මේවා රජ කාලේ අත්සන් බොලවු........!!!
~ සිංහල රජවරුන්ගේ අත්සන් ~
පැරණි සිංහල රාජාණ්ඩු ක්‍රමය තුළ ඉහළ මට්ටමේ නිල කාර්යයන් වලදී රජවරුන් විසින් විවිධ ලේඛන වල අත්සන් තබන ලදී. මෙම අත්සන හඳුන්වන ලද්දේ රාජකීය මහ මුද්‍රාව හෙවත් "ශ්‍රී" අක්ෂරය නමින් බව මහාචාර්ය රැල්ෆ් පීරිස් සිංහල සමාජ සංවිධානය ග්‍රන්ථයෙන් පෙන්වා දෙයි. මෙම අත්සන් අඩංගු සන්නස් බහුල වශයෙන් ලියවී ඇත්තේ තඹපත් වලය. තඹපත්වල ලියවී ඇති රාජකීය ඉඩම් දීමනා "සන්නස" ලෙසත් පුස්කොළයේ ලියා දුන් ඉඩම් දීමනාව තුඩපත ලෙසත් කොඩ්රින්ටන් සඳහන් කරයි. "තුඩ" යනු මුවින් පිටවූ වදන යන අරුත් දෙයි. ඒ අනුව රජුගේ වාචික නියෝගය පරිදි පුස්කොළවල ලියන ලද ඉඩම් දීමනාව ඇතුළත් ලේඛනය "තුඩපත" නම් විය. එහෙත් රන්පත්, රිදීපත් හා ගල්පත් වලද මෙම ඉඩම් දීමනා සඳහන් වේ. මහනුවර මහ දේවාලයේ සන්නස, වාකිරිගල රජමහ විහාරයේ සන්නස රන්පත් වල ලියන ලද සන්නස් වලට නිදසුන් වේ.
රජු විසින් රාජකීය ඉඩම් දීමනා අඩංගු සන්නස් මගින් වෙහෙර විහාර වලට ඉඩකඩම් පූජා කර ඇත. යුද්ධ වලදී දස්කම් දැක් වූ රණශූරයන්ට ද රජමාලිගාවට පක්ෂපාතීව සේවය කර සිටි නිලධාරීන්ටද, විශේෂ දක්ෂතා දැක්වූ ශක්තිමත් පුද්ගලයන්ටද ශ්‍රී අක්ෂර යෙදූ සන්නස් මගින් ඉඩකඩම් ප්රදානය කර තිබේ.
රජවරුන් විදෙස් ජාතීන් සමග අත්සන් කරන ලද ගිවිසුම් වලටත් අධිකරණ තීන්දු වලත් යොදා ඇති ශ්‍රී අක්ෂරය ඉඩකඩම් ප්රදානයේදී සඳහන් කරන ලද ශ්‍රී අක්ෂරය හා සසඳන විට යම් යම් වෙනස්කම් දැකිය හැකිය.
ශ්‍රී අක්ෂරය දැක්වෙන පැරණිම සන්නසක් හැටියට දැක්විය හැක්කේ මහනුවර උපරාජධානයක් වශයෙන් පැවති සමයේ රජකළ දෙවැනි ජයවීර (වික්‍රමබාහුගේ පුතෙකි) (1514-1547) විසින් නිකුත් කළ ඔළුපැලියාවේ සන්නසයි.
මෙම සන්නසේ ශ්‍රී අක්ෂරයට පෙරාතුව ඇති පූර්ව කවයත් අඩසඳ ලකුණත් ප්‍රාදේශීය පාලකයන්ගේ ලාංජනය යෑයි අනුමාන කළ හැකිය.
