මේවනේ බං බිස්නස්..කාවුද මේ මනුස්සයට අහුවෙච්ච අය

redundent

Well-known member
  • Jun 7, 2016
    4,987
    3,500
    113
    Budapast
    118306686_328589141900050_969902756097736710_o.jpg

    දරුවා ගන්න ඉස්කෝලේ ලගට එනකොට ත්‍රීවිල් එකේ කේබල් කැඩිලා.... අතේ තිබුන ගානෙන් කේබල් එකක් ගත්තේ , ගැරේජ් එකට ගෙවන්න සල්ලි නෑ" කියන එකෙක් දෙන්නෙකුත් නාවින්න, මහරගම අවට ඉන්නවා ..!!

    මේ වගේ උන් දැන් හැමතැනම ඉන්නව....සමහර උන් හෙල්මට් එක දාගෙන බයික් එක තල්ලු කරගෙන එනව තෙල් ගහන්න සල්ලි ඉල්ලගෙන ඇත්තට නෙමෙයි බොරුව හැම තැනම

    මහරගම, හෝමාගම, කොට්ටාව අවට ඉන්නව එකෙක්. යාලුවො සෙට් එකක් එක්ක ගමනක් යන්ඩ ආවෙ ඌ පරක්කු උන නිසා යාලුවො ටික ගිහින් දැන් යන්ඩ විදිහක් නෑ පුළුවන්නම් බස් එකේ යන්ඩ රුපියල් 100ක් දෙන්ඩ මං ගිහින් රීලෝඩ් එකක් දාන්නම් කියල අපෙ නම්බරෙත් ගහගන්නව ෆෝන් එක අරං. මං පලවෙනි පාර රැවටිල දුන්නා. දෙවෙනි දවසෙත් මූ මගෙන් ඇවිල්ලා අර ටෝක් එකම දෙනව මං ඇහුව ඇයි අදත් ඒකම උනේ කොහොමද කියල එතකොට මූ එහෙනම් ඔයාට වැරදිලා මං යන්නම්කො කියල ගියා 😂. ඊලඟ දවසෙ නුගේගොඩදි මූ කොල්ලෙක්ව අල්ලගෙන අර ටෝක් එකම දෙනව මං ඇහුව උඹට ලැජ්ජ නැද්ද මිනිහො කියල එතකොට මූ ටක්ගාලා මාරු උනා 😂. කලු කෙට්ටු උස ඩයල් එකක්
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,392
    1
    62,018
    113
    Mother Earth
    දවසක් මම RMV එකට ගිහින් එනකොට සුදු කොට කලිසම් දෙකක් ඇඳගත්තු මිනිස්සු දෙන්නෙක් මගේ ඉස්සරහට ආව. මට කිව්වා පුතා අපි දෙන්න වැලිකඩ බන්ධනාගාරෙන් අදයි නිදහස් වුනේ අපිට ගෙදර යන්න සල්ලි නෑ. අපි ඉන්නෙ කොරළවැල්ලෙ අපි දෙන්නට රුපියල් 100ක් දෙන්න කිව්වා. බොරුවක් නෙමෙයි කියන්නෙ කියල උන්ගෙ body language එකෙන් මට තේරුණා. ලැජ්ජාවයි යටහත් පහත් බවයි තිබ්බා. මම ඇහුවා කොච්චර කල් හිටියද ඇහුවා. එක්කෙනෙක් අවුරුද්දක්. තව කෙනෙක් මාස 3ක්. මම රුපියල් 100ක් දුන්නා. මට ඒ වෙලාවෙ හිතුනෙ කූඩු කරල හිටපු සතෙක් නිදහස් කරාම දැනුන සතුටක්. උන් දෙන්න කොච්චර ගොරහැඩි පාටට හිටියත් බොහොම ස්තූතියි මල්ලි කියන්න අමතක කරේ නෑ. :yes:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,392
    1
    62,018
    113
    Mother Earth
    mardane kuddek lagadi illanava salli dan hiren nidahas vela ave kiyala sadda nokara yanna giyama kollek neda kiya kiya dodavanava :ROFLMAO: :lol: 🙆‍♀️ :ROFLMAO:
    සල්ලි දුන්නෙ නැති නිසා උබෙන් කොල්ලො පාරක් ගහන්න ඇහුවද ? :unsure:
     
