මේව බිස්නස් ද? හොර වැඩ ද?

nOoB_SL

Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    machan salli deela baduwak aran eka thawa ekekuta ganna kiyana eke waradak nane bun,
    eken amathara ganak enawa
    ඒගොල්ල මුලින්ම කිව්ව ඔය සෝලා සිස්ටම් එකේ ගාන ලයිට් බිල ඉතුරු කරල කවර් කරන්න පුලුවන් කියල (එතකොට ඒකෙ ගාන කිව්වෙ නෑ ඈ) මාසෙකට 2000ක් බිල එනව නම්, සෝලා පැනල් එකෙන් 2000ම ඉතුරු කලත් (කරන්න කොහෙත්ම බෑ) මාස 30ක් යනව cost cover කරන්න. ඒ කියන්නෙ එතනත් කලේ බෝලෙ බස්සන එකනෙ.
    අනික මචං මගෙ යාලුව කතා කලේ “බිස්නස් එකක් තියෙනවා, විස්තර කියන්න මාව හම්බවෙයන්“ කියල මිසක් “ලයිට් බිල ඉතුරු කරන බාන්ඩයක් තියෙනවා, ගන්න වරෙන්“ කියල නෙවෙයි. ඒ කියන්නෙ මම ගියේ බිස්නස් අදහසින් මිසක් ෂොපින් කරන්න නෙවෙයිනෙ. පිස්සුද බං හැටදාහක් ණය වෙලා සෝලා පැනල් අරන් ලයිට් 4ක් පත්තු කරන්න?
    :P
     

    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    821
    756
    93
    පිරමිඩ් තමයි. අපි university ඉන්න දවස් වල ඔය සීන් 1 නිසා lawyers and මහ බෑන්කුවෙන් සෙට් 1 ක් ගෙන්නල ඔය ගෑන ලොකු discussion 1ක් කරා.

    එකෙදි ගොඩක් නිතිමය පෙත්ත ව්ගේම සමාජීය බලපෙම ගෙනත් කිවා.

    ගොඩක් වෙලාවට අපි ඕකට set unata පස්සේ අලුතෙන් අදුන්වලා ඩෙන්නෙ අපි අඩුරන කෙනෙක් නේද? යලුවෙක් එහෙමත් නෑත්නම් නෑදෑ කෙනෙක්. එ කෙනා ඔක කරන්න ගිහින් අතේ තියන ගානත් කෙලවගත්තොත් අපි අතර තියෙන යලුකමත් කෙල වෙල යනවා. එකයි තියන තියන සමාජිය බලපෑම.

    එ වගේම නිතියෙන් තහනම්ලු. එ ගෑනනම් මට එ තරම් sure නෑ.
    නිතියෙන් තහනම් උනාට අල්ලන්න අමරුයිලු :shocked:.

    ඊට ටික දවසකට පස්සේ අපෙ ගෙවල් ලග ඈන්ටි කෙනෙක් අවා application 1ක් අරගෙන fill කරල දෙන්න කියලා, බලනකොට පිරමිඩ් කේස් 1ක්.
    ඒක application 1ක් වගේම aggrement 1ක්.
    එක තිබුනේ ෆුල් කඩ්ඩෙන් :yes:, points 12 ක් විතර තිබුනා. එකේ තියන විදියට මොකක් හරි පඩුවක් උනොත් අපි විඩගන්න ඔන. අපිට එ අයට විරුද්දව කිසිම action 1 ක් ගන්න බෑ. තව ගොඩක් දෙවල් තිබුනා. කොහොම හරි මොනම ප්‍රශ්නයක් උනත් අපිට කිසිම පිහිටක් නෑ, එ අයට කිසිම චෝදනවක් කරන්නත් අපිට බෑ :no:.
     

    Hirushan100

    Member
    Nov 27, 2013
    1
    0
    0
    FKC I Asia කියලා එකක් තියනවා. මෙක ගැන දන්නෙ අය ඉන්නවද? මෙකත් පිරමිඩ්. තව පොඩ්ඩෙන් මම අහුවෙනවා.
     

