මේවා මතකද? දැන් බලන්නේ මොනවද?

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පේෂලා මෙන්ඩිස් ගායනා කරපු ඔය සින්දුවට මම කොච්චර ආදරේ කලාද කියනවනං මට තාම මතකයි ඔය සින්දුව නිසාම මමත් පුංචිකාලේ රෑට ගල් වැට උඩ වාඩිවෙලා අහස දිහා බලාගෙන හිටියා. ඒ තේරුමක් ඇතුව නෙමෙයි. ඒ සින්දුව නිසා. ඇත්තටම එදා එහෙම අහස දිහා බලාගෙන කල්පනා කරන්න දේවල් තිබුනේ නැහැ.. එත් ආසාවෙන් හිටියා සුරංගනාවියක් දකින්න. පුංචි කාලේ අප්පච්චි මාව ඔඩොක්කුවේ තියාගෙන ලස්සනම ලස්සණ රාජ කුමාරයෝ කුමාරියෝ සුරංගනාවියෝ ගැන කතා කියල දුන්න. අම්මා කිවුවා ගෙදර හැඩි කරන්න එපා. සත්තුන්ට හිංසා කරන්න එපා. බුදු සාදුට මල් තියන්න. බුදු සාදුගේ ගේ අතුගාන්න. එතකොට සුරංගනාවියෝ ඔයාව බලන්න එයි කියලා.

    එදා ඇතිවූ ඒ පුරුද්ද අදටත් මට තියනවා. දවසක් බුදුන් වදින්න බැරිවුනත් ඒ ස්ථානය පිරිසිදු කරන එක නම් වරද්දන්නෙ නැහැ. ඒ වගේම රෑට නිදාගන්න කලින් මිදුලේ හාන්සි පුටුවක අලවෙලා පොඩි වෙලාවක් හරි අහස දිහා බලාගෙන ඉන්න එක.

    එහෙම හිටියහම දවසේ සියලු දුක්ක දොමනස්නයන් ඉවර කරන්න පුළුවන්.:yes:
    එළකිරිය තුළ කලාතුරකින් හෝ හරවත් සංවාදයක් ජනන වනු දැක්ම සතුටකි. අවිවේකී ජීවිතය සමග සටන් කොට සසල හද වැනි වැඩසටහනක් ගෙන එන්නේ ඒ නිසා වෙනි.

    පැරනි ළමා ගීත.:D:D 34ක් වූ ප්‍රමාණයක් එළකිරි සාමාජික කොස්&පොල් සොයුරා වෙත මවිසින් ලබාදෙන ලදුව, උඩුගත කර ඇත. අවැසි සුධීහු එතුමන් පෞද්ගලික පණිවුඩයක් මගින් බණවා බාගත කිරීමේ සබැදියාව ලබා ගනිත්වා.

    වැඩ අධික බැවින් යමි. කමත්වා!
    ඉඩ ලද වහා එමි!!
     
    • Like
    Reactions: smad

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631

    සහෘද දත් කිබුල, ඔබ කලාවේ කෙළ පැමිණි දක්ෂ සුපවෙදියෙකි. එසේම මා/අප සම්මා දිට්ටියෙන් යුතු කලාව රසවිදීමේ විසමාග්නියෙන් බොහෝ කලක සිට දැවෙමින්, පෙළෙමින් සිටින්නෙමි/මු. එම නිසා මා/අප දවන්නාවූ ඒ විසමාග්නියෙන් මොහොතකට හෝ අත් මිදෙන්නට, කළා රසය තුලින්ද රස-නහර යලි පිනවන්නට, පැමිණෙනු මැන සැදැහැ සිතින්:yes::yes::yes:.
     
    Last edited:
    • Like
    Reactions: smad

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මම මේ නූල පටන් ගන්නකොට හිතුවෙ නැහැ මේකට මේ තරම් ප්‍රතිචාර ලැබෙයි කියලා..
    ඒත් දැන් තේරෙනවා මම වගේම, ලස්සන අතීතයක් තියෙන, ඒ අතීතයට ගොඩක් ආදරය කරන සහෘදයෝ රැසක් මේකෙ ඉන්නවා කියලා..
    ඔයාලා ඔක්කොටම බොහොම ස්තුතියි!
     
    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    ඇත්ත කතාව මචන්. සුසීමා එහෙම මතක් වෙද්දී අපි අයෙත් අපේ පොඩි කාලෙට යනවා. දැන් තියෙන ටෙලි නාට්‍ය මොනවද කියල හිතෙනවා. ඇත්තටම අපි ඒවා බලන්න වාසනාවන්තයි. මතකද සුසීමා එකේ තිබුන මරු වාහනයක්. ඒ වගේම ග්‍රැන්විල් රොඩ්රිගෝ රඟපෑ චරිතේ. මට ඒ කාලේ ඌව මට ඒ කාලේ පේන්න බැහැ.