    • Like
    Reactions: D_Mad

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    සල්ලි දුන්නෙ නැති නිසා උබෙන් කොල්ලො පාරක් ගහන්න ඇහුවද ? :unsure:

    නෑ ගොනෝ ඌ සල්ලි නොදුන්නට තරහේ කොල්ලෙක් නේද කිය කියා යන්න ගියා
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    දවසක් මම RMV එකට ගිහින් එනකොට සුදු කොට කලිසම් දෙකක් ඇඳගත්තු මිනිස්සු දෙන්නෙක් මගේ ඉස්සරහට ආව. මට කිව්වා පුතා අපි දෙන්න වැලිකඩ බන්ධනාගාරෙන් අදයි නිදහස් වුනේ අපිට ගෙදර යන්න සල්ලි නෑ. අපි ඉන්නෙ කොරළවැල්ලෙ අපි දෙන්නට රුපියල් 100ක් දෙන්න කිව්වා. බොරුවක් නෙමෙයි කියන්නෙ කියල උන්ගෙ body language එකෙන් මට තේරුණා. ලැජ්ජාවයි යටහත් පහත් බවයි තිබ්බා. මම ඇහුවා කොච්චර කල් හිටියද ඇහුවා. එක්කෙනෙක් අවුරුද්දක්. තව කෙනෙක් මාස 3ක්. මම රුපියල් 100ක් දුන්නා. මට ඒ වෙලාවෙ හිතුනෙ කූඩු කරල හිටපු සතෙක් නිදහස් කරාම දැනුන සතුටක්. උන් දෙන්න කොච්චර ගොරහැඩි පාටට හිටියත් බොහොම ස්තූතියි මල්ලි කියන්න අමතක කරේ නෑ. :yes:

    උබට අහන්න තිබ්බේ වැලිකඩ බන්ධනාගාරෙ කවද්ද වේරහැරට ගෙනාවේ කවද්ද කියල
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,210
    113
    Next Level හිඟන්නන් වර්ග.. ( ඔබ මොවුන් හදුනනවාද?)
    😐

    1. සහල් මාෆියාව.
    ඉතාම දිලිඳු, එහෙත් අහිංසක පෙනුමැති මිනිසෙකි. අතේ හාල්, පරිප්පු, සෝයාමීට් එක ගොඩේ දැමූ ශොපිං බෑගයකි. සෙනග පිරී සිටින බස් නැවතුම් අසලදී පමණක් එක්වරම මෙම බෑගය ඉරී හාල් පරිප්පු ආදිය බිම පුරා විසිරී යයි. අහිංසකයා මදක් ඒ දෙස දුක සේ බලා හිඳ හාල් ඇටෙන් ඇටේ අහුලයි. මෙය දුටු බස් නැවතුමේ සිටින සෙනගගේ හදවත බටර් මෙන් උණු වී යයි. ඇතැමුන් ෆොටෝ ගනිති. ෆේස්බුක් එකේ කවි ලියති. බොහෝ දෙනෙක් "අංකල් අලුතින් හාල් ටිකක් ගන්න" කියා මුදල් දී ඔහු පිටත් කරයි. අහිංසකයා පිටත් වෙයි. මද දුරක් ගමන් කර සෙනග පිරුණ ඊළඟ බස් නැවතුම අසල නැවතත් මල්ල හැලේ.
    (පසුබිම් ගායනය: කටු අකුලේ.. මල්ල හැලේ..)
    මොහු මෙසේ හලාගන්නා හාල් සෝයාමීට් ආදිය මදක් නිරීක්ෂණය කලහොත් මේවා පරිභෝජනයට නුසුදුසු බැවින් ඉවත් කල ඒවා බව පැහැදිලිව දැකගත හැකියි. කොහෙන් හෝ අඩුවට ගෙන ඇත. මෙම හාල් මෑන් සංකල්පයේ නිර්මාතෘවරයා වනාතමුල්ල ආශ්‍රිත අයෙකි. දැන් නම් මෙය කොපි කලවුන් වැහි වැහැලාය.
    2. සුවපති
    🏥

