මේ ඔක්කොම බලා ඉන්නෙ වරදින තුරු අපට......

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේ ඔක්කොම බලා ඉන්නෙ වරදින තුරු අපට......

    16790909bd4ee827121c17d6ba98edabc1fbcd0b.jpg

    ලංකාවෙ වැඩිම ආදරවන්තයින් ගණනක් එකතු කරපු ස්ටේෂන් එක තමයි සරසවි උයන කියන්නෙ. දන්නවද ඊට නොදෙවැනි ප්‍රමාණයක්ම ආදරවන්තයො වෙන් වෙලත් තියෙනවා. මම දිමුතු. රැකියාව විදියට කළේ විරැකියාවට විරුද්ධව පෙළපාළි යන එක. අඩුම ගාණෙ මාසෙකට තුන්පාරක්වත් කඳුළු ගෑස් විලින් සංග්‍රහ ලැබෙනවා. එදා උඩරට මැණිකේ දුම්රියට නැගලා අපි මැදිරියෙන් මැදිරියට මගී ජනතාව දැනුවත් කළා රටේ දැවෙන ප්‍රශ්න ගැන. තරුණ අසහනය ගැන. එකපාරටම සරසවි උයන ස්ටේෂන් එකේදි කෝච්චිය ගැස්සිලා නතර වුණා. “කෙල්ලෙක් කෝච්ච්යට පැණලා..” හැමෝගෙම සවන් අසලින් ඒ වචන ටික පියඹනවත් එක්කම අපි රේල් පාරට පැනලා විපරං කළා. ඇත්තම තමයි, ලස්සන කෙල්ලෙක්. කාටත් නොපෙනෙන එයාගෙ අතේ ගුළි කරල තිබුණ ලියුම දේහය උස්සද්දි, රේල් පීලි අතරට වැටුණා. මේ තියෙන්නෙ ඒ ලියුමෙ අකුරුවල, ලේවල, කඳුළුවල තිබුණ කතාව.

    ආදරය අහුලපු පරාක්‍රමට....

    සමහර විට මේ අකුරුත් ඔයාට දැං හුරු නැතුව ඇති. අමතක නම් මම මුලින්ම මතක් කරන්නම්. මම දෝනි. අපි මුලින්ම මුණගැහුනෙ මේ ස්ටේෂන් එකේදි. ඔයා මට ආදරෙයි කිව්වෙ මේ ස්ටේෂන් එකේදි. ඔයා මාව දාලා ගියෙත්, මම අද මාව දාලා යන්නෙත් මේ ස්ටේෂන් එකේදි. මේ ලියුම බලල අඬන්න එපා. මොකද මම ඔයාටත් එක්ක ඇතිවෙන්න උදේ, රෑ ඇඬුවා.

    හමුවෙන්නට සමුගන්නට ඇවිත් යන එන..
    දුම්රියපොළ පෙම්වතුන්ගෙ සරසවි උයන..
    අවුරුද්දෙම තුරුලිය ගොමු මලින් සැරසුණ..
    අපි දෙන්නා එනතුරු මඟ බලයි හැම දින..

    මලක නැවුම් සුවඳ පිරුණ සොඳුරු මඳ නල..
    ඔබ ගැන තොරතුරු විමසයි මඟදි හමුවෙන..
    සඳ ඇවිදින් ගියා වගේ කිසිත් නොකියම..
    ඔබ සැඟවී ගිහින් මගේ හිතත් අරගෙන..

    මුලින්ම ඔයාව දැක්කෙ මම. මම ඔයාගෙ දිහා බලාගෙන ඉන්නව දැකපු නිසයි ඔයා මගේ දිහා උනන්දුවෙන් බැලුවෙ. මම හිතුවෙ ඔයා අපේ එකේ අයියා කෙනෙක් කියලා. ඒත් එක දවසයි දකින්න ලැබුණෙ. මම බැරිම තැන පැය බාගයක් විතර වේලාසනින් ස්ටේෂන් එකට ඇවිත් පැයක් විතර පරක්කු වෙලත් ගෙදර ගියා. බෝඩිමෙන් මොන තරම් දේවල් කිව්වත් මට ඒ කිසි දෙයක් ඇහුණෙ නෑ. අඩුම ගාණෙ ඔයාගෙ යාළුවෙක්වත් හිටියා නම් කතා කරනවා. මට තේරුණේ නෑ ඇයි මේ කියලා. සමහර විට ඔයාට හිතෙනවා ඇති මම මහ නරක කෙල්ලෙක් කියලා. විශ්වාස කරන්න මම කවමදාකවත් මේ විදියට කෙනෙක් ගැන හැඟීමක් පහළ වෙලා නෑ. ආයෙත් එක පාරක් හරි ඔයාව මුණගැහුණොත් මේ හැමදේම ඔයාට කියනවා කියලා හිතාගත්තා.

