මේ කව්ද ? මොනවද කරන්නේ ?

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මම මගේ පියාණන්ගේ අඩි පාරේ යනවා.....
    ==================================

    හිටපු ජ්‍යෙශ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රේමදාස උඩුගම්පොල මහත්මය මැරිලා..ඔහු අසූව දශකයේ අවසාන භාගයේ තරුණ වියේ හි⁣ටපු උන්ගේ හිත්වල මරණ බය ඇති කළ වියරු වැටුන රීරි යකා ගේ මුද්‍රාව බවට පත්වී සිටියා.....

    සැරයන් ජාගොඩ...යුද හමුදා සන්නද්ධ බලකායෙ සේවය කෙරුවෙ...ඔහුගේ එකම පුත්‍රයා මහනුවර ප්‍රසිද්ධ විද්‍යාලයක ඉගෙනගත්ත කොළු ගැටයෙක්...පාසැල අවසන් වෙලා ගෙදර ආ තවත් ශිෂ්‍යයන් දෙතුන් දෙනෙක් එක්ක ඔහුත් නන්නාඳුනන පිරිසක් විසින් පැහැර ගත්තා ...

    ජාගොඩ ඇඬූ කඳුළින් හැමතැනම ඇවිද්දා...පිස්සෙක් ව⁣ගේ...පුතා කෝ....මගේ පුතා කෝ....ඔහු හැමදෙනාගෙන්ම ඇහැව්වා....දෙයියනේ මගේ හමුදා නිල ඇඳුම සලකල වත් මට මගේ පුතා දෙන්න...ඔහු යැද්දා...බහිරව කන්දට ...දලදා මාලිගාවට...වැන්දා...ඇඬුවා...

    ඔව් අවසානයේදී ජනරල් කොබ්බෑකඩුව සර් ඔහුට පිහිටවුනා...ජනරල් ඒ දවස්වල ජාගොඩ ගෙ යුනිට් එකේ අණදෙන නිළධාරියා.. ....ඔහු දැනන් හිටියා ජාගොඩ ගෙ දරුවා පැහැරගෙන ගිය සතා මොකාද කියල...

    ජනරල් ගෙ දැනුම් තේරුම්කම නිසාම...ඒ දවස්වල නුවර හිටපු පොලිස් අධිපතිය වුන ප්‍රේමදාස උඩුගම්පොල මහත්මය හමුවෙන්න කියල ජාගොඩට ලියුමක් දුන්නා....

    ජාගොඩ ඒ ලියුමත් අරගෙන උඩුගම්පොල මහත්මය හමුවුනා....

    මෙහෙමයි ජාගොඩ ඒ හමුවීම ගැන කිව්වෙ

    මං ඌ හම්බවුනා..කොබ්බෑකඩුව සර් ගෙ ලියුම ඕනෑවට එපාවට කියෙව්වා...ඒ ලියුම කියවන කම් මං උගේ මේසෙ ඉස්සරහ හිටගෙන හිටියෙ...උගෙ ⁣මේසෙ ලියුම් හුළඟට යනව⁣ට තියල තිබුනෙ ඇත්ත මිනී ඔළු දෙකක්..ඔෆිස් රූම් එක තනිකරම ආමරියක් වගේ ....විශ්වාස කරන්න...ආමි කාරයෙක් වුන මාත් බයවුනා...ඒ වගේම ඌ කොබ්බෑකඩුව සර් ගෙ ලියුම තඹ දොයිතුවකට ගනන් ගත්තෙ නෑ....මං දිහා බලල මහ ජරා විදියට කට කොනකින් හිනාවුන ඌ ....අන්තිමේදි උගේ පර්ස් එක ඇදල ඒකෙ තිබුණ ෆොටෝ එකක් පෙන්නල මෙහෙම කිව්වා ..

    අයිසෙ මේ ඉන්නෙ මගේ අම්මා...තමුසෙ පුළුවන්නම් මේ මගේ අම්ම හොයල දෙනවකො...මං ඉන්පස්සෙ තමුුසෙගෙ පුතා හොයල දෙන්නම්....කියලයි ඌ කිව්වෙ

    මං ගිහිල්ල ඒ විස්තරේ කොබ්බෑකඩුව කිව්වා.සර්...කිව්වෙ එකම දෙයයි ....

