මේ අහිංසක හිත හොඳ මිනිසුන් රැකගනු මැනවි......

lkboy4u

Member
Aug 28, 2006
826
214
0
colombo
ජනාධිපතිතුමනි, මේ අහිංසක හිත හොඳ මිනිසුන&#3530

ගම්වැසියෝ දුප්පත් ය. ඔවුන්ට හැකියාව තිබුණේ යම්තම් එදිනෙදා ජීවිතය ගැට ගසා ගැනීමට පමණි. ඉහළ යන බඩු මිල ගැනද ඔවුහු කතා කළහ. හාල් ටිකට සීනි ටිකට කොච්චර සල්ලියක්‌ ඕනෑද? ඔවුහු ඒ ගැනද එකිනෙකාට කියා ගත්හ. ජනාධිපතිවරණයක්‌ එන බව ප්‍රසිද්ධ විය. මිනිස්‌සු ජනාධිපතිවරණයට ඉදිරිපත් වන මහින්ද මහතා ගැන දනිති. "අපි කාටද ඡන්දෙ දෙන්න ඕන. එය ඔවුන්ට ප්‍රශ්නයක්‌ නොවීය. "බඩු මිල ඉහළ යනවා. උන්නැහේගේ නෑයෝ ඉඩම් අල්ලනවා. ලොකු මාළිගා හදනවා. ඉතින් උඹලා උන්නැහෙට ඡන්දෙ දෙනවද? "ගමට ආ අමුත්තෙක්‌ ඇසූහ. "බඩු මිල නම් ඉහළ යනවා ඇත්තයි. පොළට ගියාම පිස්‌සු හැදෙනවා. අතේ තියෙන සල්ලි ටිකට ගන්න පුළුවන් මොනවද කියල හිතෙනවා. ඒත් ඉතින් අපට මේ වෙලාවේ වෙනත් දෙයක්‌ මතක්‌ වෙනවා. උන්නැහේ තමයි අවුරුදු තිහක්‌ තිබිච්ච යුද්ධෙ ඉවර කළේ. හමුදාවට සෙනග මදිවෙච්ච වෙලාවේ උන්නැහැ තමුන්ගේ පුතාත් හමුදාවට බැන්දෙව්වා. එහෙම කෙනෙක්‌ ඡන්දෙ ඉල්ලන කොට අපි ඉන්න ඕන උන්නැහෙත් එක්‌ක.

