සමාජෙ හොද නමක් තියාගෙන ඉදලා දේශපාලනේට ආවට පස්සෙත් ඒ තත්ත්වෙ තියාගත්ත කවුරුවත් ඉන්නව ද ලංකාවෙ? ඇත්ත කතාව එහෙම කවුරුවත් නෑ. අර්ජුන, හෂාන් තිලකරත්න, සරත් ෆොන්සේකා, ඔය මට දැනට මතකෙට ආපු නම් ටිකක්. ලංකාව ප්‍රමුඛ දකුණු ආසියාවෙ රටවල කරන දේශපාලනේට ඔයා කියන ඔය කතාව වලංගු නෑ මහත්තයො.
කවදාවත් දේශපාලකයෙක්ට 100%ක් මිනිස්සු කැමති වෙන්නෙ නෑනෙ. දකුණු ආසියාවෙ නෙවේ ලෝකෙම politics ගත්තත් 100% හැම මනුස්සයෙක්ම තෘප්තිමත් කරන එක ප්‍රායෝගිකත් නෑනෙ.
ඒත් ලන්කාව වගේ අන්ත දූශිත දේශපාලනයක් තියෙන රටක ඇවිල්ලා හොරකම් මැරකම් දූශන වංචා නොකර මනුස්සයෙක් තමන් කරන්ඩ ආපු වැඩේ සාධාරන විදිහට කරලා ගියානම් මන් හිතන්නෙ ඒ වගේ මිනිස්සුන්ගෙ නම කැත වෙන්ඩ විදිහක් නෑ කියලා. ( සනා බෝයි එහෙමද නැද්ද දන්නෙ නෑ , දන්න තරමින් නෑ )
ඒ හින්දා මන් හිතන්නෙ දේශපාලනයට එන්ඩ ඕනෙ හොද නමක් තියාගෙන ඉන්න මිනිස්සු තමා. මඩ ගොහොරුවට පැනලා තමන් මඩ ගාගන්නවද නැත්නම් නම තියාගෙන වැඩේ කරනවද කියලා ඒ මිනිස්සු දැන ගන්ඩ ඕනෙ. නැත්නම් හැමදාම චේන් කාරයෝ,එතනෝල් කාරයො ,කුඩ්ඩො පාර්ලිමේන්තුවේ රජයයි ලන්කාව පරාදයි.