මේ අපූරු සුනඛයා මිහිදන් කෙරුණි.

lordpakeer

Junior member
  • Jul 29, 2016
    86
    10
    8
    මේ අපූරු සුනඛයා මිහිදන් කෙරුණි.

    මේ සිදුවීම වාර්තා වෙන්නේ ඉන්දියාවෙන්. ඉන්දියාවේ සේබෙකපුර් ගම්මානයේ ගජපාති දිස්ත්‍රිකයේ ජිවත් වන දිබාකර් සහ ඔහුගේ පවුලේ සෙසු සාමාජිකයන්ට තමයි මේ සිදුවීමට මුහුණදීමට සිදුවූයේ. ඔහු නිවසේ ආරක්ෂාව සඳහා ඩොබර්මන් වර්ගයට අයත් සුනඛයෙක් මිලදී ගන්නේ මිට මාස කිහිපයකට ඉහතදී යි.


    i4jsiu.jpg
    මේ ප්‍රදේශයේ වනාන්තර ආශ්‍රිතව නාගයන් බොහෝ සේ ගැවසෙනවා. විශේෂයෙන්ම මෝසම් වැසි සමයේ නාගයන් සිය වාසස්ථාන වලින් බැහැරව යනවා. පසුගිය සඳුදා දින සන්ධ්‍යාවේ දිබාකර් ගේ නිවස දෙසට නාගයන් එකෙකු නොව හතර දෙනෙකුම ඇදී එන්නට විය. නමුත් මේ නාගයන්ට නිවසට ඇතුලුවිම එතරම් පහසු කටයුත්තක් නොවූයේ මුරට සිටි සුනඛයා උන්ගේ මග අහුරන්නට වූ නිසයි. අවසානයේ සිදුවුයේ දරුණු ගැටුමකි. පැය කිහිපයක සටනකින් පසු නාගයන් සියල්ලම මරා දැමීමට සුනඛයා සමත් විය. නමුත් ඒ වන විටත් උග්‍ර සර්ප විෂ උගේ ශරීරය වෙලාගෙන අවසානය. ඌ සිය නිවැසියන් ගේ ජිවිත බේරා දී ජිවිතයට සමුදුන්නේ ය.
    මේ සිදුවීම නිසා දිබාකර් බොහෝ සේ දුක්වන්නට විය. ගම්වැසියන්ගේ ගරුබුහුමන් යටතේ මේ අපූරු සුනඛයා මිහිදන් කෙරුණි.


    1589wd1.png
     
    • Like
    Reactions: LazyLizard