මේ කවුද ? මොකද කරන්නේ? 🤔 IT ෆීල්ඩ් එකේ ඉන්න එවුන් වරෙව්

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    1. IT Field එකට එන්ටර් වුනේ කොහොමද?
      - Java Institute after A/L in 2012. Started academics again in 2015 at ESoft with basic DiTEC program --> BCS Diploma --> B.Eng SE (Top-up)
    2. මොනවද ඉස්සෙල්ලම කරන්න පටන් ගත්තේ?
      - A startup developing desktop-based POS systems (Java swing, MySQL, Jasper Reports) in 2013
    3. දැනට Expertise වෙලා ඉන්න Skills මොනවද?
      - Software Quality Assurance
      - Java, .NET, SQL & NoSQL
      - Selenium, Fitnesse, Jmeter, Postman
      - Jenkins, Docker, Kubernates
    4. Improve කරගන්න හිතන් ඉන්න Skills මොනවද?
      - Jenkins, Docker, Kubernates
    5. Intern හෝ Trainee කෙනෙක් විදියට වැඩ කරලා තියෙනවද? ඒ කොහෙද?
      - Yes. Data Management Systems (DMSSW), Colombo
    6. ඒ Skills improve කරගන්න දායක වුනේ Formal Education ද නැත්නම් Informal Education ද
      - Both. I had two certifications other than the degree
    7. ඔන්ලයින් ජොබ් එකක් (ෆ්‍රීලෑන්ස්, රිමෝට් ජොබ්ස්) හරි ඔන්ලයින් බිස්නස් (ඊමනි, KPO, BPO) එකක් හරි කරනවා නම් හෝ කලින් කරා නම් ඒක පටන් ගත්තේ කොහොමද?
      - Started freelancing in 2013 and stopped in 2017 due to deadly health conditions that arose.
      - Started investing in crypto last month and expecting to stop within 3 months.
    8. ඒ ආදායම් මාර්ගයෙන් දැනට උපයන මාසික ආදයම කීයද?
      - far less than zero. :lol:
    9. කොවිඩ් වලින් මොනවා හරි නෙගටිව් හෝ පොසිටිව් බලපෑමක් වුනාද?
      - 380% positive
    10. දැනට ලබාගත්ත ලොකුම achievement එක මොකක්ද?
      - Moving to abroad
    11. IT Base වුන රස්සාවක් කරන එක ගැන දැන් මොකද හිතන්නේ?
      - More than happy
    12. Wife ඔබ කරන රැකියාවට සපොර්ටිව් ද?
      - She didn't believe in my choices 10 years ago. Now totally depends on me. :lol:
    13. Financial Freedom කියන ස්ටේටස් එකේ ඉන්නවා කියලා කියන්න පුළුවන් තැනට එන්න පුළුවන් වුනාද?
      - 90%
    14. ජොබ් එකට හෝ බිස්නස් එකට මෑත කාලයේදි ඇති වූ හෝ ඉදිරියේදි ඇති විය හැකි අභියෝග හෝ වෙනස්කම් මොනවාද?
      - Work from home will end in next month. :lol:
     

    hesh_jay_19

    Active member
  • Sep 30, 2020
    46
    217
    33
    1. IT Field එකට එන්ටර් වුනේ කොහොමද?
      1. Government University
    2. මොනවද ඉස්සෙල්ලම කරන්න පටන් ගත්තේ?
      1. Curriculum, Apart from that freelancing
    3. දැනට Expertise වෙලා ඉන්න Skills මොනවද?
      1. Front End, Mobile App Development, Cyber Security
    4. Improve කරගන්න හිතන් ඉන්න Skills මොනවද?
      1. Cyber Security
    5. Intern හෝ Trainee කෙනෙක් විදියට වැඩ කරලා තියෙනවද? ඒ කොහෙද?
      1. Yes
    6. ඒ Skills improve කරගන්න දායක වුනේ Formal Education ද නැත්නම් Informal Education ද
      1. 60% Formal Education 15% Job 25% Self Study
    7. ඔන්ලයින් ජොබ් එකක් (ෆ්‍රීලෑන්ස්, රිමෝට් ජොබ්ස්) හරි ඔන්ලයින් බිස්නස් (ඊමනි, KPO, BPO) එකක් හරි කරනවා නම් හෝ කලින් කරා නම් ඒක පටන් ගත්තේ කොහොමද?
      1. Just went ahead with Fiverr. Now only doing the Job
    8. ඒ ආදායම් මාර්ගයෙන් දැනට උපයන මාසික ආදයම කීයද?
      1. 300K LKR
    9. කොවිඩ් වලින් මොනවා හරි නෙගටිව් හෝ පොසිටිව් බලපෑමක් වුනාද?
      1. Yes. Working From Homemade it easier to balance work and life.
    10. දැනට ලබාගත්ත ලොකුම achievement එක මොකක්ද?
      1. Education , Social Status and Financial Independence
    11. IT Base වුන රස්සාවක් කරන එක ගැන දැන් මොකද හිතන්නේ?
      1. Really Proud
    12. Wife ඔබ කරන රැකියාවට සපොර්ටිව් ද?
      1. Yes. She is a understanding person. Yet I am making 5x than she is, there is nothing to complain
    13. Financial Freedom කියන ස්ටේටස් එකේ ඉන්නවා කියලා කියන්න පුළුවන් තැනට එන්න පුළුවන් වුනාද?
      1. Yes
    14. ජොබ් එකට හෝ බිස්නස් එකට මෑත කාලයේදි ඇති වූ හෝ ඉදිරියේදි ඇති විය හැකි අභියෝග හෝ වෙනස්කම් මොනවාද?
      1. Our field is going to flourish day by day.

