මේ ගැනත් පොඩ්ඩක් හිතපන් !

ashenchanaka

Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    මේ ගැනත් පොඩ්ඩක් හිතපන් !

    නාවිකයෙක් වශයෙන් තමන්ගේ වගකීම අතහැරපු මිනිහෙක් සහ ඌව වරාය ලගටම ගෙනත් දුන්නහම බිමට බා ගන්න එක මහා වීරකම් විදිහට දකින මන්ද බුද්ධික ජාතියක කොටස්කාරයෝ වෙන්න එපා. ඒ නාවිකයගේ ජීවිතය වටින්නේ ඌට සහ උගේ වෘත්තීය ජීවිතේ ගන්න තීරණ වල වගකීම ඌට. ඒ ගැන මට කතා කරන්න අයිතියක් නෑ. මම කියන්නේ ඒ පුද්ගලයාට ලංකාවට එන්න ඕන උනා නම් ඒ වෙනුවෙන් මේ වගේ නරි නාටක නොනටා ඌව ගෙනල්ලා කොරොන්ටයින් දැම්ම නම් ප්‍රශ්ණය ඉවරයි. ඒ වෙනුවෙන් කවි ලියන්න, නිසදැස් ලියන්න ඕන නෑ. අපේ රටේ ත්‍රිවිධ හමුදාව කියන්නේ වගකීම් පැහැර හැරපු කණ්ඩායමක් නෙමෙයි. ඒ නිසා එයාලා කවදාවත් නොදරපු ලොකු වගකීමක් දරාගෙන අරූව බේරගත්තා වගේ මීඩියාකාරයො දගලන්න ඕන නෑ. ඒකෙන් වෙන්නේ "යකෝ මේ එකෙක් නැවකින් බා ගන්න එකත් ලොකු මිෂන් එකක්ද?" කියලා 2000න් පස්සේ ඉපදුන පරම්පරාව "පස්ස පැත්තෙන්" හිනා වෙන්න පටන් ගන්න එක. ඇත්තටම මේවා අනාගත පරම්පරාවට ලෝක විහිලුවක්.

    ඇත්ත ප්‍රශ්ණ ඕවා නෙමේ. දැන් ගම්වල දුප්පත් මිනිස්සු එකා දෙන්නා ගෙවල් ගානේ කන්න බොන්න දෙයක් හොයාගෙන යන තැනට පත්වෙලා. සමහර පවුල් වලට කන්න බොන්න අතේ සල්ලි තිබ්බත් බඩු ලොරි එන්නේ නැති ප්‍රශ්ණ තියනවා. ඇදිරි නීතිය කවදා කොහොම ඉවර වෙයිද කියන සැලසුම් සහගත වැඩපිළිවෙලක් ආණ්ඩුව තාම මිනිස්සුන්ට කියලා නෑ. ළමයින්ට කිරිපිටි, ගෑනු ලමයින්ගේ සනීපාරක්ෂක අවශ්‍යතා සහ වැඩිහිටියන්ගේ අත්‍යාවශ්‍ය බෙහෙත් සැපයීමේ "බැසිල් රාජපක්ෂ ජාත්‍යන්තර මහේෂාඛ්‍ය අනභිබවනීය අග්‍රගණ්‍ය සැලසුම් බලකාය" හදපු වැඩපිළිවෙල ෆේල්. ඒ දේවල් ගැන කතා නොකර චූ කොල්ලෙක්ගේ චූ වැඩවල එල්ලෙන්න තරම් අසරණ වෙන්න එපා.

    ආණ්ඩුව හැම තැනකදිම ෆේල් නෑ. සෞඛ්‍ය සේවය හොද සම්බන්ධීකරණයකින් පවත්වගෙන යන්න ත්‍රිවිධ හමුදාව එක්ක කරන වැඩේ ප්‍රශංසනීයයි. හැබැයි දේශපාලන පක්ෂ යාන්ත්‍රණයකින් බඩු බෙදන්න ගත්ත ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම ෆේල්.

