මේ කලියුග කාලේ අවසානයයි
මෑතකදී බුදු සසුන පිළිබඳව බොහෝ මතිමතාන්දර සහ විවිධ ගැටළු පැන නගිනවා සමාජය දෙස හොඳින් විමසු විට ඕනෑම අයෙකුට තේරුම් ගත හැකි සිද්ධියකි. මේ යුගය පිළිබඳව මෑතකදී, ශ්‍රී පාද අඩවියේදී අහඹු ලෙස අපට මුණ ගැසුණු භාවනායෝගී යෝගාවචරයන් වහන්සේ නමකගෙන් අපි විමසීමක් කළෙමු. අසංක්ෂිප්ත වාර්තාවම මෙහි දක්වන අතර, එහි සත්‍යය අසත්‍යය කුමක්දැයි ඉදිරිකාලයේදී දැකබලා ගත හැකි වනු ඇත.
ප්‍රශ්නය: ඔබවහන්සේගේ නම කුමක්ද කියා හෙළි කිරීමට කැමතිද?
පිළිතුර: පුද්ගල නාමයෙන් වැඩක් වන්නේ නෑ. අවශ්‍ය ධර්ම කාරනා අහන්න..ධර්මයයි වැදගත් වන්නේ..
ප්‍රශ්නය: ස්වාමින් වහන්ස, මේ කාලයේ බොහෝ විට බුද්ධ ශාසනය අරාජික වෙලා කියලා දැනෙනවා. විවිධ ආකාරයෙන් බුද්ධ දේශනාව විග්‍රහ කරනවා. ඇතැමුන් තමන් රහත් වී, මගඵල වලට පත් වී ඇති හුවා දක්වනවා..මෙවැනි කරුණු නිසා බුදු සසුන විනාස වේවිද?
පිළිතුර: ඇත්තටම අද බුද්ධ ශාසනය ඉතා පරිහානියකට ලක් වෙලා. හාමුදුරුවරු භාවනාවෙන් දුරස් වෙලා. හිස් මිනිස්සු ටිකක් සසුන තුල ඉතිරි වෙලා. බොහොම ස්වල්පයක් දෙනා තමා නිවන් මග වඩන්නේ. අද නිවන් මගත් අතුරුදන් වෙලා. මා වුවත් වඩන්නේ සමථය..නමුත් සමතයත් විදර්ශනාවට අදාළ වෙනවා. මම පෙර උපදෙස් ලබා ගත්තේ මෛත්‍රෙය බෝසතුන් වහන්සේ අසල වැඩ සිටි දේවතාවුන් වහන්සේ නමකගෙන්. නමුත් උන්වහන්සේ දැන් දෙව්ලොව නැති නිසා මට එය වඩන්න උපදේශ ගන්න බැහැ.
ප්‍රශ්නය: ඔබවහන්සේ මෛත්‍රෙය බෝසතුන් සමඟ සන්නිවේදනය කර තිබෙනවද?
පිළිතුර: නැහැ. උන්වහන්සේ දැන් දෙව්ලොව නැහැ. මා සන්නිව්දනය කල දේවතාවුන් වහන්සේ සඳහන් කල පරිදි උන්වහන්සේ මනුලොව පහල වෙලා. මමවත් ඒ දේවතාවුන් වහන්සේ වත් දන්නේ නෑ උන්වහන්සේ කොහේ කොතැනක සිටිනවද කියල...ඒ දේවතාවුන් වහන්සේත් චුත වෙලා දැන්..
ප්‍රශ්නය: ඒ කියන්නේ මෙතෙ බුදුන් පහල වෙන්න් පුලුවන්ද දැන්?
පිළිතුර: ඒ ගැන හරියටම කියන්න බැහැ. හැබැයි පහල විය හැකියි. මේ කලියුගයේ අවසාන කාලයයි. සර්වඥයන් වහන්සේලා කලින් දන්වලා පහල වෙන්නේ නැහැ. මනුස්ස ලෝකෙට බුදුකෙනෙක් අවශ්‍ය වුනාම උන්වහන්සේලා දෙව්ලොව වලින් ස්වභාවයෙන්ම චුත වෙලා අවශ්‍ය දේශයේ, පරිසරයේ පහල වෙනවා..
ප්‍රශ්නය: නමුත් ඒ අයුරින් මේ යුගවල බුදුවරු පහල වීමට අවශ්‍යතාවයක් නැහැ නේද හාමුදුරුවනේ? දැන් ගෞතම බුද්ධ සාසනය පවතිනවා නේද?
පිළිතුර: ගෞතම බුදු සසුන අද පවතිනවා නම් නිර්වාණ මාර්ගය පැවතිය යුතුයි. හැබැයි ධර්මය පවතිනවා. මට දැනෙන දෙයක් තමයි ගෞතම තථාගතයන් වහන්සේ වැඩ විසු සමයේ කාශ්‍යප බුදු රජාණන් වහන්සේගේ ධර්මය පවතී බව. නමුත් නිර්වාණ මාර්ගය පැවතුනේ නැහැ. අද උදා වෙලා තියෙන්නෙත් එවැනි කාලයක්.
ප්‍රශ්නය: හාමුදුරුවනේ අද ඇතැමුන් විවිධ මත බුදු සසුනට ඉදිරිපත් කරනවා. කෙනෙක් තමන් මෛත්‍රී බුදුන් කියා කියනවා. තව කෙනෙක් ගෞතම බුදු රජාණන් වහන්සේ ලංකාවේ ඉපදුනා කියල කියනවා.. රහත් වෙලා මගඵල ලබලා ආදී වශයෙන් කියනවා. මේවායෙ සත්‍යයතාවයක් තිබේද?