    1. - Work from home will end in next month. :lol:
    well I don't think soo
    ------ Post added on May 11, 2021 at 11:19 AM
     
    Last edited:

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,919
    1,168
    113
    192.168.1.1
    1. IT Field එකට එන්ටර් වුනේ කොහොමද? - Sabaragamuwa University CIS degree
    2. මොනවද ඉස්සෙල්ලම කරන්න පටන් ගත්තේ? - iOS development (self learned while studying in the university)
    3. දැනට Expertise වෙලා ඉන්න Skills මොනවද? - Ruby, Rails
    4. Improve කරගන්න හිතන් ඉන්න Skills මොනවද? - May be Go, but so far Ruby is fine for me
    5. Intern හෝ Trainee කෙනෙක් විදියට වැඩ කරලා තියෙනවද? ඒ කොහෙද? - Yes, 99x
    6. ඒ Skills improve කරගන්න දායක වුනේ Formal Education ද නැත්නම් Informal Education ද - Mostly self learning
    7. ඔන්ලයින් ජොබ් එකක් (ෆ්‍රීලෑන්ස්, රිමෝට් ජොබ්ස්) හරි ඔන්ලයින් බිස්නස් (ඊමනි, KPO, BPO) එකක් හරි කරනවා නම් හෝ කලින් කරා නම් ඒක පටන් ගත්තේ කොහොමද? - Nope
    8. ඒ ආදායම් මාර්ගයෙන් දැනට උපයන මාසික ආදයම කීයද? - NA
    9. කොවිඩ් වලින් මොනවා හරි නෙගටිව් හෝ පොසිටිව් බලපෑමක් වුනාද? - No difference. Only change was, worked few days from home
    10. දැනට ලබාගත්ත ලොකුම achievement එක මොකක්ද? - There are few
    11. IT Base වුන රස්සාවක් කරන එක ගැන දැන් මොකද හිතන්නේ? - Everyone in IT industry (mostly programming) should be very happy that they choose this path intentionally or unintentionally. Any other career cannot come near the salaries of IT industry for at least next few decades
    12. Wife ඔබ කරන රැකියාවට සපොර්ටිව් ද? - Haven't asked her
    13. Financial Freedom කියන ස්ටේටස් එකේ ඉන්නවා කියලා කියන්න පුළුවන් තැනට එන්න පුළුවන් වුනාද? - yes
    14. ජොබ් එකට හෝ බිස්නස් එකට මෑත කාලයේදි ඇති වූ හෝ ඉදිරියේදි ඇති විය හැකි අභියෝග හෝ වෙනස්කම් මොනවාද? - The company I am working acquire by a big tech company
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,481
    23,750
    113
    ලිම්පෝපෝ කන්දෙ
    IT Base වුන රස්සාවක් කරන එක ගැන දැන් මොකද හිතන්නේ?
    යම් කලකිරීමක් තියෙනව.
    රැයක් දවාලක් නෑ. මේක ඔබා ගත්ත ගමන්මයි. සුපිරි පරිසරයක මුලු ගාඩ්න් එකම හොදට හදපු ලස්සනට තියෙන වත්තක ජීවත් වෙලත් තණකොල ගහක් පෑගුන් නැති ඉර එලියක් දැකපු නැති දවස් ඕනෙ තරම් තියෙනව.
    මේක කියෝන කෙනෙක් පුලුවන් නම් සජෙශන් එකක් දෙන්න. ලොකු දෙයක්.
    කස්ටමර් සපොර්ට් එක වාතයක් වෙලා තියෙන්නෙ. දැනට කස්ටමර්ස් 300+ ඉන්නව. සමහර දවස්වලට කිසිම අලුත් වැඩක් කරන්න වෙලාවක් නෑ පරන කස්ටමර්ලගෙන් කෝල්ස් එනව එක දිගට. ඊට අමතරව කස්ටමර්ල්ස මහ කරුම වදයක් දෙන්නෙ. ගත්ත බඩුවලට ලස්සනට සීරියල් නම්බර්ස් දාල වොරන්ටි ඩීටේලස් දාල ප්‍රින්ටඩ් බිල් එකක් දාල තියෙද්දි සමහරු කෝල් කරල "මේ අහවලා කතා කරන්නෙ ඔයාගෙන් දවස්ක් ප්‍රින්ටරයක් ගත්තෙ අන්න ඒකෙ වොරන්ටි ඉවර වෙන්නෙ කවද්ද" අහනව කෝල් කරල උන්ගෙ බිල බලන්නෙ නැතුව, හරියට අපි හැම එකාගෙම වොරන්ටි ඉවර වෙන දවස් හිතේ තියන් ඉන්නව වගෙ.. සමහරු රෑ 11-12ට පානදර 5-6ට කෝල් ගහනව. සමහරු එකම දෙට 20-30 සැරයක් කෝල් කරනව. සමහරු අහන්න තියෙන ඒව ඔක්කොම එක සැරේ අහන්නෙ නැතුව සැරින් සැරේ එකම දවසෙ කෝල් කර කර එක එක ඒව අහනව. සපොර්ට් වීඩියෝස් කොටස් වශයෙන් වෙන වෙනම නම් කරල පවා දීල තියෙන්නෙ. ඒත් උන් ඒව බලන්නෙ නෑ. එහෙම නැත්නම් කෝල් කරල අහනව වීඩියෝ එකේ කීවෙනි මිනිත්තුවේද මොන ෆෝල්ඩරේද තියෙන්නෙ කියල. තව සමහරුගෙන් ප්‍රින්ටින්ග් පේපර්ස් වල සයිස් අහපුවාම උන් මැනල එවන්නෙ නැතුව අඩිරූලයි පේපර් එකයි තියල ෆොටෝ ගහල වට්සැප් එවනව මට ෆෝටෝ එකෙන් මැනගන්න. ඊලගට නෙට්වර්ක් කරල සෙටින්ග්ස් ඔක්කොම හදල දුන්නට පස්සෙ උන්ගෙ පීසී වල IP නිකන්ම මැකිල. කොහොම වෙන්වද දෙයියො තමා දන්නෙ.
    හොදම දේ කස්ටමර් ලගෙ කෝල් 100ක් ආන්සර් කරල එකක් මිස් උනොත් ඔයාලගෙ සර්විස් නම් අන්තිමයි කියල කෑගහනව. තව සමහරු එකම සතියෙ උන්ගෙ ප්‍රශ්න කියපු සැනින් විසදුවාට පස්සෙ ආයිත් මොකක් හරි ලෙඩක් හදන් කෝල් 20-30 එක දිගටම ගන්නව ඒක හදල දෙන්න කියකිය. වෙන කස්ටමර් කෙනෙක්ගෙ වැඩක් කරන්න වෙලාවක් නෑ. තව සමහරු උන්ගෙ එක කැඩුන ගමන් අපි එතනට යන්න බලන් ඉන්න ඕනෙ. එහෙම බැරි උනොත් කෑගහල සර්විස් අන්තිමයි කියල එක විකාරයයි. ගොඩක් උන් හිතන් ඉන්නෙ අපි උන්ගෙ වැඩේ කරල දැන් කකුල් දෙක් උඩ දාන් ගෙදෙට්ට වෙලා නිකන් ඉන්නව කියල. හැබයි 10% වගේ සුපිරි කස්ටමස්ලත් ඉන්නව.


    උබ කරන් යන බිස්නස් එකට මේක ප්‍රයෝගිකව අදාල වෙයිද දන්නෙ නෑ. හැබැයි ලෝන් ටර්ම් ප්ලෑන් එකක් විදිහට පුලුවන් තරම් up market ක්ලයන්ට්ලා ටාගට් කරපන්. මගේ අත්දෑකීම්වල හැටියට එයාලාගෙන් කිසිම කරදරයක් නෑ.

    ඒ වගේම මෙතන උබ කියලා තියෙන 10% සුපිරි කස්ටර්මස්ලා ගැන හොද රිවිව් එකක් කරලා එයාලගෙ සිමිලර් පැටර්න්ස් අදුන ගනින්. ඊලගට අලුත් කස්ටර්මස්ලා හොයා ගද්දි ඒ පැටන්ස් (Persona) පාවිච්චි කරපන්.

    උදාහරනයක් විදිහට ඒ 10% ඇතුලත කම්පැනිවල ටොප් මැනේජ්මන්ට්වල ඉන්න අය සැලකිය යුතු ගානක් ඉන්න පුලුවන්. ඉතින් උබ ෆේස්බුක් ඇඩ්වර්ටයිසින්වලින් ක්ලයන්ට්ලා හොයනවා නම් ඒ ඩේටා පාවිච්චි කරපන්. නැත්තං කාරණය එහෙමනම් LinkedIn එකෙන් ක්ලයන්ට්ලා හොයද්දි වුනත් පුලුවන් තරම් ටොප් මැනේජ්මන්ට් එකේ ඉන්න අයත් එක්ක කනෙක්ට් වෙයන්.
     

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,427
    3,801
    113
    out of fucked up land
    1. IT Field එකට එන්ටර් වුනේ කොහොමද? B.Sc. + M.Sc. (Having a degree does not mean shit. I have seen much better engineers without one.)
    2. මොනවද ඉස්සෙල්ලම කරන්න පටන් ගත්තේ? IT admin
    3. දැනට Expertise වෙලා ඉන්න Skills මොනවද? Cloud Security & DevSecOps
    4. Improve කරගන්න හිතන් ඉන්න Skills මොනවද? Go & Cloud
    5. Intern හෝ Trainee කෙනෙක් විදියට වැඩ කරලා තියෙනවද? ඒ කොහෙද? Yup, in arshiklands & aborad
    6. ඒ Skills improve කරගන්න දායක වුනේ Formal Education ද නැත්නම් Informal Education ද? Mostly informal learning with udemy, youtube and shit. I don't think you can learn skills in universities, just the basics.
    7. ඔන්ලයින් ජොබ් එකක් (ෆ්‍රීලෑන්ස්, රිමෝට් ජොබ්ස්) හරි ඔන්ලයින් බිස්නස් (ඊමනි, KPO, BPO) එකක් හරි කරනවා නම් හෝ කලින් කරා නම් ඒක පටන් ගත්තේ කොහොමද? Doing crypto (Mostly learning)
    8. ඒ ආදායම් මාර්ගයෙන් දැනට උපයන මාසික ආදයම කීයද? ¯\_(ツ)_/¯
    9. කොවිඩ් වලින් මොනවා හරි නෙගටිව් හෝ පොසිටිව් බලපෑමක් වුනාද? ¯\_(ツ)_/¯ nothing special
    10. දැනට ලබාගත්ත ලොකුම achievement එක මොකක්ද? Got the fuck out of arshiklands :rofl: (On a serious note, I have lived in multiple contries and I really like this ability to get a job quite easily.)
    11. IT Base වුන රස්සාවක් කරන එක ගැන දැන් මොකද හිතන්නේ? Gonna get the fuck out in a few years. Too little salary for the hours I put in.
    12. Wife ඔබ කරන රැකියාවට සපොර්ටිව් ද? ¯\_(ツ)_/¯
    13. Financial Freedom කියන ස්ටේටස් එකේ ඉන්නවා කියලා කියන්න පුළුවන් තැනට එන්න පුළුවන් වුනාද? No loans, can save/invest enough
    14. ජොබ් එකට හෝ බිස්නස් එකට මෑත කාලයේදි ඇති වූ හෝ ඉදිරියේදි ඇති විය හැකි අභියෝග හෝ වෙනස්කම් මොනවාද? ¯\_(ツ)_/¯
     
    Last edited:

    SleepingDog

    Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    1. OL's ICT and then AL's ICT(in math stream). Got a scholarship to do BSc in CS abroad. Now doing MSc in Data Science.

    2. Learned programming. I was teaching programming as part-time job while doing the BSc

    3. Data Science(machine learning and etc.)

    4. Business related skills

    5. Yes. Automation engineer, Siemens

    6. Both.

    7. Did some ecommerce businesses

    8. Average salary + Investments + some side businesses

    9. Nope

    10. Didn't think about that

    11. Completely satisfied

    12. Not married, but living together(Foreign GF, 100% supportive with what I am doing)

    13. Not yet

    14. Don't want to work for a company in future and planning to start an own business in IT sector
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    1. IT Field එකට එන්ටර් වුනේ කොහොමද?
      පොඩි කාලේ ඉඳන් computer වලට තියන කැමැත්ත නිසා ඒ පැත්තෙන් ඉගෙනීම කරගෙන යන්න තීරණය කලා. Degree එකත් IT field එකෙන් කලා

    2. මොනවද ඉස්සෙල්ලම කරන්න පටන් ගත්තේ?
      Games ගහන එක තමයි පටන් ගැන්ම. Grade 5 විතර කාලේ Tech Sri Lanka එකේ class ගියා GW Basic වගේ programing languages තියනවා කිව්වට හරියට language එකක් ඉගෙනගත්තේ VB 4.0 or 6.0 හරියටම grade 8 වගේ වෙද්දි. Degree කරද්දි මට programing පුලුවන් කියල තේරුනා. Degree එක ඉවර වෙද්දි c# Java web අරවා මේවා ගොඩක් පුලුවන්. Elakiri එකේ 2008-2010 කාලේ වෙනස් විදියේ දේවල් ගොඩක් ඉගෙනගත්තා (Photoshop, Small IT hacks and tricks, තව VBulletin, phpBB forum stuff, ඒ කාලේ කොහොම හරි phpBB forum තනියම setup කරගත්තා).

