මේ කියන දේ ගැන මොකක්ද හිතෙන්නේ?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,225
    1
    101,060
    113
    34
    Kalutara
    ෆේස්බුක් එකේ ජීනියස් ක්ලබ් එකේ උඩට ආව පරණ පොස්ට් එකක් තමයි මේක. මොකක්ද මේ කියන දේ ගැන හිතෙන්නේ?

    ඔන්න එක්තරා හුදකලා දූපතක තරුණ ගෑණු 50ක් හා පිරිමි 50ක් කොටුවෙනවා.ඔවුන් ගොවිතැනෙන් හා සත්ව පාලනයෙන් ජීවත් වෙනව.
    මේ අතරින් ගෑණු විසිපහක් සහ පිරිමි විසිපහක් විවාහ වෙනව.ජීවිකාව කරන ගමන් ඔවුන් දරුමල්ලො හදාවඩා ගන්නව.ඒ වෙනුවෙන් දුක් විඳිනවා.
    අනෙත් පනස්දෙනා දරුවන් හදන්නෙ නෑ.
    ජිවිකා වෘත්තිය කරන ගමන් ඔවුන් වැඩි වගකීම් වලින් තොර විනෝදකාමී ජීවිතයක් ගෙවනව.
    දරුමල්ලො කරගහන් දුක් විඳින පිරිස දිහා උපහාසයෙන් බලනව.නිදහසේ වටිනාකම ගැන කියල උඩඟු වෙනව.
    ඔන්න කෙමෙන් කෙමෙන් කාලය ගෙවෙනව.දෙමාපිය යුගල 25 ඉතා අසීරුවෙන් ඇති දැඩි කල දරුවො වැඩිහිටියන් වෙනව.දරුවො හදපු නොහදපු දෙගොල්ලොම වයසට යනව.තනියෙන් ජීවිකාව කරගන්න බැරි වෙනව.යැපෙන්නන් බවට පත් වෙනව.
    දූපතේ තරුණ දරුවන්ගෙ ජන ගහනය 30ක් නම් මේ වයසක 100 දෙනා නඩත්තු කිරිමේ වගකීම පැවරෙන්නෙ මේ තිස් දෙනාට.
    තරුණ කාලයේ විනෝදය ,පහසුව වෙනුවෙන් මව් පියන් වීම ප්‍රතික්ශේප කල 50 දෙනා දුක් මහන්සි වී දරු පවුල් පෝශණය කල දෙමාපියන්ගෙ දරුවන්ගෙන් රැකවරණය පැතීම සාධාරණද?
    ඔවුන් අර දරුවන් 30දෙනාට අමතර බරක් නේද?
    ..........
    ලෝකට උනත් මේ කතාව මෙහෙම්ම අදාලයි නේද? වැඩිහිටි ජනගහනයට සාපේක්ශව තරුණ ගහනය පහල යෑමන් සීමිත තරුණ පිරිසකට වැඩි බරක් දරන්න වෙනව නේද?
    තරුණවියේ වගකීම් වෙනුවෙන් දූ දරු වගකීම් පැහැර හරින අයගෙ වගකීම දුක් විඳපු දෙමාපියන්ගෙ දරුවන්ගෙන් යුතු සමාජයෙ කර මතට වැටීම අසාධාරණයි නේද?
    * දැන් ඉතින් අර තරුණ කාලෙ ෆන් ගත්තු සෙට් එකෙන් පිරිසක් කියනව අපි එකතු කරපු සල්ලි තියෙනව ඒව අරගෙන උඹල අපිව බලා ගනින් කියල.
    දැන් මේ තරුණ පිරිස 130 දෙනෙකුට ආහාර ,සෙසු භාන්ඩ නිශ්පාදනය කරන්නත් ඕනෙ.පිරිස රැකබලා ගන්නත් ඕනෙ.
    එතකොට තීරණාත්මක සාධකය වෙන්නෙ මානව සම්පත.
    සල්ලි දුන්න කියල ඒ සම්පත අලුතෙන් උත්පාදනය වීමක් වෙන්නෙ නෑ නේද?සල්ලි කියන්නෙ සම්පතක් නොව සම්පත් වල කෘතිම නියෝජනයක් විතරයිනෙ.
