මේ කතාව ඇත්ත නේද කිරියනි

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,026
    27,682
    113
    36
    Mirihana
    alis.alberta.ca
    සමාජ මාධ්‍ය යුගයත් එක්ක මිනිසුන් ගේ චර්‍යාවේ ඇති වෙලා තියෙන එක පැහැදිලි වෙනසක් වන්නේ වුවමනාවට වැඩියෙන් දේවල් බෙදාහදාගන්නට හෙවත් 'overshare කරන්නට' ඔවුන් පෙළඹී සිටීමයි. ඒ කියන්නේ තමන් ගේ ප්‍රශ්න, තමන් ගේ හැඟීම්, තමන් ගේ පුද්ගලික අවකාශයේ හුඟක් දේවල් නිතර ම අනුන්ට සන්නිවේදනය කරන්නට මිනිසුන් දැන් පුරුදු වී සිටිනවා. මේකත් සමග අනුන්ගෙන් ලැබෙන ප්‍රතිචාරය , එසේත් නැත්නම් validation එක තුළින් කිසියම් උත්තේජනයක් ලබාගන්නට පොදුවේ ඔවුන් පෙළඹී සිටිනවා. ඒ නිසා ම මේ 'වැඩිපුර බෙදාහදා ගැනීම්' වඩාත් උනන්දු කරවන, එහෙම කිරීම සාමාන්‍ය දෙයක් බවට පත්වුණු පරිසරයක් දැන් අප වටා තියෙනවා. මේක ‍සමාජ මාධ්‍ය ‍යුගයක අලුත් දෙයක්වත්, අමුතු දෙයක් වත්, අසාමාන්‍ය දෙයක්වත් නෙවෙයි. ඒත් මේකේ තියෙන භයානක අතුරු ප්‍රතිඵලයක් වන්නේ තමන්ට ප්‍රතිචාර දක්වන, එසේත් නැත්නම් තමන්ට සමාජ මාධ්‍යයේ අවධානය ලබා දෙන බව පෙන්වන අති බහුතරයක් දෙනා ඇත්තට ම තමන් ගේ "පැත්තේ" බව හෝ තමන් වෙනුවෙන් ඇත්තට ම පෙනී ඉන්න බවට අප ගොඩගනාගන්නා මුලාකාරී විශ්වාසයයි. මේකත් එක්ක අප කෘත්‍රිම බබල් එකක් අප වටේ හදාගන්නවා. ඕනෑම වෙලාවක පුපුරලා යන්න පුළුවන් මේ බබල් එක තමන්ට ඉතා ම ආරක්ෂිත නිවහනක් කියලා හිතන්න පටන් ගන්නවා. මේකෙ සත්‍යය කුමක්ද? පොදුවේ අප ගනුදෙනු කරන මිනිසුන් ගෙන් හතරෙන් තුනක් පමණ අපේ හැඟීම් ගැන, අපේ ප්‍රශ්න ගැන හෝ අප අත්විඳින කිසියම් දෙයක් ගැන ඇත්තට ම තැකීමක් කරන්නේ නැහැ. ඒ කියන්නේ, ඔවුන්ට එයින් වැඩක් නැහැ. ඒ වුණත් සමාජ සම්බන්ධතාවන්, සම්මුතීන්, මෙතෙක් කරගෙන ආ ගනුදෙනු ඉදිරියටත් පවත්වා ගෙන යාම වෙනුවෙන් ඔවුන් ඒ ප්‍රශ්න ගැන තැකීමක් කරන බව පෙන්වනවා. මතුපිටින් අපට යම් යම් දේ කියනවා. තවත් හතරෙන් එකක් පමණ අපට ඒ ප්‍රශ්න තිබීම ගැන රහසින් සතුටු වෙනවා. ඒ කියන්නේ ඒ හරහා කිසියම් රහස් වින්දනයක් ලබන්නට ඔවුන් පෙළඹෙනවා. අපේ කතාව අහලා අඩු ම තරමේ තමන්ට ඒ ප්‍රශ්න නොතිබීම ගැන ඔවුන් සතුටු වෙනවා. ඒ වින්දනය ලබාගැනීම වෙනුවෙන් ඇතැම් විට ඔවුන් හාරාවුස්සමින් අපේ ප්‍රශ්න අහනවා. අපට තියෙන