    3. දැනට Expertise වෙලා ඉන්න Skills මොනවද?
      මගේ career එක පටන් ගත්තේ c#, vb .net side එකෙන්, ඒ කාලේ WCF, WPF, MVVM වගේ ඒවා කලා. මම හැම වෙලේම Full stack developer කෙනෙක් විදියට වැඩ කලේ. දැන් නම් Java REST, SOAP, Micro services, React, JS තව DevOps side එකේ k8 docker ඕන දෙයක් කරනවා (List is too large). කෙලින්ම කිව්වොත් technology එකකට language එකකට restrict වෙන්න කැමැති නෑ. ඕන දෙයක් ඉගෙනගන්නවා. ඒ වගේම සමහර ඒවා obselete වෙද්දි හලනවා.

    4. Improve කරගන්න හිතන් ඉන්න Skills මොනවද? SRE area

    5. Intern හෝ Trainee කෙනෙක් විදියට වැඩ කරලා තියෙනවද? ඒ කොහෙද? Nope

    6. ඒ Skills improve කරගන්න දායක වුනේ Formal Education ද නැත්නම් Informal Education ද - Fundamentals -> Formal , Deep knowledge -> Self learned (Informal)

    7. ඔන්ලයින් ජොබ් එකක් (ෆ්‍රීලෑන්ස්, රිමෝට් ජොබ්ස්) හරි ඔන්ලයින් බිස්නස් (ඊමනි, KPO, BPO) එකක් හරි කරනවා නම් හෝ කලින් කරා නම් ඒක පටන් ගත්තේ කොහොමද? - Nope

    8. ඒ ආදායම් මාර්ගයෙන් දැනට උපයන මාසික ආදයම කීයද? - Nope

    9. කොවිඩ් වලින් මොනවා හරි නෙගටිව් හෝ පොසිටිව් බලපෑමක් වුනාද? -So far no impact. Working from home කරනවා එච්චරයි

    10. දැනට ලබාගත්ත ලොකුම achievement එක මොකක්ද?
      IT knowledge and skill. මේක නිසා IT field එකේ jobs ලැබුණා. ඒ හම්බවෙන salary එකේ මට ඕන කරන හැමදෙම වගේ ගන්න පුලුවන් උනා. මම සමහර institutes වල IT subjects teach කරනවා weekends. ගොඩක් load කරගන්නේ නෑ ඒක මට වෙනස් experience එකක් නිසා කරන්නේ. ඒ වගේම students ලගෙන් හොඳ feedback ලැබුනා. Apparently i am a successful programmer and also a teacher.

    11. IT Base වුන රස්සාවක් කරන එක ගැන දැන් මොකද හිතන්නේ?
      මම පොඩි කාලේ ඉඳන් IT වලට කැමති නිසා i am extremely satisfied. මේ field එකේ හොඳට perform කරන්න up to date ඉන්න ඕනි ඒකට skill එක වගේම අපිට ගොඩක් වෙලාව යොදවන්න වෙනවා.

    12. Wife ඔබ කරන රැකියාවට සපොර්ටිව් ද? Yes of course

    13. Financial Freedom කියන ස්ටේටස් එකේ ඉන්නවා කියලා කියන්න පුළුවන් තැනට එන්න පුළුවන් වුනාද? Yes (Not great and not terrible)
      මේ thread එකේ online හම්බ කරන අය තරම් ගානක් හම්බ වෙන්නේ නෑ (මෙතන ගොඩක් අය over 1 million earn කරනවා which is impressive)

      මට මේ හම්බ වෙන ගානෙන් දැනට සතුටෙන් ජීවත් වෙන්න පුලුවන් ඒකයි "ඔන්ලයින් ජොබ් එකක් (ෆ්‍රීලෑන්ස්, රිමෝට් ජොබ්ස්) හරි ඔන්ලයින් බිස්නස් (ඊමනි, KPO, BPO)" sides වලින් හම්බ කරන්න බැලුවේ නැත්තේ. ඒ වගේම වෙන රටක ගිහින් job කරන්න migrate වෙන්න try කලේ නැත්තේ.

    14. ජොබ් එකට හෝ බිස්නස් එකට මෑත කාලයේදි ඇති වූ හෝ ඉදිරියේදි ඇති විය හැකි අභියෝග හෝ වෙනස්කම් මොනවාද?
      Corona නිසා ඉස්සරදි economy crisis එකක් ඇති වෙයි. ඒක IT field එකට හොඳට හෝ නරකට හැරෙන්න පුලුවන්
     
    Last edited:

    naadiya

    Active member
  • Jan 17, 2017
    91
    201
    33
    1. IT Field එකට එන්ටර් වුනේ කොහොමද?
      IT පැත්තට පොඩි කාලේ ඉදන් පට්ට උණක් තිබ්බේ.. AL ඉවර උනු ගමන් සෙල්ෆ් ලර්නින් පටන් ගත්තා. ඩිග්‍රි එක කළා.. ඒ පැත්තෙන්ම PhD එක පටන් ගත්තා. හැමදාම සෙල්ෆ් ලර්නින්.

    2. මොනවද ඉස්සෙල්ලම කරන්න පටන් ගත්තේ?
      මුලින්ම කලේ GW basic. ඊට පස්සේ Visual Basic..

    3. දැනට Expertise වෙලා ඉන්න Skills මොනවද?
      Career එක පටන් ගත්තේ C# dev කෙනෙක් විදිහට.ඊට පස්සේ කෙලින්ම machine learning, data science වලට බැස්සා. දැන් expertise කරන්නේ machine learning and deep learning පැත්ත.

    4. Improve කරගන්න හිතන් ඉන්න Skills මොනවද?
      MLOps සයිඩ් එක.

    5. Intern හෝ Trainee කෙනෙක් විදියට වැඩ කරලා තියෙනවද?
      ඔව්. Microsoft

    6. ඒ Skills improve කරගන්න දායක වුනේ Formal Education ද නැත්නම් Informal Education ද
      Fundamentals -> Formal ,
      Deep knowledge -> Self learned

    7. ඔන්ලයින් ජොබ් එකක් (ෆ්‍රීලෑන්ස්, රිමෝට් ජොබ්ස්) හරි ඔන්ලයින් බිස්නස් (ඊමනි, KPO, BPO) එකක් හරි කරනවා නම් හෝ කලින් කරා නම් ඒක පටන් ගත්තේ කොහොමද?
      ඔව්. රිමෝට් කන්සල්ටන්සි කරනවා.