ක්‍රි. ව. 1635-1687 අතර කාලයේ මහනුවර රජ කළ රාජසිංහ රජු විසින් නිකුත් කළ රිටිගල සන්නසේ (ක්‍රි. ව. 1656) ශ්‍රී අක්ෂරය යෙදී ඇත්තේ එය වටා පූර්ණ කවයක් යන පරිදිය. මෙම රජු විසින් නිකුත් කළ තෙල්කුමුදුවල සන්නසේ (ක්‍රි. ව. 1683) ඇති ශ්‍රී අක්ෂරයෙත් මෙම අක්ෂරයත් අතර මද වෙනස්කම් ඇත. මෙම සන්නස ප්රදානය කර ඇත්තේ රජවාසලට පක්ෂපාතීව සිටි අලංකාර මුදලියාට ඉඩකඩම් ප්‍රදානයක් හැටියටය.
ක්‍රි. ව. 1687-1707 අතර කාලයේ කන්ද උඩරට රජු වූ දෙවන විමලධර්මසූරිය රජුගේ සන්නසක ශ්‍රී අක්ෂරය සාමාන්‍ය අයුරින් දක්නට ලැබේ. මෙම සන්නසින් ඉඩකඩම් ප්රදානය කර ඇත්තේ සබරගමු දිසාවේ කොලොන්න කෝරළයේ මඩුවන්වෙල ඒකනායක අභයකෝන් මුදලිටය. එසේ ඉඩකඩම් ප්‍රදානයට හේතු වී ඇත්තේ ඇලි ගොනෙක් පණ පිටින් අල්ලා රජු ඉදිරියේ පෙන්වූ දස්කම නිසා බව සන්නසේ සඳහන් වේ. ඒ අනුව කාය ශක්තියෙන් විශේෂ දක්ෂතා දැක්වූවන්ට ඉඩකඩම් ප්රදානය කිරීම රාජකීය සිරිතක්ව පවතින්නට ඇති බව පෙනේ.
ක්‍රි. ව. 1707-1737 අතර කාලයේ රජකළ කුන්ඩසාලයේ රඡ්ජුරුවෝ වශයෙන් හැඳින් වූ නරේන්ද්‍රසිංහ රජු විසින් ජෙද්දන්ත මුදලියාට නිකුත් කළ අම්පාගල සන්නසේ (1729) ඇති ශ්‍රී අක්ෂරය වටා කවයක් ඇත. ඔහු විසින් කෝනාර මුදලිට 1720 දී නිකුත් කළ සන්නසේ පූර්ව කවයක් දෙකක් හා පිටතට ගිය හරස් ඉරිකඩවල් දෙකක් ඇත. මෙම රජු විසින් විඡේසුන්දර ඒකනායක මුදලිට කටුවන බලකොටුව අල්ලාගැනීමේදී පෑ දස්කම් නිසා 1708 දී ඉඩකඩම් ප්රදානය කරන ලද ගොඩවෙල සන්නසේ ඇති ශ්‍රී අක්ෂරය සාමාන්‍ය ස්වරූපයක් ගනී.
ක්‍රි. ව 1737-1747 අතර කාලයේ කන්ද උඩරට රාජධානියේ රජ කළ හඟුරන්කෙත රඡ්ජුරුවෝ නමින් හඳුන්වන ශ්‍රී විජය රාජසිංහ රජු විසින් ක්‍රි. ව. 1744 දී අත්සන් කරන ලද දිවි සීට්ටුවක ශ්‍රී අකුර මැදි කර පූර්ව කව දෙකක් හා අර්ධකවයක් ඇත. මෙම පූර්ව කව මගින් අධිකාරම්වරුන් දෙදෙනෙක්ද අර්ධ කවයෙන් දිසාවේ කෙනෙක්ද අරුත් ගැන්වෙන බවත් ඔවුන් මෙම නඩු විනිශ්චය සඳහා සහභාගී වූවන් බවත් පෙනේ.
ක්‍රි. ව. 1747-1781 අතර කාලයේ කන්ද උඩරට රජු වූ කීර්ති ශ්‍රී රාජසිංහ රජු ලන්දේසීන් සමග ක්‍රි. ව. 1766 දී අත්සන් කළ ගිවිසුමේ පූර්ව ශ්‍රී අක්ෂරය සම්පූර්ණ නමත් සමග දැක්වේ.
