මේ ඔක්කොම බලා ඉන්නෙ වරදින තුරු අපට......

  • Jul 6, 2012
    10,698
    2,925
    113
    ලංකාවෙ විතරක් නෙමෙයි දකුනු ආසියානු රටවල් වල තියන දුක්ඛිතම තත්ත්වයක්.ඒත් ආදරයක් මෙහෙම කෙළවර වෙන එක තමයි දුක
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    එළකිරි කොල්ලෙක්;13692263 said:
    ලංකාවෙ විතරක් නෙමෙයි දකුනු ආසියානු රටවල් වල තියන දුක්ඛිතම තත්ත්වයක්.ඒත් ආදරයක් මෙහෙම කෙළවර වෙන එක තමයි දුක


    කෙලවරක් තියෙනවා කියලා දැන ගෙන කලොත් දුක නෑ...
    :no::no::no::no:
     

    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    16790909bd4ee827121c17d6ba98edabc1fbcd0b.jpg


    ලංකාවෙ වැඩිම ආදරවන්තයින් ගණනක් එකතු කරපු ස්ටේෂන් එක තමයි සරසවි උයන කියන්නෙ. දන්නවද ඊට නොදෙවැනි ප්‍රමාණයක්ම ආදරවන්තයො වෙන් වෙලත් තියෙනවා. මම දිමුතු. රැකියාව විදියට කළේ විරැකියාවට විරුද්ධව පෙළපාළි යන එක. අඩුම ගාණෙ මාසෙකට තුන්පාරක්වත් කඳුළු ගෑස් විලින් සංග්‍රහ ලැබෙනවා. එදා උඩරට මැණිකේ දුම්රියට නැගලා අපි මැදිරියෙන් මැදිරියට මගී ජනතාව දැනුවත් කළා රටේ දැවෙන ප්‍රශ්න ගැන. තරුණ අසහනය ගැන. එකපාරටම සරසවි උයන ස්ටේෂන් එකේදි කෝච්චිය ගැස්සිලා නතර වුණා. “කෙල්ලෙක් කෝච්ච්යට පැණලා..” හැමෝගෙම සවන් අසලින් ඒ වචන ටික පියඹනවත් එක්කම අපි රේල් පාරට පැනලා විපරං කළා. ඇත්තම තමයි, ලස්සන කෙල්ලෙක්. කාටත් නොපෙනෙන එයාගෙ අතේ ගුළි කරල තිබුණ ලියුම දේහය උස්සද්දි, රේල් පීලි අතරට වැටුණා. මේ තියෙන්නෙ ඒ ලියුමෙ අකුරුවල, ලේවල, කඳුළුවල තිබුණ කතාව.

    ආදරය අහුලපු පරාක්‍රමට....


    සමහර විට මේ අකුරුත් ඔයාට දැං හුරු නැතුව ඇති. අමතක නම් මම මුලින්ම මතක් කරන්නම්. මම දෝනි. අපි මුලින්ම මුණගැහුනෙ මේ ස්ටේෂන් එකේදි. ඔයා මට ආදරෙයි කිව්වෙ මේ ස්ටේෂන් එකේදි. ඔයා මාව දාලා ගියෙත්, මම අද මාව දාලා යන්නෙත් මේ ස්ටේෂන් එකේදි. මේ ලියුම බලල අඬන්න එපා. මොකද මම ඔයාටත් එක්ක ඇතිවෙන්න උදේ, රෑ ඇඬුවා.


    හමුවෙන්නට සමුගන්නට ඇවිත් යන එන..
    දුම්රියපොළ පෙම්වතුන්ගෙ සරසවි උයන..
    අවුරුද්දෙම තුරුලිය ගොමු මලින් සැරසුණ..
    අපි දෙන්නා එනතුරු මඟ බලයි හැම දින..

    මලක නැවුම් සුවඳ පිරුණ සොඳුරු මඳ නල..
    ඔබ ගැන තොරතුරු විමසයි මඟදි හමුවෙන..
    සඳ ඇවිදින් ගියා වගේ කිසිත් නොකියම..
    ඔබ සැඟවී ගිහින් මගේ හිතත් අරගෙන..