    තව එක සැරයක් - ඔබ හමුවන්නට ඇත්නම්..
    නොසඟවා පවසන්නම් - ඔබට ආදරෙයි මං..
    නැහැ ඉවසිල්ලක් - සිත ඔබ විමසනවා දැන්..
    කුමක් කරන්නද මං - ඔබට ආදරෙයි මං..

    විලේ නෙළුම් මල් කොපමණ පිපුණත්..
    එක මලකට පෙම් කරමි සිතින්..
    නෙළන්න ආසයි දෝතින් ඒ මල..
    මගේම වන්නට හැමදාමත්..

    සති තුනකට පස්සෙ මම කොහොම හරි ඔයාව ආපහු හොයාගත්තා. ඒ ඇස් මාත් එක්ක හිනාවුණා. එදා සරසවි උයන ස්ටේෂන් එකක් නෙමෙයි මල් වත්තක් වගේ ලස්සනට මං දැක්කෙ. ඒත් ආදරේදි කෙල්ල ඉස්සර වෙන්න හොඳ නැතිලු. මමත් හැම දේම හිතේ තද කරගෙන හිටියා. ඔයා ආදරෙයි කියනකල්. අපි දැන් යාළුවො නිදා උදේ දවල් රෑ නැතුව කතා කරනවා. මට නං තවත් මේ දේවල් හංගගෙන ඉන්න බෑ. ඔයා කියපු පවුලෙ විස්තර ඇහුවාම මට හිතුණෙ ඔයාට මොන තරම් මානසික ශක්තියක්ද තියෙන්නෙ කියලා ඒ දේවල් දරාගෙන ඉන්න. මම මටත් පුළුවන් තරමින් ඒ දේවල් වලට උදවු වෙනවා කියලා හිතාගත්තා. කෝ ඉතිං මම බලාගෙන ඉන්නවා.. ඔයා මට තාම ආදරෙයි කිව්වෙ නෑනෙ. බැරිම තැන මම මගේ ආදරේ ඔයාට කියනවා කියලා හිතාගත්තා.

    හදවත පාරන සොඳුරු හැඟුම්..
    හිර කරගෙන හිටියා ඇති නැද්..
    සවනට ළං වී ආදරයෙන්..
    කියන්න කාලද දැං ඇවිදින්..

    ඇසට ඇස තියා බලාන ඉන්න..
    ළැමෙහි හොවා හිස සුවෙන් නිදන්න..
    ඉමක් නැතුව මල් හාදු පුදන්න..
    හිනාවෙලා මගෙ පෙම පිළිගන්න..

    දැන් මට ජීවිතේ හැම මොහොතක්ම ඔයා. උදේ වෙන්නෙත්, රෑ වෙන්නෙත් ඔයා නිසා. මගේ යාළුවො කියනව මම දැනං වෙනදටත් වඩා ලසස්නලු. වෙලාව ගතවෙනව දැනෙන්නෙත් නෑ. මට හරි ආසයි ඔයාගෙ අම්මල තාත්තල බලන්න. ඔයා නං අපේ ගෙදර හැමෝවම දැන් හොඳට දන්නවනේ. හැම යාළුවෙක්ම කියන්නෙ ඔයාගෙ පෙනුම හින්දි නළුවෙක්ගෙ වගේලු. එතකොට මමද ඔයාගෙ නිළිය. නියමයිනේ... සමහර කෙල්ලො මට ඉරිසියා කරනව කියලා මම දන්නව. කොහොම හරි ඔයාගෙ ශෙක්ෂන් එකටම මට එන්න ලැබුණ නං ලොකු සතුටක්. දවස තිස්සෙම ඔයා දිහා බල බල හිනා වෙවී ඔයා එක්කම වැඩ කරන්න පුළුවන්නං මේ ලෝකෙ මොන තරම් බාධක ආවත් අපිව වෙන් කරන්න බැරි තරමට අපි ළංවෙලා. ජීවිතේ විඳිනවා කියන්නෙ මේකට වෙන්න ඇති. අනේ මට හිතෙන හැමදේම කියන්න ලියන්න මේ ලෝකෙ තියෙන හැම භාෂාවකම අකුරු එකතු කළත් මඳි.