බඩු මිල අඩුකරනව කියල පොරොන්දු දුන්නට ඔය අනිත් ඇත්තෝ ඒවා කරනවද? අපි ඒ පොරොන්දු තඹේට විශ්වාස කරන්නෙ නෑ. අපි ඔය වගේ පොරොන්දුවලට කොච්චර රැවැටුනාද? මහින්ද මහත්තයෝ කට්‌ටිය මේ පළාතේ නම් ඉඩම් අල්ලල නැහැ මාළිගා හදලත් නැහැ ....මොනවා නැතත් මහින්ද මහත්තය දිපූ ලොකුම පොරොන්දුව ඉෂ්ට කළානේ. ඒක තමයි යුද්ධය නතර කිරීම. අපි පහුගිය කාලේ සේරුවිල, තිරියාය, ලංකා පටුන වැඳගෙන කින්නියාවේ උණු දිය ළිං හතෙන්ම නාගෙන ආවා. ඒ වන්දනා ගමන අපට යන්න පුළුවන් වුණේ මහින්ද මහත්තය කොටියා කම්මුතු කළ නිසා. දැන් ඉතින් අපි බය නැතිව ඇවිදිනවා. අපේ වඩුවෝ, මේෂන් බාස්‌ලා කොළඹ රටේ ගිහිල්ලා බය නැතිව ගෙවල් හදනවා. ඔය කාරණේම මැදැ මහින්ද මහත්තයට ඡන්දෙ දෙන්න. ඔවුහු අර අමුත්තාට කීහ. අමුත්තාට කට උත්තර නැති විය. පළාතේ පක්‍ෂ සංවිධායකයෝ ඡන්ද ඉල්ලන කොළ පත්‍රිකා රැගෙන ගමට එනතුරු ඒ ගම්වැසියෝ බලා සිටියහ. ජනාධිපතිවරණයට ඇත්තේ තවත් සතියකි. ගමට ඡන්ද කොළ රැගෙන සංවිධායකයෝ ආවේ නැත. විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයාට ඡන්දය දෙන්නැයි ඉල්ලමින් ජවිපෙ කීප දෙනෙක්‌ නම් ගමේ කොළ බෙදූහ. ගම්වැසියෝ තවත් දවසක්‌ බලා සිටියහ. ඔවුන් අතර සිටි තරුණයෝ කීප දෙනෙක්‌ මැදිවියේ දෙදෙනෙක්‌ එකතු වූහ. අපි ගමේ ගෙවල්වල ඇවිදිමු. ගමේ මිනිස්‌සු මොනවද වෙන්නෙ කියල දන්නේ නැහැ. අපි කියල දෙමු. මැදිවියේ සිටි අයෙක්‌ කීය. අපි යමු ඒත් ඉතින් අපට ඡන්ද කොළ නැහැ. ඡන්ද ලකුණ බුලත් කොලේනේ අපි බුලත් අත් ටිකක්‌ අරන් යමු. බුලත් දීල කියමු බුලතෙට ඡන්දෙ දෙන්න කියල. පසුදා උදැසන කොටුවෙන් බුලත් කඩාගත් පනහකට වැඩි පිරිසක්‌ ගමේ ගෙවල ඇවිදින්නට වූහ. කොටියා රට කෑලිවලට කඩා දැමූ හැටි, පෙර සිටි ජනාධිපතිවරු කොටියා සමඟ තිස්‌ වසරක්‌ ම යුද්ධ කළ හැටි, රැවටුනු හැටි, පැරදුනු හැටි. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා ජනාධිපති වී මාස හයකට පසු කොටියා සමඟ යුද්ධය පටන් ගත් හැටි, මහ කොටියා කම්මුතු කරන තුරුම යුද්ධය නතර නොකළ හැටි. මහ කොටියාගේ මළ කඳ රටටම පෙන්වූ හැටි, යුද්ධය ජය ගත් හැටි. යුද්ධ කරන අතරම ගමට කොන්ක්‍රීට්‌ පාරවල් ලබා දුන් හැටි, උපාධියක්‌ තිබුණත් අවුරුදු ගණන් රස්‌සාවල් නැතිව සිටි ගමේ උපාසක බාප්පාගේ පුතාට ගුරු පත්වීමක්‌ ලබා දුන් හැටි, ඒ වාගේ උපාධිධාරීන් 45000 කට රස්‌සාවල් දුන්නලු. ඔවුහු ගමේ ගෙවල ඇවිදිමින් පැහැදිලි කළහ. "බඩු නම් මිලයි. ඒත් ඉතින් දැන් අපට අපේ දරුවන්ට ජීවත් වෙන්න රටක්‌ තියෙනවනේ. අපි ඉස්‌සර අලියට ඡන්දෙ දීපු මිනිස්‌සු. දැන් අපි මහින්ද මහත්තයටය කියල හිතාගනිල්ලා." ඒ ගෙවල වැසියන්ගෙන් ලැබුණේ එබඳු පිළිතුරුය. පවුල් දෙකතුනක්‌ හැරුණු විට ගමේ සියලුම පවුල් බුලත් කොළයට ඡන්දය දෙන බව බුලත් හපමින් ම කීහ. ඒ ගමේ ජවිපෙ ළමයි ඇළවූ කොළ සහ රතු කොඩි සහ පෝස්‌ටර් මිස නිල් පාටක්‌ නොවීය. මහින්ද මහතාගේ මුහුණ එක ගසකවත්, බිත්තියකවත් නොපෙනිණ.

