මේ කවියේ/නිසදැසේ තේරුම කියපන්කො

Vandal Savage

Active member
  • Jun 17, 2016
    296
    56
    28
    මේ කවියේ/නිසදැසේ තේරුම කියපන්කො

    FNfM3PZ.png
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,838
    113
    මම අහලා තියෙන විදියට මේක ලූෂන් මහත්මයාගේ පෞද්ගලික අත්දැකීමක් . හැබැයි අපූරු විදියට ලියලා සංගීතය එකතු කරලා හැඟීම් දනවන විදියට ගායනා කරන අතිවිශිෂ්ට ගීතයක් .

    කුඩවලටයි , වර්ෂාවටයි අපූරු විශේෂණ දෙකක් එකතු කරලා තියෙනවා මොකද මේ අවස්ථාව උලුප්පුලා ගන්න . මුතුකුඩ ලස්සනයි. ඒ වගේම ගණන් . වර්ෂාව මල් වගේ. වැහි ලිහිණියෝ වර්ෂාවේ පණිවිඩේ කියන අය . හිතට මැවෙන්නේ අලංකාර චිත්‍රයක් . බොහෝවිට කතානායකයා වර්ෂාවට කැමති කෙනෙක් .
    අහම්බෙන් කෙනෙක් වාහනේක කවුළුවෙන් බලනවා . අඳුරන කෙනෙක් .ක්ෂණයකින් හිත යනවා අතීතයට .
    එදා මේ වගේම නුවර වහිනවා . වතුර ගලාගෙන යනකොට ලාවට අව්ව වැටිලා දේදුණු වර්ණ පේනවා . ඒ කියන්නේ ජීවිතේ චමත් කාරයි . ලොකු දෙයක් නෑ හිත්වල ආදරේ ඇරෙන්න .එදා ආදරයෙන් පිරුණු මීවිත වැස්සක්. හැබැයි එදා මුතුකුඩ ගන්න වත්කමක් දෙන්නටම නෑ . තෙමි තෙමි වැස්සේ ගියේ .මෙහෙම ඇත්තටම ගිහිල්ලා තියෙන කෙනෙක්ට මේ හැඟීම් හරියටම තේරුම් ගන්න පුළුවන් . හැබැයි වර්තමානයේ දෙන්නා තල දෙකක යන්නේ . ඒ කියන්නේ මාර්ග දෙකක. ජීවිතෙත් එහෙමයි . පාරෙත් එහෙමයි . බොහෝවිට පිරිමියට සල්ලි නැති නිසා ගෑණු කෙනා අතහැරියා වෙන්නත් පුළුවන් .
    අහඹු ලෙස ඒ වාහනේ රෝද වලින් මඩ විසි වෙනවා පිරිමියා දෙසට ගැහැණිය හොඳට උණුසුම්ව නොතෙමි ඇතුලේ ඉන්නකොට . මේක සත්‍ය වශයෙනුත් වෙනවා . ඒ කියන්නේ ගැහැණියව ආදරෙන් උණුසුම්ව බලාගන්න කෙනෙක් ඉන්නවා. පිරිමියාට එහෙම කෙනෙක් නෑ. හැබැයි අවුරුදු ගාණකට ඉස්සෙල්ලා මේ පිරිමියාගේ අඩුපාඩු නිසා බොහෝවිට වත් පොහොසත් කම් අඩු නිසා ගෑනිගේ ගෙදරින් සෑහෙන්න මඩ ප්‍රහාර එල්ල වෙන්න ඇති . ඒක තමයි කියන්නේ දැන් සිත රිදුනේ නෑ මොකද එදා රිදිලා ඉවරයි . ඒ සිද්දි ඔක්කොම අතීතයට එකතු වෙලා . අද රෝදෙන් විසි උනේ . ඒක අජීවී දෙයක් . හැබැයි එදා සජීවී දේවල් වලින් මඩ විසික් උනේ . හැබැයි මේ සජීවී අජීවී ඔක්කොම දෙන්න අතර තිබ්බ ආදර බැඳීම දැනන් හිටියේ නෑ . ඒ ආදරය අමරණීයයි .
     
    • Like
    Reactions: adithyag

    adithyag

    Well-known member
  • Jun 15, 2016
    2,433
    4,710
    113
    Colombo

    :love::love::love::love: Patta
     
    • Like
    Reactions: aneasarayana