මට පේන්නෙ හුරුල්ලො වගේ
------ Post added on Sep 12, 2021 at 11:34 AM
Malu jathiyak wage
හුරුල්ලො පොන්ස්
Hurullo bn oya
හුරුල්ලෝ
හුරුල්ලො.
![]()
අද මම ඔබට හඳුන්වාදෙන්න සුදානම් වන්නේ ඔබට අපට ඉතාමත් වැදගත් තවත් කුඩා මාළු විශේෂයක් හඳුන්වා දෙන්නයි. ඒ තමයි Clupeidae කුලයට අයත් වෙරළාසන්න මුහුදේ වෙසෙන හුරුල්ලා - spotted sardinella. Amblygaster sirm යන විද්‍යාත්මක නමින් තමයි හඳුන්වන්නේ. හුරුල්ල කියන්නේ අපිට ඉතාමත් ආර්ථිකව වැදගත් වගේ ඉල්ලුමක් සහිත මාළු විශේෂයක්. මේ වනවිට විවිධ හේතුන් නිසා සම්පුර්ණයෙන්ම වාගේ වඳවෙලා ගිහින්. අපි පුංචි කාලේ හුරුල්ලෝ කියන්නේ ඉතාමත් සුලබ මාළුවක්. අනෙකුත් මේ හා සමාන මාළුන්ට වඩා මිලෙන් ඉහල සහ ඉල්ලුමක් සහිත නිසා හුරුල්ලෝ කියල තෙල් සාලයා (බඩවැලා), තොන්ඩ හුරුල්ලා, සාලයා (කලවන්නා) වගේ ගොඩක් මාළු විකුණන නිසා නිසිලෙස හඳුනා ගැනීම ඉතාමත් වැදගත්.
මධ්‍යම ප්‍රමාණයට හුරුල්ලෙකු සාමානයෙන් අඟල් 6-8ක් දිගින් යුතු අතර කොහු මිටක් වගේ රවුම් හැඩයක් ගන්නවා. තරුක රූපී දේහ හැඩය සහ දෙබල් වූ වලිග වරල. කට දේහයේ හරි මැදින් ඉදිරියට නෙරා පිහිටන අතර ශරීරය සම්පුර්ණයෙන් කොරපොතුවලින් ආවරණය වෙලා තිබෙනවා. අනෙකු මාළුන්ට සාපේක්ෂව හුරුල්ලගේ කොරපොතු ඉතාමත් ඉක්මනින් ගැලවෙන ස්වබාවයක් තිබෙනවා. දේහයේ උඩ පැත්ත තද නිල් පැහැයකින්ද බඳ සහ යට පැත්ත දිලිසෙන සුදු වර්නයක්ද ගනී. විශේෂම ලක්ෂණය වන්නේ අංශ රේකාව දිගේ රිදී පැහැති ලප 10-20ත් අතර ප්‍රමානයක් පවතී. පිධානය තරමක රතු පැහැයක් ගනී.
භාවිතය
හුරුල්ලන් සාමන්යෙන් උෂ්ණ මාළුවක් ලෙස හඳුන්වන අතර කිරට ඉතාමත් රසවත්ය. ඇඹුලට මිරිසට මෙන්ම කරවල සහ උම්බලකඩ නිෂ්පාදනය සඳහාද භාවිතයට ගනී. නිරිත දිග මෝසම සක්‍රිය වීමත් (ජුනි ජුලි මාස වල) සමග දකුණු මුහුදු ප්‍රදේශයේ හුරුල්ලන් සුලබව ලැබුනද දැනට එසේ නොමැත. හුරුල්ලන් අල්ලා ගනු ලබන දැල කරමල් දැලක් වන අතර එය බයිබල් දැල ලෙස ධීවර මහතුන් විසින් හඳුන්වයි.
හුරුල්ලන්ගේද හිස්ටමින් ප්‍රමාණය ඉහල නිසා උෂ්ණ මාළුවක් ලෙස හඳුන්වන අතර මාළු පරණ වූ විට හිස්ටමින් ප්‍රමාණය ඉහල යාම නිසා අසාත්මිකතා (කට කැසීම) ඇතිවේ. ඉක්මනින් කොරපොතු ගැලවී යන නිසාත්, බඩ පැලී යාමත්, ඇස්වල දීප්තිමත් වර්ණය නැතිවීමත් නිසා නරක්වී ඇති මාළු පහසුවෙන් හඳුනා ගත හැක,
උපුල් ලියනගේ
ජේෂ්ඨ විද්‍යාඥ
නාරා ආයතනය
See less
කීරමින් සාලයා
ඒකනෙ බන්හුරුල්ලෝ
හුරුල්ලා හීනියි දිගයිවෙන් කරලා අදුරගන්නේ කොහොමද?
ඒකනෙ බන්
මාලු ලොරියෙන් අම්මට කියලා තියෙන්නෙ සාලයො කියලා