    8. ඒ ආදායම් මාර්ගයෙන් දැනට උපයන මාසික ආදයම කීයද?
      :)

    9. කොවිඩ් වලින් මොනවා හරි නෙගටිව් හෝ පොසිටිව් බලපෑමක් වුනාද?
      ඔව්. ටිකක්. consultancy වලට travel කරන්න බෑ.. පොඩ්ඩක් අවුල් ඉතිං :D

    10. දැනට ලබාගත්ත ලොකුම achievement එක මොකක්ද?
      ෆීල්ඩ් එකේ උපයාගත්තු නම.

    11. IT Base වුන රස්සාවක් කරන එක ගැන දැන් මොකද හිතන්නේ?
      සුපිරිම satisfied.

    12. Wife ඔබ කරන රැකියාවට සපොර්ටිව් ද?
      වයිප් කෙනෙන් නෑ :D

    13. Financial Freedom කියන ස්ටේටස් එකේ ඉන්නවා කියලා කියන්න පුළුවන් තැනට එන්න පුළුවන් වුනාද?
      අනිවා ඩෙපා

    14. ජොබ් එකට හෝ බිස්නස් එකට මෑත කාලයේදි ඇති වූ හෝ ඉදිරියේදි ඇති විය හැකි අභියෝග හෝ වෙනස්කම් මොනවාද?
      හැමදාම technology අලුත් වෙනවා. ඒ නිසා පරණ technology වල එල්ලිලා හිටියොත් ඉවරයි. අනිත් එක data privacy පැත්ත (මගේ ආහාරය data නිසා ඉතිං මේක හෙනම වැදගත්) . ඔන්න ඔව්ව තමයි මට පේන අභියෝග.
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    1. IT Field එකට එන්ටර් වුනේ කොහොමද?
      මුලින්ම හම්බවුනු කොම්පියුටර් එකෙන් (1997 වල වගේ windows 3.1) :rofl:

    2. මොනවද ඉස්සෙල්ලම කරන්න පටන් ගත්තේ?
      ගේම් ගහන එක තමයි :P

    3. දැනට Expertise වෙලා ඉන්න Skills මොනවද?
      ගොඩක් දේවල් පොඩ්ඩ පොඩ්ඩ දන්නවා (Networking / Security / HR Management)

    4. Improve කරගන්න හිතන් ඉන්න Skills මොනවද? Information Security expertise

    5. Intern හෝ Trainee කෙනෙක් විදියට වැඩ කරලා තියෙනවද? ඒ කොහෙද? නැත

    6. ඒ Skills improve කරගන්න දායක වුනේ Formal Education ද නැත්නම් Informal Education ද - Formal + Informal

    7. ඔන්ලයින් ජොබ් එකක් (ෆ්‍රීලෑන්ස්, රිමෝට් ජොබ්ස්) හරි ඔන්ලයින් බිස්නස් (ඊමනි, KPO, BPO) එකක් හරි කරනවා නම් හෝ කලින් කරා නම් ඒක පටන් ගත්තේ කොහොමද? - නැත
    8. ඒ ආදායම් මාර්ගයෙන් දැනට උපයන මාසික ආදයම කීයද? - N/A

    9. කොවිඩ් වලින් මොනවා හරි නෙගටිව් හෝ පොසිටිව් බලපෑමක් වුනාද? - ඔව්. අළුත් solutions වලට යන්න උනා. ඒකනිසා අළුත් විදිහට හිතන්න උනා ඒකෙන් අළුත් දේවල් ඉගෙනගත්තා

    10. දැනට ලබාගත්ත ලොකුම achievement එක මොකක්ද?
      එකක් කියලා නෑ දිනපතා ඉගෙනගන්න සියලුම දේවල්

    11. IT Base වුන රස්සාවක් කරන එක ගැන දැන් මොකද හිතන්නේ?
      පට්ට සැටිස්. මොකද මම කරන්නේ මම කැමති දේ නිසා :)

    12. Wife ඔබ කරන රැකියාවට සපොර්ටිව් ද? තවම ඉපදී නැත :ROFLMAO:

    13. Financial Freedom කියන ස්ටේටස් එකේ ඉන්නවා කියලා කියන්න පුළුවන් තැනට එන්න පුළුවන් වුනාද? එහෙමත් නෑ ඒත් ලොකු අවුලකුත් නෑ මොකද මට නිදහස වටින නිසා

    14. ජොබ් එකට හෝ බිස්නස් එකට මෑත කාලයේදි ඇති වූ හෝ ඉදිරියේදි ඇති විය හැකි අභියෝග හෝ වෙනස්කම් මොනවාද?
      ලංකාවේ security සයිඩ් එක ඉස්සරහට සැහෙන්න trending වෙයි කියලා හිතනවා :yes:
     

    kush294

    Well-known member
  • Nov 17, 2014
    1,097
    1,203
    113
    Colombo
    1. IT Field එකට එන්ටර් වුනේ කොහොමද? - SLIIT
    2. මොනවද ඉස්සෙල්ලම කරන්න පටන් ගත්තේ? - Virtusa එකට ගියා Associate Engineer විදියට
    3. දැනට Expertise වෙලා ඉන්න Skills මොනවද? - Linux, MySQL, Java
    4. Improve කරගන්න හිතන් ඉන්න Skills මොනවද? - Web Development
    5. Intern හෝ Trainee කෙනෙක් විදියට වැඩ කරලා තියෙනවද? ඒ කොහෙද? - No
    6. ඒ Skills improve කරගන්න දායක වුනේ Formal Education ද නැත්නම් Informal Education ද - Formal/ Job Experience
    7. ඔන්ලයින් ජොබ් එකක් (ෆ්‍රීලෑන්ස්, රිමෝට් ජොබ්ස්) හරි ඔන්ලයින් බිස්නස් (ඊමනි, KPO, BPO) එකක් හරි කරනවා නම් හෝ කලින් කරා නම් ඒක පටන් ගත්තේ කොහොමද? - Crypto ක‍රා එත් අවුරුදු 3 කට උඩින් Car එක ගන්න 1m විතර කෑෂ් out කරා.. ආපහු කරේ නෑ එක එක ප්‍රශ්න ඇවිත් ..ජිවිතේ කරපු මෝඩම වැඩේ
    8. ඒ ආදායම් මාර්ගයෙන් දැනට උපයන මාසික ආදයම කීයද? - ජොබ් එකෙන් 200000 වගේ
    9. කොවිඩ් වලින් මොනවා හරි නෙගටිව් හෝ පොසිටිව් බලපෑමක් වුනාද? - Positive, All fuel costs are saved now
    10. දැනට ලබාගත්ත ලොකුම achievement එක මොකක්ද? - Getting the current job as a Senior Tech Support engineer
    11. IT Base වුන රස්සාවක් කරන එක ගැන දැන් මොකද හිතන්නේ? - Its what I like
    12. Wife ඔබ කරන රැකියාවට සපොර්ටිව් ද? - Yes
    13. Financial Freedom කියන ස්ටේටස් එකේ ඉන්නවා කියලා කියන්න පුළුවන් තැනට එන්න පුළුවන් වුනාද? - yes
    14. ජොබ් එකට හෝ බිස්නස් එකට මෑත කාලයේදි ඇති වූ හෝ ඉදිරියේදි ඇති විය හැකි අභියෝග හෝ වෙනස්කම් මොනවාද? -Nothing comes to mind
     