    *අර සෙට් එකෙන්ම පිරිසක් කියනව ඉතින් අපි බදු ගෙවනවනෙ....ඒකෙන් උඹලගෙ දරුවොත් ප්‍රථිලාභ ලැබුවනෙ කියල.
    සරලව මෙච්චරයි.බදු ලමයි ඉන්න දෙමව්පියොත් ගෙවනව.
    අවසාන විග්‍රහයෙදි දරුවො/ශ්‍රමිකයො කියන්නෙ පොදු සමාජ සම්පතක් වෙනව.ඒ සම්පත උත්පාදනයට පුද්ගලිකව කල කැපවීමට අමතරව දෙමව්පියො බදුත් ගෙවනව.
    ෆන් ලවින් සෙට් එක බදු විතරක් ගෙවල අර පොදු සමාජ සම්පතෙන් ප්‍රතිලාභ බලාපොරොත්තු වෙනව.මේක යුක්ති යුක්තද?
    *ඊලඟට ෆන් සෙට් එක ගේන ප්‍රසිද්ධ තර්කයක් තමයි ලමයි ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එකක් නෙවෙයි කියන එක.
    දරුවො ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එකක් නෙවේ නම් අනාගත පරපුරෙන් 100% ක් ස්වායක්තව ජීවත් වෙන්න වැඩිහිටි පරම් පරාවට හැකියාව තියෙන්න ඔනෙ.
    එහෙම වෙනවද?නෑ නේද?
    අවසාන විග්‍රහයෙදි වැඩිහිටි පරම්පරාව තරුණ පරම්පරාවෙ යැපෙන්නො බවට පත් වෙනව.
    දරුවො ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එකක් නෙවේ කියන අය අවසානෙදි කරන්නෙ අනුන්ගෙ ආයෝජනයකින් ප්‍රථිලාභ ලබන එක.
    *ඊලඟට.. මානව සම්පත ,ආදරය,කරුණාව,රැකබලා ගැනීම රීප්ලේස් කරන්න තවම ලෝකෙ කිසිම තාක්ශණික විකල්පයක් නෑ.ඒ වගේම වයසට යෑම නවත්තන්නත්.
    ඒ නිසා අපි වයසට ගියාම රොබෝලා අපිව බලාගනී වගේ කතා අතාර්කිකයි.එහෙම නම් දැන් ඉඳලම එහෙම රොබෝ කෙනෙක් හදන්න පටන් ගන්න.
    ඊලඟට කියන කතාව.ලෝකෙ දැනටමත් ජනගහනය වැඩි වෙනව,සම්පත් හීන වෙනව කියන එක.ඒ කතාව ඇත්ත.හැබැයි විකල්පය රැල්ලට දරුවන් නොහැදීම නෙවෙයි.ඒකෙන් වෙන්නෙ ඈත තියෙන අර්බුධයක් ලඟට ගෙන්න ගැනීම.ඒ වැඩිහිටි ජන ගහණය ඉහල යාම සහ යැපෙන්නන් වැඩි වීම.
    දැනට ජපානයෙ ඔය තත්වය ඇති වෙමින් යනව.ඔවුන් ශ්‍රමික අඩුව පියවගන්නෙ විගමනික ශ්‍රමිකයන්ගෙන්.
    නිකමට හිතන්න ලෝකෙ සියලුම මිනිස්සු දරුවො නොහද හිටිය කියල?මොකද වෙන්නෙ?
    මේ මොහොතෙ දරු පවුල් වල වගකීම් ගන්න අකමැතිමකට කිසියම් කෙනෙක් දරුවො නොහද ඉන්නවනම් ඔහු අනාගතයෙ දවසක ඔබේ දරුවට,දරුවගෙන් සමන්විත සමාජයට ඇණයක් වෙනව නියත වශයෙන්ම.මේ කියන්නෙ විවාහ වෙන්න බැරි උනු හෝ දරුවන් නොමැති අය ගැන නෙවෙයි.සිතා මතා,සතුට වෙනුවෙන් දරුවො නොහද ඉන්න අය ගැන.හිතා මතා ඇණයක් වෙන්න හදන අය ගැන.

