මේ ආණ්ඩුව එලවන්න ඔබත් එකතු වෙන්න

FrogBreeder

Active member
  • Oct 5, 2014
    882
    74
    28
    Volunteer @ Erozan media team
    මේ ආණ්ඩුව එලවන්න ඔබත් එකතු වෙන්න

    මහින්ද රාජපක්‍ෂ මහතා අල්ලස් කොමිසමට කැඳවා අපහාස කිරිමේ අත්තනෝමතික ක‍්‍රියාවට එරෙහි සටන සේම යළි මහින්ද රාජපක්‍ෂ පාලනයක් බිහිකිරිමේ සටනද ජයග‍්‍රහණයෙන් කෙළවර කරන බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
     
    • Like
    Reactions: dd nalin

    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,792
    261
    83
    පෘතුවියේ
    අයියේ, දැන් ඔය ඔහොම කියන අන්කල් නේද 2 බෙදීම 2 බින්දුවයි කියලා කිව්වේ :P


     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    අනේ මන්දා, අපේ විමලේ අන්කල් නම් එහෙමයි කියලා කියන්නේ :lol::lol:

    උබ කියන්නේ අර උපන් දින 2කක් තියන පචවංශ ද?
    රැ කොටු පැනල ඒවා වීඩියෝ කරලා මට්ටු වෙච්ච එකාද??
    අර පුකේ පුසුබ බලල හම්බෙන ඇමතිකම කියන්න පුළුං එකාද?
     
    • Like
    Reactions: arsehole-froce

    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    hqdefault.jpg
     

    cns11

    Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    මහින්ද රාජපක්‍ෂ මහතා අල්ලස් කොමිසමට කැඳවා අපහාස කිරිමේ අත්තනෝමතික ක‍්‍රියාවට එරෙහි සටන සේම යළි මහින්ද රාජපක්‍ෂ පාලනයක් බිහිකිරිමේ සටනද ජයග‍්‍රහණයෙන් කෙළවර කරන බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
    :rofl::lol::rofl::lol:
     

    malberry

    Banned
    Dec 6, 2013
    626
    18
    0
    ‘හොරු වෙනුවෙන් හොරුන්ගේ‘ නන්දන වින්දනය අවසන් කිරීමට හංසයා දිනවීමට එක්වූ ජනතා බලවේග 49 ක් යලි එක්වෙති: 27 දා කොළඹදී දැවැන්ත උද්ඝෝෂනයක්



    (ලංකා ඊ නිව්ස් -2015.අප්‍රේල්.21, ප.ව.10.35) ජනවාරි 8 වෙනිදා කුජීතයට පැරදී, සමහරුන් රටේත් නොසිට පලා ගිය, මැදමූලන හොරු වෙනුවෙන් ශ්‍රීලනිපයේ හොරු නැගී සිටිද්දී සහ ජනාධිපති මෛත්‍රී ඒ හොරුන්ගේ නිල සභාපතිවරයාද වී හොරුන් පාලනය කර ගැනීමට නොහැකිව සිටිද්දී මෘග චෞර රාජපක්ෂලාට එරෙහිව යහපාලනයක් සහ සැබෑ වෙනසක් වෙනුවෙන් පෙනී සිට දිවි පරදුවට තබා ජය ගත්තද අද දක්වා නිහඬව සිටි සැබෑ ජනතා බලවේග සිදුවන විකෘතියට එරෙහිව තම බලය පෙන්වීමට අද සවස තීන්දු කරන ලදී.
    තමන් පසුගිය රජය කාලයේ දූෂනයේ යෙදුනු තෝරුන් මෝරුන් අල්ලන්නේ යයි වහසි බස් දෙඩූ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට අල්ලස් කොමිසම විසින් මැදමූලන චෞර රාජයා වූ මහින්ද රාජපක්ෂට කොමිසම ඉදිරියේ පෙනී සිටින්නැයි කියා යවන ලද නොතීසියට එරෙහිවූ තම පාක්ෂිකයන් පාලනය කර ගැනීමට පවා නොහැකි විය. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාම ඇමැති ධූර දුන් ශ්‍රීලනිපයේ ඇමැතිවරු පවා මහින්ද රාජපක්ෂට පක්ෂව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් වරිය ධූරයෙන් ඉවත් කරන ලෙසට සකස් කරන ලද පෙත්සමට අත්සන් කර තිබිණ. ගණනින් 116 කි. ජනාධිපතිවරයා දූෂිත තෝරු මෝරු අල්ලන්නේ අල්ලස් කොමිසමට යහපාලන ආණ්ඩුව විසින් පත්කරන ලද එකම නිලධාරිනිය ඉවත් කිරීමෙන් දැයි දන්නේ උඩ සිටිනා දෙවියන් පමණි. අධ්‍යක්ෂ ජෙනරාල් වරිය හැර සභාපතිවරයාගේ සිට අල්ලස් කොමිසමේ සිටින අනෙක් සියළුම නිලධාරීන් රාජපක්ෂ රෙජීමය විසින් පත් කරන ලද අය වේ.
    මේ තත්ත්වය තුල රාජපක්ෂ රෙජීමය පෙරළා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරමින් වෙනසක් සඳහා මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයා ලෙස ගෙන ඒමේදී ඔහු සමග අවබෝධතා ගිවිසුම් අත්සන් කරමින් හංසයා ජයග්‍රහණය කරවීමට එක්වූ 49 ක් වූ දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, සිවිල් සංවිධාන වල නියෝජිතයන් 60 කට පමණ ආසන්න සංඛ්‍යාවක් අද සවස මරදානේ සීඑස්ආර් ශාලාවේදී රැස්වූහ.
    ඔවුන් සියළු දෙනා ඒකමතිකව සම්මත කර ගත් කාරණා කිහිපයකි. අද සිදුවීම් සියල්ල ජනවාරි 8 වෙනිදා වෙනසක් සඳහා ඡන්දය දුන් ජනතාවගේ බලාපොරොත්තු කඩ කරවන්නක් වන අතර මෙය පරාජය කරන ලද හොරුන්ගේ නීති විරෝධී චන්ඩි කමක් වන අතර එය වහාම පරාජය කළ යුතු බවත් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ 19 වන ව්‍යවස්ථා සංශෝධනය කඩා කප්පල් කිරීම සඳහා සිදුකරන ලද කුමන්ත්‍රණයක්ද බවයි.
    ලබන 27 වෙනිදාට 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙනැවිත් සම්මත කර ගත නොහැකි නම් වහාම පාර්ලිමේන්තුව විසිරුවා හැර පාර්ලිමේන්තු ඡන්දයකට යන්නැයි ජනාධිපතිවරයාටත් අගමැතිවරයාටත් බල කරමින් කියා සිටිය යුතු යැයිද එහිදී තීන්දු කරන ලදී.
    හොරු වෙනුවෙන් හොරුන්ට වඩා රට වෙනුවෙන් ජනතාව සිටින බව පෙන්වීමට පොදු අපේක්ෂකයා ජයග්‍රහණය කිරීම සඳහා එක් වූ සියළු දේශපාලන පක්ෂ වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන එක්වී ව්‍යවස්ථා සංශෝධනය ජයග්‍රහණය කරවීම සඳහා 27 වෙනිදා කොළඹදී දැවැන්ත උද්ඝෝෂනයක් පැවැත්වීමටද නියෝජිතයන් සියළු දෙනා තීන්දු කරන ලදී