    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    පැය 24 ම අනුර කුමාරට ඔන්ලයින් කඩේ යන එක IT කියලා දැන ගත්තේ අද 🤩🤩🤩🇱🇰
    මේ කුණුහරුප පලන එකෙක් නේ IT ගැන කථා කරන්න යන්නේ 🤭🤭🤭
    අඩේ පට්ට කොමෙන්ටුව ...
     
    • Dislike
    Reactions: jennt and pcud

    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    535
    586
    93
    අලුතෙන්ම වෙන field( management ) එකෙන් IT වලට එන්න හිතන කෙනෙක්ට මොනාද හොඳ path එකක් මචංලා..... මට මෙලෝ දැනුමක් නෑ IT programming, ආසාව විතරයි තියෙන්නේ .... මම බැලුවේ data science පැත්ත enter වෙන්නේ කොහොමද skill eka develop කරගන්න ...පොඩි advice එකක් දෙන්න පුලුවන්ද.....? Thanks.
     

    Raskolnikov

    Active member
  • Oct 29, 2019
    183
    166
    43
    IT Field එකට එන්ටර් වුනේ කොහොමද?

    තාම ඒන්ටර් වුනේ නැහැ . 10 වසරේදි කොම්පියුටර් කොස් ඒකක් කරන්න හම්බවුනා ඒ් කියන්නෙ 1999දී ඒ්ක කම්පියුටර් ඒකට ළමයි 5 ඒ් කාලේ ඒකෙන් පස්සෙ මේකට පුදුම ආසාවක් අවා ඒ්ත් කලේ ගිණුම්කරණය ඒ් ලේවල් ඒ් ඒ බී ඉසෙඩ් මදී ඒ්ක නිසා චාටඩ් ඒකවුන්ට් කළා (බාගෙට )ස්ලිට් යන්න බැලුවා ඒ් දවස් වල අපිට ඒච්චර සල්ලි නෑ ඒ් නිසා දිගටම ගිණුම්කරණය කළා ඒ්ත් බාගෙට ගිය අවුරැද්දෙ හිතුවා ඩේටා සයන්ස් කරන්න ඒ්නිසා පයිතන් ඉගෙන ගත්තා දැන් මාස්ටර් ඒකක් කරනවා අයි ටි වලින් මැෂින් බිග් ඩේටා මට ඩිග්‍රියක් තියෙනාවා ගිනුම්කරණය සම්බන්ඨයෙන් ප්‍රයිවට් .

    මොනවද ඉස්සෙල්ලම කරන්න පටන් ගත්තේ?

    මිට අවු ගානකට විජය ඒක බලලා HTML JAVA ඉගෙන ගන්න ගියා නමුත් බැරි වුනා දැන්නම් පයිතන් බේසික් ( මේවාට අපිට හෙල්ප් ඔ්නේ දැන් වයස 37 වෙලා)

    දැනට Expertise වෙලා ඉන්න Skills මොනවද?

    VBA Excel ගොඩක් ඔෆිස් වැඩ ඔටෝ මේට් කළා ( ගොඩක් දන්නෙ නැහැ ඒඩිටින් කොඩ් ඇන්ඩ් ඒ්ක්පිරිමන්ට්)

    Improve කරගන්න හිතන් ඉන්න Skills මොනවද?

    පයිතන් නම්පයි ඔෆිසි වැඩ ඔටෝමේට් කරන්න ආස ටුල්ස් මැශින් ලර්නින්

    Intern හෝ Trainee කෙනෙක් විදියට වැඩ කරලා තියෙනවද? ඒ කොහෙද?

    අයි ටි නැහැ ( පාට් ටයිම් කරන්න ආසයි වැඩ ඉගෙනගන්න- පඩි රහිත හෝ)

    ඒ Skills improve කරගන්න දායක වුනේ Formal Education ද නැත්නම් Informal Education ද

    දෙකම

    ඔන්ලයින් ජොබ් එකක් (ෆ්‍රීලෑන්ස්, රිමෝට් ජොබ්ස්) හරි ඔන්ලයින් බිස්නස් (ඊමනි, KPO, BPO) එකක් හරි කරනවා නම් හෝ කලින් කරා නම් ඒක පටන් ගත්තේ කොහොමද?

    නැහැ

    ඒ ආදායම් මාර්ගයෙන් දැනට උපයන මාසික ආදයම කීයද?

    නැහැ

    කොවිඩ් වලින් මොනවා හරි නෙගටිව් හෝ පොසිටිව් බලපෑමක් වුනාද?

    නැහැ

    දැනට ලබාගත්ත ලොකුම achievement එක මොකක්ද?

    2 ගෙයක් හැදුවා කාර් ඒකක් ගත්තා බැන්දා

    IT Base වුන රස්සාවක් කරන එක ගැන දැන් මොකද හිතන්නේ?

    තාමා නැහැ ඩ්‍රිම් ඒකක්

    Wife ඔබ කරන රැකියාවට සපොර්ටිව් ද?

    නැහැ ඒ්යාට තෙරෙන්නෙ නැහැ හැම වෙලේම අදොනාව ලැප් ඒක ලග කියලා

    Financial Freedom කියන ස්ටේටස් එකේ ඉන්නවා කියලා කියන්න පුළුවන් තැනට එන්න පුළුවන් වුනාද?

    තාම ලොන් තියෙනවා ගෙවන්න



    ජොබ් එකට හෝ බිස්නස් එකට මෑත කාලයේදි ඇති වූ හෝ ඉදිරියේදි ඇති විය හැකි අභියෝග හෝ වෙනස්කම් මොනවාද?