     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,925
    28,844
    113
    @Emios after reading this :lol:



    giphy.gif
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ඕකෙ දෙපැත්තක් තියෙනව.
    දූපතේ හිටපු සිය දෙනාම ළමයි හැදුවොත්,
    මුලු අවම ජනගහනය වෙන 150 දෙනාම යැපෙන්න දූපතේ සම්පත් ඇතිවෙයිද, කියලත් බලන්න වෙනව.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,925
    28,844
    113
    ඕකෙ දෙපැත්තක් තියෙනව.
    දූපතේ හිටපු සිය දෙනාම ළමයි හැදුවොත්,
    මුලු ජනගහනය වෙන 150 දෙනාම යැපෙන්න දූපතේ සම්පත් ඇතිවෙයිද, කියලත් බලන්න වෙනව.
    Balance is the key
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    ලෝකේ කියන්නේ එක හුදෙකලා දූපතක් නෙවෙයිනෙ. මේ කතාව දියුණු වුණ රටකට ගැලපෙන්න පුලුවන්. ඒත් ලංකාව වගේ රටවල්වල ළමයි හදන්න පුලුවන් කියලා ලෝකෙට පෙන්නන්න, රැල්ලට ළමයි හදන අයගෙන් කී දෙනෙක්ට ඒ ළමයිට හරියට හොඳ ළමා කාලයක්වත් දෙන්න පුලුවන් වත්කම් තියේද. හරි මග පෙන්වීමක් නැතුව ජීවිත කීයක් නාස්ති වෙනවද. බලු පැටව් හදනවා වගේ ළමයි රොත්තක් හදනවාට වඩා හදන එක්කෙනා හරි දෙන්නා හරි හරියට හදන එකයි වටින්නෙ. ළමයි හදන්න අකමැති අයටත් පුලුවන් ළමයි හදලා නඩත්තු කරගන්න අමාරු අයට උදව් කරන්න. තමන්ගේ පරපුර කියන තේරුමක් නැති දෙයක් රකින්න හිතනවා වෙනුවට මිනිස් පරපුර ගැන හිතන්න පුලුවන්නම් අනුන්ගේ දරුවෙක් වුණත් තමන්ගේ වගේ හිතලා සලකන්න පුලුවන්.
    බලු පැටව් වගේ හැදුන ළමයි කීයක් අද සමාජෙට ඇණයක් වෙලා තියෙනවද
    හදපු ළමයින්ගෙන් කී දෙනෙක් දෙමව්පියන්ව වයසට යද්දි ඇතැරලා දානවද, ඒ අයත් යැපෙන්නන් වෙනවනේ.

    ළමයි හදන නොහදන එක තමන්ගේ කැමැත්ත. හදන්නන්වාලේ ළමයි හදලා ලෝකෙට ඇණ ගොඩක් එකතු කරනවට වඩා තමන්ට අම්මෙක් තාත්තෙක්ගේ වගකීම ගන්න බැරිනම් එහෙම ළමයි නොහදා ඉන්න එක හොඳයි. හරියට ළමයි හදන්න පුලුවන්නම් ඒ අය කොහොමත් සමාජෙට ලොකු වටිනාකමක්
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    //මේ මොහොතෙ දරු පවුල් වල වගකීම් ගන්න අකමැතිමකට කිසියම් කෙනෙක් දරුවො නොහද ඉන්නවනම් ඔහු අනාගතයෙ දවසක ඔබේ දරුවට,දරුවගෙන් සමන්විත සමාජයට ඇණයක් වෙනව නියත වශයෙන්ම.මේ කියන්නෙ විවාහ වෙන්න බැරි උනු හෝ දරුවන් නොමැති අය ගැන නෙවෙයි.සිතා මතා,සතුට වෙනුවෙන් දරුවො නොහද ඉන්න අය ගැන.හිතා මතා ඇණයක් වෙන්න හදන අය ගැන.//

    මේ කියන දේ ගැන පැහැදිලි කිරීමක් කරන්නම්.

    යම් කෙනෙක් දරුවන් හදන්නේ නැතිනම්, ඒක ඒ පුද්ගලයාගේ කැමැත්ත. ඒකට කිසිවෙකුට චෝදනා කරන්න බැහැ.