    බොහෝ විට ටවුන්හෝල් අසලදී දැකගත හැකිය. "අනේ පුතේ මගේ දුව මහ ඉස්පිරිතාලෙ අහවල් වාට්ටුවෙ නවත්තල ඉන්නෙ. එයාට පිටින් බෙහෙතක් අරන් එන්න කිව්වා. අනේ ඒක ගන්න රුපියල් 327ක් දෙන්න පුළුවන්ද?" රඟපෑමේ තාත්වික බව නිසා ඇතැමුන් මුදල් දෙයි. මාසයකින් නැවත ටවුන්හෝල් පැත්තේ ආවොත් නැවත දැකගත හැකිය.
    3. Prison Break.
    බොරැල්ල මරදාන ටවුන්හෝල් අසල බහුලව දැකගත හැකිය. ඇඳුම සුදුය. "මල්ලි මම වැලිකඩින් නිදහස් වෙලා යනගමන්. මල්ලි ගෙවල් තියෙන්නෙ හොරොව්පතානෙ. බෂ්ෂෙකේ යන්න ෂල්ලි නෑ මල්ලි. අතේ තියෙනව නම් කීයක්හරි දෙනවද?". මැර පාට නිසා නොදන්නා උන් බයට හෝ සල්ලි දෙති.
    සතියකින් පමණ නැවත දැකගත හැකිය. මූ තවමත් ගෙදර ගොස් නැත.
    4. Coin Haters.
    💰

    ඔරුගොඩවත්ත, දෙමටගොඩ ආශ්‍රිත traffic lights අසල බහුලව සිටී. වාහනයෙන් වාහනයට පැමිණ සිඟමන් යදී. දෙනවා නම් නෝට්ටුවක්ම දිය යුතුය. කාසියක් දුන්නොත් යනගමන් එම කාසියෙන්ම වාහනය හූරගෙන යති. ඉතින් මිනිස්සු බයට නෝට්ටුම දෙති.
    5. කඩ් භාෂා පරමේෂ්වර.
    🇬🇧

    රාත්‍රියේදී පිටකොටුව, ටවුන්හෝල්, බොරැල්ල අසල බහුලව දැකිය හැක. මුලින් මුලින් සිංහල බැරිය. "Hey brother, Can you speak English? I'm from අහවල් music band. අපි show එකකට colombo ආවා. මගේ hometown රත්නපුර. මගේ පර්ස් එක නැතිවෙලා. තියෙනව නම් 300 rupees දෙන්න පුළුවන්ද brother. ලොකු help එකක්" යැයි එක හුස්මට කියවාගෙන යයි.
    අපිත් හැරෙන තැපෑලෙන් "Sorry I don't speak Sinhala. Can we please continue in English?" කියා කියූ විට "ok ok brother" කියා පිටට තට්ටුවක් දමා පිටවී යයි.
    6. මහ කලු සිංහලයා.
    🇱🇰

