මේරියන්ස්_නලින්

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මේරියන්ස්_නලින්

    nalin.jpg



    මේරියන්ස් නලින්
    බිරිය දරුදෙදෙන සමග නැවත එක්වෙයි


    වැරැදීමකින් හරි දරුවෙක් ඉන්නවා නම්
    වෙන්වන තීරණය ගන්න එපා
    -නලින්


    ප්‍රසිද්ධ පුද්ගලයින් ගැන අපට නිරන්තරයෙන්ම වාර්තා කරන්නට සිදුව තිඛෙන්නේ ඔවුන්ගේ පවුල් කඩාගෙන වෙන්ව යාම්ය. මේරියන්ස් නායක නලින් ගැන පසුගිය කාලයේ වාර්තාවූයේද එවැන්නකි. නමුත් අත්දකීම් ලද පසු ජීවිතය හරිහැටි වටහාගෙන නලින් පෙර කසාදය හා දරුවන් සමග නැවත එක්වන්නට තීරණය කර ඇති අතරම ඔහු ඒ ගැන වටිනා ප්‍රකාශයක්ද කරයි.

    'අපි මොකක්හරි ප්‍රකාශයක් කරලා සමාජ අපවාදයට බයේ ඒ ප්‍රකාශය නඩත්තු කරනවා. ඒත් ඊට වඩා වටිනවා අපේ යථාර්ථය. ගෙදරින් පිට හිටපු අවුරුදු 3 1/2දී මමත් හොඳට ජීවිතයේ අත්දැකීම් ඉගෙන ගත්තා. ඒ වෙද්දි මට වෙන සම්බන්ධකමක් තිබුණා. එතැනත් නොගැළපීම් රැසක් තිබුණා. ඒ නිසා මම එයාවත් ප්‍රතික්ෂේප කරලා
    අම්මයි තාත්තයි එක්ක තනියම ජීවත් වුණේ.
    බිරියත් එක්ක ආයේ ගමනක් නෑ කියන මානසිකත්වයක හිටපු මිනිහෙක් තමයි අද මේ ලස්සනට එකතු වෙලා ඉන්නේ. ඔය පිරිමි ආධිපත්‍යය නිසා පිරිමින්ට කෙළවෙන කෙළවිල්ල කියලා නිම කරන්න බෑ. දරුවෝ දෙන්නා තමයි නැවත අපේ හමුවීමේ සාම දූතයෝ. වැරැදීමකින් හරි දරුවෙක් ඉන්නවා නම් වෙන්වන තීරණය ගන්න එපා'

    පසුගිය සති අන්ත මව්බිම පුවත්පතට ඔහු සම්පූර්ණ විස්තරය හෙළි කර සිටියේ මෙසේය.

    'අපි මහා ලොකු සල්ලිකාරයෝ නෙවෙයි. ජීවිතයේ මුල් අවධියේ මට ගේදොර, වතුපිටි, යාන වාහන තිබුණේ නෑ. හැමදේම ගොඩනඟාගත්තේ උත්සාහයෙන්. පාසල් අධ්‍යාපනය ලබපු කාලේ මාත් හොඳ තැනක හිටියා. පාසලේ ප්‍රධානම ශිෂ්‍ය නායකයා. හැබැයි ඔළුවෙ තිබුණෙ සංගීතයම විතරයි. සබ්ජෙක්ට් හතරම ෆෙල් වුණා. ඊට පස්සේ මට තිබුණේ එක අරමුණයි. ඒ අරමුණට යන්න උදවු කළෙත් නිල්මිණිගේ තාත්තා.'
    බර්ත්ඩේ පාර්ටි එකට ආපු ඇහැට කනට පෙනුණු ගැටිස්සිට හිත ගියා
    නිල්මිණිගේ ෆැමිලි එකයි අපේ ෆැමිලි එකයි හරිම හිතවත්. 1988දී මගේ බර්ත්ඩේ පාර්ටි එකට නිල්මිණිලත් ආවා. එතකොට එයාගේ වයස අවුරුදු 15යි. පොඩි කෙල්ල. තනිකර ලෑල්ල වගේ. අනේ හරි අහිංසක පාටයිනේ. ඒත් මම කෙල්ලගෙන් ඇහුවේ නෑ. ඉස්සෙල්ලම අපේ අම්මට කිව්වා. මොකද ඊට කලින් තිබුණු හුටපට දෙකකටම අම්මා ඇණේ