    දියුණු රටවල, දරුවන් ලැබීම, හදා වඩා ගැනීම වෙනුවෙන් විශාල මුදලක්, රජය මගින්,දෙමව්පියන්ට ගෙවනවා. උදාහරනෙකට කියනවානම්, ඕස්ට්‍රේලියාවේ ඉපදුන සෑම දරුවෙකුටම ඩොලර් 5000 දරු උපතේදීම ගෙවාපු කාලයක් තිබුනා. දැන් නම් ඒක නැද්ද කොහෙද. නමුත්, තවමත් දෙමව්පියන්ගේ ආදායම අනුව දරුවෙකු වසර 16 හෝ 18 වෙනතුරු රජයෙන් දීමනා ලබා දෙනවා. ඒවා රජයේ මුදල් (Taxpayer's Money) කිව්වාට ඒ බදු මුදල් වලට දරුවන් නැති පුද්ගලයිනුත් දායක වෙනවා. ඒ කියන්නේ, ඔවුන් දරුවන් හදා වඩා ගැනීමේ කරදරයෙන් ගැලවී, ආතල් එකේ ඉන්න, ඉහල බදු මුදලක් ගෙවනවා. ඔවුනට කිසිදාක රජය මගින්, දරුවන් ලැබීම, නඩත්තුව, අධ්‍යාපනය සඳහා දෙන ප්‍රතිලාභ ලැබෙන්නේ නැහැ. ඔවුන්ගේ බදු, දරුවන් සිටින පවුල් වලට වඩා වැඩියි. ඒ නිසා, දරුවන් නොමැතිව ආතල් එකේ ඉන්න තීරණය කල පුද්ගලයන්ටත්, වයසට ගියාම, වෙනත් අයගේ දරුවන්ගෙන් රැකවරණය(මෙතනදී අදහස් කලේ ඒ දරුවන්ගේ බදු ආදායමෙන් යැපීමේ අයිතිය) ලැබීමේ අයිතිය තියනවා.

    නීතියක් හරියකට ක්‍රියාවේ යෙදෙන්නේ නැති, දූෂණයෙන් පිරුන අපේ රට වගේ රටකට නම් මේ පැහැදිලි කිරීම වලංගු නැති වෙයි.
     
    Last edited:

    The Kingslayer

    Well-known member
  • ඕකෙ දෙපැත්තක් තියෙනව.
    දූපතේ හිටපු සිය දෙනාම ළමයි හැදුවොත්,
    මුලු අවම ජනගහනය වෙන 150 දෙනාම යැපෙන්න දූපතේ සම්පත් ඇතිවෙයිද, කියලත් බලන්න වෙනව.
    එළ(y)
    ලෝකේ කියන්නේ එක හුදෙකලා දූපතක් නෙවෙයිනෙ. මේ කතාව දියුණු වුණ රටකට ගැලපෙන්න පුලුවන්. ඒත් ලංකාව වගේ රටවල්වල ළමයි හදන්න පුලුවන් කියලා ලෝකෙට පෙන්නන්න, රැල්ලට ළමයි හදන අයගෙන් කී දෙනෙක්ට ඒ ළමයිට හරියට හොඳ ළමා කාලයක්වත් දෙන්න පුලුවන් වත්කම් තියේද. හරි මග පෙන්වීමක් නැතුව ජීවිත කීයක් නාස්ති වෙනවද. බලු පැටව් හදනවා වගේ ළමයි රොත්තක් හදනවාට වඩා හදන එක්කෙනා හරි දෙන්නා හරි හරියට හදන එකයි වටින්නෙ. ළමයි හදන්න අකමැති අයටත් පුලුවන් ළමයි හදලා නඩත්තු කරගන්න අමාරු අයට උදව් කරන්න. තමන්ගේ පරපුර කියන තේරුමක් නැති දෙයක් රකින්න හිතනවා වෙනුවට මිනිස් පරපුර ගැන හිතන්න පුලුවන්නම් අනුන්ගේ දරුවෙක් වුණත් තමන්ගේ වගේ හිතලා සලකන්න පුලුවන්.
    බලු පැටව් වගේ හැදුන ළමයි කීයක් අද සමාජෙට ඇණයක් වෙලා තියෙනවද
    හදපු ළමයින්ගෙන් කී දෙනෙක් දෙමව්පියන්ව වයසට යද්දි ඇතැරලා දානවද, ඒ අයත් යැපෙන්නන් වෙනවනේ.

    ළමයි හදන නොහදන එක තමන්ගේ කැමැත්ත. හදන්නන්වාලේ ළමයි හදලා ලෝකෙට ඇණ ගොඩක් එකතු කරනවට වඩා තමන්ට අම්මෙක් තාත්තෙක්ගේ වගකීම ගන්න බැරිනම් එහෙම ළමයි නොහදා ඉන්න එක හොඳයි. හරියට ළමයි හදන්න පුලුවන්නම් ඒ අය කොහොමත් සමාජෙට ලොකු වටිනාකමක්
    හොද පිළිතුරක් බ්‍රෝ..