මේවා අමතක ද?

neonz

Member
Mar 31, 2008
1,349
55
0
11021109_548689818607462_6864702420358367543_n.jpg


“හැබැයි එතැන අනික් අය ඉන්න පැත්තට මට යන්න දුන්නේ නෑ. ඒ අසල තව කාර්යාලයක් තිබුණා. ඒක සුද්ධ කිරීම ඒ කණ්ඩායමටම අයිතිවුණා. මම ඉතින් එතැනට පුරුදුවුණා. බිමනිදාගන්න සිද්ධ වෙනවා පළවැනි දවසෙම. මම යනකොට මුල්ලක වතුර බෝතලයකුයි බෙලෙක් පිඟානේරෑ කෑම එක තියලා තිබුණා. ඒක කූඹි පිරිලා තිබුණේ එතකොට. කූඹි අයින් කරල මම ඒක කෑවා.එවෙලේ ඉඳලා මම දැනගත්තා මේක කරන්න ඕන. මේක සමහරවිට අවුරුද්දක්ද දෙකක්ද 10 ක්දදන්නෑ. කරන්න ඕන කියලා මම තීරණය කළා. ඒක හන්දා පළවැනි දවසේ රෑ නම් මම නිදාගත්තෙත් නෑ. දූවිලි පිරිලා සූදානම් කරලා තිබුණේ නෑ හරියට. ෆෑන් ගලවලා ලයිට් ගලවලා ඒවයේ බදාමවැටිලා. සියලුම දේ ගැලෙව්වා. මොකද අනික් සිරකරුවෝ ඔක්කොටම ෆෑන් තියනවා. ටෙලිවිෂන්තියනවා. ඒ ඔක්කොම ගලවලා දාලා තිබුණා. පස්සේ මම උසාවියේදි ඉල්ලිමක් කරල තමයි ඒවා ලබාගත්තේ. පැදුරක් විතරයි තිබුණේ පැදුරේ දවස් දෙකක් විතර යනකොට මගේ ඇඟේ බෝම්බ වලටඅහුවෙච්ච යකඩ කෑලි තියෙනවා. ඒවා පෑරෙන්න වගේ පටන් ගන්නවා නිකන් සිමෙන්තියේ හිරවෙලා නි දියනකොට. වෛද්‍යවරයකුට කිව්වාම මෙට්ටයක් දෙන්න කිව්වා මට. නමුත් අර බිමටවාඩි වෙනකොට නැගිටිනකොට මගේ කොන්දෙත් තියෙනවා යකඩ කෑල්ලක් ඒ කොන්දෙ අමාරුව ආවා. ඊටපස්සේ උස මොකක් හරි දෙන්න කිව්වා මෙට්ටය දාගන්න. බංකුවක් දුන්නා. ඒකෙ තරමට මෙට්ටයක්හදලා දවස් දෙකක් විතර මං වැටුණත් එක්ක නින්ද ගියාම. ඒ වගේ තමයි ජීවත්වෙන්න සිද්ධවුණේ. හුදකලා ජීවිතයක්. ඒක තමයි තියන ලොකුම ප්‍රශ්නය. ඒ කෑම බිම වුනත් කන්න බෑ .හුඟාක් සිරකරුවෝ ලෙඩවෙලා ඉන්නවා.