    සුපෙම් සුවඳක් අරන් - ඇවිත් සුළඟක් ලෙසින්..
    සදා රැඳෙනූ සිතේ - ඔබයි මගෙ ජීවිතේ..
    හිනා අහුරක් අරන් - නැවුම් සුවඳක් ලෙසින්..
    සදා රැඳෙනූ සිතේ - ඔබයි මගෙ ජීවිතේ..

    පහන් තරුවක් වෙලා - ඔබේ ලෝකය පුරා..
    හඳින්නම් සෑමදා - ළඟින් මියෙනා තුරා..
    ඔබේ සෙවණට වෙලා - දෙපා මුල දැවටිලා..
    රැඳී ඉන්නම් සඳා - හදින් සෙනෙහස පුදා..

    මම හැම දෙයක් ගැනම ඕනවට වඩා බලාපොරොත්තු තියාගන්නව කියලා පුංචි කාලෙ ඉඳලා අම්මා බනිනව. මෙතැනදි වුණෙත් ඒකම තමයි. ඔයා කියන හැමදේම මට මේ වෙලාවෙ ඉටු කරන්න බෑ. ආදරේ කියන්නෙ මේ දේවල් වලට නෙමෙයි. සල්ලි හම්බ කරලා කසාඳ බඳිනවානං මේ දේවල් හිතන්න තිබුණෙ ඊට පස්සෙ. මම අම්මා කෙනෙක් වෙන්න යනවා කිව්වාම මම හිතුවෙ ඔයා ගොඩක් සතුටු වෙයි කියලා. “අපි හෙටම කසාඳ බඳිමු..” කියයි කියල හිතාගෙන මම ඔයාව මුණගැහෙන්න ආවෙ. ඒත් ඔයා මේ කියන පවුකාර දේවල් කරන්න මට බෑ. එදා ඉඳලා අදට මාස දෙකක් ඔයා කොහේ ඉන්නවද කියලා කවුරුවත් දන්නෙ නෑ.

    ඔයා නිසා හඬලා..
    මගේ ඇසුත් රිඳනා..
    තරහ වෙලා හැර ගියදා..
    වේදනා දැනුණේ..
    පාළුවේ උන්නේ..

    සිහිකරලා ඔබ ගැන මා හඬලා..
    තව මට නෑ සැනසිල්ලක් ලැබීලා..
    පෙම බිඳලා ඔබ ගියදා ඉඳලා..
    තනිවීලා ඉන්නේ සැමදා..
    ඉන්නේ සැමදා..

    - සුපුන් චමීර රත්නායක -

    :(
     
  • Mar 15, 2012
    897
    587
    113
    SL
    මචං උඹ මේ ලිපිය පටන් ගන්නකොට කියල තිබුන නේද ලංකාවේ වැඩිම ආදරවන්ත්යො පිරිසක් හමුවුන ඒ වගේම වෙන් වුන දුම්‍රිය පොළ සරසවි උයන කියලා. ඒකට මමත් හොද උදාහරණයක්. සරසවි උයන, ඊට ටිකක් එහායින් තියෙන යකා පාලම, මහවැලි ගග, හන්තාන, සරසවි උයනට පිටිපස්සෙන් තියෙන කෑම කන්ඩ හැමෝම යන චෙෆ් එක මගෙ සරසවි ජීවිතයේ සොදුරු වගේම අදුරු මතකයන් හොදින් දන්නවා. උඹට ඒක මතක් කලාට පිං ...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බණ්ඩාර නිළමෙ;13691315 said:

    හ්ම්.. ඔය සීන් එක ඇත්ත කියලා මමත් අහලා තියෙනවා බං..:( ේක මම ලියපු එකක් නෙේ මෝ.. සුපුන් චමීර කියලා කෙනෙක් ලියපු එකක්.. ොම ස්තුතියි ප්‍රතිචාරයට..

    mokakda siddhiya
    :eek::eek::eek:
    :eek::eek:
    :eek:
    හදපු කතාව බං..:)

    ela machan +6
    තෑන්ක්ස් මෝ..
     
    dagiya

    Active member
  • Mar 13, 2009
    815
    39
    28
    ජබුක් ලන්තේ...
    correct one..!

    2003-2004 අධ්‍යන වර්ෂය ආරම්භ කරමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයට එනව තරුණයෙක් පොල්ගහවෙල ඉදල...
    අපේ යාළුවො දන්නව ඇතිනේ ලංකාවේ සරසවියක තිබෙන එකම දුම්රියපොල තියෙන්නෙ පේරාදෙණිය සරසවයේ. ඉතින් ඒ තරුණයට ඒක ගොඩාක් පහසුවක්.