    ගොඩක් ජොබ් ඒ් අයි වලිනි් රිපේලෙස් ඉඩ තියෙනවා ඩේටා සයන්ස් මැෂින් ලර්නින් හොද කල දසාවක් යැයි කියලා හිතනවා
    🙂
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,413
    113
    Kaduwela
    අලුතෙන්ම වෙන field( management ) එකෙන් IT වලට එන්න හිතන කෙනෙක්ට මොනාද හොඳ path එකක් මචංලා..... මට මෙලෝ දැනුමක් නෑ IT programming, ආසාව විතරයි තියෙන්නේ .... මම බැලුවේ data science පැත්ත enter වෙන්නේ කොහොමද skill eka develop කරගන්න ...පොඩි advice එකක් දෙන්න පුලුවන්ද.....? Thanks.
    Data Science වලට එන්න හිතන් ඉන්නවා නම් Python සහ R ඉගෙන ගන්න. ඒ වගේම සංඛ්‍යානය ඉගෙන ගන්න ඇප්ලයිඩ් සයන්ස් ෆස්ට් & සෙකන්ඩ් ඉයර්ස් වලට උගන්නනවට වඩා. SQL ලුත් ඕනි වෙයි.

    මෙන්න මේ කෝස් එක කරන්න. https://www.coursera.org/lecture/what-is-datascience/fundamentals-of-data-science-tPgFU
     

    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    535
    586
    93
    Data Science වලට එන්න හිතන් ඉන්නවා නම් Python සහ R ඉගෙන ගන්න. ඒ වගේම සංඛ්‍යානය ඉගෙන ගන්න ඇප්ලයිඩ් සයන්ස් ෆස්ට් & සෙකන්ඩ් ඉයර්ස් වලට උගන්නනවට වඩා. SQL ලුත් ඕනි වෙයි.

    මෙන්න මේ කෝස් එක කරන්න. https://www.coursera.org/lecture/what-is-datascience/fundamentals-of-data-science-tPgFU
    Thanks මචං ලොකු උදව්වක්...... මම බලන්නම්..
     

    Thilaksha Ashen

    Junior member
  • Aug 10, 2018
    53
    48
    18
    කිරිය පොලිටිකල් ත්‍රෙඩ් වලින්, කොරෝනා ත්‍රෙඩ් වැහිලා තියෙන වෙලාවක උබලා අපි ගැන කතා කරන්න කියලා හිතුවා. :yes:
    උබල ගිය පාත් එකේ යන්න අලුත් එවුන් ඉන්නවා නම් උන්ට වැදගත් වෙයිනේ.
    පල්ලෙහා Questionnaire එකෙන් ගොඩක් දේවල් කවර් වෙයි කියලා හිතනවා.
    උත්තර දෙන්න කැමති නැති ප්‍රශ්න ස්කිප් කරන්න පුළුවන්. :P


    1. IT Field එකට එන්ටර් වුනේ කොහොමද?
    2. මොනවද ඉස්සෙල්ලම කරන්න පටන් ගත්තේ?
    3. දැනට Expertise වෙලා ඉන්න Skills මොනවද?
    4. Improve කරගන්න හිතන් ඉන්න Skills මොනවද?
    5. Intern හෝ Trainee කෙනෙක් විදියට වැඩ කරලා තියෙනවද? ඒ කොහෙද?
    6. ඒ Skills improve කරගන්න දායක වුනේ Formal Education ද නැත්නම් Informal Education ද
    7. ඔන්ලයින් ජොබ් එකක් (ෆ්‍රීලෑන්ස්, රිමෝට් ජොබ්ස්) හරි ඔන්ලයින් බිස්නස් (ඊමනි, KPO, BPO) එකක් හරි කරනවා නම් හෝ කලින් කරා නම් ඒක පටන් ගත්තේ කොහොමද?
    8. ඒ ආදායම් මාර්ගයෙන් දැනට උපයන මාසික ආදයම කීයද?
    9. කොවිඩ් වලින් මොනවා හරි නෙගටිව් හෝ පොසිටිව් බලපෑමක් වුනාද?
    10. දැනට ලබාගත්ත ලොකුම achievement එක මොකක්ද?
    11. IT Base වුන රස්සාවක් කරන එක ගැන දැන් මොකද හිතන්නේ?
    12. Wife ඔබ කරන රැකියාවට සපොර්ටිව් ද?
    13. Financial Freedom කියන ස්ටේටස් එකේ ඉන්නවා කියලා කියන්න පුළුවන් තැනට එන්න පුළුවන් වුනාද?
    14. ජොබ් එකට හෝ බිස්නස් එකට මෑත කාලයේදි ඇති වූ හෝ ඉදිරියේදි ඇති විය හැකි අභියෝග හෝ වෙනස්කම් මොනවාද?

    ඔන්න මං ම ඉස්සෙල්ලා පටන් ගන්නම්.

    • IT Field එකට එන්ටර් වුනේ කොහොමද?
    • Formal විදියට IT ඉගෙනගත්තේ නෑ. තාත්තගේ වැඩ වලට උදව් වෙන්න ඕනි නිසා රස්සාවක් කරන්න උවමනාවක් තිබ්බේ නෑ. තිබ්බ පොඩි පොඩි Institute වලින් Fundamentals හදාගත්තා. WinSys Academy කියල එකකින් ඩිප් එකක් කරා. දැන් එක නැද්ද කොහෙද. Aquinas එකේ කෝස් එකක් පටන්ගෙන දමලා ගහලා ආවා. ඒ කාලේ දැන් වගේ Resources තිබ්බේ නෑ. ඊට පස්සෙ දිගටම Self Taught.

    • මොනවද ඉස්සෙල්ලම කරන්න පටන් ගත්තේ?
    • ඉස්සෙල්ලම කරේ මාකට් කරන්න පුළුවන් ස්කිල්ස් මොනවද කියලා අදුරගත්ත එක. ජොබ් එකක් කරන්න කියලා ගෙදරින් පුෂ් එකක් තිබ්බේ නැති වුනත් තමන්ගෙම කියලා බිස්නස් එකක් පටන් ගන්න ඕනි කම තිබ්බා.