    මුලින්ම ඔයාව දැක්කෙ මම. මම ඔයාගෙ දිහා බලාගෙන ඉන්නව දැකපු නිසයි ඔයා මගේ දිහා උනන්දුවෙන් බැලුවෙ. මම හිතුවෙ ඔයා අපේ එකේ අයියා කෙනෙක් කියලා. ඒත් එක දවසයි දකින්න ලැබුණෙ. මම බැරිම තැන පැය බාගයක් විතර වේලාසනින් ස්ටේෂන් එකට ඇවිත් පැයක් විතර පරක්කු වෙලත් ගෙදර ගියා. බෝඩිමෙන් මොන තරම් දේවල් කිව්වත් මට ඒ කිසි දෙයක් ඇහුණෙ නෑ. අඩුම ගාණෙ ඔයාගෙ යාළුවෙක්වත් හිටියා නම් කතා කරනවා. මට තේරුණේ නෑ ඇයි මේ කියලා. සමහර විට ඔයාට හිතෙනවා ඇති මම මහ නරක කෙල්ලෙක් කියලා. විශ්වාස කරන්න මම කවමදාකවත් මේ විදියට කෙනෙක් ගැන හැඟීමක් පහළ වෙලා නෑ. ආයෙත් එක පාරක් හරි ඔයාව මුණගැහුණොත් මේ හැමදේම ඔයාට කියනවා කියලා හිතාගත්තා.


    තව එක සැරයක් - ඔබ හමුවන්නට ඇත්නම්..
    නොසඟවා පවසන්නම් - ඔබට ආදරෙයි මං..
    නැහැ ඉවසිල්ලක් - සිත ඔබ විමසනවා දැන්..
    කුමක් කරන්නද මං - ඔබට ආදරෙයි මං..

    විලේ නෙළුම් මල් කොපමණ පිපුණත්..
    එක මලකට පෙම් කරමි සිතින්..
    නෙළන්න ආසයි දෝතින් ඒ මල..
    මගේම වන්නට හැමදාමත්..


    සති තුනකට පස්සෙ මම කොහොම හරි ඔයාව ආපහු හොයාගත්තා. ඒ ඇස් මාත් එක්ක හිනාවුණා. එදා සරසවි උයන ස්ටේෂන් එකක් නෙමෙයි මල් වත්තක් වගේ ලස්සනට මං දැක්කෙ. ඒත් ආදරේදි කෙල්ල ඉස්සර වෙන්න හොඳ නැතිලු. මමත් හැම දේම හිතේ තද කරගෙන හිටියා. ඔයා ආදරෙයි කියනකල්. අපි දැන් යාළුවො නිදා උදේ දවල් රෑ නැතුව කතා කරනවා. මට නං තවත් මේ දේවල් හංගගෙන ඉන්න බෑ. ඔයා කියපු පවුලෙ විස්තර ඇහුවාම මට හිතුණෙ ඔයාට මොන තරම් මානසික ශක්තියක්ද තියෙන්නෙ කියලා ඒ දේවල් දරාගෙන ඉන්න. මම මටත් පුළුවන් තරමින් ඒ දේවල් වලට උදවු වෙනවා කියලා හිතාගත්තා. කෝ ඉතිං මම බලාගෙන ඉන්නවා.. ඔයා මට තාම ආදරෙයි කිව්වෙ නෑනෙ. බැරිම තැන මම මගේ ආදරේ ඔයාට කියනවා කියලා හිතාගත්තා.


    හදවත පාරන සොඳුරු හැඟුම්..
    හිර කරගෙන හිටියා ඇති නැද්..
    සවනට ළං වී ආදරයෙන්..
    කියන්න කාලද දැං ඇවිදින්..

    ඇසට ඇස තියා බලාන ඉන්න..
    ළැමෙහි හොවා හිස සුවෙන් නිදන්න..
    ඉමක් නැතුව මල් හාදු පුදන්න..
    හිනාවෙලා මගෙ පෙම පිළිගන්න..


