම් රාජ්‍යයේ අවසාන බිම් කඩත් අපි අල්ලා ගැනීම සඳහා සූදානමින් තමයි හිටියේ... මේ වෙලාව වෙනකොට අපිට තිබ්බේ අතේ තියෙන දේ කටේ දාගන්න විතරයි. උදේ වරුවේත් අපි සටන් කළා... දහය විතර වෙනකොට ඒ සටන අවසන් වුණා. දවල් ආයෙත් අපිට දැනගන්න ලැබුණා, එක්‌ පිරිසක්‌ කලපුවේ කඩොල් කැලය ඇතුළේ ඉන්නවා කියලා... එතැනට අපි ප්‍රහාර එල්ල කරන්න පටන් ගත්තා. දවල් දෙක විතර වෙනකොට ඒ සටන පටන් ගත්තා. ඒක හැන්දෑවේ හයාමාර වෙනකං විතර ගියා. මේ වෙලාව වෙනකොට මුළු ලංකාවම අපේ රජයේ පාලනය යටතට පත්වුණා.

    ඊලාම් දේශයේ සිහිනය සම්පූර්ණයෙන්ම බිඳ වැටිලා, සුනුවිසුණු වෙලා ගියා...ඔය පළාත අවුරුදු විස්‌සක්‌ විතර රජයෙන් ගිලිහිලා තිබුණේ. අනිත් පළාත් සේරම අපි අල්ලාගෙන ඉවරවෙලයි ඒ වෙනකොට තිබ්බේ. මෙතැන අල්ලා ගත්තා විතරයි, මුළු රටම එක ධජයක්‌ යටතට, සිංහ ධජය යටතට ආවා. එදා අපිට බොහෝම සන්තෝෂ දවසක්‌. මැරිච්ච ත්‍රස්‌තවාදීන්ගේ මළ සිරුරු අපි එකතු කර ගන්න පටන් ගත්තා. එතැන ඉහළ පෙලේ එල්ටීටීඊ ත්‍රස්‌තවාදී නායකයන් ගණනාවකගේ මළ සිරුරු තිබ්බා. ප්‍රභාකරන්, පොට්‌ටු අම්මාන් සහ සුසෙයි ඇරෙන්න අනිත් ඔක්‌කොම නායකයන්ගේ මළ සිරුරු එතැන තිබ්බා. භානු, ජෙයම් වගේ නායකයන්ගේ මළ සිරුරු එතැන තිබ්බා. ප්‍රභාකරන්ගේ පුතා චාල්ස්‌ ඇන්තනිගේ මළ සිරුර එතැන තිබ්බා.
    එදා අපිට බොහොම සන්තෝසයි... නමුත් මගෙ ඔලුවෙ එක ප්‍රශ්නයක්‌ තිබ්බා. ඒ ප්‍රභාකරන්ගේ මළ සිරුර කෝ කියන එක. ඒ වගේම මම ආමි කමාන්ඩර්ට කතා කරලා "සර්, අපේ රටේ අන්තිම බිම් අඟලත් අපි බේරා ගත්තා" කිව්වාම ආමි කමාන්ඩර් ටිකක්‌ කල්පනා කරලා මගෙන් ඇහැව්වා "ප්‍රභාකරන් කෝ...?" කියලා. එතුමාට මම කිව්වා "සර්, ප්‍රභාකරන්ගේ බොඩි එක නැහැ ..." කියලා. එතකොට ආමි කමාන්ඩර් මට කිව්වා "එහෙනං යුද්දේ ඉවර වෙන්නේ නැහැ ....." කියලා. මමත් එතකොට කිව්වා "ඔව් සර්, එහෙනං යුද්දේ ඉවරවෙන්නේ නැහැ ... හැබැයි මගේ ඔක්‌කොම බ්ලොක්‌ස්‌ මම දාලා තියෙන්නේ..." කියලා. මේ වෙනකොට නන්දිකඩාල් කඩොලාන ඇතුලේ හරි කරුවලයි. එතැන මොකුත් කරන්න බැහැ. කඩොලාන ඇතුලේ රැට සටන් කිරීම අමාරුයි. පොඩි සද්දයක්‌ වුණත් ඇහෙනවා. කුරුල්ලෝ පියාඹනවා. ඒ දිශාව අනුව කවුරු හරි එන දිශාව හඳුනාගන්න ලෙහෙසියි.

    මම ආමි කමාන්ඩර්ට කිව්වා "සර්, හෙට උදේ මම සර්ච් එකක්‌ දාලා බලන්නම්" කියලා. මම එදා රෑ බොහෝම සන්තෝසෙන් නින්දට ගියත් "ප්‍රභාකරන් කෝ...?" කියන ප්‍රශ්නය මගේ හිතේ තිබ්බා. "මේ යකා පැනලද...? පැන්නොත් යුද්දේ ඉවර වෙන්නේ නැහැ නේද...?" කියන ඒවා මගේ හිතට ආවා. අපිට ඕනෑ වෙලා තිබුණේ අනාගත පරම්පරාවකට මේ යුද්දේ ඉතුරු නොකරන්න. බැරි වෙලාවත් ප්‍රභාකරන් වෙන රටකට පැන්නා නම් එහෙට වෙලා යුද්දේ මෙහෙයවන්න පුළුවන්.