    ....තිරිසන් බල්ලා....

    පස්සෙ දවසක් කොබ්බෑකඩුව සර් තාත්ත කෙනෙක් වගේ මගේ හිත හදන්න ගොඩක් දේවල් කිව්වා ...ජාගොඩ ...යුනිෆෝම් ඇන්දට හැමෝම මිනිස්සු නොවෙයි....ආතක් පාතක් නැති තිරිසනුත් ඒ අතරෙ ඉන්නවා...ජනරල් කිව්ව දේ අතරෙ එහෙම සඳහනකුත් කරා....

    ප්‍රේමදාස උඩුගම්පොල මහතා සැරයන් ජාගොඩට ඔහුගේ මවගේ ඡායාරූපයක් පෙන්වල එහෙම කියන්න හේතුවක් තිබුණා..ඒ බද්දේගමදි ඔහුගේ මව ඇතුළු පවුලේ හත් දෙනෙක් ඒ දිනවල නන්නාදුනන තුවක්කු කරුවන් අතින් ඝාතනය වුනා....ඒ වගේම මේ සාහසික ඝාතනයන් පිටුපස්සෙ සැඟවුන රහසකුත් පැටළුනා....ඒ රහස හිතාගන්නවත් බැරි දෙයක් වුනත් බද්දෙගම පැත්තෙ ඒ දවස්වල ජීවත්වුන මිනිස්සු ඒකෙ ඇත්ත නැත්ත දන්නවා...

    ඒ මෙම මිනිස් ඝාතනය වෙද්දි ...ඉතිරිවුන සාක්ෂිකරුවෙක් පරීක්ෂණ කණ්ඩායමකට කියපු කතාවක්...ඔහු එහිදී කියනවා මේ ආපු මිනීමරු කල්ලිය පිස්සු බල්ලො වගේ වෙඩි තියල පවුලෙ අය මරාදැම්මට පස්සෙ ...ඒ කණ්ඩායමේ අණදෙන්න වගේ හිටපු එකා....තව එකෙකුට කතා කරල සාජන් ඔක්කොම හරිද බලනව කියල කිව්ව බවක්....

    මේ දවස්වල සිද්ධ වෙච්ච සාහසික ඝාතන චෝදනාවන් දේශප්‍රේමී බලකායටත් ..රජයේ පාර්ශවයේ නිල නොනිල හමුදා කණ්ඩායම් වලටත් සමසේ බෙදිල ගියා...

    සමාජය හිටියෙ තක්බීරිවෙලා....මිනිස්සු කට අැරියෙ බත් කන්න විතරයි....

    ඔය අස්සෙ අපූරු දේවල් සිද්ධ වුනා..

    අම්බලන්ගොඩ සීටීබී බස් ඩිපෝව පිච්චුවෙ ඒ දවස්වල හිටපු නියෝජ්‍ය ඇමතියෙක්ගෙ මල්ලි කෙනෙක්...මිනිහ ප්‍රයිවෙට් බස් කර්මාන්තයට සම්බන්ධ කෙනෙක්.....දේශප්‍රේමී බලකාය කියල අම්බලන්ගොඩ ටවුමෙ කඩ වැස්සෙව්වෙ ව්‍යාපාරිකයෙක්...ගාල්ල පැත්තට කෙහෙල්වත්තෙන් ආපු පාතාල ටීම් එකක් ජොලියට අහුවුන අහුවුන එකා ටයර් උඩ යැව්වා..ඒ ටීම් එක දවසක් ⁣අපේ ගෙදරටත් ආවා යන එන ගමන්..මගේ පන්තියෙ ඉඳල වරායෙ රස්සාවක් කරපු යාළුවෙක් ඒකෙ හිටියා..ඊයෙ රෑ බේරතුඩුව හන්දියෙ ටයර් උඩ එකෙක් දැම්මා දැක්කද කියලත් මගෙන් උන් ඇහැව්වා......දැන් ඒ යාළුව මහණ වෙලා සසර කළකිරිලා......ඒ මං දන්න කතන්දර.....මේ වගේම ගාල්ලෙ දේශපාලඥයෙක් ටීම් එකක් බස්සල තමුන් ගෙ නෝනට වෙඩි තියල මරල දම්මවල....අනියම් පවුල ලඟට ගත්ත කියලත් මිනිස්සු ඒ දවස්වල රහසෙ රහසෙ කියෙව්වා ..