    ගැහුවනේ. ඊට පස්සේ කිව්වේ නිල්මිණිගේ අම්මට මොනවා... මේ තවම පොඩි ළමයිනේ... කිව්වා. මට තේරුණා එතැන නිකං හා... කියනවා වගේ ලයින් එකක් තිබුණා කියලා. ඊටත් පස්සේ තමයි අමාරුම අදියර. කොහොමහරි කෙල්ලගේ කැමැත්ත ගන්න ඕන. කැමැති පාටක් පේන්නෙම නෑ. බැරිම තැන මම බයිබලයේ පාඨ කටපාඩම් කරගෙන ආගම උගන්වන ලයින් එකකින් ළංවෙන්න බැලුවා. ඒත් බුරුලක් නෑ. බස් එකේ එක ළඟ වාඩිවෙලා ගියොත් ඛෙල්ල හරව ගන්නවා. ආයේ කෙළින් කරන්නේ බහින්න කිට්ටු වුණාම. මාත් වෙලාව බලලා කියලා දැම්මා. මේ කෙල්ල අනේ... මේ මොන පිස්සුවක්ද? කියාගෙන නැඟිටලා ගියානේ.
    හැබැයි ඉතින් මම ට්‍රයි එක අතහැරියේ නෑ. කොහොමහරි කැමැත්ත ගත්තා. 1994දී අපි විවාහ වුණා.
    අපෝ... මෙයා ඉස්සර තනි ලෑලි බෝඩ් එකක්. කෙට්ටුම කෙට්ටුයි. මාත් එහෙමම තමයි. දැන් වගේම කොණ්ඩෙ වවලා හිටියේ. හැබැයි ඉස්සරහින් කපල. මා....ර චාටර්... මා...ර කැතයි. නිල්මිණිගේ අම්මයි තාත්තයි සංගීතයට හරි කැමැතියි. ඒ හින්දා එයාල මටත් කැමැති වුණා. අන්තිමේ අපි අවුරුදු 8ක් විතර ලව් කරලා විවාහ වුණා. ඒ දවස්වල ආදරණීය නිම්මි කියලා පටන් අරගෙන දන්න සෙල්ලම් සේරම දාලා මම ලියුම් ලියන්න ගත්තා. නිල්මිණිගේ තාත්තා තමයි රත්තරන් බඩු ටික දෝතින්ම අරගෙන මගේ අතට දීලා මේක විකුණලා සවුන්ඩ් සෙටප් ගන්න කිව්වේ. ඒ වෙලාවෙ නම් මම මගේ ටිකිරි මොළේ පාවිච්චි කරලා ඒ ටික විකිණුවේ නැතිව උකස් තිබ්බා. පස්සේ උකස බේරලත් දුන්නා.