පිළිතුර: බුදු රජාණන් වහන්සේලා පහල වෙන්න රටක් නැහැ. නිශ්චිත රටක් නෑ. හැබැයි ගෞතම බුදු පියාණන් වහන්සේ නම් පහල වුනේ ඉන්දියාවේ. ඔය මගඵල ලබලා තියෙනවා කියල කියන උදවිය එක්ක කතා කරලා බලලා තමයි තීරණය කරන්න වෙන්නේ ඇත්ත නැත්ත...මම කියන්නේ දැන් නිවන් මග නැති නිසා කිසිවකුට මගඵල ලබන්න බැහැ. බුදුරජාණන් වහන්සේ පහල වෙනවා මිසක් වෙනත් ක්‍රමයක් නැහැ. ඒ නිසයි මෛත්‍රෙය මහා බෝධිසත්වයින් වහන්සේ මීට අවුරුදු 40 කට විතර පෙර සදෙව් ලොවෙන් චුත වුනේ. නමුත් උන්වහන්සේ කවදාවත් මෛත්‍රෙය නමින් පහල වෙන්නේ නැහැ. මොකද එහෙම පහල වුනොත් අද වාතාවරණය අනුව මිනිසුන් පිළිගන්නේ නැහැ. මම මෛත්‍රෙය බුදුන් කියල කියන උදවිය කරන්නේ බොරුවක්. අනික කවදාවත් ගිහියෙක් සම්බුද්ධත්වයට පත් වන්නේ නැහැ. කාශ්‍යප බුදු රජාණන් වහන්සේ වුනත් ගෞතම බුදු හිමියන්ට ඒ නමින් විවරණ දුන්නේ නැහැ. දුන්න නම් ගෞතම බුදු පියාණන් වහන්සේ ට එදා බමුණන් එලෙස පීඩා කරන්නේ නැහැ. එදා බමුණු වේදය හැටියට තිබ්බේ කාශ්‍යප බුදු රජාණන් වහන්සේ ගේ ධර්මයේ අවශේෂ වූ තැන්. බමුණන් බුදු පියාණන් වහන්සේ සොයා ගෙන ඇවිත් මහා පුරුෂ ලක්ෂණ සොයා බැලුවේ ඒ නිසයි.
ප්‍රශ්නය: ඔබවහන්සේට මෛත්‍රෙය බුදු රජාණන් වහන්සේ එලෙස පහල වුවහොත් හඳුනා ගත හැකිද?
පිළිතුර: මගේ කල්‍යාණ මිත්‍ර බෝසත් දේවතාවන් වහන්සේ විස්තර කල විදියට උන්වහන්සේ පැමිණෙන්නේ මිනිසුන් හිතා ගෙන ඉන්න විදියට නෙවෙයි. මම උන්වහන්සේව හඳුනා ගත්තොත් මම උන්වහන්සේ හමුවේ පැවිදි වෙනවා. කොයි නමින් පහල වුනත් බමුණන් එදා වගේ අදත් දරුවන් නඩත්තු කරමින්, අධ්‍යාපනය ලබමින් දෙමින් සිට උන්වහන්සේට එරෙහි වේවි. කවදා හෝ උන්වහන්සේ මතු වේවි සම්බුද්ධ සිංහ නාදයක් තුලින්. බුද්ධ කෝලාහලයකින් තමා සසුන ඇරඹෙන්නේ.. ඒක අද වෙන්නත් පුළුවන්, හෙට වෙන්නත් පුළුවන්, මේ වෙනකොට පහල වෙලා ඉන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්, තව අවුරුදු 100 යකින් පහල වෙන්නත් පුළුවන්.. කල යුත්තේ කාලයට ඉඩ දීමයි.
ප්‍රශ්නය: හාමුදුරුවනේ ලංකාද්වීපයට ඉදිරිය්දී වෙනත් රටවලින් බලපෑම් වෙන්න පුලුවන්ද?
පිළිතුරු: කොහෙත්ම බැහැ. දේව මණ්ඩලය සිංහල ද්වීපය ආරක්ෂා කරනවා. මම දන්නේ නැහැ ඇයි මෙහෙම ආරක්ෂාවක් දීල තියෙන්නේ කියලා..පුදුම ආරක්ෂාවක්. මිනිසුන්ගේ සිත් අඩුම තරමේ මෛත්‍රී භාවනාවටවත් පුරුදු කලොත් ඉදිරියේ වෙන්න තියෙන ස්වභාවික විපත් වුනත් මග හැරේවි..
කොහොම නමුත් ඉදිරියේදී මිත්‍යා මත ඛණ්ඩනය වෙලා සසුන බැබලෙන කාලයක් උදා වේවි.
_______________________________
උන්වහන්සේගේ ඉල්ලීම පරිදි උන්වහන්සේ වැඩසිටිනා අඩවිය පිලිබඳ කිසිවකුට නොදන්වන ලෙස ඉල්ලීමක් කලද අපට ඇති ගැටළු අවශ්‍ය නම් නැවතත් හමු වී දැනගැනීමට හැකි යයි උන්වහන්සේ දන්වා සිටියහ. එම භික්ෂුන් වහන්සේ ප්‍රකාශ කල දේ වල ඇති සත්‍යය අසත්‍යය තාවය ගැන තීරණය කිරීම ඔබසතුය.

Last edited: