මේ ගැනත් පොඩ්ඩක් හිතපන් !
නාවිකයෙක් වශයෙන් තමන්ගේ වගකීම අතහැරපු මිනිහෙක් සහ ඌව වරාය ලගටම ගෙනත් දුන්නහම බිමට බා ගන්න එක මහා වීරකම් විදිහට දකින මන්ද බුද්ධික ජාතියක කොටස්කාරයෝ වෙන්න එපා. ඒ නාවිකයගේ ජීවිතය වටින්නේ ඌට සහ උගේ වෘත්තීය ජීවිතේ ගන්න තීරණ වල වගකීම ඌට. ඒ ගැන මට කතා කරන්න අයිතියක් නෑ. මම කියන්නේ ඒ පුද්ගලයාට ලංකාවට එන්න ඕන උනා නම් ඒ වෙනුවෙන් මේ වගේ නරි නාටක නොනටා ඌව ගෙනල්ලා කොරොන්ටයින් දැම්ම නම් ප්‍රශ්ණය ඉවරයි. ඒ වෙනුවෙන් කවි ලියන්න, නිසදැස් ලියන්න ඕන නෑ. අපේ රටේ ත්‍රිවිධ හමුදාව කියන්නේ වගකීම් පැහැර හැරපු කණ්ඩායමක් නෙමෙයි. ඒ නිසා එයාලා කවදාවත් නොදරපු ලොකු වගකීමක් දරාගෙන අරූව බේරගත්තා වගේ මීඩියාකාරයො දගලන්න ඕන නෑ. ඒකෙන් වෙන්නේ "යකෝ මේ එකෙක් නැවකින් බා ගන්න එකත් ලොකු මිෂන් එකක්ද?" කියලා 2000න් පස්සේ ඉපදුන පරම්පරාව "පස්ස පැත්තෙන්" හිනා වෙන්න පටන් ගන්න එක. ඇත්තටම මේවා අනාගත පරම්පරාවට ලෝක විහිලුවක්.
ඇත්ත ප්‍රශ්ණ ඕවා නෙමේ. දැන් ගම්වල දුප්පත් මිනිස්සු එකා දෙන්නා ගෙවල් ගානේ කන්න බොන්න දෙයක් හොයාගෙන යන තැනට පත්වෙලා. සමහර පවුල් වලට කන්න බොන්න අතේ සල්ලි තිබ්බත් බඩු ලොරි එන්නේ නැති ප්‍රශ්ණ තියනවා. ඇදිරි නීතිය කවදා කොහොම ඉවර වෙයිද කියන සැලසුම් සහගත වැඩපිළිවෙලක් ආණ්ඩුව තාම මිනිස්සුන්ට කියලා නෑ. ළමයින්ට කිරිපිටි, ගෑනු ලමයින්ගේ සනීපාරක්ෂක අවශ්‍යතා සහ වැඩිහිටියන්ගේ අත්‍යාවශ්‍ය බෙහෙත් සැපයීමේ "බැසිල් රාජපක්ෂ ජාත්‍යන්තර මහේෂාඛ්‍ය අනභිබවනීය අග්‍රගණ්‍ය සැලසුම් බලකාය" හදපු වැඩපිළිවෙල ෆේල්. ඒ දේවල් ගැන කතා නොකර චූ කොල්ලෙක්ගේ චූ වැඩවල එල්ලෙන්න තරම් අසරණ වෙන්න එපා.
ආණ්ඩුව හැම තැනකදිම ෆේල් නෑ. සෞඛ්‍ය සේවය හොද සම්බන්ධීකරණයකින් පවත්වගෙන යන්න ත්‍රිවිධ හමුදාව එක්ක කරන වැඩේ ප්‍රශංසනීයයි. හැබැයි දේශපාලන පක්ෂ යාන්ත්රණයකින් බඩු බෙදන්න ගත්ත ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම ෆේල්.
ආණ්ඩුවේ වගකීම මිනිස්සුන්ට කන්න දෙන එක. බෙහෙත් ටික දෙන එක. කන එක ගැනම හිතන්න එපා කියලා කියන එවුන් අම්මගේ තාත්තගේ ප්‍රෙෂර් පෙති ටික බල්ලන්ට දීලා, ගෙදර බඩු ටික දුප්පත් පවුලකට දීලා පස් කාපල්ලා.
ඇත්ත ප්‍රශ්ණ ගැන කතා කරලා ඒවා විසදගනිල්ලා. ආණ්ඩුව රෙදි පෙන්නුවහම උඹලා කපලා මහලා අදගන්න එපා. ෆේස්බුක් කියන කොමියුනිකේෂන් ෆ්ලැට්ෆොර්ම් එක ඇතුලේ විහිලු තහලු කරන ගමන් අපි මේ රට හරි දිසාවේ ගෙනියන්න මිනිස්සු විදිහට දායක වෙන්නත් ඕන. එහෙම කියලා ෆුල් සීරියස් වෙන්න ඕනෙත් නෑ. හැබැයි මේ වෙලාවේ දඹුල්ලේ එලවලු විකුණන මිනිස්සු ගැන, මීගමුවේ මාලු අල්ලන මිනිස්සු ගැන, නුවරෑළියේ ගොවියො ගැන, බේත්හේත් නැතුව ඉන්න වයසක දෙමව්පියො ගැන හැදෙන්න ඕන සංවාද චූ කොල්ලන්ගේ චූ වැඩ ගැන කරන සංවාද බවට පත්කරගන්න එපා. දකිනකොට ලැජ්ජයි.