    නිල්මිණි මට ආදරය කළේ අල්ලපු ගෙදර මිනිහත් මාව දන්නේ නැති කාලේ
    1988 කියන්නේ මගෙත් ආරම්භය. නිම්මි ඒ ආරම්භයේ ඉඳලම මගේ ළඟ ඉන්නවා. ඒකයි ඇයගේ තියෙන වටිනාකම. මගේ ගමනේ කඩාවැටීම්, නැඟීසිටීම් සියල්ලම පිටුපස නිල්මිණි හිටියා. විවාහ වෙද්දි මට 25යි. නිල්මිණිට 20යි. අපි විවාහ වුණ මාසෙම නිල්මිණි ප්‍රෙග්නන්ට්. පළමු ඇනවසරි එක වෙද්දි අපේ දුව ස්වේතා ඉපදිලා. දෙන්නටම ඕන වුණෙත් දුවෙක්ව. අක්කගේ සහයෝගේ මල්ලිට ලැඛෙයි කියලා දෙවැනි දරුවා හදන්න ටිකක් කල් ගත්තා. මොන සහයෝගයක්ද අක්කයි මල්ලියි, නයයි පොළඟයි වගේ. ඉතින් ටික ටික මං ජනප්‍රිය වුණා. එක දිගට රට පුරාම ෂෝස් තිබුණා. ඒවට අපි පවුල් පිටින් යන්නේ.
    තාත්තා කෙනෙක් හැටියට මම දරුවන්ට බොහොම දයාබරයි. දුව නාවන්නේ, කවන්නේ, පොවන්නේ සේරම මම. කොණ්ඩ බූ ගෑවෙත් මම. හැබැයි ඒ මොන දේ කළත් මගේ මුල්තැන තිබුණේ රැකියාවට. නිදිවරනවා කියන එක මට ගාණක් නෑ. කාලය පිළිබඳ තැකීමක් තිබුණෙම නෑ. ඒ නිසා සැමියා කියන භූමිකාව ලොකුවට රඟපාන්න බැරිව ගියා. එයත් එහෙම බලාපොරොත්තු වුණේ නෑ. මට සපෝර්ට් එක දෙන එක තමයි එයා කළේ. කාලයාගේ ඇවෑමෙන් අපි අතර ප්‍රශ්නත් ඇති වුණා.
    ප්‍රශ්න ඇතිවුණු වෙලාවේ ගෙදරින් ගිය එක ගැන මම සන්තෝෂ වෙනවා
    ඒක අපි හැමෝගෙම ශරීර සෞඛ්‍යවලට හිතකර විසඳුමක් වුණා. මගේ දරුවන්ට ඒ නිසා අනිසි බලපෑම් එන්න ඇති. ඒක මම නෑ කියන්නේ නෑ. එයාලා මේ ලෝකෙට ආවේ අපේ වුවමනාවට මිසක් එයාලගේ වුවමනාවට නෙවෙයිනේ. ලොකුවට කතා කළාට අපි මාර පොරවල් නෙවෙයි. අපි බින්දුවේ ඉන්නේ. අපි මොකක්හරි ප්‍රකාශයක් කරලා සමාජ අපවාදයට බයේ ඒ ප්‍රකාශය නඩත්තු කරනවා. ඒත් ඊට වඩා වටිනවා අපේ යථාර්ථය. ගෙදරින් පිට හිටපු අවුරුදු 3 1/2දී මමත් හොඳට ජීවිතයේ අත්දැකීම් ඉගෙන ගත්තා. ඒ වෙද්දි මට වෙන සම්බන්ධකමක් තිබුණා. එතැනත් නොගැළපීම් රැසක් තිබුණා. ඒ නිසා මම එයාවත් ප්‍රතික්ෂේප කරලා අම්මයි තාත්තයි එක්ක තනියම ජීවත් වුණේ.
    බිරියත් එක්ක ආයේ ගමනක් නෑ කියන මානසිකත්වයක හිටපු මිනිහෙක් තමයි අද මේ ලස්සනට එකතු වෙලා ඉන්නේ. පිරිමි ආධිපත්‍යය කියන එක තනි බොරුවක්. ඔය ආධිපත්‍යය නිසා පිරිමින්ට කෙළවෙන කෙළවිල්ල කියලා නිම කරන්න බෑ. මම කැමැතියි නිල්මිණිගේ ජීවිතයේ දරුවෙක් වගේ ඉන්න. නිල්මිණිත් මගේ ජීවිතය ඇතුළේ දරුවෙක් වගේ ඉන්නවට මම කැමැතියි. නිල්මිණි කියන්නේ ධ්ඤඪච මෝලක්. මගේ සාර්ථකත්වය

    පිටුපස ඇයගේ තීන්දු තීරණ තිබුණා. මම මේ චිත්‍රය දැකලා පාට කරගෙන යන වෙලාවේ තමයි ඔයාලට මේ කතාව කියන්න ලැබුණේ.

