මේ ආයතනවල හැර මුදල් තැන්පත් කරන්න එපා – මහ බැංකුව..🔴❌

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,465
    47,540
    113
    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මහජනතාවගෙන් මුදල් තැන්පත් භාර ගැනීම සඳහා බලපත්‍ර ලබා දී ඇති ආයතන ලැයිස්තුවක් ප්‍රකාශයට පත් කර තිබේ.
    ඊට බලපත්‍රලාභී වානිජ බැංකු 24ක්, බලපත්‍රලාභී විශේෂිත බැංකු 6ක් සහ මුදල් සමාගම් 32ක් ඇතුළත් වේ.
    කෙසේවෙතත් මුදල් සමාගම් 32 තුළ තිබෙන නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී ආයතනය 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ විධිවිධාන අඛණ්ඩව කඩ කිරීම/ පටහැනිව කටයුතු කිරීම හේතුවෙන් නව තැන්පතු ද ඇතුළු ව කුමන ආකාරයෙන් හෝ මහජන අරමුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් සීමා පනවා ඇති බව මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.
    මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව මේ සම්බන්ධයෙන් වැඩදුරටත් මෙසේ කියා සිටී.
    • සමස්ත බැංකු ක්ෂේත්‍රයේ සහ මුදල් සමාගම් ක්ෂේත්‍රයේ ආරක්ෂාව සහ ශක්තිමත් බව තහවුරු කිරීමේ අරමුණින්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අදාළ නෛතික සහ නියාමන රාමුවට අනුකූල ව, මෙහි සඳහන් බලපත්‍රලාභී වාණිජ බැංකු, බලපත්‍රලාභී විශේෂිත බැංකු සහ මුදල් සමාගම් නියාමනය සහ අධීක්ෂණය සිදු කරනු ලබයි.
    • බලපත්‍රලාභී වාණිජ බැංකු, බලපත්‍රලාභී විශේෂිත බැංකු සහ මුදල් සමාගම්වල තැන්පතු සහතික කිරිම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවට නෛතික බලයක් නොමැත. කෙසේ වුව ද, බලපත්‍රලාභී වාණිජ බැංකු, බලපත්‍රලාභී විශේෂිත බැංකු සහ මුදල් සමාගම්ල ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ස්ථාපිත ශ්‍රි ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ, ව්‍යාතිරේක කිහිපයකට පමණක් යටත් ව සිය තැන්පතු වගකීම් රක්ෂණය කළ යුතු වේ. මේ වනවිට, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සාමාජික සමාගමක බලපත්‍රය අවලංගු කරනු ලැබූ අවස්ථාවක දී මෙම යෝජනා ක්‍රමය යටතේ එක් තැන්පතුකරුවෙකු වෙත එක් ආයතනයක් වෙනුවෙන් ගෙවිය යුතු උපරිම වන්දි මුදල රුපියල් 1,100,000කි.
    • සිය මුදල්වල ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහා නිසි ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙසත් අනවසර සමාගම්වල මුදල් තැන්පත් කිරීමෙන් වළකින ලෙසත් මහජනතාවට උපදෙස් ලබා දෙනු ලැබේ.
    notice_20260301_publishing_the_names_of_LBs_and-FCs_s-1.jpg
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    රිබිල්ඩ් ශ්‍රී ලංකා අකවුන්ට් එකට මොකද උනේ ?
     
    • Like
    Reactions: NRTG

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113
    මේක ලොකු අවූලකට මුල පුරන වැඩක් the finance වට්ටලා ලිලිත් කෝතලාවලට ෂොට් එක දීල සෙලාන් බැංකුව හොරරකම් කරන්න පලවෙනි පියවර තිබ්බෙත් මේ වගේ ඇඩ් එකකින්
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,671
    10,258
    113
    මේක ලොකු අවූලකට මුල පුරන වැඩක් the finance වට්ටලා ලිලිත් කෝතලාවලට ෂොට් එක දීල සෙලාන් බැංකුව හොරරකම් කරන්න පලවෙනි පියවර තිබ්බෙත් මේ වගේ ඇඩ් එකකින්
    මට පේන්නෙ ලංකාවෙ බ්‍රොකර් ෆර්ම්, investment banks වලින් කුට්ටියක් යන්නේ නෑ කාට හරි