    තොටලඟ, ඉඟුරුකඩේ හන්දිය, පෑලියගොඩ අවට දැකගත හැකිය. බස් රථ වලට නැග හිස්ව ඇති සෑම ආසනයේම වාඩිවී එහා පැත්තේ එකාගෙන් මුදල් ඉල්ලයි. මුලින්ම අහන්නේ සිංහලද කියාය. සල්ලි ඉල්ලන්නේ සිංහල නම් පමණි.
    ම.ක.සිං. : "මල්ලි සිංහල නේද? මාත් සිංහල තමයි මල්ලි. සිංහල අපිට අපිම මිසක් කවුරු උදව් කරන්නද නේද මල්ලි. ඔයා සිංහල නේද? මගේ පර්ස් එක නැතිවෙලා මල්ලි. ගෙවල් පානදුර. බස් එකට කීයක්හරි දෙනවද මල්ලි. හිඟන්නෙක් කියල නම් හිතන්නෙපා. සිංහල කොල්ලෙක් නිසා උදව්වක් වශයෙන් ඉල්ලන්නෙ."
    මම : "අයියා ශිංගල තේරි ඉල්ලෙ"
    ම.ක.සිං. : "නොදකින් විතරක් මදැයි සිංහල එකෙක් කියල කතා කරා" තමන්ටම බැනගනිමින් ඊළඟ අසුනට යයි.
    වසර ගණනක සිට මෙම බිස්නස් එක කරයි. දැන් නම් පයින් ගියත් කිහිප වරක් පානදුරට ගොස් නැවත පැමිණීමට කල් ඇතිය.
    7. තේ සීයා
    ☕

    වයස 70 පැනලාය. බොහෝ නගර වල සුලබය.
    තේ සීයා: "පුතේ තේ එකක් බොන්න කීයක්හරි දෙනවද?"
    මම : "යමු මම තේ එකක් අරන් දෙන්නම්"
    තේ සීයා : "නෑ නෑ මම තේ එක බොන්නම්. කීයක්හරි දුන්න නම් හොඳටම ඇති"
    මම : "නෑ ඉතින් මම අරන්දෙන්නම්. යමු අර කඩේට"
    තේ සීයා (තරහින්) : "තේ ඕන නම් සල්ලි ඉල්ලන්නෙ නෑනෙ. යන්න යන්න මහත්තයා පාඩුවෙ වැඩක් බලාගෙන"
    8. බයිසිකලේ.
    🛵

    රාත්‍රියට සුලබය. හොඳින් ඇඳපැලඳගෙන යතුරුපැදියක් තල්ලු කරගෙන පාරේ යයි. දකින දකින එකාට දුක කියා බයිසිකලයට තෙල් ගැසීමට රුපියල් 100ක් ඉල්ලයි. ලක්ෂයක් දුන්නත් ඌ නම් ගසන තෙලක් නැත.
    9. බස් ගැමුණු.
    🚌

    විශ්වාසවන්ත අයෙකු කී කතාවකි. මේ හිඟන ව්‍යාපාරික මහතා සිටින්නේ නුවර දළදා මාළිගාව අසලය. කකුල් 2ම නැත. සිඟමන් යදින්නේද නැත. ඔහේ වාඩිවී සිටියි. නමුත් බැතිමතුන් බහුල නිසාවෙන් ආදායම ඉතා ඉහළය. නුවර කෙටි දුර දුවන බස් 4ක සාඩම්බර හිමිකරුවෙකි. උදේ හවස යන්නේ එන්නේ ත්‍රීරෝද රථයෙනි. හවසට නුවර Queens hotel එකට ගොස් විස්කි ශොට් එකක් දාගැනීම දින චර්යාවේ එක් කොටසකි.
    10. බාර ඔප්පු කරන්නන්.
    👨‍👩‍👧