    ආණ්ඩුවේ වගකීම මිනිස්සුන්ට කන්න දෙන එක. බෙහෙත් ටික දෙන එක. කන එක ගැනම හිතන්න එපා කියලා කියන එවුන් අම්මගේ තාත්තගේ ප්‍රෙෂර් පෙති ටික බල්ලන්ට දීලා, ගෙදර බඩු ටික දුප්පත් පවුලකට දීලා පස් කාපල්ලා.

    ඇත්ත ප්‍රශ්ණ ගැන කතා කරලා ඒවා විසදගනිල්ලා. ආණ්ඩුව රෙදි පෙන්නුවහම උඹලා කපලා මහලා අදගන්න එපා. ෆේස්බුක් කියන කොමියුනිකේෂන් ෆ්ලැට්ෆොර්ම් එක ඇතුලේ විහිලු තහලු කරන ගමන් අපි මේ රට හරි දිසාවේ ගෙනියන්න මිනිස්සු විදිහට දායක වෙන්නත් ඕන. එහෙම කියලා ෆුල් සීරියස් වෙන්න ඕනෙත් නෑ. හැබැයි මේ වෙලාවේ දඹුල්ලේ එලවලු විකුණන මිනිස්සු ගැන, මීගමුවේ මාලු අල්ලන මිනිස්සු ගැන, නුවරෑළියේ ගොවියො ගැන, බේත්හේත් නැතුව ඉන්න වයසක දෙමව්පියො ගැන හැදෙන්න ඕන සංවාද චූ කොල්ලන්ගේ චූ වැඩ ගැන කරන සංවාද බවට පත්කරගන්න එපා. දකිනකොට ලැජ්ජයි.
    :dull:
     
    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,306
    364
    83
    38
    Colombo
    ඌ නැවක හිටි පලියට නාවිකයෙක් නෙමෙයි... කේටරින්ග් ස්ටාෆ් එකේ.. අනික කුක්ස් ල අඩුම ගානෙ 200ක් ඇති..

    නැවේ තියෙනව සහතිකයයක්.. සේෆ් මෑනින් කියල.. ඒකෙ ගානට වඩා කට්ටිය සමහර රෑන්ක් වල කොහොමත් ඉන්නව..ඒ වගේ වෙලාවට වැඩිපුර කට්ටිය නන් එසෙන්ෂල් කෲ වෙනව...

    අනික ලංකාවෙන් ඌ බලෙන් පැහර ගත්තෙ නෑනෙ..
     
    • Like
    Reactions: gattaKO

    gattaKO

    Active member
  • Jan 7, 2016
    243
    137
    43
    බුකියේ නැව් පිළිබඳ ආචාර්ය මහාචාර්යවරු පවා පිරෙන්න හිටියට එයාලට මිස් වෙච්ච චූටි චූටි කරුණු ටිකක් තියෙනවා කියන්න..

    ⚓️ මේ නැව තමන් ආපු සංචාරය අවලංගු කරලා.. මඟීන් ටික ගොඩ බස්සන්න තැනක් ඉල්ලලා.. ඕස්ට්‍රේලියාව, සිංගප්පූරුව, මැලේසියාව හෝ ඩුබායි වැනි වරායන් වලින් ඒ ඉල්ලීම් ප්‍රතික්ශේප වෙලා.. යන්න වෙන තැනක් නැතුව දීර්ඝ විවේකයක් ගන්න තමන්ගෙ ගෙදර (ඉතාලිය) යන ගමන් මේ නැව දැන් ඉන්නෙ.. තව දවස් හත අටකින් උපරිම 10කින් තමන්ගෙ ගමනාන්තයට යනවා,,

    ⚓️ ඒ යන්නෙ සෑහෙන්න කාලෙකට ඇන්කර් එකකට හරි ලේඅප් එකකට හරි තමයි.. (මොකද මේ කාලෙ පැසෙන්ජර් ශිප්වලට යන්න පෝට් එකක්වත් හොයන්න බෑ...) ඒ සමඟ නැවේ ඉන්න සංචාරකයො වගේම ටෙක්නිකල් ස්ටාෆ් එකෙත් අවම පිරිසක් හැරුනම ඉතිරි අය තම තමන්ගෙ ගෙවල්වලට යවනවා..