    දැන් මට ජීවිතේ හැම මොහොතක්ම ඔයා. උදේ වෙන්නෙත්, රෑ වෙන්නෙත් ඔයා නිසා. මගේ යාළුවො කියනව මම දැනං වෙනදටත් වඩා ලසස්නලු. වෙලාව ගතවෙනව දැනෙන්නෙත් නෑ. මට හරි ආසයි ඔයාගෙ අම්මල තාත්තල බලන්න. ඔයා නං අපේ ගෙදර හැමෝවම දැන් හොඳට දන්නවනේ. හැම යාළුවෙක්ම කියන්නෙ ඔයාගෙ පෙනුම හින්දි නළුවෙක්ගෙ වගේලු. එතකොට මමද ඔයාගෙ නිළිය. නියමයිනේ... සමහර කෙල්ලො මට ඉරිසියා කරනව කියලා මම දන්නව. කොහොම හරි ඔයාගෙ ශෙක්ෂන් එකටම මට එන්න ලැබුණ නං ලොකු සතුටක්. දවස තිස්සෙම ඔයා දිහා බල බල හිනා වෙවී ඔයා එක්කම වැඩ කරන්න පුළුවන්නං මේ ලෝකෙ මොන තරම් බාධක ආවත් අපිව වෙන් කරන්න බැරි තරමට අපි ළංවෙලා. ජීවිතේ විඳිනවා කියන්නෙ මේකට වෙන්න ඇති. අනේ මට හිතෙන හැමදේම කියන්න ලියන්න මේ ලෝකෙ තියෙන හැම භාෂාවකම අකුරු එකතු කළත් මඳි.


    සුපෙම් සුවඳක් අරන් - ඇවිත් සුළඟක් ලෙසින්..
    සදා රැඳෙනූ සිතේ - ඔබයි මගෙ ජීවිතේ..
    හිනා අහුරක් අරන් - නැවුම් සුවඳක් ලෙසින්..
    සදා රැඳෙනූ සිතේ - ඔබයි මගෙ ජීවිතේ..

    පහන් තරුවක් වෙලා - ඔබේ ලෝකය පුරා..
    හඳින්නම් සෑමදා - ළඟින් මියෙනා තුරා..
    ඔබේ සෙවණට වෙලා - දෙපා මුල දැවටිලා..
    රැඳී ඉන්නම් සඳා - හදින් සෙනෙහස පුදා..


    මම හැම දෙයක් ගැනම ඕනවට වඩා බලාපොරොත්තු තියාගන්නව කියලා පුංචි කාලෙ ඉඳලා අම්මා බනිනව. මෙතැනදි වුණෙත් ඒකම තමයි. ඔයා කියන හැමදේම මට මේ වෙලාවෙ ඉටු කරන්න බෑ. ආදරේ කියන්නෙ මේ දේවල් වලට නෙමෙයි. සල්ලි හම්බ කරලා කසාඳ බඳිනවානං මේ දේවල් හිතන්න තිබුණෙ ඊට පස්සෙ. මම අම්මා කෙනෙක් වෙන්න යනවා කිව්වාම මම හිතුවෙ ඔයා ගොඩක් සතුටු වෙයි කියලා. “අපි හෙටම කසාඳ බඳිමු..” කියයි කියල හිතාගෙන මම ඔයාව මුණගැහෙන්න ආවෙ. ඒත් ඔයා මේ කියන පවුකාර දේවල් කරන්න මට බෑ. එදා ඉඳලා අදට මාස දෙකක් ඔයා කොහේ ඉන්නවද කියලා කවුරුවත් දන්නෙ නෑ.


    ඔයා නිසා හඬලා..
    මගේ ඇසුත් රිඳනා..
    තරහ වෙලා හැර ගියදා..
    වේදනා දැනුණේ..
    පාළුවේ උන්නේ..

    සිහිකරලා ඔබ ගැන මා හඬලා..
    තව මට නෑ සැනසිල්ලක් ලැබීලා..
    පෙම බිඳලා ඔබ ගියදා ඉඳලා..
    තනිවීලා ඉන්නේ සැමදා..
    ඉන්නේ සැමදා..


    - සුපුන් චමීර රත්නායක -

    :(

    කව්ද කලින් ආදරේ කිව්වේ?

    මම කැමතිම කොටස!!

    යාලුවෝ වගේ ඉඳලා.. කෙල්ලට ඉවසගෙන ඉන්න බැරිම තැන මෙහෙම කියද්දි
    අයියේ මම අවංකවම ඔයාට ආදරෙයි.... කොහොමද කොල්ලා එතකොට කියද්දි,

    නංගි මගේ හිතේ ඔයාට තිබුනේ එහෙම ආදරයක් නෙවේ, යාලුවෙක්ට තියෙන හැඟීමක් විතරයි, ඇයි ඔයා එහෙම හිතුවේ? කියලා කියද්දි :growl::frown:

    මරාගෙන කන්න හිතෙනවා නේ :shocked:

    Thanks for the memories:love:, Rep+
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Maxxxxxxxxaa
    තෑන්ක්ස් මචං..:)

    සස්ලිට් අයියගෙ යාළුවා ේ..:(

    :(:(

    ආදරය ඇතිවීම් බිඳීම් ඇති වෙන්නම තියෙන තැනක් කැම්පස් කියන්නේ...
    ඇත්තටම දවසකට කොච්චර නම් කැම්පස් වල ඔය දේ ඇති වෙනවද? බි‍ඳෙනවද?
    මම හිතන්නේ එන්න එන්න ඒ දේ වැඩි වෙනවා..
    හම්...ම්..කැම්පස් කාලයේ නොවුනත්..
    මගේ අත්දැකීම්ද මේ හා සමානයි මැරෙන්න නම් හිතලා නෑ..
    මැරෙන්න තියෙන බයකට නෙමෙයි.
    මට ඊට වඩා දේවල් ඒ වෙනුවෙන් කරන්න පුලුවන්.

    මම දන්නෑ කොහොමත් ආදරය කියන දෙයින් මම දැන්ගොඩක් වෙලාවට මඟ අරින්න පුරුදු වෙලා..
    ඇත්තටම අපිට ඉන්නේ අපි විතරයි..

    මම වැඩට ගියේ කෝච්චියේ එක දවසක් මේ කෝච්චියෙදි
    මම මූණක් දැක්කා..
    දැක්ක ගමන් හිත සැලුනා..
    කෙල්ල නම් බය උනා කැත සීන් එක කියන්නෙ කෙල්ලට ටිකක් එහායින් හිටියෙත් ඒ හා සමානම තව කෙල්ලෙක්..
    මම මටම අයියෝ කියලා මගේ හිත හදා ගෙන(දෙන්නටම හිත වැ‍ටුනා කියහන්කෝ...)
    මට අදාල ඉස්ටේසොමෙන් බැහැලා වෙනද වගේ ඔපීසියට දිව්වා..
    ඔන්න ඊළඟ දවසේ ඉඳන් මම කෝච්චියෙ ස්ථිරවම එකම තැනක යනවා කියලා හිත හදාගෙන අහඹුව තිබුන පෙට්ටියකට නැග්ගා..
    ඉතින් පැය එකහා මාරක ගමනේ නිදා ගන්නත් බෑ..
    බලෙන් හරි වටේ ඉන්න උන්ව සෙට් කරගන්නවා
    කියලා හිතාගෙන හිනාවක් එහෙම දාලා බැලුවා..
    හ්ම්...මුන් බලන්නෙවත් නෑ..
    යකෝ මුන්ගේ ‍රැස්..
    ඔහෙ හිටපියව් කියලා මම අනික් පැත්තට හිනාවක් දාලා බැලුවා ප්‍රතිචාරේ හොඳයි...
    ඔන්න දැන් ඒ සෙට් එකේ නව සාමාජිකයෙක් මම..
    දවසින් දවස කොහොමත් සෙට් එකෙට තියෙන ‍ෆිට් එක වැඩි වෙනවා..
    මෙන්න දෙවියනේ දවසක් මම ඉන්න ප්ලේස් එකේ මම එදා දැක්ක ඒ සුදු මූණත් තියෙනවා..
    මෙයා එකතු මට කලින් රහලා ඔරවපු සෙට් එකට...
    ඒත් මෙයා හිටියේ මට එහා පැත්තේ..
    කොහොම හරි එදා මෙයා මට හොඳ හේතුවකුත් දාගෙන හොඳට නින්දකුත් දා ගත්තා..
    මට ඉතින් ලොවෙත් නෑ වගේ...
    කොහොමහරි අරුන්ගේ සෙට් එකේ බලු කොල්ලෙක් මෙයාව කෝල් දීලා නැඟිට්‍ටුවා..
    මට ඉතින් උගේ බෙල්ල කන්න හිතුනා..:growl::growl::growl:
    මට එයාව ආයෙත් හම්බුන දවසේ ඉඳන් එයා හැමදාම ගියේ මම එක්ක.
    අර සෙට් එකත් එක්ක අන්තිම කාලෙ වෙද්දි කතාවත් නොකරන මට්ටමට මොකක් හරි සීන් එකක් වෙලා තිබුනා...
    අන්තිමට ඒ සෙට් එකත් නැති උනා..

