මේ ඕන ෆ්‍රෙන්ඩෙක් වැදගත් නේ මචන්..

මේ ඕන ෆ්‍රෙන්ඩෙක් වැදගත් නේ මචන්..

මේ ඕන ෆ්‍රෙන්ඩෙක් වැදගත් නේ මචන්..



අන්තර් ජංජාලේ සැරිසරනකොට මේ ඇඩ් එක දැක්කා..
පරණ දේවල් ගොඩක් මතක් උනා..
අපෙත් හිටිය කොත්තුයි ලයිමුයි වගේ සෙට් වුන එළකිරි කොල්ලෝ සෙට් එකක්..
අපි නොකරපු දෙයක් නෑ..
උ.පෙ කාලේ හරිම ජොලි..
අපි හැමෝටම තිබ්බේ එකම target එකක්..
කොහොමහරි සෙට් එකම තම තමන්ගේ ගෙවල් වලට ලයිට් ගත්තා A / L වලට පින්සිද්ද වෙන්න..
ඒ කාලේ හරිම සුන්දරයි මචන්..
මේ ඇඩ් එකේ වචන අපේ ඒ ජිවිත වලට ගොඩාක් සමීපයි..

ඒ කෙලපු පිස්සු වලින් බාගයක්වත් දැන් අපේ මල්ලිලා කෙලින්නේ නෑ කියල මට ෂුවර්..

මට වගේම උබලගේ ජිවිත වලත් මෙහෙම අත්දකීම් ඇති..
බෙදා හදා ගමු..

:yes::yes: :yes::yes:
 
  • Like
Reactions: chinthaka156
අපි හිටියේ 3 වෙනි තට්ටුවේ..
ඒ තට්ටුවට කරන්ට් තිබ්බේ නෑ..
පල්ලෙහා තට්ටුවේ තිබ්බේ physics , chemistry ලැබ් 2..
අපේ එවුන් කොහොමහරි අපේ තට්ටුවට කරන්ට් ගත්තා..
හි හි..
කරන්ට් ගත්තා මදිවට තේ ත් හදාගෙන බිව්වා..
බිව්වා කිව්වට බොන්න හම්බුනේ නෑ..
සෙක්ෂන් හෙඩ් ට මාට්ටු..
චාටර් ගොඩයි...
 
කොත්තුයි ලයිමුයි වගේ සෙට් වෙනවා වගේ සෙට් උන අපේ සෙට් එකේ දිය යට ගිනි ගෙනියන ජාතියේ ඩයලුත් නොහිටියාම නෙමෙයි..
ජල්තර දාගත්තම බේරන්න එකා වගේ හැමෝම ඉදිරිපත් වෙනවා..
හික් හික්.. දවසක් අපේ සෙට් එකෙක්ගේ ගෙදර වැන් එක ඉස්කෝලේ වැඩකට කියල ඉල්ලගෙන රත්නපුරේ ගියා ආතල් එකට..
දන්නැද්ද ඉතින් නරක කාලෙනේ අපේ.. එක තැනක ඉන්නම බෑ ඒ දවස් වල..
ඔය වැන් එක එලවපු එකා (හසිත) ගැන කතා කරන්න ගියොත් වෙනම ත්‍රෙඩ් එකක් අරින්න වෙයි ඒ වෙනුවෙන්..
මේක උනේ රත්නපුරේ ගිහින් කොළඹ එනකොට..
ඔය රත්නපුර පැත්තේ කස්ටිය දන්නවා ඇති කුරුවිට පැන්නට පස්සේ පරකඩුවට කලින් මාරාන්තික වංගු 2 ක් තියෙනවා පල්ලමත් එක්ක..
අනේ දෙයියන්ගේ පිහිටයි ජීවිතේට ඒ පාරේ නොගිය අපේ එකා කොහෙද වංගු ගැන දන්නේ..
මු ගොනා සේ වැලි ටිපර් එකක් ඕවර් ටේක් කළා බොහොම ලස්සනට..
කොච්චර ලස්සනද යත් ඒ අවස්ථාවේ අපි අපේ මරණය ඇස් පනා පිටම දැක්ක කියල මට හිතුනා..
හොදම හරිය ඒත් එක්කම 2 වෙනි වංගුව නවනකොටම මුනටම ආපි පොලිස් ජීප් එකක්..
පොලිස් අන්කල් වැඩ දන්නා නිසා යන්තම් අපේ ජිවිත් බේරුනා..
ලාවට ඇහුන "බැහැපිය එලවපු @#$%^&" කියල වගේ සද්දයක්..
කොහොමද ආතල් එක.. දැන් කට්ටියගේ ෆන් දෙපිටින් යනවා කකුල් මැන්ඩලින් ගහනවා.. ඔලු වටේ කුරුල්ලෝ කිචි බිචි ගානවා.. විකාර ගොඩයි..
අපේ සෙට් එකේ වැඩි හරියක් හිටියේ 6*4 එවුන්.. ඔය වැන් එක එලවපු එකා විතරයි රූකඩයක් වගේ හිටියේ..
අනේ ඉතින් ඌව විතරක් යවන්නේ කොහොමද හිතකින්..
බැස්ස සෙට් එකම.. අපේ එවුන් බැස්සේ නිකන් වර්ල්ඩ් කප් එක අරන් එන ටීම් එකක් ප්ලේන් එකෙන් බහිනවා වගේ..
වීරයෝ වගේ බැස්සට මොකෝ කට්ටිය ඉස්සරහට පිකප් නෑ..
අපේ සෙට් එක රන් කරපු එකා තමයි නිලංක.. හොද එකා.. "බැස්සනම් යමන් හු@#$%*නේ".... අනේ කට්ටියම පෝලිමක් හැදිලා හොද ළමයි වගේ ගියා පොලිස් ජීප් එක ලගට..
අම්මෝ!!!! පොලිස් අන්කල් ජීප් එක කාණුවේ නොදා බේරාගෙන තියෙන්නේ අනු නමයි දශම තුන්කාලෙන්..
ඇතුලේ ඉන්නවා තරු එහෙම ගහපු ලොකු පොලිස් අන්කල් කෙනෙකුත්.. අනිත් උන්ගේ කොහොමද දන්නේ නෑ මගෙනම් බලු බෙට්ටකට ගහන්නවත් කටේ කෙල පොඩ්ඩක් නෑ ඒ වෙලාවේ..