    ඇල්ල ළඟ වලව්ව, ගිරය, පලිඟු මැණිකේ, කන්දේ ගෙදර, චරිත තුනක්, දූ දරුවෝ, සිටුවරයෝ වගේ ඒවා කොහොමද
     
    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    සුසීමා ටෙලි නාට්‍යයේ දෑස පියාගත්කල ගීතය විතරක් ගොඩක් ජනප්‍රියයි. නමුත් මෙතන දාලා තිබුන අනිත් ගීත 2ක්
    ගොඩක් ලස්සනයි. ඇත්තම කිව්වොත් පැරණි ටෙලිනාට්‍ය ගීත ගොඩාක් ලස්සනයි.

    මෑතදි රෑකාන්ත මහත්මයා ගායනා කලා කුමාරයාණනි ටෙලි නාට්‍යයයට ගීත දෙකක් (මම ඇහැව්වා හොරෙන් හදවතින් ගීතයයි තව එකකුයි). ඒ දෙක තමා මට මතක ඇති කාලෙක අලුත් (2005න් පස්සෙ) ටෙලිනාට්‍ය ගීත වලට මම ආසාවෙන් ඇහුවේ.

    ඊයෙ මම දැක්ක ස්වාධීන රූපවාහිනී චැනලයේ ටෙලි නාට්‍යක ප්‍රචාරටය හින්දි ගීතයක් දාලා. මේවා දැක්කම දුක හිතෙනව. ලංකාවෙ කොච්චර දක්ෂ සංගීතඥයෝ ඉන්නද නේද? ඇයි හින්දි ඒවා????
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    මම මේ නූල පටන් ගන්නකොට හිතුවෙ නැහැ මේකට මේ තරම් ප්‍රතිචාර ලැබෙයි කියලා..
    ඒත් දැන් තේරෙනවා මම වගේම, ලස්සන අතීතයක් තියෙන, ඒ අතීතයට ගොඩක් ආදරය කරන සහෘදයෝ රැසක් මේකෙ ඉන්නවා කියලා..
    ඔයාලා ඔක්කොටම බොහොම ස්තුතියි!

    Old is Gold
    :D:D
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    සහෘද දත් කිබුල, ඔබ කලාවේ කෙළ පැමිණි දක්ෂ සුපවෙදියෙකි. එසේම මා/අප සම්මා දිට්ටියෙන් යුතු කලාව රසවිදීමේ විසමාග්නියෙන් බොහෝ කලක සිට දැවෙමින්, පෙළෙමින් සිටින්නෙමි/මු. එම නිසා මා/අප දවන්නාවූ ඒ විසමාග්නියෙන් මොහොතකට හෝ අත් මිදෙන්නට, කළා රසය තුලින්ද රස-නහර යලි පිනවන්නට, පැමිණෙනු මැන සැදැහැ සිතින්:yes::yes::yes:.

    එළකිරිය තුළ කලාතුරකින් හෝ හරවත් සංවාදයක් ජනන වනු දැක්ම සතුටකි. අවිවේකී ජීවිතය සමග සටන් කොට සසල හද වැනි වැඩසටහනක් ගෙන එන්නේ ඒ නිසා වෙනි.

    පැරනි ළමා ගීත.:D:D 34ක් වූ ප්‍රමාණයක් එළකිරි සාමාජික කොස්&පොල් සොයුරා වෙත මවිසින් ලබාදෙන ලදුව, උඩුගත කර ඇත. අවැසි සුධීහු එතුමන් පෞද්ගලික පණිවුඩයක් මගින් බණවා බාගත කිරීමේ සබැදියාව ලබා ගනිත්වා.

    වැඩ අධික බැවින් යමි. කමත්වා!
    ඉඩ ලද වහා එමි!!

    සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්තක වේවා....! හරවත් යමක් රසවත්ව අපහට විදින්නට අවස්තාව සැලසෙත්වා.........:D:D:D
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    දැනුත් හොඳ නාට්‍ය බිහි නොවෙනවා නෙමෙයි. එදාටත් වඩා හොඳ නාටියක් හැදුවත් එක බලන්ඩ වන්නේ නෑ අපිට. සමහර සම්මාන ගන්න නාට්ටිව වල නම අපි අහන්නෙත් සම්මාන උළෙලේදී .මොකද ටෙලි මුදලාලිලා අපිට බලෙන් වෙන වෙන දේවල් පෙන්නන නිසා. සියල්ල රුපියල් සත වලට තීන්දු වෙන කාලෙක අපහු අතීතයට හැරවීමක් නම් කොහෙත්ම කෙරෙන්නේ නෑ අපි කැමති වුනත් නැති වුනත් . කොටිනම කියනවනම් ඒ කාලේ ඔය වගේ හොඳ නිර්මාණ කරපු කළා කාරයොත් අද මුදලාලිලා වෙලා ඉන්නේ .ආණ්ඩුවේ මැදිහත් වීමක් මේකට අවශ්‍යයි කියල තමයි මට පෙන්නේ .ගාල කඩා ගත්ත වගේ යනඩ දුන්නොත් හරි යන්නේ නෑ.