IT Field එකට එන්ටර් වුනේ කොහොමද?
* ඩිග්‍රී එක තෝර ගත්තෙ කම්පියුටර් සයන්ස් ඇන්ඩ් ඉන්ජිනියරින්. පොඩි කාලෙ ඉදන් ම ආසයි.
මොනවද ඉස්සෙල්ලම කරන්න පටන් ගත්තේ?
* ගෙදර නිකන් ඉන්න කාලෙ ( උසස් පෙලින් පස්සෙ) පයිතන් ටියුටෝරියල් බලල ඒව කලා. ඊට පස්සෙ සී ප්ලස් ප්ලස් පොඩි කෝස් එකකුයි හාඩ්වෙයා කෝස් එකකුයි කලා. උසස් පෙල ප්‍රතිපල වලින් කැම්පස් ආව ඊට පස්සෙ
දැනට Expertise වෙලා ඉන්න Skills මොනවද?
* සොෆ්ට්වෙයා ඩිසයිනින්, ආකිටෙක්, සොලුශන්ස් ආකිටෙට් තමයි. ජාවා පයිතන් දෙකෙන් තමයි ලොකුවටම කෝඩින් වැඩ කරන්නෙ. බැක් එන්ඩ් තමයි මේන් ෆෝකස් එක. ෆ්‍රන්ට් එන්ඩ් වැඩත් කරල තියෙනව. කම්පැනි එකේ අය මම සොෆ්ට්වෙයා පර්ෆොර්‍ර්මන්ස් පැත්ත ෆෝකස් කරන කෙනෙක් විදියට හිතනව
Improve කරගන්න හිතන් ඉන්න Skills මොනවද?
* ඉන්ටර්නල්ස් ඉගෙන ගන්න ඕනෙ. ටී.එල්.එස්, ජාව පයිතන්, සී, වගේ දේවල් වල ඇතුලෙ වෙන දේවල් පොඩ්ඩක් තව ඉගෙන ගන්න ආසයි.
Intern හෝ Trainee කෙනෙක් විදියට වැඩ කරලා තියෙනවද? ඒ කොහෙද?
* ඔව්. ඔක්සිජන් හදන කම්පැනි එකේ
ඒ Skills improve කරගන්න දායක වුනේ Formal Education ද නැත්නම් Informal Education ද
* දෙකම. ෆෝමල් විතරකුත් බෑ. ඉන්ෆෝමල් විතරකුත් සාර්තක නෑ ( හොද ගයිඩ් කෙනෙක් ඉන්න ඕනෙ. හොදට මෙන්ටර් කරන්න එකෙක් හිටිය නම් එහෙම කරගන්න තිබ්බ)
ඔන්ලයින් ජොබ් එකක් (ෆ්‍රීලෑන්ස්, රිමෝට් ජොබ්ස්) හරි ඔන්ලයින් බිස්නස් (ඊමනි, KPO, BPO) එකක් හරි කරනවා නම් හෝ කලින් කරා නම් ඒක පටන් ගත්තේ කොහොමද?
* කැම්පස් ඉද්දි පොඩියට කලා යාලුවො එක්ක සෙට් වෙලා. ලොකුවට ඒ පැත්තට නෑ. (මගෙම කියල කම්පැනි එකක ලොක්කෙක් වෙන්න ඕනෙ කියන සීන් එක නෑ. මට කෙනෙක් යටතේ වැඩ කරන එකේ ලොකු අවුලක් දැනෙන්නෙ නෑ). ප්‍රයිවට් කැම්පස් එකක පාට් ටයිම් උගන්නන මෙන්ටර් කරන වගේ පොඩි සයිඩ් ජොබ් එකක් නම් කරනව. ලොකුවට ගෙවන්නෙ නම් නෑ උන්. ආසවට කරනව
ඒ ආදායම් මාර්ගයෙන් දැනට උපයන මාසික ආදයම කීයද?
* මාසෙකට ලක්ශ 3කට ටිකක් වැඩියෙන්
කොවිඩ් වලින් මොනවා හරි නෙගටිව් හෝ පොසිටිව් බලපෑමක් වුනාද?
* ගෙදර ඉදන් වැඩ කරද්දි පොඩ්ඩක් ඩිස්කනෙක්ටඩ් වගේ දැනෙනව. ඒ ඇරෙන්න අවුලක් නම් උනේ නෑ.
දැනට ලබාගත්ත ලොකුම achievement එක මොකක්ද?
* උසස් පෙලින් A3 ගත්ත එක කියල තමයි තාම හිතන්නෙ. දැන් වැඩ කරන කම්පැනි එකට ආපු එකත් මට සෑහෙන ලොකු achievement එකක්.
IT Base වුන රස්සාවක් කරන එක ගැන දැන් මොකද හිතන්නේ?
* මිනිස්සු අතර තාම අපි කරන දේට වටිනාකමක් නෑ වගේ හිතෙනව. ( ඒක මට අවුලක් නෑ සල්ලි ලැබෙන නිසා

)
Wife ඔබ කරන රැකියාවට සපොර්ටිව් ද?
* Wife නෙමෙයි තාම. ඔව් උදව් කරනව. තේරුම් ගන්නව
Financial Freedom කියන ස්ටේටස් එකේ ඉන්නවා කියලා කියන්න පුළුවන් තැනට එන්න පුළුවන් වුනාද?
* ඔව් අනිවාර්‍යයෙන්ම.
ජොබ් එකට හෝ බිස්නස් එකට මෑත කාලයේදි ඇති වූ හෝ ඉදිරියේදි ඇති විය හැකි අභියෝග හෝ වෙනස්කම් මොනවාද?
* උඩට යන්න යන්න මැනේජ්මන්ට් පැත්තේ ටාස්ක් වැඩී. ඉන්ජිනේරුවෙක් විදියටම ඉන්න තිබ්බනම් මීට හොදයි කියල හිතෙනව.