    කොහොම හරි මගේ අවුරුද්දකට කිට්‍ටු වෙන්න තිබුන ඔ‍ෆිස් ජීවිතේ මට එයා සෑහෙන්න ලං උනා..
    ඇත්තටම එයා ව මම දන්නවා..මාවත් දන්නවා..
    අපේ ගෙවල් කිට්‍ටුව...
    කොහොම හරි මම රස්සාවෙන් අයින් වෙන්න හිතේ තිබුන
    එකම අකමැත්ත ආයේ එයාව දකින්න ලැබෙන්නෙත් නෑ නේ..
    කොහොම හරි මම නැවතිලා සතියකට පස්සේ ආයේ මට එයාව අහම්බෙන් හම්බ වෙනවා..
    මෙයත් රස්සාවෙන් අයින් වෙලා...
    ඒ ඇයි කියලා මම දන්නේ නෑ...
    පාඩම් වැඩ වලට අමාරුයි කියලා...තමයි කියුවේ(මාත් ඕකම තමා කියන්නේ..)
    කොහොම හරි තව මාසයක් විතර මට එක දිගට එයාව හම්බ උනා..
    එක පාර හැමදේම නැති වෙලා ගියා..
    නිකන් pause බට්න් එක press කලා වගේ...
    මම මිත්‍රශීලී විදියටම ඇයි නේන්නේ කියලා ඇහුවට උත්තරයක් නෑ...!!!
    කොහොමත් මම කෙල්ලෙක්ට ඕනවට වඩා පජාත වෙන්නේ නෑ..
    දැන් නම් හොයන්නෙත් නෑ..
    ඒත්...
    මට දැන් වෙන කරන්න දෙයක් නෑ..
    මම තාමත් දුම්රියපලේ එදා එයා එනකන් හිටගෙන
    හිටපු තැන් හටන් ඉන්නවා..මට එහා පැත්තෙන් තිබුන බංකුව..
    තාමත් එදා වගේ තියෙනවා..එයා නම් නෑ...
    ඒ නිසා ඒ මතක ගැන මනෝ පාරක් ගහන් ඉන්නවා..
    ඒ ඉද්දි මට අහු වෙනවා මේ ලස්සන සුදු කෙල්ල
    මට බොරු කියලා තියෙනවා කියලා..ගේමක් නැතිවම...
    එතකොට මේ කෙල්ල ආවේ කොහෙන්ද?
    ගියේ කොහෙද?මොකටද ආවේ..
    මට හිතෙන්නේ එයාවත් මම ප්‍රතික්ෂේප කරලා තියෙනවා..
    මම හිතින් ආදරය කරත් ආදරය කියන දේ ගැන මට
    තියෙන්නේ කළකිරීමක් විතරයි..
    මොකද ඕක කොයි වෙලාවක හරි නැති වෙනවමනේ...

    නැති වෙන බැඳීමක් ගැන ලොකු බැඳීමක් ඇති වෙන්නේ නෑ..
    මම දැන් ඒ ගැන මම අධ්‍යාපනය ලබන විෂය හරහා තව දුරටත්
    ඉ‍ඟෙන ගන්නවා..ඒ නිසා මම ගැන මට පසුතැවීමක් නෑ..

    මට දුක ඒ විෂය ක්ෂේත්‍රයෙන්ම ඉදිරියට යමින් ඉන්න
    එයාට ඒක තේරුනේ නැත්තේ ඇයි කියන එක...
    යකෝ කෙල්ලො කටපාඩම් කරන එක විතරද දන්නේ ඇයි
    Practically ඒ දේවල් ජීවිතයට එකතු කර නොගන්නේ...

    :(:(:(:(
    වැඩක් නැහැ බං ඕවා ගැන කතා කරලා.. දුක විතරයි හෙන් ගියත් අන්තිමට ියවෙන්නෙ.. මම නම් කැම්පස් ගිේ නැහැ.. අපිට ආද කියන ේ මුණ ගැහෙන්නෙ ේද, ොතැනද කියලා අපිට කියන්න බැහැ.. දවසක මටත් ඔය ආදමුණගැහුණා කියහංො.. ඒත් අවුරුදු එකහමාරක් විතර ගියාම ආදකෙලවිලා ගියා.. මැරෙන්නෙ නම් නැහැ.. කෙල්ලෙක් වෙනුවෙන් ොකටද මැරෙන්නෙ.. ඒකිට මම නැතුව ඉන්න පුළුවන් නම්.. මටත් ඒකි නැතුව ඉන්න පුළුවන්ේ.. හැබැයි මට ඒකිගෙ තාත්තා කැ* වැඩක් කලා.. ඒක නම් වෙත් අමතක වෙන්නෑ.. හැබැයි මතක් වෙන මතක් වෙන සැේට නම් පට්ට දුකක් දැනෙනවා..