    දහවල් කාලයේ කොළඹ ඕනෑම තැනක මෙම වර්ගයේ ව්‍යවසායකයින් සුලභය. Floating market අසලට ගියොත් ඕනෑම වෙලාවක දැකගත හැකිය. කුඩා දරුවෙකු වඩාගෙන එන හොඳින් ඇඳපැලඳගත් යුවළකි.
    "Excuse me අයියෙ අපි මාතලේ. අපේ බබාට අහවල් අසනීපෙ හැදිල ගොඩක් අමාරු වුණා. එයාට සනීප වෙන්න කියල අපි බාරයක් වුණා. බාරෙ ඔප්පු කරන්න ඕන හිඟාකාලා ලැබෙන සල්ලි වලින්. අතේ තියෙනවා නම් කීයක්හරි දෙන්න පුළුවන්ද අයියෙ අනේ ලොකු උදව්වක්. අනේ අපි හිඟන්නො නම් නෙමෙයි. වැරදියට හිතන්න එපා. මම අහවල් company එකේ work කරන්නෙ. තියෙනව නම් විතරක් කීයක්හරි දෙන්න".
    ඉතාම ආචාරශීලීය. බොහෝ අය රැවටෙති. තවත් සතියකින් පමණ ඒ පැත්තේ රවුමක් ගැසුවොත් මේ කපල් එකම වෙනත් දරුවෙකු වඩාගෙන මේ කතාවම කියමින් හිඟාකනු දැකිය හැක. වැදගත්ම කාරණය මෙසේ යාචක ව්‍යාපාරය තුල ජීවත් වන කුඩා දරුවන් සැමවිටම එක්කෝ නිදාගෙන හෝ අඬමින් සිටිනු මිස සාමාන්‍ය අයුරින් සිටින බවක් කිසිදා දැකගත නොහැකි වීමය.. තේරුම්ගැනිම තවමත් මොවුන්ට මුදල් දෙන ඔබ සතුය.
    තරංග කුමාර..
     
    • Like
    Reactions: HSW, bball and NRTG

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,210
    113
    දවසක් මම RMV එකට ගිහින් එනකොට සුදු කොට කලිසම් දෙකක් ඇඳගත්තු මිනිස්සු දෙන්නෙක් මගේ ඉස්සරහට ආව. මට කිව්වා පුතා අපි දෙන්න වැලිකඩ බන්ධනාගාරෙන් අදයි නිදහස් වුනේ අපිට ගෙදර යන්න සල්ලි නෑ. අපි ඉන්නෙ කොරළවැල්ලෙ අපි දෙන්නට රුපියල් 100ක් දෙන්න කිව්වා. බොරුවක් නෙමෙයි කියන්නෙ කියල උන්ගෙ body language එකෙන් මට තේරුණා. ලැජ්ජාවයි යටහත් පහත් බවයි තිබ්බා. මම ඇහුවා කොච්චර කල් හිටියද ඇහුවා. එක්කෙනෙක් අවුරුද්දක්. තව කෙනෙක් මාස 3ක්. මම රුපියල් 100ක් දුන්නා. මට ඒ වෙලාවෙ හිතුනෙ කූඩු කරල හිටපු සතෙක් නිදහස් කරාම දැනුන සතුටක්. උන් දෙන්න කොච්චර ගොරහැඩි පාටට හිටියත් බොහොම ස්තූතියි මල්ලි කියන්න අමතක කරේ නෑ. :yes:
    3. Prison Break.
    බොරැල්ල මරදාන ටවුන්හෝල් අසල බහුලව දැකගත හැකිය. ඇඳුම සුදුය. "මල්ලි මම වැලිකඩින් නිදහස් වෙලා යනගමන්. මල්ලි ගෙවල් තියෙන්නෙ හොරොව්පතානෙ. බෂ්ෂෙකේ යන්න ෂල්ලි නෑ මල්ලි. අතේ තියෙනව නම් කීයක්හරි දෙනවද?". මැර පාට නිසා නොදන්නා උන් බයට හෝ සල්ලි දෙති.
    සතියකින් පමණ නැවත දැකගත හැකිය. මූ තවමත් ගෙදර ගොස් නැත.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,385
    1
    101,274
    113
    34
    Kalutara
    ඒ ඒ පැති වල මෙහෙම උන් සැරිසරනවා කියලා ඔකුන්ගේ පොටෝ ගහලම ලොකු බිල්බෝඩ් එකක් ගහන්න ඕන හැමෝටම පේන්න.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,392
    1
    62,018
    113
    Mother Earth
    උබට අහන්න තිබ්බේ වැලිකඩ බන්ධනාගාරෙ කවද්ද වේරහැරට ගෙනාවේ කවද්ද කියල
    නෑ කොල්ලො. නාරාහේන්පිටත් RMV එකක් තියෙනවනේ.
     
    • Like
    Reactions: D_Mad