    මේක මම මගේ පොතේ හොඳට පැහැදිලි කරලා තියෙනවා. ප්‍රභාකරන් කියන්නේ දැඩි තීරණ වගේම මෝඩ තීරණ ගත්ත නායකයෙක්‌. එහෙම වුණාට ඔහු දක්‌ෂ නායකයෙක්‌... ඒ නායකත්වය රටටම ලොකු තර්ජනයක්‌. ඒ නායකත්වය අපිට විනාශ කරන්න බැරිවුණා නම් අපිට සහ අපේ අනාගත පරම්පරාවට ඒක ලොකු ප්‍රශ්නයක්‌ වෙනවා. ඒ වෙනකොට, හතර වෙනි ඊලාම් යුද්ධයෙන් පමණක්‌, අවුරුදු දෙකයි මාස නවයක්‌ ඇතුළත, අපේ පන්දාස්‌ නවසිය ගාණක්‌ මැරිලා, විසිනවදාස්‌ ගණනක්‌ තුවාල වෙලා ඉවරයි. මෙච්චර කැපවීමක්‌ කරලත් අපිට මේ මිනිහව මරා ගන්න බැරිවුණොත්, අපේ අනාගත පරම්පරාවට අපි කොහොමද උත්තර දෙන්නේ කියන ප්‍රශ්නය මගේ හිතට ආවා.

    ඔබට ප්‍රභාකරන් හෝ භානු සජීවීව මුණගැහිලා තියෙනවද...?

    ප්‍රභාකරන් කවදාවත් පණ පිටින් දැකලා නැහැ...භානු දැකලා තියෙනවා. හැබැයි කවදාවත් කතා කරලවත්, අතට අත දීලාවත් නැහැ... මේ මගේ දකුණු අත බොහොම පිරිසුදුයි. (සිය දකුණු අත ඉහළට ඔසවා පෙන්වමින්...) කිසිම ත්‍රස්‌තවාදී නායකයෙකුට සාමය කාලයේදීවත් මම අතට අත දීලා නැහැ... ඔය ත්‍රස්‌ත නායකයෝ සාම කාලවලදී මට අත දීක්‌ කරලා තියෙනවා... ඒ උනාට මම උන්ට අත දීලා නැහැ...

    දැන් අපි දහ නමවෙනිදා දවස ගැන මතක්‌ කරගමු... රටේ හැම තැනම ජනතාව කිරිබත් කමින් ප්‍රීති ඝෝෂා පවත්වනවා...

    ඔව්... අපේ ළමයිනුත් එදා උදේ කිරිබත් හදලා තිබ්බා...කඩොලානට තව බැටැලියන් එකක්‌ දාලා සර්ච් කරන්න කියලා එතකොට මම කියලයි තිබ්බේ. එදා ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ආවා. එතුමා එතකොට පාර්ලිමේන්තුවේ ඉඳන් තමන්ගේ කතාව පටන් අරගෙන තිබුණා.

    මගේ නායකත්වය යටතේ තිබුණු පනස්‌ තුන්වෙනි සේනාංකය යටතේ තමයි අටවෙනි කාර්ය සේනාංකය තිබ්බේ. කර්නල් රවිප්‍රිය තමයි එක භාරව හිටියේ. මේ අතරේ කර්නල් රවිප්‍රිය මට කතා කරලා. "සර්, කඩොලානේ තව ඩිවලොප්මන්ට්‌ එකක්‌ තියෙනවා..." කිව්වා.

    ඒ වෙනකොට අපි යුද්දේ දිනලා ඉවරනේ... එක දිගට මාස දෙක තුනක්‌ නිදි මරලා, ටිකක්‌ හිටියා විතරයි, මෙන්න ආයිත් කියනවා ගහ ගන්නවා කියලා. කන්න ගත්ත කිරිබත් කෑල්ලත් පැත්තකට දාලා මම ගියා, නන්දිකඩාල් සටන් භුමියට. උන් එනකොට "අපේ කට්‌ටියත් ගහ ගත්තා, අපිටත් උන් ෆයර් කළා. මේ සටන විනාඩි හතලිස්‌ පහක්‌ විතර ගියා... "සර්, ඔක්‌කොම් නියුට්‌රමලයිස්‌ කරලා තියෙන්නේ. එක පොයින්ට්‌ එකක්‌ තියෙනවා, ඒක කොන්ට්‍රොල් කරගන්නම බැහැ... එතැනින් දිගටම ගහනවා" කියලා මට අපේ අය කිව්වා. මට ලොකු සටනක්‌ කරලා අපේ කොල්ලෝ මරා ගන්න උවමනාවක්‌ නැහැ. අතට ගත්ත දේ කටට දාලා, දැන් හපා ගන්න විතරයි තියෙන්නේ... "ලොකු සෙනගක්‌ දාන්න එපා... අට දෙනාගේ කණ්‌ඩායම් දෙකක්‌ දාලා, ඕක බලාගන්න" කියලා මම කිව්වා.

    divaina
     

    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    කියන්න වදන් නැ ටැග් දැක්කම. මෙච්චටම දෙමල උන් මේකේ ඉන්නවද, නැත්තම් මහින්දගෙන් පලි ගන්න මෙහෙම අපහාස කරනවද සින්හල උන්. මට නම් අවන්කවම කලකිරිමක් ආවා. :(:(:(

    රෙප් පොස්ට් එක දැම්ම කෙනාට
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,275
    113
    mona karannada bn, oya manussaya athluwa dahas ganan ape un dinala dunna de, ada nikanma kari ponna demalata denawa.. :(


    owa sahajivana ponnayonta vadak na.. un thama ponnayo vage tags dala tiyenne..
     

    Thilan88

    Active member
  • Mar 30, 2009
    735
    197
    43
    කරටියේ
    thanx machanla.eththtama rep balagena nemei demme.mewa kiyawankota ada api jathiyak widiyata inna thena dekkama godak dukai.hema sinhalayekama paksha pata badagena bedila kulal ka gannawawa.anith un eken prayojana gannawa.