    හැබැයි එදා වෙච්ච මේ දේවල් ගැන කිසිම රජයක් මේ වනතුරු කොමිසමක් පත්කරලවත් හොයලත් නෑ....අබ කෑ එකා වගේ තමා.......අනිත් පාර්ශවත් මීක් සද්දයක්නෑ....තමුන්ගෙ සගයො කී දෙනෙක් අතුරුදන් වුනාද ...ඒ ⁣⁣කොහොමද කියල හොයන්න උත්සාහ කරලවත් නෑ...

    ප්‍රේමදාස උඩුගම්පොල කියන බිහිසුණු නිල ඝාතකය නිර්මාණය වෙන්නෙ ඒ තිගැස්සුන....ලේ තැවරුණ සමාජය අස්සෙන්..

    රෝහණ විජේවීර මහත්තය අත්අඩංගුවට ගනිද්දි නුවර පොලිස් අධිපතිය වෙලා හි⁣ටියෙ ප්‍රේමදාස උඩුගම්පොල මහත්මයම තමා....

    රෝහණ විජේවීර මහත්තය අත්අඩංගුවට අරන් ගෙනිච්ච හමුදා නිළධාරියට මගදි ඒ ගැන මතක් වෙනවා...

    ඔහු ආපහු හැරිල ගිහින් විජේවීර මහත්තයගෙ නෝනට කියනවා....ඉක්මනින් ඉන්න තැනින් පිටවෙලා යන්න කියල.......ඔවුන් එතැනින් ගිහිල්ල හමුදා මූලස්ථානයට බාරවෙන්නෙ ඉන්පස්සෙ.....

    හැබැයි...ඔවුන් එතැනින් පිටවෙලා ටික වෙලාවකට පස්සෙ උඩුගම්පොල මහත්මයඑතැනට කඩා වදිනවා.......

    ඒත් ඔහු එතැනදි ප්‍රමාදයි...

    රාජකාරිය වෙනුවෙන් මිනිස් ජීවිත දහස් ගනනක් උදුරාගත්තු ....ඔහු .....නැවත නොඑන්නම නික්ම ගිහින්.....

    ඔහුට නිවන් සුවය පතනවාද සුබ රාත්‍රියක් පතනවාදැයි මට හිතාගන්නට බැහැ....

    නමුත් මොහු ලියා අවසන් නොකළ පරිච්ඡේදයක තවත් අත්‍යවශ්‍ය චරිතයක් බව මට හිතෙනවා...

    එලෙසම සැරයන් ජාගොඩ සඳහන් කර විදියට කොබ්බෑකඩුව සර් ඔහු ගේ චරිතය ස්වභාවය නිර්වචනය කෙරුවෙ "තිරිසන් බල්⁣ලා"යනුවෙන් බවත් මට අමතක කරන්නටත් නොහැකියි...

    ©️Lokuliyana Keerthi

    -උපුටාගැනීමක්


    THANKS MACHAN... PIYANOGE KERUWAWA...NODOMAKIN THRISANNU
    :(:(:(
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,372
    8,533
    113
    රූකඩ රාජ්ජේ
    මම මගේ පියාණන්ගේ අඩි පාරේ යනවා.....
    ==================================

    හිටපු ජ්‍යෙශ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රේමදාස උඩුගම්පොල මහත්මය මැරිලා..ඔහු අසූව දශකයේ අවසාන භාගයේ තරුණ වියේ හි⁣ටපු උන්ගේ හිත්වල මරණ බය ඇති කළ වියරු වැටුන රීරි යකා ගේ මුද්‍රාව බවට පත්වී සිටියා.....



    ©️Lokuliyana Keerthi

    -උපුටාගැනීමක්

    BUMP