    පේරාදෙණිය විද්‍යාලයට පීඨයට පැමිණි මේ තරුණායාට සුපුරුදු පරිදි කාඩ් එකකුත් වැදුනා...

    කාඩ් එක තමා බොනපාට්...

    මම මෙතනින් ඉදිරියට මේ තරුණයව හදුන්වන්නෙ බොනපාට් කියල... මොකද මුළු සරසවියම ඔහුව හදුනගත්තෙ බොනපාට් යන නමින්....

    ඉතින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ආපු මේ බොනපාට් ගැන සරලවම කියනවනම් ගොඩක්ම සංවේදී... හොඳම මීටරයක්... ඔහු පැමිණියේ භූගර්භ විද්‍යා උපාධිය හදාරන්න.... ඔය උපාධිය ලංකාවෙන්ම පවත්වන්නෙ පේරාදෙණිය සරසවියේ පමණයි... ඔවුන්ගෙනුත් විශේෂ භූගර්භ විද්‍යා උපාධිය සදහා තේරෙන්නෙ 10 දෙනෙක් පමණයි...

    අපේ මේ බොනපාට් ඒ 10දෙනා අතරට තේරුණාම කොහොමද මිනිහගෙ මීටරේ කියල අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ යාළුවනේ...... කෙටියෙන්ම කියනවනම් වසරකට භූගර්භ විද්‍යා විශේෂ උපාධිධාරීන් ලංකාවෙන්ම බිහිවෙන්නේ 10 දෙනයි..... (මේ භූගර්භ විද්‍යා විශේෂ උපාධිය තියෙන ඕනම කෙනෙකුට ඕනෑම රටකින් නොමිලේ රැකියා සහ වීසා දෙනව....)

    පවුලේ එකම දරුවා වූ මේ බොනපාට්ට ආදරේ සෙනෙහස එතරම් අවශ්ශ්‍ය උනේ නෑ... මොකද දෙමාපියන්ගෙ මුළු ලෝකයම උනේ මේ බොනපාට්.. සරසවියට එනකල්ම ඔහුටත් ආදරයක් අවශ්‍ය උනේ නෑ... ඒ තරම් දෙමාපියන් ඔහුට ආදරය සෙනෙහස දුන්න... කොහොමින් හරි සරසවියේ තනිවුන, පොත් අතර කාළය ගෙවුණු මේ බොනපාට්ටත් තනිකම කාන්සිය නිසා සරසවි ආලය ටිකෙන් ටික දැනෙන්න පටන්ගත්ත.... ඔහු සම්බන්ධයක් ඇති කරගත්ත සරසවියේ තරුණියක් සමග... ඇයටත් කාඩ් එකක් තියෙනව...

    එය තමයි සොබනි.

    ඇයත් පොල්ගහවෙලමයි... ඔන්න ඉතින් අපේ මේ බොනපාට් සොබනිත් එක්ක ආදරය කරන්න පටන් ගත්ත....

    යාළුවනේ හැඩි දැඩි සිරුරක් ,ලස්සනක් තිබුණ මේ බොනපාට් පුදුම මීටරයක්.... ඒ වගේ කෙනෙක් සරසවිය තුලදි නිරායාසයෙන්ම ජනප්‍රියයි... අනික යාළුවන්ට තියෙන ආදරයත් උපරිමයි. සරසවි භාෂාවෙන් සිරා බොක්කෙ කොල්ලෙක් ඔහු.. කොහොමින් හරි මේ දෙන්න දැන් සරසවියෙ ඉන්නෙ එකට, එකම ගමේ නිසා ගමට යන්නෙ එකට , නැවත එන්නෙ එකට... ගෙවල් වලිනුත් කැමතියි දෙදෙනාටම.... ඉතින් අමුතුවෙන් කියන්න ඕනෙ නෑ... මුළු සරසවියම දන්නව බොනපාට් තව වසර 2කින් 3කින් නවතින්නෙ ඇමරිකාවේ නැතිනම් යුරෝපයේ කියල.... ඒ නවතින්න යනවිට සොබනි ඔහුගේ බිරිද වෙයි කියලා අපි හැමෝමත් බොනපාට් සහෝදරයත් හිතුව. අනිත් සරසවි පෙම්වතුන් වගේම මොවුන් දෙදෙනත් ආදරෙන් වෙලෙමින් කාලය ගතකලා.....

    මුදල් ප්‍රශ්ණයක් නැතිනම්, බොනපාට් පුදුම ලස්සනයිනම්, ඇමෙරිකාව පුරවැසිභාවය දීමට ආරාධනා කරන උපාධියක් තිබෙනවනම්, අනාගතේ පැහැදිලිනම්, සොබනිට ගෙදරිනුත් කැමතිනම්.... කොතරම් වාසනාවන්තයෙක්ද යාළුවනේ අපේ මේ බොනපාට්... අනික සොබනිත් වාසනාවන්තයි බොනපාට් ලැබුනට... සරසවියෙ හැමෝම හිතුවෙ එහෙමයි....

    නමුත් ඔබ දන්නවද සොබනි හිටි හැටියේම බොනපාට්ව අත ඇරියා....

    හරිනම් බොනපාට් තමා සොබනිව අතාරින්න ඕන. සොබනි කියන්නෙ සාමාන්‍ය තරුණියක්. ඇය ලස්සනයි. නමුත් අපි දකින විදියට බොනපාට්ගෙ ලගදි ඇය නවදැලි හේනක පෑව වැදිරි රුවක් හා සමානයි.... ඒත් සොබනි බොනපාට්ව අතෑරියා... කොහොමද දෙවියනේ මේවගේ දෙයක් වෙන්නෙ.. නමුත් එහෙම දෙයක් උනා... බොනපාට් තනිවුනා... ඇය ඔහු තනිකලා....

    නමුත් මේ බොනපාට් මම කලින් කිවුව වගේ පුදුමාකාර චරිතයක්... ඔහු මේ සම්බන්ධය නවත්වපු බවක් සරසවියේ කිසිම කෙනෙකුට හැගෙවුවෙ නෑ... පෙන්නුවෙත් නෑ.... නමුත් සම්බන්ධය නවත්වලා.... බොනපාට් උත්සාහ කරන්න ඇති සොබනිව නැවත කැමති කරවගන්න. බොනපාට් උත්සාහ කරන්න ඇති නැවතත් සොබනි එක්ක සරසවි දුම්රිය ස්ථානයෙන් ගෙදර යන්න, ආයෙ එන්න... සරසවියෙ ඇවිදින්න... නමුත් ඇය ඔහු අතෑරලා.... ඔහු මේක සගවගෙන විවිධ හේතු දක්වමින් මගෑරියා.... ඔහු තනිවම විදවන්න පුළුවන් උපරිම දුක්වින්දා.... ලොකයෙන්ම දුකක් සගවගෙන දුක්වෙන එක හරිම අමාරුයි... ඒත් මේ කතාවේ අවාසානය වෙනකල් ඔහුගේ අතිජාත මිත්‍රයන්වත්... ඔහුගේ මවවත් දන්නෙ නෑ... සොබනි ඔහුට බූට් එක තියල කියල... ඒ තරමටම මොහු සොබනිව ආරක්ෂා කලා....

    ගෙදර හුරතලේකට හැදුනු බොනපාට්ට ආයේ මේ දුක දරාගන්න නම් ලේසිනම් නෑ යාළුවනේ... ඔහු දුක විදින්න, විදවන්න තියෙන උපරිම විදියට උත්සාහ කලත් මේ දුක ඔහුට දරාගන්න බෑ..... ඔහු ගත්ත තීරණයක්..... අනාගත සුපිරි විද්‍යාඥයා විශ්ව විද්‍යාලයෙන් හොරෙන් ගත්ත රසායනික කැට ටිකක්.... ගියා හන්තානේ මාකස් නේවාසිකාගාරයට ඈතින් ෆයිනස් යායේ තිබෙන ගල් තලාවක් මතට.... අවසන් උත්සාහය දැරුව ඔහු ඇමතුමක් අරගෙන සොබනිට... වැඩක් නෑ... ඇය අසංවේදීයි.. ඇයට බොනපාට්ගේ හදවත දැනෙන්නෙ නෑ... ඔහු කරන්න යනදේ ගැන වැටහීමක්වත් සංවේදීතාවයක්වත් නෑ....

    උනදේ කියාගන්නත් බෑ යාළුවනේ.... සරසවි සිසුන්ට බොනපාට්ව මුණ ගැහුනේ ඊට දින දෙකකට පසුව... යාළුවනේ ඩෙනිම් කලිසමත් නිල් ඉරි ටීෂර්ට් එකත් ඇදගෙන මුනිං අතට මැරිල ඉන්නව අපේ අනාගත භූගර්භ විද්‍යාඥයා ගල් තලාව මත....

    ඔහු මිය ගිහින් තියෙන්නෙත් බොලද විදියට නෙමෙයි... ඔහුගේ මියයාම, ඔහුගේ දුක, වේදනාව ගැන විවිධ ඉගි කිරීම් සදහන් කරමින් ඔහු සටහනක් පොතක ලියල තිබුණ.... නමුත් ඔහුගේ බුද්ධියෙන් දෙන ඉගි තේරුම් ගැනීම ඉතා අපහසුයි... ඇයි ඔහු ඉගි විතරක් දුන්නෙ ... මිය යන්න හේතුව සරලවම කියන්න තිබුනනේ... ඇයි ඔහු එහෙම නොකිව්වෙ.... සොබනිට නොදැනුනාට ඔහු ඒ තරම් සොබනිට ආදරෙයි.... සොබනි නිසා මැරුණ කිවුවොතින් සොබනිට වෙනදේ ඔහු දන්නව.... ඉගිවලින් දුන් පණිවිඩය අපිට නොතේරුණාට සොබනිට හොදටම වැටහෙන්න ඇති.....

    හමුවෙන්නට සමුගන්නට ඇවිත් යන එන
    දුම්රියපොල පෙම්වතුන්ගේ සරසවි උයන
    අවුරුද්දෙම තුරුලිය ගොමු මලින් සැරසුන
    අපි දෙන්නා එනතුරු මග බලයි සැම දින

    දැනෙන විදියට රජෙක් වගේ මුළු විශ්ව විවිද්‍යාලයපුරා ප්‍රචලිත වෙලා සිටි බොනපාට්, සොබනිලගට ගිහින් කියන්න ඇති.... එන්න අපි යමු කෝච්චියෙ ගමේ වෙනද වගේ කියල... කොතරම් නම් ඉල්ලීම් කරන්න ඇත්ද ඔහු සොබනි ලග වැද වැටිල....

    මලක නැවුම් සුවඳ පිරුන සොදුරු මදනල
    ඔබ ගැන තොරතුරු විමසයි මගදි හමුවෙන
    සඳ ඇවිදින් ගියා වගේ කිසිත් නොකියම
    ඔබ සැඟවී ගිහින් මගේ හිතත් අරගෙන

    දුක දරාගෙන ඉදල ඉදල බැරිම තැන මැරෙන්න තීරණය කරපු අපේ මේ බොනපාට් අන්තිම මොහොතෙදිත් කෝල් එකක් අරගෙන තියෙන්නෙ සොබනිට.... මොනව කියන්න ඇත්ද..? අඩ අඩා ආදරේ ඉල්ලන්න ඇති නේද...? මගේ කදුලු බිදු වැටෙන්න නොදී එන්න සොබනි ආයෙත්... කියන්න ඇති නේද...? දෙවියනේ මේ තරම් සියුමැළිද කළුගල් කියල සින්දු ලියපු රටේ දැන් කියන්න තියෙන්නෙ මේ තරම් රළු ඇයිද හදවත් කියල.... ‍

    නෙතින් නෙතට එබී බලා ගන්න හදවත
    ඉස්සර මෙන් ඇවිත් යන්න සරසවි බිමට
    ඔබ වෙනුවෙන් පෙරුම් පුරා ඉනූ කදුලට
    බිම වැටෙන්න දෙන්න එපා රිදෙයි හොඳටම

    ගීතය අහන්න අත්‍යාවශ්‍ය නෑ... අකමැතිනම් එය අමතක කරල කතාව විතරක් කියවන්න... හැබැයි මෙහෙද එක දෙයක් සදහන් කරන්න ඕන... සොබනි දැන් හොදින් ජීවත් වෙනවා.. ඇය සාර්ථක පවුල් ජීවිතයක් ගෙවනවා... ඒ නිසයි මෙහි සියළු නම් සදහන් කලේ නැත්තෙ... අනික මෙහිදී හිතට වැදුණු දෙයක් තියෙනවා.... ඒ තමයි ඔහුගේ හොදම යාළුවෙක් කියපු කතාවක්....

    මේ යාළුව බොනපාට්ගේ මලගෙදරට සහභාගී වුනේ නෑ... ඇයි කියල ඇහුවම ඔහු දීපු පිළිතුරෙත් හිතන්න දෙයක් තියෙනවා...

    " අම්ම තාත්තගෙ එකම ලෝකය කෙල්ලෙක් නිසා බොනපාට් නැති කරගත්තෙ ඌ,
    ඌ ගැන වටිනාකමක් නැති නිසා.... ඉතින් ඌට ඌ වටින්නෙ නැත්නම්... එහෙම එකෙක් මට කෙහොමත් වටිනාකමක් නෑ. ඒ නිසා මම මලගෙදර යන්නෙ නෑ...... "

    ❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀

    මෙය මා අන්තර්ජාලයෙන් උපුටාගත්තේ සරසවි අධ්‍යාපනය ලබන , ලබන්නට බලාපොරොත්තු වන අප සැම වෙනුවෙන්.. ආදරයක් පැරදුනා කියලා කවදාවත් ජීවිතයෙන් වන්දි ගෙවන්න එපා.. මොකද අපි ඒ ආදරය කරපු කෙනා දැනගෙන සුලු කාලයක් වුනත් අපිව වදපු , හැඩි දැඩි කරපු දෙමවුපියන් අපිව උපතේ සිට රැක බලාගත්තා..

    ආදරයක් නම් නැවත ලබාගන්න පුලුවන් මිතුරනේ.නමුත් ජීවිතය අපිට ලැබෙන්නේ එක වරයි..
     
    හ්ම්.. ඕක ඇත්ත කතාවක් නෙේ මෝ.. ඕක ලිව්වෙ අේ සස්ලිට් අයියා..:) ඒත් ඔය වේ සීන් ොඩක් වෙනවා..:(

    :(:(

    :(:(

    11.gif
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ආදරය ඇතිවීම් බිඳීම් ඇති වෙන්නම තියෙන තැනක් කැම්පස් කියන්නේ...
    ඇත්තටම දවසකට කොච්චර නම් කැම්පස් වල ඔය දේ ඇති වෙනවද? බි‍ඳෙනවද?
    මම හිතන්නේ එන්න එන්න ඒ දේ වැඩි වෙනවා..
    හම්...ම්..කැම්පස් කාලයේ නොවුනත්..
    මගේ අත්දැකීම්ද මේ හා සමානයි මැරෙන්න නම් හිතලා නෑ..
    මැරෙන්න තියෙන බයකට නෙමෙයි.
    මට ඊට වඩා දේවල් ඒ වෙනුවෙන් කරන්න පුලුවන්.

    මම දන්නෑ කොහොමත් ආදරය කියන දෙයින් මම දැන්ගොඩක් වෙලාවට මඟ අරින්න පුරුදු වෙලා..
    ඇත්තටම අපිට ඉන්නේ අපි විතරයි..

    මම වැඩට ගියේ කෝච්චියේ එක දවසක් මේ කෝච්චියෙදි
    මම මූණක් දැක්කා..
    දැක්ක ගමන් හිත සැලුනා..
    කෙල්ල නම් බය උනා කැත සීන් එක කියන්නෙ කෙල්ලට ටිකක් එහායින් හිටියෙත් ඒ හා සමානම තව කෙල්ලෙක්..
    මම මටම අයියෝ කියලා මගේ හිත හදා ගෙන(දෙන්නටම හිත වැ‍ටුනා කියහන්කෝ...)
    මට අදාල ඉස්ටේසොමෙන් බැහැලා වෙනද වගේ ඔපීසියට දිව්වා..
    ඔන්න ඊළඟ දවසේ ඉඳන් මම කෝච්චියෙ ස්ථිරවම එකම තැනක යනවා කියලා හිත හදාගෙන අහඹුව තිබුන පෙට්ටියකට නැග්ගා..
    ඉතින් පැය එකහා මාරක ගමනේ නිදා ගන්නත් බෑ..
    බලෙන් හරි වටේ ඉන්න උන්ව සෙට් කරගන්නවා
    කියලා හිතාගෙන හිනාවක් එහෙම දාලා බැලුවා..
    හ්ම්...මුන් බලන්නෙවත් නෑ..
    යකෝ මුන්ගේ ‍රැස්..
    ඔහෙ හිටපියව් කියලා මම අනික් පැත්තට හිනාවක් දාලා බැලුවා ප්‍රතිචාරේ හොඳයි...
    ඔන්න දැන් ඒ සෙට් එකේ නව සාමාජිකයෙක් මම..
    දවසින් දවස කොහොමත් සෙට් එකෙට තියෙන ‍ෆිට් එක වැඩි වෙනවා..
    මෙන්න දෙවියනේ දවසක් මම ඉන්න ප්ලේස් එකේ මම එදා දැක්ක ඒ සුදු මූණත් තියෙනවා..
    මෙයා එකතු මට කලින් රහලා ඔරවපු සෙට් එකට...
    ඒත් මෙයා හිටියේ මට එහා පැත්තේ..
    කොහොම හරි එදා මෙයා මට හොඳ හේතුවකුත් දාගෙන හොඳට නින්දකුත් දා ගත්තා..
    මට ඉතින් ලොවෙත් නෑ වගේ...
    කොහොමහරි අරුන්ගේ සෙට් එකේ බලු කොල්ලෙක් මෙයාව කෝල් දීලා නැඟිට්‍ටුවා..
    මට ඉතින් උගේ බෙල්ල කන්න හිතුනා..:growl::growl::growl:
    මට එයාව ආයෙත් හම්බුන දවසේ ඉඳන් එයා හැමදාම ගියේ මම එක්ක.
    අර සෙට් එකත් එක්ක අන්තිම කාලෙ වෙද්දි කතාවත් නොකරන මට්ටමට මොකක් හරි සීන් එකක් වෙලා තිබුනා...
    අන්තිමට ඒ සෙට් එකත් නැති උනා..