    • දැනට Expertise වෙලා ඉන්න Skills මොනවද?
    • Expertise කියන්න බෑ මොකද ඩේලි අලුත් දේවල් ඉගෙන ගන්නවා. දැනට UI/UX, PHP, AMP, Python. කිරිබතුයි දොදොල් කෑලියි වගේ :P

    • Improve කරගන්න හිතන් ඉන්න Skills මොනවද?
    • Digital Forensics, Keras, BC Development. තව වැඩිවෙන්න පුළුවන් මොකද මාස 18කට සැරයක් අලුතින් දේවල් ඉගෙන ගන්න ඕනි.

    • Intern හෝ Trainee කෙනෙක් විදියට වැඩ කරලා තියෙනවද? ඒ කොහෙද?
    • නැත

    • ඒ Skills improve කරගන්න දායක වුනේ Formal Education ද නැත්නම් Informal Education ද
    • ලොවෙත් Informal තමයි. කම්පියුටර් එකයි නෙට් කනෙක්ෂන් එකයි තියෙනවා නම් දැන් ඕනි දෙයක් ඉගෙන ගන්න පුළුවන්. YouTube, Blogs සහ Failures තමා.

    • ඔන්ලයින් ජොබ් එකක් (ෆ්‍රීලෑන්ස්, රිමෝට් ජොබ්ස්) හරි ඔන්ලයින් බිස්නස් (ඊමනි, KPO, BPO) එකක් හරි කරනවා නම් හෝ කලින් කරා නම් ඒක පටන් ගත්තේ කොහොමද?
    • ඉස්සෙල්ලම Freelance කරේ. DOTA ගගහ හිටපු කාලේ යාලුවෙක් බ්ලොග් එකක් එව්වා බලපන් කියලා. එක කියවලා ආතල් එකට පටන් ගත්තා. iPlus වගේ නමක් තිබ්බේ. Odesk & Clickbank තමයි පටන්ගත්තේ. පස්සෙ සයිට් එකක් ගහලා ක්ලයන්ට්ස්ලා එලියට ගත්තා. පස්සෙ දන්නෙම නැතුව ඒක බිස්නස් එකක් බවට පත් වුනා. සපෝටිව් කොල්ලෝ ටිකක් හිටපු නිසා ගොඩ යන්න පුළුවන් වුනා. Freelance >> BPO විදියට කන්වර්ට් වෙලා දන්නෙම නැතුව.

    • ඒ ආදායම් මාර්ගයෙන් දැනට උපයන මාසික ආදයම කීයද?
    • දැනට Freelancing සම්පූර්නෙන්ම නවත්තලා තියෙන්නේ. Crypto වල යම් ප්‍රමාණයක් Invest කරලා තියෙනවා. කලින් හදපු Assets, Sites, මං AD ඉන්න SMB එකෙන්, Shares වලින් Around 1M - 1.5M ගානක් එනවා. පීක්ම මාස වල 2M පනිනවා.

    • කොවිඩ් වලින් මොනවා හරි නෙගටිව් හෝ පොසිටිව් බලපෑමක් වුනාද?
    • ඔව් අලුත් දේවල් ඉගෙනගන්න ලැබුනා. Spiritual Success එක හොයාගෙන යන්න පාත් එකක් වැටුනා. SMB එක 45% විතර Cutoff එකක් ආවා.

    • දැනට ලබාගත්ත ලොකුම Achievement එක මොකක්ද?
    • Materialistic විදියට ගත්තොත් ගොඩක් දේවල් තනියෙම කරගත්තා. ගෙවල් වාහන ඉඩම් වගේ දේවල්. Brick n Mortar බිස්නස් එකක් පටන් ගන්න පුළුවන් වුනා. තාත්තගේ බිස්නස් එක Digitalize කරන්න පුළුවන් වුනා. කොවිඩ් ආපු නිසා ඒක මාර පොසිටිව් ඉම්පැක්ට් එකක් වුනා. තව CSR Projects කිහිපයකට දායක වෙන්න පුළුවන් වුනා.

    • IT Base වුන රස්සාවක් කරන එක ගැන දැන් මොකද හිතන්නේ?
    • අනිත් මිනිස්සුත් එක්ක එක්ක කම්පෙයාර් කරන්න යන්නේ නෑ මොකද එයාලා ඉන්නේ එයාලගේ ටයිම් සෝන් ඇතුලේ. දැන් හිතෙනවා මේ ෆීල්ඩ් එකෙන්ම ගොඩ යන්න පුළුවන් වුන එක හොදයි කියලා මොකද career change එකක් කරන්න හිතේ කොනකවත් අදහසක් නෑ.

    • Wife ඔබ කරන රැකියාවට සපොර්ටිව් ද?
    • ඔව් එයත් SMB එකේ වැඩ වලට උදව් කරනවා. Accounting පැත්ත සම්පූර්ණෙන්ම හැන්ඩ්ල් කරනවා.

    • Financial Freedom කියන ස්ටේටස් එකේ ඉන්නවා කියලා කියන්න පුළුවන් තැනට එන්න පුළුවන් වුනාද?
    • ඔව්

    • ජොබ් එකට හෝ බිස්නස් එකට මෑත කාලයේදි ඇති වූ හෝ ඉදිරියේදි ඇති විය හැකි අභියෝග හෝ වෙනස්කම් මොනවාද?
    • කොවිඩ් තමයි SMB & Family Business එකට ඩැමේජ් කරන්න ප්‍රධාන හේතුව. ඒත් ලොකු අවුලක් නෑ. WFH නිසා 100% Effective නැති පාටක් පේන්න තියෙනවා. ගොඩක් වෙලාවට තව Brick n Mortar බිස්නස් ටිකක් පටන් ගනියි.

    යකෝ දන්නෙම නැතුව ඉන්ටවිව් එකක් වගේ වෙලානේ :eek: උබලත් පුළුවන් විදියට උත්තර දෙමු.:yes:

    Credits go to @Kolama for inspiration and support.
    අයියෙ මම නම් තාම ඉගෙන ගන්නව.chemistry degree එකක් කරන්නෙ.හැබැයි ලොකු උණක් තියෙනව මගේ ම දෙයක් පටන්ගන්න.මං හිතුවෙ IT field එකෙන් ඒ වගේ දෙයක් පටන් ගන්න.මුලින් ම web ddevelopment කරන්න තමයි හිතන් ඉන්නෙ(wordpress නෙවෙයි).දැනට html ඉගෙන ගන්නව(self taught).මුලින් ම custcustomersla හොයාගන්න,ඉගෙන පාවිච්චි කරන්න පුළුවන් tools,වෙන උපදෙස් මොනව ද තියෙන්නෙ අයිය හිතන විදිහට?