මේ ආණ්ඩුවේ ඇට නැති දිව

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
මේ ආණ්ඩුවේ ඇට නැති දිව

මේ ආණ්ඩුවේ ඇට නැති දිව ඕනෙ පැත්තකට නැමෙනවා - ටිල්වින් සිල්වා ප්‍රධාන පුවත 2010 පෙබරවාරි 04 වෙනි බ්‍රහස්පතින්දා, 11:49
jvppress24_01.jpg
වත්මන් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ඇට නැති දිව ඕනෑම අතකට නැමෙන බවත්, එසේ නැමෙන ඇට නැති දිවෙන් විවිධ ප්‍රකාශ විවිධ අයුරින් සිදු කරන බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය. අද පැවති මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ ආණ්ඩුවේ මැරයින් විසින් ඝාතනයට ලක් කෙරුණු ස්වාමීන් වහන්සේගේ ඝාතනයේ වගකීම මේ වන විට ජනතා විමුක්ති පෙරමුණ මත පැටවීමට විවිධ කතා පතුරුවමින් සිටින බවයි.


"පසුගිය දවසක එස්.බී.දිසානායක මල්වත්තෙ මහ නායක ස්වාමීන් වහන්සේ හමු වෙන්න ගියා. ඒ වෙලාවේ එස්.බී කිව්වෙ ඒ ජේ.වී.පී. හාමුදුරුනමක්, ඒ මොකක් හරි සිදුවීමකදී ඒ ස්වාමීන් වහන්සේ අපවත් වෙන්න ඇති කියලයි. නමුත් ඒ වෙලාවේ මහ නායක ස්වාමීන් වහන්සේ එස්.බී.ට කිව්වෙ නෑ..නෑ.. අපි දන්න විදියට ඒ ස්වාමීන් වහන්සේ අවුරුදු හැටක් විතර වයස ස්වාමීන් වහන්සේ නමක්. ඒ හාමුදුරුවො ජේ.වී.පී. එකට සම්බන්ධ නැහැ කියල. ඒ වෙලාවෙ ආ එහෙමද කියල එස්.බී. මඟ හැරිය.

දැන් කියනව ඒ ස්වාමීන් වහන්සේ මැරුවෙ ජේ.වී.පී. එකෙන් කියල. ඒක ගැන අද ඇතැම් මාධ්‍යවලත් පළ කරල තිබුණා. මුලින් ඒ ස්වාමීන් වහන්සේ ජේවීපී වුණා. දැන් ජේවීපී එකෙන් ඒ ස්වාමීණ් වහන්සේ මරල. මේක පුදුම තත්ත්වයක්.

එක දවසක එක විදියක්. පස්සේ තවත් විදියක්. මේ ආණෟඩුවේ ඇට නැති දිවෙන් තමන්ට ඕනෙ පැත්තට හරවල එක එක දවසට එක එක දේවල් කියනව" ටිල්වින් සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය.
 

Similar threads