    ⚓️ මේ නැවේ සංචාරකයො සහ නිලධාරීන් අති බහුතරය යුරෝපීය ජාතිකයො.. කෲ එකේ පිලිපීන ඉන්දීය ජාතිකයො තමයි වැඩි.. ඒ ගොල්ලො පිරිස වැඩි නිසා වෙනම ෆලයිට් ඇරේන්ජ් කරලා හරි ඒ පිරිස යවන එක උනත් ඒ සමාගමට පාඩු නෑ නැවේ තියා ගෙන වැඩ නැතිව පඩි ගෙවනවට වඩා.. මොනවත්ම කරන්න බැරි උනොත් කරන්නෙ නැවේ තියා ගන්න එක.. කොච්චර කාලෙකටද,,?? උන්ට තියෙන අවධානම..?? දෙයියො තමයි දන්නෙ..

    ⚓️ ඔය අතරට තමයි අපේ කථානායකයා වෙන ඒ නැවේ චෙෆ් කෙනෙක් වෙච්ච නැවේ ඉන්න එකම ශ්‍රී ලාංකිකයා සෙට් වෙන්නෙ.. මේ විදිහට ඉතාලියට ගියා නම් ඌත් අනාථ වෙනවා.. උගේ කම්පැණියටත් ප්‍රශ්ණයක් වෙනවා.. උගේ කම්පැණියට ඌව ප්‍රශ්ණයක් වෙන්න හේතුව තමයි සාමාන්‍යයෙන් ඕනැම නැව්කාරයෙක් නැවට ජොයින් වෙන්න උගේ ගෙදරින් පිටවුන වෙලාවෙ ඉදන් හෝ ගුවන් තොටුපලෙන් පිටවෙන වෙලාවෙ ඉදන්, කන්ට්‍රෑක්ට් එක ඉවර කරලා මව්රටේ ගුවන් තොටුපලෙන් ඇතුළු වෙනකල් හෝ නැවත නිවසට එනකල් ඔහු ගැන වගකීම තියෙන්නෙ කම්පැණියට.. සියළු වියදම් ආරක්ෂාව රක්ෂණය ඇතුළු සියළු දේට වගකීම තියෙන්නෙ කම්පැණියට.. එතකොට පැහැදිළියි නේ ඇයි අපේ මනුස්සයාව ඉතාලි ගෙනියන එකේ ලොකුම ප්‍රශ්ණෙ එන්නෙ අදාල කම්පැණියටෙයි කියන එක..

    ⚓️ ඔහොම තත්වයක් තියෙද්දි තමයි නැව ලංකාවට එන්නෙ.. එතනදි මේ මනුස්සයාව බස්ස ගන්න පුළුවන් නම් ඌටත් හොඳයි.. කම්පැණියටත් හොඳයි.. නමුත් ඒකට අවශ්‍යතා 2ක් තෘප්ත වෙන්න ඕනැ .

    1) අදාල පුද්ගලයා නිල වශයෙන් නීත්‍යාණුකූලව නැවෙන් නිදහස් කරන්න ඕනැ..
    2) ලංකාවෙන් මිනිහව භාර ගන්න කැමති වෙන්න ඕනැ..

    නැවේ කපිතාන් කම්පැණියෙ නියෝජිතයා හින්දා සහ කම්පැණියටත් මේ වැඩේ වාසි නිසා පළවෙනි අවශ්‍යතාවය ගේමක් නැතුවම හරි..

    ⚓️ ලොකුම ප්‍රශ්ණෙ තිබුනෙ අංක 2.. අර මනුස්සයා නැවේ ඉදං ''අනේ ජනාධිපතිතුමනි.. අගමැතිතුමනි.. මට උදව් කරන්න..'' කියලා ආයාචනා කරන්න හේතුව ඒකයි.. නැතුව අපේ ජනාධිපතිට කියලා කැප්ටන්ට කථා කරවලා Sign off එක ගන්න හිතං මොංගල් ආයාචනයක් නෙවි ඒ කරේ..