කටුවන හා මාතර බලකොටු අල්ලා ගැනීමේදී දස්කම් පෑ ඇමිටියගොඩ ගුණතිලක අලහකෝන් මුදලිට ප්රදානය කළ ඇමිටියගොඩ සන්නස (1761) හා මේ සටන් වලදී දස්කම් දැක්වූ හෙලපල්ලේ දිසානායක මුදලිට ප්රදානය කළ පනානේ සන්නස (1761) ඇතුළු සන්නස් ඇතුලු සන්නස් ගණනාවක ශ්‍රී අක්ෂරය එක සමානව ඇත.
මෙයාකාරයෙන් කටුවන හා මාතර බලකොටු අල්ලා ගැනීමේදී දස්කම් පෑ අකුරමාට්ටුවාගල අභයනායක කුරුප්පු මුදලිටද,
උඩගම රාජපක්ෂ මුදලිටද කලවානේ ධර්මාලංකාර අතපත්තු මුදලිටද ශ්‍රී අක්ෂරය යොදමින් ඉඩකඩම් ප්රදානය කරනු ලැබීය.
කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් ක්‍රි. ව. 1768 දී රඹේමුල්ලේ ගල්ලෙන් විහාරයට ඉඩකඩම් පූජා කරමින් ප්රදානය කරන ලද සන්නස් ඉර හඳ ලාංජන සමග ශ්‍රී අක්ෂරය ඇත.
මෙම ඉර හඳ ලාංජන මගින් කියවෙන්නේ ඉර හඳ පවත්නා තෙක් මෙම ඉඩම් අදාල විහාරයට හිමිවන බවයි. ශ්‍රී පාද විහාරස්ථානයට කුට්ටාපිටිය ගම පූජා කරන ලද සන්නසේද මෙම ඉර හඳ ලාංජනය ඇත. මෙම ලාංජනය වෙහෙර විහාර වලට ඉඩකඩම් පූජා කිරීමේදී පමණක් මෙම ලාංජනය යොදන ලද බව පෙනේ.
ක්‍රි. ව. 1781-1798 අතර කාලයේ කන්ද උඩරට රජ කළ රාජාධිරාජසිංහ රජු විසින් රජවාසලට රාජපාක්ෂිකව සිටි නිසා කරවුදෙනියේ ජයසිංහ මුදලිටද පන්නල වට්ටෝපිටේ සේනානායක මුදලිටද ඉඩකඩම් ප්රදානය කරන ලද සන්නස් වල ඇති ශ්‍රී අක්ෂරය එක හා සමාන වේ.
සිංහලේ අවසාන රජු වශයෙන් හැඳින්වෙන ශ්‍රී වික්‍රම රාජසිංහ රජු (1798-1815) විසින් නිකුත් කරන ලද සන්නස් කිහිපයක ශ්‍රී අක්ෂර වල විශේෂතා ඇත. සබරගමු දිසාවේ ආරියපෙරුම වීරදිවාකර මුදලිට ප්රදානය කරන ලද සන්නසේ (1799) ශ්‍රී අකුර වටා පූර්ණ කවයක් හා අර්ධ කවයක් ඇත. මෙම අර්ධ කවය සබරගමු දිසාවේට අයත් නිල ලාංජනයයි.
ශ්‍රී වික්රමරාජසිංහ රජු විසින් 1811 දී මඩුවන්වෙල වෛද්‍යවරයාට ප්රදානය කරන ලද මඩුවන්වෙල සන්නසේ ශ්‍රී අකුර වටා විවිධාකාර සැරසිලි දක්නට ලැබේ. මෙය අතිවිශේෂ ගණයට ගැනෙන සන්නසක් හැටියට පෙන්වීමට මෙසේ කර ඇති බව පෙණේ.
මෙම රජු විසින් ක්‍රි. ව. 1814 දී මොල්ලිගොඩ මහඅදිකාරම්ට ප්රදානය කර ලද මොල්ලිගොඩ සන්නසද මෙකී සැරසිලි සහිත ශ්‍රී අක්ෂරය දක්නට ලැබේ.