පොලිස් අන්කල් 1 : (පිරිසගේ මුණු දිහා බලමින්..) කොයි @#$%^ යකෝ වැන් එක එලෙව්වේ????

හසිත : (ඔලුව කසමින්..) මම සර්..
තරු පොලිස් අන්කල් : (අපේ එකාගේ හිස මුදුනේ සිට දෙපතුල දක්වා බලා නක්කලේට සිනහ වෙමින්..) ගන්නවා ලයිෂන් එක බලන්න..
පොලිස් අන්කල් 1 : (බොරු තරහක් අමාරුවෙන් මවා පාමින්..) අහ.. දුවපල්ලා මකවනවා තොපි @#$%^&*\......

ඇත්තටම ඔය හසිත කියන එකාගේ හැසිරීම් රටාව දකින එකෙක්ට හිනා නොගියොත් ඒක ලෝක පුදුමයක්..


ඔන්න ඔහොමයි අපේ කට්ටියගේ වැඩ..

තව තියෙනවා..
 
  • Like
Reactions: Randike Mendis

tharindudoo

Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    ඉස්කෝලේ තමයි අපේ ජීවිතේ,කිසිම වගකීමක් බරක් නෑහැ, උදේට අම්ම දෙන බත් එකත් බෙදන් යනවා,
    …පන්සිල් අරන් ඉවර වෙච්ච ගමන් ලෙහාගන්නවා එක එකා ගෙනාපු බත්,
    …ඉතින් පලවෙන පීරියඩ් එකේ සර් එනකොට අපි බත් මේස වල හලාගෙන වට වෙලා කරනවා, ඉතින් අරූට මල පට්ටටම,
    …fun ඕයි ආයේ කියලා වැඩක් නෑ, හිනා වෙවී ඉන්න එකමයි වැඩේ මොන මගුලකට හරි,
    …අනේ ඒ කාලේ ආයේ එනවා නම් මම එක දවසක් වත් අයේ ඉස්කෝලේ cut කරන්නේ නැතුව යනවා!
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    මේ ඕන ෆ්‍රෙන්ඩෙක් වැදගත් නේ මචන්..



    අන්තර් ජංජාලේ සැරිසරනකොට මේ ඇඩ් එක දැක්කා..
    පරණ දේවල් ගොඩක් මතක් උනා..
    අපෙත් හිටිය කොත්තුයි ලයිමුයි වගේ සෙට් වුන එළකිරි කොල්ලෝ සෙට් එකක්..
    අපි නොකරපු දෙයක් නෑ..
    උ.පෙ කාලේ හරිම ජොලි..
    අපි හැමෝටම තිබ්බේ එකම target එකක්..
    කොහොමහරි සෙට් එකම තම තමන්ගේ ගෙවල් වලට ලයිට් ගත්තා A / L වලට පින්සිද්ද වෙන්න..
    ඒ කාලේ හරිම සුන්දරයි මචන්..
    මේ ඇඩ් එකේ වචන අපේ ඒ ජිවිත වලට ගොඩාක් සමීපයි..

    ඒ කෙලපු පිස්සු වලින් බාගයක්වත් දැන් අපේ මල්ලිලා කෙලින්නේ නෑ කියල මට ෂුවර්..

    මට වගේම උබලගේ ජිවිත වලත් මෙහෙම අත්දකීම් ඇති..
    බෙදා හදා ගමු..

    :yes::yes: :yes::yes:

    A/L clases matak una :(
     
    Last edited:

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඒ කාලේ මචන් අපේ 13 සෙට් එක කවදාවත් ඉස්කෝලේ ගේට් 1න් ගියේ නෑ. මොකද ක්ලාස් 1 පිටිපස්සේ තාප්පේ ළග කැඩිලා තිබුනේ. ඉතින් අපි ඔතනින් තමයි ආවේ ගියේ. දවසක ගේට් 1 යන්න උනා. ගේට් 1 ඉන්න ප්‍රිෆෙක්ට් අහනවා උබල මේ ඉස්කෝලේද කියල.... !
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    ඒ කාලේ මචන් අපේ 13 සෙට් එක කවදාවත් ඉස්කෝලේ ගේට් 1න් ගියේ නෑ. මොකද ක්ලාස් 1 පිටිපස්සේ තාප්පේ ළග කැඩිලා තිබුනේ. ඉතින් අපි ඔතනින් තමයි ආවේ ගියේ. දවසක ගේට් 1 යන්න උනා. ගේට් 1 ඉන්න ප්‍රිෆෙක්ට් අහනවා උබල මේ ඉස්කෝලේද කියල.... !

    :lol: onna igena gatta hati