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    ඔය එකම සෙට් එකක් තමයි කරන්නේ , කොල්ලුපිටියේ ඩුබ්ලිකේශන් පාරේ තැනක් තියෙනවා , මාවත් යාලුවෙක් එක්කන් ගියා බිස්නස් එකක් තියෙනවා වරෙන් බලන්නයි කියලා, රිෆරල් වලින් තමයි ආධායම උබේ යටින් ඉන්න එකෙක් හරි හරියට වැඩේ ඇදගෙන ගියේ නැත්නම් උබ ඉවරයි. ඕකෙන් උඩම ඉන්න උන් පෝසත් වෙනවා යට ඉන්න උන් සදා සොත්ති.

    කොල්ලුපිටිය??? කොමර්ෂල් බෑන්ක් එක එහා පැත්තෙද? :shocked:
     

    kickmeo

    Member
    Nov 30, 2010
    529
    25
    0
    මහ පිරමිඩයක කොටස්කරුවෙකු විමට ඔබට අනගි අවස්ථාවක් හිමිව ඇත නොපමාව ඔබගේ මුදල අයොජනය කර කෙලවෙන සැටි බලා සතුටු වෙන්න දියුනුවේ රන්පිරමිඩයට ඔබත් එක්වන්න

     

    Black King

    Well-known member
  • Jun 16, 2011
    925
    150
    63
    ඒගොල්ල මුලින්ම කිව්ව ඔය සෝලා සිස්ටම් එකේ ගාන ලයිට් බිල ඉතුරු කරල කවර් කරන්න පුලුවන් කියල (එතකොට ඒකෙ ගාන කිව්වෙ නෑ ඈ) මාසෙකට 2000ක් බිල එනව නම්, සෝලා පැනල් එකෙන් 2000ම ඉතුරු කලත් (කරන්න කොහෙත්ම බෑ) මාස 30ක් යනව cost cover කරන්න. ඒ කියන්නෙ එතනත් කලේ බෝලෙ බස්සන එකනෙ.
    අනික මචං මගෙ යාලුව කතා කලේ “බිස්නස් එකක් තියෙනවා, විස්තර කියන්න මාව හම්බවෙයන්“ කියල මිසක් “ලයිට් බිල ඉතුරු කරන බාන්ඩයක් තියෙනවා, ගන්න වරෙන්“ කියල නෙවෙයි. ඒ කියන්නෙ මම ගියේ බිස්නස් අදහසින් මිසක් ෂොපින් කරන්න නෙවෙයිනෙ. පිස්සුද බං හැටදාහක් ණය වෙලා සෝලා පැනල් අරන් ලයිට් 4ක් පත්තු කරන්න?
    :P

    eka nam eththa thamai bun
     

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    මහ පිරමිඩයක කොටස්කරුවෙකු විමට ඔබට අනගි අවස්ථාවක් හිමිව ඇත නොපමාව ඔබගේ මුදල අයොජනය කර කෙලවෙන සැටි බලා සතුටු වෙන්න දියුනුවේ රන්පිරමිඩයට ඔබත් එක්වන්න


    heh_thumbs_up_nph.gif
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    අහුවෙන්න නම් එපා. ඔය පිරමිඩයේ උඩ ඉන්න සෙට් එකට විතරයි ලාබ තියෙන්නේ. කවද හරි ඇන හිටිනවා චක්‍රය
     

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    eka nam eththa thamai bun