මෙම සන්නස ගැන එච්. සී. පී. බෙල් මහතා "සිංහල සමාජ සංවිධානය" ග්‍රන්ථයේ මෙසේ සඳහන් කරයි.
"තඹ පතකි. අඟල් 19 1/8 දික්ය, 3 3/4 පළලය : මටසිලුටුය ඔප දමා තිබේ. තඹපත වටා මනහර ලෙස කැටයම් කරන ලද රිදී රාමුවකි. අකුරු කුඩාය ලං ලං ව මනහර ලෙස ඉතා පරෙස්සමින් කපා තිබේ. ඡේද කුණ්ඩලවලින් වෙන් කර ඇත. තඹප තෙහි ඉදිරිපස (A) පේලි එකොළසක් ඇත. එහි දකුණු කෙළරේ හා වම් කෙළවරේ පටු හිස් තීරු දෙකකි. වම් කෙළවරේ පිහිටි (අඟල් 3 1/2 පමණ වූ) චාම් පෙදෙසෙහි විශාල "ශ්‍රී" යන රාජ ලාඤ්ජනය රනින් ගිල්වා තිබේ. මෙය වටා, උඩට නෙරා සිටින සේ කැටයම් කරන ලද ත්‍රිත්ව සාංනිකාවකින් යුත් (අඟල් 21 1/16 පමණ වූ චතුරශ්‍රයකි. පසු පැත්තෙහි ( ඊ) දෙකෙළවර ද මඳක් හිස් තීරු ඇති පේළි එකොළසකින් යුක්තය.
මේ සන්නස ප්රදානය කරන ලද්දේ ශකවර්ෂ 1736 දීය, එනම් ක්‍රි. ව 1814 මැයි මාසේදීය. මේ සන්නස උඩරට රජ කෙනෙකු විසින් දෙන ලද අන්තිම සන්නස විය හැකි බව බෙල් පවසයි. නිමාව හා මනහරභාවය අතින් මේ සන්නස අන් කිසිම සන්නසකට නොදෙවෙනිය. තඹ ශිල්ප ක්‍රමය ගැන සළකා බලන විට දිවයිනේ දක්නට ලැබෙන තඹ ලියෑවිලි අතුරෙන් ශෝභනතව හා අනගිතම සන්නස මෙම මොල්ලිගොඩ සන්නස බව බෙල් වැඩිදුරටත් පවසයි.
ඉඩකඩම් අයිතිවාසිකම් ඔප්පු කිරීම සම්බන්ධයෙන් මෙම සන්නස් හා තුඩපත් මගින් දෙනු ලබන සාක්ෂි ප්‍රබල නීතිමය පදනමක් සහිතය. දිවයින පුරා පිහිටි දිස්ත්‍රික් උසාවි වල මෙම සන්නස් හා ලේඛන වල නිරවද්‍යතාව හඳුනාගෙන ඒවායේ නීතිමය පදනම පිළිබඳව සාක්ෂි දීමට අවස්ථා ගණනාවකදීම මට සිදු විය. මෙබඳු අවස්ථා කිහිපයකදීම ව්‍යාජ සන්නස් හා තුඩපත් මා හට හසු වූයේ නීත්‍යානුකූලව ලියා පදිංචි අදාල ලේඛන වල ඇති අත්සන් හා සසඳා බැලීමෙනි. කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ අත්සන සඳහන් තඹ සන්නසක් අධිකරණයට ඉදිරිපත් වූ එක් අවස්ථාවක එය ව්‍යාජ සන්නසක් බව ඔප්පු කිරීමට මා හට එම රජු විසින් නිකුත් කළ අනෙක් සන්නස් හා අදාල ලිපි ලේඛන ගණනාවක් ඉවහල් විය.
බ්‍රිතාන්‍ය ආණ්ඩුව විසින් පනවන ලද 1866 අංක 6 දරන ආඥා පනත අනුව මෙම සන්නස් තුඩපත් ආදිය ලියාපදිංචි කළ යුතු විය. මෙම ක්‍රියාවලිය ද මෙම ලේඛන වල නීතිමය පදනම තවත් තහවුරු කිරීමට හේතු වී ඇත.