බස් එකේ යද්දී අහම්බෙන් ඇහුනෙ. ගෙදර ඇවිත් Youtube එකේ හොයල හොයල අනිතිමට වැඩේ අතෑරියා. මෙන්න බොලේ ෆේස්බුක් එකේ තියෙනව


ඒ වුනාට මේක සුපිරියටම ගැලපෙනවනේ බන්SUno magula. oya wage ewa on ataram tynwa bn. mage draft eketh athi 100 witara
ඇත්ත. Ai වීඩියෝ එකක් සින්දුවක් අහන්න බැහැ තමයි. ඒව ඇත්ත නෙමෙයි කියන එක අපේ මනසට එනවත් එක්කම බොරු දේවල් රස විදල තේරුමක් නැහැ කියන එක දැනෙනෙව. හැබැයි හැම එකම එහෙම නෙමෙයි මචන් . Harry Potter, Load of the Rings, Hobbit වගේ ෆිල්ම් වල තියෙන්නෙත් මේ වගේ Computer tools වලින් හදපු වීඩියෝ. ඒත් ඒක අපේ රසවින්දනයට භාධාවක් නොවෙන්නෙ, ඒක කළාකරුවෙක්(Artist) කෙනෙක් නිර්මාණය කරපු දෙයක් නිසා. Ai ටූල්ස් සාමාන්‍ය මිනිස්සු භාවිතා කරල නිර්මාණ කරන එකයි Artist කෙනෙක් භාවිතා කරල නිර්මාණ කරන එකයි කියන්නෙ අහසට පොලව වගේ. කැන්වස් එකක් පින්සලක් දීල චිත්‍රයක් අදින්න කිව්වොත් ඕන කෙනෙක්ට චිත්‍රයක් අදින්න පුලුවන්. ඒත් ඒක කළාකෘතියක් නෙමෙයි. ඒක හැම එකකටම අදාලයි. ටූල් එක පාවිච්චි කරන්න දැනගත්ත පලියට ඒකෙන් නිර්මාණ කරන්න බැහැ.උබල ඕවා අහනවද බං. මට නම් සෙට් වෙන්නේම නැහැ. පට්ට අවුල්. මියුසික් කෙසේ වෙතත් වොයිස් එක නම් පට ගාලා තේරෙනවා රියල් නැහැ කියලා.