    ලැබුනම ආදසතුටකි ජීවි
    නැති වුොතින් සෙේ කඳුළකි ඒ..:(

    එළකිරි කොල්ලෙක්;13692263 said:
    ලංකාවෙ විතරක් නෙමෙයි දකුනු ආසියානු රටවල් වල තියන දුක්ඛිතම තත්ත්වයක්.ඒත් ආදරයක් මෙහෙම කෙළවර වෙන එක තමයි දුක
    ඔව් ඉක්මන් තීරණ මචං.. තමන්ට තමන් පාලනය කරගන්න බෑ ොඩක් අයට.. ඒකයි ප්‍රධානම ේතුව.. කෙන් දුක් විඳින්නෙ අහිංසක දෙමාපිො..

    අඩෝ මැක්සා මචන් ක්‍රෙඩියෝ
    රෙප් බෑලු බන්z
    සුපිරියට කියලා තියන්වා මචන්z
    ොම ස්තුතියි මෝ..


    කෙලවරක් තියෙනවා කියලා දැන ගෙන කලොත් දුක නෑ...
    :no::no::no::no:
    හ්ම්.. ඒක ඇත්ත බං..

    තෑන්ක්ස් මචං..


    කව්ද කලින් ආදරේ කිව්වේ?

    මම කැමතිම කොටස!!

    යාලුවෝ වගේ ඉඳලා.. කෙල්ලට ඉවසගෙන ඉන්න බැරිම තැන මෙහෙම කියද්දි
    අයියේ මම අවංකවම ඔයාට ආදරෙයි.... කොහොමද කොල්ලා එතකොට කියද්දි,

    නංගි මගේ හිතේ ඔයාට තිබුනේ එහෙම ආදරයක් නෙවේ, යාලුවෙක්ට තියෙන හැඟීමක් විතරයි, ඇයි ඔයා එහෙම හිතුවේ? කියලා කියද්දි :growl::frown:

    මරාගෙන කන්න හිතෙනවා නේ :shocked:

    Thanks for the memories:love:, Rep+
    ඒක ඇත්ත මචං..
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113
    ලැබුනම ආදසතුටකි ජීවි
    නැති වුොතින් සෙේ කඳුළකි
    b0415.gif


     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මම නම් කවමදාවත් ආදරේ කරන්නේ නෑ කියලා හිතාගෙන ඉන්නේ. ඒක හිතුනේ මේ වගේ කතා කියවලා විතරක් නෙවෙයි සැබෑ ජීවිතයේ අත්දැකීම් වලින්. ආදරෙන් විනාස වෙච්ච ජීවිත වල කතාන්දර අත්දැකපු නිසා. මේ හැමදේකින්ම තේරෙන්නේ අවසානයේ "ප්‍රේමය දුකට මුලයි" කියන එක තමයි. ආදරය වගේම විරහව කෙනෙකුට සුන්දර වෙන්න පුලුවන් නමුත් මට නම් ඒක සුන්දරත්වයෙන් නෙවෙයි.

    අපි ඉපදෙන්නෙත් තනියම, මැරෙන්නෙත් තනියම ඒ අතරෙදි අපිත් එක්ක සම්බන්ධවෙන හැම ජීවිතයක්ම මායාවක් විතරයි. ජීවිතයේ යමිකිස් බැඳිමක් මම තියාගන්නවා නම් ඒ තමන්ගේ දෙමව්පියන් එක්කයි සහෝදරයෝ එක්කයි විතරයි. අවසානේ එයාලවත් තමන්ගේ ජීවිතයෙන් අයිකරන්න වෙන දවසක් එනවා.

    බැඳීම් අඩුවෙන තරමට දුකත් අඩුවෙනවා. මොකට නැතිවෙන්න දෙයක් අපිට නැතිහින්දා. දැන් නම් ඔය ආදරේ කියන විශය එපාවෙලයි ඉන්නේ.