    අද අපි කිහිප දෙනා දන්න නිසා මේ වැඩෙන් බේරෙන්න පුලුවන්. ඒත් අහුවෙන අය කී දෙනෙක් නම් ඇත්ද? ඒ නිසා දන්න කියන හැමෝම දැනුවත් කරන්න. අපේ වයසත් එක්ක, තාක්ෂණයට තිබෙන නැඹුරුවත් එක්ක අපිට ගූගල් මගින් හරි, මේ විදියට එළකිරියෙන් හරි ඒ ගැන හාරා අවුස්සන්න පුලුවන්. එත් හිතන්න, ගොඩක් වැඩිමල් ඔබගේම නැන්දා කෙනෙක්, මාමා කෙනෙක්, මේ ගැන අහලවත් නැති ඔබේම කෙනෙක් මේ වගේ දේකින් ලේසියෙන්ම අමාරුවෙ වැටෙන්න පුලුවන් නේද?
    මේ වගේ ලේසියෙන් සල්ලි හොයන ෆැන්ටසි ගැන අනිත් අයට කියන්න. දන්නෝ දනිති මෙයාලා අපි ගියාම දෙන බ්‍රේන්වොෂ් පාර!
    :yes:
     

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    අහුවෙන්න නම් එපා. ඔය පිරමිඩයේ උඩ ඉන්න සෙට් එකට විතරයි ලාබ තියෙන්නේ. කවද හරි ඇන හිටිනවා චක්‍රය
    අන්න ඒක තමයි මම හිතුවේ... "මම මේ සිස්ටම් එකේ කී වෙනි තට්ටුවෙද ඉන්නේ??" ඔයාලට කෙනෙක් මේ දේ බිස්නස් ප්ලෑන් එකක් විදියට ගෙනාවොත් මෙන්න මේ ප්‍රශ්නය අහන්න. පොරට කට උත්තර නැති වෙනවා. :yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අහුවෙන්න එපා නූබෝ ඕක පිරමිඩ් උපක්‍රමයක්. අර ටියන්ස් කියන උන් කරා සෑහෙන්න දරුණු විදියට ඕක. ඕකෙන් ප්‍රතිලාබ ලැබෙන්නේ 5% අඩු පුද්ගලයන් ගානකට. උඹට වුණත් මේකක් පටන් ගන්න පුළුවන්, පොඩ්ඩක් පහල දේ බලපං..............

    දානව ඇඩ් එකක්, රු 20000/- කට නවතම ටොෂීබා කෝර් අයි 7 ලැප්ටොප් එකක් හිමිකරගන්න.......ඔන්න ඔහොමයි පටන් ගන්නේ......
    දඅන් උඹ 20000/- ගෙවනවා, ලැප ලැබෙනව ද නෑ.....ලැබෙන්නේ ටිකට් 7ක්, එකක් 20000/- ගානෙ තව 7 දෙනෙක්ට විකුණන්න ඕන. ඒ 7 විකුණලා රිසිට් දුන්නම උඹට ලැප හම්බ වෙනවා.....
    බැලූ බැල්මට වංචාවක් නෑ....උඹ ගෙවල තියෙන්නේ ලැපට 20000/-, බට් උඹට බඩුව ගන්න තව 7 දෙනෙක් 140000ක් දීල තියනවා......දැන් අර ගත්ත උන් 7 දෙනාට අර ටිකට් එක පයන්නට ද? නෑ...උන් ඒක කම්පැණියට දුන්නම උන්ට හම්බ වෙනව තව ටිකට් 7ක්, ඒව විකුණලා රිසිට් දුන්නම උන්ටත් ලැප හම්බ වෙනවා.....උන් එකෙකුත් ලැපට දීල තියෙන්නේ 20000/-යි....ඔය විදියට මේක යනවා, යනව කෙළවරක් නෑ.....ඇත්තට ම රටක්, මහද්වීපයක් විතරක් නෙවෙයි මුළු ලෝකෙම යට වෙන්න පුළුවන් මේ ක්‍රෙම්ට......හැබැයි මම ඔය දීල තියන නිදසුනේ දී ලැප හම්බ වෙන්නේ ඉන්වෝල්ව් වෙන මුළු ගනනෙන් අටෙන් එකකට විතරයි....අනිත් උන්ට තියෙන්නේ “ලැප් බලාපොරොත්තුවක්“ විතරයි...........

    ඕකට කියන්නේ “එකිනෙකා ගිලින ගිරිහිම නිපාතනය“ කියලා...........
     
    • Like
    Reactions: nOoB_SL