මේ අවුරුද්දෙ මම කරපු හොඳ වැඩක් ගැන කියන්න හිතුනා ඕගොල්ලෝ එක්ක..
මට හිතුන අලුත් අවුරුද්දට නැති බැරි කෙනෙක්ට උදව්වක් කරන්න. මගේ හොඳම යාලුවෙක් ඉන්නවා අනුරාධපුරේ. මම එයාට කිව්වා ඉතින් ටිකක් අගහිඟකම් තියෙන ඉස්කෝලේ යන නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි ඉන්නවනම් කියන්න උදව් කරන්න කියල.
ඒගොල්ලන්ගේ ගෙවල් ළඟ ඉන්නවලු ගොඩක් දුප්පත් පවුලක්..ඒ පවුලේ, තාත්තාට වකුගඩු අසනීපයක්ලු. අම්මා පොඩි රස්සාවක් කරනවලු. පවුලේ ගැහැණු ළමයිම තුන් දෙනෙක්. අම්මාගේ රස්සාවෙන් තමා මුළු පවුලම නඩත්තු කරන්නේ. ඉතින් ඒ නංගිලට අගහිඟකම් තිබ්බට ඒගොල්ලෝ ඉගෙනගන්න දක්ෂයිලු. ඒ නංගිලගෙන් බාලම නංගි 7 වසරේ. ඉගෙනගන්න ගොඩක් දක්ෂයිලු. මම හිතුවා ඒ නංගිට උදව් කරන්න ඕනේ කියල ඉගෙනගන්න. ඉතින් මම මගේ සල්ලි වලින් ඒ නංගිට ඉස්කෝලේ යන්න ඕන කරන පොත්,පෑන්,පැන්සල්,බෑග්,ගවුම් රෙදි වගේ ඉස්කෝලේට අවශ්‍ය වෙන හැමදෙයක්ම අරන් දුන්නා.
මගේ යාලුවා තමා මම ඒ ගත්ත දේවල් ටික ඒ නංගිලාගේ ගෙදරට ගිහින් දුන්නේ. ඒ නංගියි එයාගේ අම්මයි අක්කලයි හැමෝම මට කෝල් කරා අවුරුද්ද දවසට පස්සේ දවසේ.ඒගොල්ලන්ට ගොඩාක් සතුටුයි. ඒ වගේම මටත් ලොකු සතුටක් දැනුනේ මම කරපු උදව්වක් නිසා තව ගොඩක් අය සතුටුවෙනවා දැක්කම.
මට මේ දේ ඕගොල්ලෝ එක්ක කියන්න ඕන උනේ මට ගොඩක් සතුටක් දැනුන නිසා. කෙනෙක්ට උදව්වක් කරාම ඒ කෙනා සතුටු වෙනවා දැක්කම අපිටත් ගොඩක් සතුටක් දැනෙන්නේ. ඕගොල්ලොන්ටත් ඒ දේ දැනිල ඇති.