    කොහොම හරි මගේ අවුරුද්දකට කිට්‍ටු වෙන්න තිබුන ඔ‍ෆිස් ජීවිතේ මට එයා සෑහෙන්න ලං උනා..
    ඇත්තටම එයා ව මම දන්නවා..මාවත් දන්නවා..
    අපේ ගෙවල් කිට්‍ටුව...
    කොහොම හරි මම රස්සාවෙන් අයින් වෙන්න හිතේ තිබුන
    එකම අකමැත්ත ආයේ එයාව දකින්න ලැබෙන්නෙත් නෑ නේ..
    කොහොම හරි මම නැවතිලා සතියකට පස්සේ ආයේ මට එයාව අහම්බෙන් හම්බ වෙනවා..
    මෙයත් රස්සාවෙන් අයින් වෙලා...
    ඒ ඇයි කියලා මම දන්නේ නෑ...
    පාඩම් වැඩ වලට අමාරුයි කියලා...තමයි කියුවේ(මාත් ඕකම තමා කියන්නේ..)
    කොහොම හරි තව මාසයක් විතර මට එක දිගට එයාව හම්බ උනා..
    එක පාර හැමදේම නැති වෙලා ගියා..
    නිකන් pause බට්න් එක press කලා වගේ...
    මම මිත්‍රශීලී විදියටම ඇයි නේන්නේ කියලා ඇහුවට උත්තරයක් නෑ...!!!
    කොහොමත් මම කෙල්ලෙක්ට ඕනවට වඩා පජාත වෙන්නේ නෑ..
    දැන් නම් හොයන්නෙත් නෑ..
    ඒත්...
    මට දැන් වෙන කරන්න දෙයක් නෑ..
    මම තාමත් දුම්රියපලේ එදා එයා එනකන් හිටගෙන
    හිටපු තැන් හටන් ඉන්නවා..මට එහා පැත්තෙන් තිබුන බංකුව..
    තාමත් එදා වගේ තියෙනවා..එයා නම් නෑ...
    ඒ නිසා ඒ මතක ගැන මනෝ පාරක් ගහන් ඉන්නවා..
    ඒ ඉද්දි මට අහු වෙනවා මේ ලස්සන සුදු කෙල්ල
    මට බොරු කියලා තියෙනවා කියලා..ගේමක් නැතිවම...
    එතකොට මේ කෙල්ල ආවේ කොහෙන්ද?
    ගියේ කොහෙද?මොකටද ආවේ..
    මට හිතෙන්නේ එයාවත් මම ප්‍රතික්ෂේප කරලා තියෙනවා..
    මම හිතින් ආදරය කරත් ආදරය කියන දේ ගැන මට
    තියෙන්නේ කළකිරීමක් විතරයි..
    මොකද ඕක කොයි වෙලාවක හරි නැති වෙනවමනේ...

    නැති වෙන බැඳීමක් ගැන ලොකු බැඳීමක් ඇති වෙන්නේ නෑ..
    මම දැන් ඒ ගැන මම අධ්‍යාපනය ලබන විෂය හරහා තව දුරටත්
    ඉ‍ඟෙන ගන්නවා..ඒ නිසා මම ගැන මට පසුතැවීමක් නෑ..

    මට දුක ඒ විෂය ක්ෂේත්‍රයෙන්ම ඉදිරියට යමින් ඉන්න
    එයාට ඒක තේරුනේ නැත්තේ ඇයි කියන එක...
    යකෝ කෙල්ලො කටපාඩම් කරන එක විතරද දන්නේ ඇයි
    Practically ඒ දේවල් ජීවිතයට එකතු කර නොගන්නේ...

    :(:(:(:(