    ⚓️ ඊයෙ හවස වෙනකොටත් ඔහුව ලංකාවට බාර ගනීද නැද්ද කියන එක ගැන තිබුනෙ දෙගිඩියාවක්.. මොකද දැනට ක්‍රියාත්මක රෙගුලාසි යටතේ කාටවත් නැව් වලින් බහින්න බෑ සාමාන්‍ය ක්‍රමයට.. කොළඹ වරායෙ දැනට තියෙන ලංකා නැව් සංස්ථාවෙ නෞකාවක ඉන්න කැඩෙට්ලා පිරිසක් නැවේ හිර වෙලා ඉන්නවා බැහැ ගන්න බැරුව.. විශේෂ තත්ව යටතේ හෝ Sign Off ගන්න අමාත්‍යංශය, වරාය අධිකාරිය, ආගමන විගමන දෙපාර්තමෙන්තුව, නාවික හමුදාව, කොරෝනා මර්ධන කමිටුව, වරාය සෞඛ්‍ය කොට්ඨාශය වගේ තැන් තොගයක් තියෙනවා මේ වෙලාවෙ අනුමැතිය ගන්න ඕනැ කරන.. ඒකයි ඔය දෙවනි අවශ්‍යතාව සම්පූරණ කර ගන්න වැඩේ එක්තරා මෙහෙයුමක් උනේ.. ඊයෙ අමාත්‍යංශ ලේකම්වරයෙකු පවා පෙන්වලා දුන්නෙ ටෙක්නිකලි මේක ලෙහෙසි වැඩක් නොවෙන බව.. හැබැයි කෙසේ හෝ මාර්ග කිහිපයකින්ම මේ ගැන ජනාධිපතිව දැණුවත් කරන්න අවස්ථාව ලැබුනා.. ලොකුම තැන එහෙම දැණුවත් උනාම තමයි පොඩි තැන්වලට තනිව කරන්න බැරි අමාරු වැඩේ ලේසි උනේ.. කොටින්ම වැඩේ කෙරුණෙ..

    ⚓️ ලංකාවෙ පාදඩම කාළකණ්නි පිරිසගෙ ලොකුම ඉත්තෑවා වෙලා ඉන්න, ඔය අවසානයට නම ආපු රටේ ලොකුම තනතුර දරන මනුස්සයා පුංචි මිනිහෙකුගෙ අවශ්‍යතාවය අහලා ඒකත් ක්ශණිව කරලා දීපු එකේ ඇරියස් එක තමයි හරියට ඔය නැවක් ඇහැටවත් දැකලා නැති වටපඩයො පවා අර අහිංසකයට නිවටයයි, රටේ නැව් කර්මාන්තයම කාපු අපතයයි, බය ගුල්ලයි ගගා රටේ නැති බලු කථා කිය කිය අපහාස කරන්නෙ..

    දෙපා සුනඛයන්ගෙ බිරුම් මැද්දෙ හරි අපේ නාවිකයා ගොඩ බැස්සා.. හැමදේම ලස්සනට උනා.. වැඩේ කෙරුනා.. ඒ හොඳටම ඇති..

    පුංචි මිනිහෙකුගෙ හඬටත් කන් දෙන, උගේ දුකත් තේරෙන, ඒකටත් වෙලාවක් යොදන ජනාධිපති කෙනෙක් රටේ ඉන්නවා කියලා අර වටපඩයන්ගෙ හෘද සාක්ෂියට දැනෙන එක තමයි රෙදි ගලවං උන්ගෙ ඉත්තෑවො එළියට පනින්න ප්‍රධාන හේතුව.. ඒකට අර ඉතා සාධාරණව සහ නීත්‍යාණුකූලව නැවෙන් බැහැලා මරු කටකින් ගැලවිච්ච අහිංසකයා පලි නෑ..🙂

    copied
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK

    Thread close.
     
    • Like
    Reactions: nerid_n