ප්‍රශ්න ගැන, අපේ හැඟීම් ගැන ඇත්තට ම තැකීමක් කරන්නේ, ඇත්තට ම ඒ ගැන උනන්දු වන්නේ, ඒ වෙනුවෙන් අවංක මැදිහත් වීමක් කරන්න පෙළඹෙන්නේ ඉතා ම සුළු පිරිසක් විය හැකියි. මම හිතන්නේ ඒකත් අස්වාභාවික දෙයක් නොවන බවයි. ලෝකයේ ජීවත් වන ඕනෑම මනුෂ්‍යයෙකුට තමන් අවට තියෙන ප්‍රශ්න ගැන වද විය හැකි ප්‍රමාණයක් තියෙනවා. මුළු ලෝකයේ ම ප්‍රශ්න තමන් ගේ ප්‍රශ්න කරගෙන කිසිවෙකුටත් ජීවත් විය නොහැකියි. ඒ නිසා අප අපට ඇත්තට ම වැදගත් බව හිතන හතර පස් දෙනෙකුගේ ප්‍රශ්න විතරක් අපේ ප්‍රශ්න කරගෙන, අනෙක් අයට මූනිච්චාවට බොරු හිතවත්කමක්, සංවේදීකමක් පෙන්වනවා. එහෙම නොකර සමාජ මාධ්‍ය විසින් අපේ සම්බන්ධතා ජාලය පුළුල් කරලා තියෙන විදියට අපට ලෝකයේ පවතින්නට බැහැ. මේක තේරුම් නොගන්නා තාක්කල් අප හිතන්නේ මුළු ලෝකය ම අප සමග සිටින බවයි. අප හඬන හෝ සිනාසෙන විට මුළු ලෝකය ම අප සමග අඬන හෝ සිනාසෙන බවයි. ඒක එහෙම නැති බව අත්දැකීමෙන් ම තේරුම් ගන්නා මොහොතේ විශාල කඩාවැටීමකට මුහුණ දෙන්න වෙනවා. ඉතින් මේ මුලාකාරී විශ්වාසයෙන් ගැලවෙන්නට නම් කළ හැකි එක වැදගත් දෙයක් වන්නේ අප අපටත් නොදැනී ම ක්‍රමයෙන් තල්ලු වෙලා තියෙන මේ කෘත්‍රිම බුබුලේ ස්වභාවය තේරුම් ගැනීමයි. ඒ කෘත්‍රිම බුබුලෙන් පිටත ඉන්න, අපෙ වෙනුවෙන් ඇත්ත පෙනී සිටීම් කරන මිනිසුන් හදුනාගැනීමයි. එයින් මොනවා නොලැබුණත් අඩු තරමින් කා ගැනවත් විශාල බලාපොරොත්තු ඇති කර නොගෙන, තමන් ගැන ඇත්තට ම තැකීමක් කරන කුඩා කවයක් එක්ක තමන් ගේ දෙපයේ හයියෙන් ජීවත් වෙන්න පුළුවන්කම ලැබෙනවා.

    - රසික ජයකොඩි 13 - 03 - 2023
     
    • Like
    Reactions: EdNygma and DHE

    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    owa popular ewunta thiyana prashnane. Man echara popluar nathi hinda oya prashna na.:P

    Oita wada loku prashne thamai api hama welema consume karanne dan hama ekage hama magulama. Ape oluwen thaniyen hitana time eka adui anna ekai mata nan lokuma prahnayak widihata penne.
     
    • Like
    Reactions: siri_ayya

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,051
    34,560
    113
    ඔය රසිකයා සජියට කඩේ ගිය එකෙක් නේද? දැන් කාටැයි කඩේ යන්නේ?