    මගේ කිසිම අදහසක් තිබුණේ නෑ නැවත නිල්මිණි එක්ක මේ ජීවිතයට යනවා කියලා. දරුවෝ දෙන්නාගේ මැදිහත්වීම ඒකට පුදුමාකාර විදියට බලපෑවා. ඊට පස්සේ නිල්මිණි ඉල්ලීමක් කළා ඔයා ගෙදර එන්න. ඔයා කැමැති විදියට ඉන්න. දරුවෝ දෙන්නා වෙනුවෙන් එන්න කියලා. ආයේ මේ ජාතියට ගෑනු එපා කියන සිතුවිල්ලෙන් මම හිටියේ. අන්තිමට ගියත් වෙනම ඉන්නවා කියලා හිතාගෙන බඩු ටික යැව්වා.
    ඔන්න ඊට පස්සේ ආයේ නිල්මිණි කෝල් කරලා කියනවා ඔයයි, අම්මයි, තාත්තයි හෙට උදේ 6.00ට එන්න කියලා.
    ඒ හාදුව හම්බවුණේ අවුරුදු 10කට විතර පස්සේ
    පහුවැනිදා උදේ අපි ආවා. මෙයා පියතුමාවත් ගෙන්නවලා. හැබැයි ගෙදර දොර වහලා. මම ගිහින් ඛෙල් එක ගැහුවා. දොර ඇරුණම ලස්සන මල් පොකුරක් අතේ තියාගෙන නිල්මිණි හිනාවෙවී මට උණුසුම් හාද්දක් දුන්නා. ඒ පිළිගැනීම මට හිතට දැනුණා. කිරිබත් උයලා තිබුණා. මම එයාට කිරිබත් කවනවා. එයා මට කිරිබත් කවනවා. හරිම සුන්දර දවසක්. හැබැයි මම තවම දන්නෑ මගේ කාමරේ මොකක්ද කියලා. මම ඉතින් තනියම හිතනවා අරකේ දුව. අනෙක් එකේ පුතයි, නිල්මිණියි අම්මලා එහෙම හිතද්දී නිල්මිණි මාව එක්කගෙන ගිහින් මේක අපේ කාමරේ කියලා පෙන්නුවා. හරියට නිකන් නිධානයක් පහළ වුණා වගේ ටින් ටින් ගාලා හැමදේම පහළ වුණා.

    වැරැදීමකින් හරි දරුවෙක් ඉන්නවා නම් වෙන්වන තීරණය ගන්න එපා
    මම ගෙදර ගියපු දවසේ දරුවෝ දෙන්නා ඒ සතුට භුක්ති විඳපු හැටි දැක්කම අපි මේ කරන්න ගියේ මොන පාපයක්ද කියලා හිතුණා. පවුලක දරුවෙක් ඉන්නවා නම් මවුපියන්ට මොන ප්‍රශ්න තිබුණත් වෙන් නොවිය යුතුයි. අද මම ප්‍රශ්නයක් ආවොත් බිරියට කියන්නේ අපි ඕක හෙට කතා කරමු කියලා. ප්‍රශ්න කල් දානවා. ලමේ... ඔය දෙන්නා නිකන් ෆයිට් එකක් වගේ යනවා නම් මට කියන්න. මම බලාගන්නම්.ල දුව දැන් අපි දෙන්නට එහෙම කියනවා. ඉතින් හරිම සුන්දරයි. අපි දෙන්නවම පාලනය කරන රිමෝට් එක තියෙන්නේ දුවගේ අතේ. ඇත්තටම දැන් අපිට එහෙම කෑගහගන්න දෙයක් නෑ.