පළාත් සභා ඡන්දෙ දවස්‌වල නම් මහින්ද මහත්තයාගේ මුහුණ ඡන්දෙ ඉල්ලන ඇත්තන්ගේ මුහුණුත් එක්‌ක ගහපු පින්තූර කොළ හැම තැනම අළවලා තිබුණා. ඒ ඇත්තො ඒ දවස්‌වල නම් ගෙවල් ගානේ කොළ මිටි බෙදුවා. මහින්ද මහත්තයගෙ මුහුණ පෙන්නල ඒ ඇත්තො ඡන්දෙ දිනාගත්ත. ඒ වුණාට දැන් ඒ ගොල්ල මහින්ද මහත්තය දිනවන්න එන්නෙ නැහැ. අන්න ඒ නිසාම තමයි අපි මහින්ද මහත්තය වෙනුවෙන් වැඩ කරන්න ඕන. ගමේ සර්ප වෙද මහත්තයා කීවේය. ගමම පිබිද තිබිණ. ඡන්ද මධ්‍යස්‌ථානය පිහිටියේ ගමේ පන්සලේය. උදේ හත වන විට ගමේ ගැහැනු පිරිමි පන්සල් මළුවේ පේළි සැදුණහ. ඔවුහු ඡන්ද පත්‍රිකාවේ බුලත් ලකුණ සොයාගෙන කතිරය ගසා "ඔන්න අපේ වැඩේ කළා. රට බේරලා දුන්නට යුතුකම ඉෂ්ට කළා." යි පාරට පැමිණ කීහ. මේ මා දන්නා ගම් කීපයකදී ඇසූ කතාවකි. කොළඹ පැත්තේ ගෙවල් තැනීමට ගිය මේසන් බාස්‌ලා වඩු රාළලා, ඡන්දයට පෙර දා හැන්දෑවේ ගමට ආහ. "උඹලා දන්නවද කොළඹ පැත්තෙ මිනිස්‌සු කතා කරන්නෙ මහින්ද මහත්තය පරද්දන්න ඕන කියල. අපි හදන ගෙයි අයිතිකාරයා කියන්නෙ මහින්දට කොළඹ ඡන්ද නැහැ කියල. ඒ කතාව අහපු ගමන්ම අපි තීරණය කළා ගමට ඇවිල්ල මහින්ද මහත්තයට ඡන්දෙ දෙන්න ඕනය කියලා. ඒ මහත්තය කෑ ගැහුව ගෙයි ස්‌ලැබ් එක නොදා යන්න දෙන්න බැහැ කියලා. බැරිම තැන මිනිහා අපට කිව්වේ මොකක්‌ද දන්නවද. යන්නම ඕන නම් පලයල්ලා. මහින්ද දිනන්නෙ නැහැ. මහින්දට ඡන්දෙ දෙන්න එපා කියලා." අපි ආවා. ඔවුහු ගමට පැමිණ කීහ. උදැසනම ඔවුහු ඡන්ද පොළට ගියේ ඇවිදීමට අපහසු වැඩිහිටියන් ද වත්තම් කරගෙනය. ඔවුන් ඡන්ද ප්‍රතිඵල ඇසුවේ කොළඹ ගෙයි වැඩ කරන අතරය. මහින්ද මහතා දිනූ බව ඇසූ ඔවුහු කෑ ගසා නැටූහ. ගෙය ඉදිකරවන මහත්තයා ළඟට පැමිණියද ඔවුන්ගේ කෑ ගැසීම නැටීම නතර වූයේ නැත. කිසිවකුගේ පෙළඹවීමක්‌, ලාබ අපේක්‌ෂාවක්‌ නැතිව සිය කැමැත්තෙන්ම මේ ගම්වල ගොවියෝ, කම්කරුවෝ, තරුණ තරුණියෝ "මහින්ද මහත්තයා" දිනවීමට හවුල් වූහ.


මේ ඡන්ද දායකයෝ බහුතරය ලාභ අපේක්‌ෂාවලින් තොරය. ඔවුන්ට අවශ්‍ය යහපත්, සාමකාමී හෙට දවසකි. ජනාධිපතිතුමනි, මේ අහිංසක හිත හොඳ මිනිසුන් රැකගනු මැනවි.
විශේෂ ස්‌තුතිය - තොරතුරු සැපයූ යෝගී පියසිරි කුලරත්න, මාතර වල්පොළ යූ. අයි. මුතුකුමාරණ, හක්‌මන උඩුපිල්ලගොඩ එස්‌. ටී. ආරියදාස, දෙනගම එච්. ජී. ජිනදාස යන මහත්වරුන්ට.
 
Last edited: