මේ ඔක්කොම අවුල් ෆොන්සේකාගේ සුදු කොඩි කතාව
මේ ඔක්කොම අවුල් ෆොන්සේකාගේ සුදු කොඩි කතාව නිසයි
යුද අපරාධ ගැන බොරු සාක්ෂි දුන්නොත් මුලින් ම අමාරුවේ වැටෙන්නේ තමන් බව සරත් ෆොන්සේකා ඉකුත් දා ප්‍රකාශයක් කර තිබිණ. එහෙත් දැන් මේ කතාව කියන්නේ මුළු රටම අමාරුවේ දැම්මාට පසුව ය. තමන්ගේ නොහොබිනා කට නිසා මුළුමහත් ජාතියම කැළඹීමට පත්ව ඇති බව දන්නා. ඔහු තම වරදකාරී හැඟීම (Guilty Conscious) සඟවා ගැනීමට අසාර්ථක ප්රයත්නයක යෙදී සිටී.
ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදුවූ බව මුලින් ම ප්‍රකාශ කෙළේ සරත් ෆොන්සේකා ය. අම්බලන්ගොඩ පැවති රැස්වීමකදී ඔහුගේ කටින් ‘සුදු කොඩි’ කතාව එළියට පනින තුරු කිසිවකු ශ්‍රී ලංකාවේ යුද අපරාධ ගැන කතා නො කළේ ය. දෙවැනි වරට රත්නපුර ප්‍රදේශයේ දී ෆොන්සේකා කියා සිටියේ යුද අපරාධ කළවුන් බේරා ගැනීමට තමන් පපුව නො දෙන බවයි. ඔහු කළ ඒ ප්‍රකාශය රූපවාහිනි නාළිකා ඔස්සේ විකාශය කෙරිණ.
මෙයින් පසුව ප්රවෘත්ති සාකච්ඡාවක දීත් ඔහු ඒ බව කීවේය. එහෙත් තමන් කෙළේ නොහොබිනා පාවාදීමක් බව පසක් වීමත් සමඟම ෆොන්සේකා එතෙක් කියමින් සිටි කතාව වෙනස් කොට, තමන් සුදු කොඩි කතාවක් නො කී බව කීවේය.
එසේ පැවසීමෙන් සතියක් දෙකක් ගත වීමෙන් පසුව විදේශ ප්රවෘත්ති සේවයකට ෆොන්සේකා නැවත කියා තිබුණේ සුදු කොඩි රැගෙන බාරවීමට පැමිණි ත්‍රස්තවාදී නායකයන් ඝාතනය කිරීමක් සිදුවී ඇති බවත් ලෝකයේ ඕනෑම, අධිකරණයක් ඉදිරියේ ඒ පිළිබඳව සාක්ෂි දීමට සූදානම් බවයි.ඛ්ව්ව්, ඕඕඛ්, අල් ජසීරා වැනි විදේශ ප්රවෘත්ති සේවා මඟින් වරින් වර ඒ පුවත ලොව වටා ප්‍රචාරය කෙරිණ. ෆොන්සේකා ඒ එකම ප්‍රවෘත්තියක් වත් ප්‍රතික්ෂේප කෙළේ නැත.
ඒ වෙනුවට කෙළේ එකිනෙකට පරස්පර ප්‍රකාශ කරමින් තමන් ගේ බොරුව හා ද්‍රෝහීත්වය ලොවටම විදහා දැක්වීමකි. යුද අපරාධ සිදුවූ බව විදේශ රටවලට කී ෆොන්සේකා ලංකාව ඇතුළේ කුමන ප්‍රකාශ දැන් සිදු කළ ද රටට වී ඇති හානිය වළක්වා ගත නොහැකි ය. ඔහු එදා සුදු කොඩි කතාවක් නොකීවේ නම් බෑන් කී මූන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කමිටු පත් කරන්නේ නැත. අද ශ්‍රී ලංකාවට මේ විදේශ බලපෑම් එල්ල වන්නේ ෆොන්සේකා කී බොරු කතාවක් අල්ලා ගෙන ය. ඒ අතින් ගත් කළ තරු හතරේ ජෙනරාල් අද ශ්‍රී ලංකාවේ අංක එකේ ද්‍රෝහියා වී සිටී.
පරස්පර ප්‍රකාශ හා ද්‍රෝහිත්වය
මොහුගේ ප්‍රකාශය පිටුපස ඇත්තේ ද්වේශය හා වෛරය යි. ජනාධිපතිවරණ සමයේදී රට ගිනි තියන ප්‍රකාශ සිදු කළ ඔහු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එවකට බ්‍රිගේඩියර් ශවීන්ද්‍ර සිල්වාට එරෙහිව මේ අභූත චෝදනාව නොකළා නම් ඊළාම්වාදීන්ට හා රටට වින කිරීමට බලා සිටින විදේශීය නියෝජිතයන්ට ඒ සඳහා කිසිම අවස්ථාවක් ලැබෙන්නේ නැත.
සරත් ෆොන්සේකා හැරෙන්නට වෙන එකම පුද්ගලයකුවත් ‘සුදු කොඩි කතා’ නො කීවේය. ත්රස්තවාදීන්ට පක්ෂව ලිපි ලියූ බ්‍රිතාන්‍යයේ මාරි කොල්වින් වත් මෙරට යුද අපරාධ ගැන වචනයක් වත් ලියා තිබුණේ නැත. එහෙත් ෆොන්සේකා පෞද්ගලික වෛරය මත කළ ප්‍රකාශයක් නිසා ලෝක පරිමාණව ශ්‍රී ලංකාවට ඇති වී තිබෙන්නේ අහිතකර තත්ත්වයකි. ඒ තත්ත්වය ඇති කළ ෆොන්සේකා ජාතියෙන් සමාව ඉල්ලුවත් ඔහු විසින් කරන ලද්දේ කිසිදු සමාව දිය නොහැකි ද්‍රෝහීකමකි.
ද්වේශය - වෛරය හා අභූත චෝදනා
ශ්‍රී ලංකාවට එරෙහිව වාඩුව ගැනීමට බලා සිටි පරාජිත ඊළාම්වාදීහු කුමන හෝ හෝඩුවාවක් අල්ලා ගැනීමට සෑහෙන වෙහෙසක් දැරුවෝය. කළ හැකි කිසිවක්ම නැති තැන මෙරටින් ජර්මනියට පැනගිය කොටි හිතවාදී මාධ්‍යකරුවන් කිහිපදෙනකු විසින් චැනල් 4 මඩ වීඩියෝව නිපදවා විකාශය කරමින් උත්සාහ ගත්තේ ශ්‍රී ලංකා යුද හමුදාව නිරායුධ දෙමළ තරුණයන් ඝාතනය කරන බව ඔප්පු කිරීමටයි.
එහෙත් විශේෂඥ සාක්ෂි සහිතව චැනල් 4 ව්‍යාජ වීඩියෝ පටය හෙළිදරවු කිරීමත් සමඟ ම ඒ බොරුව සදහටම අපාගත කෙරිණි. ඉන් අනතුරුව විදේශගත ඊළාම්වාදීන් ශ්‍රී ලංකාවේ සහන ගම්මාන පිළිබඳ අරුම පුදුම ප්රවෘත්ති පතුරුවා හැරියේය. හමුදා සාමාජිකයන් දෙමළ තරුණියන් දූෂණය කරන බව ඉන් එක් බොරුවකි.
එයට ද වැඩි ආයුෂ තිබුණේ නැත. සරත් ෆොන්සේකා වෙලාවටම කට ඇරියේ ඊළාම්වාදීන් කරකියාගත හැකි දෙයක් නැතිව සිටියදීය. යුද්ධයේ අවසන් දින කිහිපයේදී සුදු කොඩි රැගෙන බාරවීමට පැමිණි ත්‍රස්තවාදී නායකයන් හමුදාව විසින් ඝාතනය කරනු ලැබූ බව ෆොන්සේකා කළ ප්‍රකාශයක් ‘සන්ඩේ ලීඩර්’ පුවත්පතේ පළවිය. ඔහු එම ප්‍රකාශය නොකළ බව කී අතර දැන් ඒ පිළිබඳව අධිකරණය ඉදිරියේ විභාගයක් පැවැත්වේ.
කෙසේ වෙතත් කොටි ත්‍රස්තවාදයත් සමඟම සමාදානයේ සැතපුණු ඊළාම්වාදීන් හා මළකුණු බුදින ගිජු ලිහිණියන් ෆොන්සේකාගේ් සුදු කොඩි කතාවෙන් නැවත පණ ලැබූ බව පිළිගත යුතු සත්‍යයකි. බෑන් කී මූන් ලංකාවට එරෙහිව කමිටු පත් කෙළේ ද, විදේශගත ඊළාම්වාදීහු සහ එරික් සෝල්හයිම් වැනි නියෝජිතයන් නැවත කරළියට පිවිස සිටින්නේ ද ;ෆාන්සේකාට පිංසිදු වන්නටය.
එලෝ මෙලෝ පිළිගත හැකි, එකම ඇසින් දුටු සාක්ෂියක් වත් නැතිව තුට්ටු දෙකේ “බොම්බඩියර්” කෙනෙකුගේ කේලමක් අසා එයම යළි යළි කියවමින් සරත් ෆොන්සේකා ශ්‍රී ලංකාවේ රණවිරුවන් කැඳවාගෙන යෑමට සැරසෙන්නේ කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු විභාගයටය. මෙවැනි මහදැනමුත්තලාටත්, කැකිල්ලේ නඩු තීන්දුවලටත් එරෙහිව කොන්ද පණ ඇති රටක් එකහෙළාම නැඟී සිටීම සාධාරණය.
එහෙත් එක්සත් ජාතීන්ගේ සංවිධානය වත්, නොබැඳි සමුළුව වත්, පොදු රාජ්‍ය මණ්ඩලය හා මහ බලවතුන්වත් ශ්‍රී ලංකාවට විරුද්ධ නැත. ශ්‍රී ලංකාවට එරෙහිව විවිධ චෝදනා යෝජනා ඉදිරිපත් වූ හැම විටෙකම ඒවා අති බහුතර ඡන්දයෙන් පරාජයට පත් කෙරිණ. මානව හිමිකම් පිළිබඳ බොරු චෝදනා ගෙන එමින් ශ්‍රී ලංකාව පීඩාවට පත් කරන්නට උත්සාහ ගත් අවස්ථාවලදී ඉන්දියාව, චීනය, රුසියාව, ජපානය යන රටවල් මෙන්ම නොබැඳි සමුළුව ද ශ්‍රී ලංකාවේ පැත්ත ගත්හ.
අද ඇත්තටම මෙරට මහජනතාව උද්ඝෝෂණ කළ යුත්තේ බෑන් කී මූන්ට නොව සරත් ෆොන්සේකාට එරෙහිව ය. මෑත ඉතිහාසයේ මෙතරම් ද්‍රෝහීකමක් කළ කිසිවෙක් මේ මහ පොළවේ වාසය නො කළේ ය..

SORRY hodee.....!!