    ඔන්න ඉතින් සෑහෙන කාලයක් වෙන්වෙලා ඉඳලා අපි දෙන්නා එකම කාමරයක, එකම ඇඳක නිදාගන්න පළමු රාත්‍රිය. මම ඇඳේ එක පැත්තක නිදි. නිල්මිණි අනෙක් පැත්තේ. එදා දවසෙම සිදුවීම් හරිම සුන්දරයිනේ. රාත්‍රියත් ඒ තරම්ම සුන්දර වෙයි කියලා හිතුවා. අනේ... මෙන්න අපේ කොල්ලා තාත්තී... කියාගෙන පැන්නානේ අපි දෙන්නගේ මැද්දට. එදා ඉතින් අපි දෙන්නම පුතාව බදාගෙන නිදාගත්තා. ඊට පස්සේ අපි ආයෙත් පල්ලියට ගිහින් අපේ විවාහ පොරොන්දුව අලුත් කළා. අලුතෙන් මුදු දෙකකුත් දැම්මා. මේ මගේ පෙර පිනක්. අද මම මගේ බිරිය, දරුවන් එක්ක හරිම සතුටින් ජීවත් වෙනවා. විවාහ වුණු දවසටත් වඩා මම අද සතුටු වෙනවා.
    ඒ ගඟ ලැසි ගමනින් ඉදිරියට ගලාගෙන ගියා. ගං ඉවුරේ අපි නැවතුණා. ඔව් ගල් මුල්වල හැපේවි. තැනකදි මඟ නතර වේවි. ඒත් ගඟ ඉදිරියටම ගලාවි. ඒ තරම්ම දැන් ඒ ගඟ පියකරුයි.

    සාකච්ඡා සටහන - වාසනා සුරංගිකා විතානගේ / ඡායා -නුවන් අමරවංශ


    nalin2.jpg


    gossiplanka
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කසාද බැන්දම වෙන ගෑනු එක්ක ගිහින් බැදපු ගනිති ලමයිනටයි සලකන්නේ නැති උන් පොන්න්යෝ බන්
    සලකනවා කියන්නේ සල්ලි දෙන එක නෙමයි.
    ළමයිගේ තාත්ත වගේ උන ලගින් ඉන්න ඕනි ආදරය කරුණාව දෙන්න ඕනි

    මගේ හොදම යාළුවෙක් ළමයට අවුරුදු 2යි
    වෙන කෙල්ලෙක් සෙට් කරගෙන බැදපු ගනිති ලමයිනට්යි නොසලකාහැරියා
    මන් උට පුලුවන තරම් වැරැද්ද අවබෝධ කරලා දෙන්න හැදුවා
    එත් උ ඇහුවේ නැහැ. දැන් අපි උව සතපහකටවත් ගණන් ගන්නේ නැහැ. බොන්නවත් යන්නේ නැහැ උ එක්ක. කිසිම දෙකට කටහ කරන්නේ නැහැ. මන් නම් මුනටම බැන්න රියල් පොන්නයෙක් උබනම් කියලා
     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    රෙද්දේ ගොසිප්ලංකා තමයි........ උනුත් ඔය ගෙඩි පිටින්ම උස්සලා දාලා තියෙන්නේ පහුගිය ඉරිදා මව්බිම පත්තරේ තිබිච්ච ආටිකල් එකක්.......
     

    Alipak

    Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    මූ මොකටද ගෑණි දාලා ගියේ...
    මුන්ටත් මෝල් කලන්තේ..
    හිතෙන හිතෙන විදියට පිස්සු කෙලිනවා
    දැන්වත් පිළිවෙලකට ඉන්නව‍ා නම් කොයි තරම් එකක් ද?
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මූ මොකටද ගෑණි දාලා ගියේ...
    මුන්ටත් මෝල් කලන්තේ..
    හිතෙන හිතෙන විදියට පිස්සු කෙලිනවා
    දැන්වත් පිළිවෙලකට ඉන්නව‍ා නම් කොයි තරම් එකක් ද?

    ona ekekta waradina thanak enawa,eth godak ewun e waradda hadaganne naha.
    mokada godak aya thange waradi piliganna thiyena akamaththa
    e athin mu hoda ekek ban.mokada muta salli walin aduwak thiyena ekek nemene